මුහුණේ පැහැපත් බව සිරුරටත් ලබා ගන්න body polishing එකක් නිවසේදීම කරමු

ඔබ ඔබේ මුහුණට , දෙපා වලට සත්කාර කරනවා වගේම ඔබේ මුලු ශරීරයටම සත්කාරයක් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ.රූපලාවණ්‍යගාරයකට ගියොත් නම් මේකට ඔබට ලොකු මුදලක් වැය වෙනවා. ඒ නිසා ගෙදරදීම කරගන්න පුලුවන් body polishing treatment එකක් ගැන ඔබට කියන්න අපි හිතුවා

Body polishing එකක් හරියාකාරව කලොත් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි.නිවසේදීම ඔබට ලේසියෙන් හොයාගන්න පුලුවන් දේවල් වලින් ඔබට මේ සත්කාරය කරගන්න පුලුවන්

Body polishing එකක් , ශරීරය ඔප දැමීමක් කියන්නෙ මොකද්ද ?

ඔබ ඔබේ ශරීරයට ඕනෑ තරම් ක්‍රීම් වර්ග ආලේප කරනවා ඇති.ඒ වගේම ස්ක්‍රබ් වර්ග පාවිච්චි කරනවත් ඇති.නමුත් මේ හැම එකකින්ම සිදුවෙන දෙයට වඩා වැඩි දෙයක් තමයි body polishing එකක් මගින් වෙන්නේ.මෙමගින් ඔබේ සමේ මැරුණු සෛල ඉවත් කරලා , සමට හොඳ පෝශණයක් වගේම දීප්තියක් ලබා දෙනවා.ඒ වගේම සම ඉතා හොඳින් පිරිසිදු කිරීමත් කරනවා. ඔබේ සිරුරේ රුධිර සංසරණය ඉතා හොඳින් සිදු කරන්නත් මෙයට හැකියාව තියනවා.

Body polishing එකක් කරන්න කලින් ඔබට කැමති ආකාරයේ body polish එකක් සූදානම් කරගන්න ඕනේ.

නිවසේදීම සකස් කරගන්න පුලුවන් body polish වර්ග මොනවද ?

දුඹුරු සීනි සහ ජොජෝබා තෙල්

දුඹුරු සීනි මගින් සම පැහැපත් කරන අතර සමේ මැරුණු සෛල ඉවත් කරයි.ඒ වගේම දුඹුරු සීනි මගින් සම දීප්තිමත් කර සමට හොඳ තෙතමනයක් ලබා දෙමින් සමෙහි ඇති කැළැල් ඉවත් කරනවා

ජොජෝබා තෙල් මගින් සමට තෙතමනය ලබා දෙන අතර , සමෙහි රළු ස්ථාන සුමුදු කරනවා.ඒ වගේම සමෙහි දීප්තිමත් බව වැඩි කරමින් රැළි වැටීම් අවම කරනවා

දුඹුරු සීනි , ඔලිව් තෙල් සහ වියලි රෝස පෙති

ඔලිව් තෙල් මගින් සමට තෙතමනය ලබා දෙන අතර සමෙහි ආසාදන ඇතිවීම අවම කරමින් සම දීප්තිමත් කර පෝශණය කරනවා

වියළි රෝස පෙති මගින් සමේ මැරුණු සෛල ඉවත් කරන අතර සමෙහි ඇති කැළැල් ඉවත් කිරීම සිදු කරනවා.ඒ වගේම අව් රශ්මියට පිළිස්සුණු සම සුවපත් කරමින් සමේ PH අගය තුලිත කරනවා

බේකිං සෝඩා , පොල්තෙල් සහ ලෙමන්

බේකිං සෝඩා මගින් සමෙහි ඇති අවපැහැ ගැන්වීම් ඉවත් කරන අතර සමෙහි මැරුණු සෛල ඉවත් කරනවා.විශේශයෙන්ම දණිස් ,වැලමිට වැනි රළු ස්ථාන මෘදු කරනවා

පොල්තෙල් මගින් සමට හොඳ තෙතමනයක් ලබා දෙන අතර සම මෘදු කරමින් සමේ රළු බව නැති කරනවා

ලෙමන් මගින් සමෙහි මැරුණු සෛල ඉවත් කරන අතර සම පැහැපත් කිරීම සිදු කරනවා

දුඹුරු සීනි , දොඩම් සහ ඔලිව් තෙල්

දොඩම් මගින් සම ඉතා හොඳින් පිරිසිදු කරමින් සම පැහැපත් සහ දීප්තිමත් කරනවා

ලුණු , දුඹුරු සීනි සහ මී පැණි

ලුණු මගින් සමෙහි ඇති අනවශ්‍ය තෙල් ඉවත් කරන අතර සමෙහි ඇති මැරුණු සෛල ඉවත් කරනවා

මී පැණි මගින් සමෙහි ආසාදන ඇතිවිම වලක්වන අතර සම වියපත් වීම වළක්වනවා.ඒ වගේම සම පැහැපත් කරමින් සමට අවශ්‍ය තෙතමනය ලබා දීමත් මී පැණි සිදු කෙරෙනවා

Body polishing එක කරන්නෙ මෙහෙමයි

පියවර 1

මුලින්ම ඔබ ඇල්මැරුණු ජලයෙන් හොඳින් ස්නානය කරන්න.ඔබ සාමාන්‍යයෙන් පාවිච්චි කරන සබන් වර්ගයකින් හෝ බොඩි වොශ් වර්ගයකින් ඔබේ සම හොඳින් පිරිසිදු කරගන්න

පියවර 2

ඔබේ මුලු ශරීරයේම ගැල්වීමට අවශ්‍ය පමණට ඔලිව් තෙල් ගෙන , මදක් රත් කරගන්න.
දැන් රත් කරගත් ඔලිව් තෙල් ඔබේ මුලු ශරීරයේම ගල්වා විනාඩි දහයක් පමණ හොඳින් සම්බාහනය කරන්න.මෙහිදි දණහිස් , වැලමිට , ගෙල ,විලුඹ ආදී ප්‍රදේශ ඉතා හොඳින් සම්බාහනය කරන්න අමතක කරන්න එපා

පියවර 3

දැන් ඔබ සකස් කරගත් ඕනෑම body polish එකකින් ඔබේ මුලු සිරුරම කවාකාරව ස්ක්‍රබ් කරන්න. විශේශයෙන්ම දණහිස් සහ වැලමිට ආදි රළු ස්ථාන , ඇඟිලි කරු ,නියපොතු වටා,ගෙල ,අත් යට යන ස්ථානත් හොඳින් ස්ක්‍රබ් කරන්න ඔබ වග බලාගන්න ඕනෙ.මේ විදියට විනාඩි 10 – 15 ත් අතර කාලයක් ඔබේ සම්පූර්ණ ශරීරයම මේ විදියට ස්ක්‍රබ් කරන්න

පියවර 4

ඉන්පසු නැවතත් ඇල්මැරුණු ජලයෙන් හොඳින් ස්නානය කරන්න.මෙහිදි සබන් භාවිතා කරන්න අවශ්‍ය නෑ.ඔබ ගැල්වූ body polish එක හොඳින් ඉවත් වූ පසුත් විනාඩි කීපයක් ස්නානය කිරීම ප්‍රමාණවත්

පියවර 5

ස්නානය කර ශරීරය හොඳින් පිසදා , අවසානයට ඔබ භාවිතා කරන ඕනෑම body lotion එකක් හොඳින් ආලේප කරන්න

ඔබේ මුහුණ විතරක් නෙමෙයි ඔබේ මුලු ශරීරයම ඉතා පිරිසිදුව සහ ලස්සනට තියාගන්න කාන්තාවක් හැටියට ඔබ උනන්දු වෙන්න ඕනෙ.ඉතින් මේ පියවර පහේ body polishing ක්‍රමය සති දෙකකට වතාවක් ඔබ කරනවා නම් ඔබට ඉතාම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්

Related Articles

Don't Miss


Latest Articles