අද මේ කියන්න යන කතාව ගැන නම් ඔබට අනිවාර්යයෙන්ම මතක ඇති. ඒත් ඒ සිදුවීම මතකයට නඟන්නවත් අකමැතිත් ඇති. කොහොම වුනත්, අද අපි ස්මාර්ට් ලේඩ් තුළින් මේ කතාව ඔබට කියන්නේ, සමාජයේ ජීවත් වෙනකොට අවධානයෙන් ජීවත් වෙන එක කොයි තරම් වැදගත්ද කියලා කියන්න.
මේ සිදුවීම වෙන්නේ 2012 අවුරුද්දේ ඉන්දියාවේ දිල්ලි වල. සිදුවීමේ කතා නායිකාවට මම ජෝති කියලා කියන්නම්. ජෝති 1990 දිල්ලියේ ඉපදිලා භෞත චිකිත්සාව පිළිබඳ ව උපාධියක් අවසන් කරලා, එහි පුහුණු කටයුතු වල යෙදෙමින් උන්න තරුණියක්. ජෝතිගේ පෙම්වතාව මම සුරාජ් කියලා හඳුන්වන්නම්. සුරාජ් දිල්ලියේම ඉපදිලා, දිල්ලියේම අධ්‍යාපනය ලබලා මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට වැඩ කල කෙනෙක්.
එක දවසක් හවස මේ දෙන්නා එක්ක දිල්ලියේ චිත්‍රපට ශාලාවක චිත්‍රපටයක් බලන්න යනවා. චිත්‍රපටය ඉවර වෙලා, රාත්‍රී ආහාරයත් අරගෙන තමයි දෙන්නා ආයෙම ගෙවල් වලට යන්න සූදානම් වෙලා නගරයට එන්නේ. එතකොට වෙලාව රෑ නවයත් පහු වෙලා තිබුණ නිසා ජෝතියි, සුරාජුයි ඉතා ඉක්මනින් ඇවිදගෙන එනවා.
ඒ විදියට බස් නැවතුමට එනකොට ඔවුන් දකිනවා බස් නැවතුමේ බසයක් නතර කරලා තියෙනවා. දුර තියාම සුරාජ් දකිනවා ඒක සාමාන්‍ය මගී ප්‍රවාහන බසයක් නම් නෙවෙයි කියලා. ඒ නිසා සුරාජ් ජෝතිත් එක්ක බස් නැවතුමේ පැත්තකින් නැවතෙනවා. ඒත් එක්කම වගේ බස් එකේ පිටිපස්සේ දොරෙන් එලියට එබෙන අවුරුදු විස්සක විතර තරුණයෙක්, සුරාජ්ට කතා කරනවා.
“අය්යේ.. එන්න … බස් එක යන්න හදන්නේ ?”
ඒ බස් එක තමන්ට යන්න අවශ්‍ය ගමනාන්තයට යනවාද කියන විශ්වාසය හරියට නොතිබුණ නිසා, සුරාජ් එළියෙන් ඉඳගෙනම ඒ ගැන විමසනවා.
” ඔව් ..ඔව්.. බස් එක ඒ පැත්තෙන් යන්නේ.. ආයේ අද බස් නෑ. මේක අවසාන එක ….”
තරුණයා එහෙම කිව්වාට පස්සේ සුරාජ් ජෝති එක්ක බස් එකට ගොඩ වෙනවා. ඒ වෙනකොටත් බස් එකේ අසුන් වල තැනින් තැන අට දෙනෙක් විතර ඉඳගෙන ඉන්නවා.
“මේක වෙනදාට යන බස් එකක් නෙවෙයිද ?”
ප්‍රවේශපත්‍ර මිලදී ගන්නකොට, සුරාජ් එහෙමත් අහනවා. එතකොට කොන්දොස්තර තරුණයා කියනවා, වෙනදාටත් මේ බසය ගමන් කරන බව සහ වෙනත් මාර්ග වලත් ගමන් කරන බව.
කොහොමහරි තමන්ගේ ජීවිත වල අවසාන ගමන වෙනුවෙන් සූදානම්වෙන බවක් නොදැන ජෝති සහ සුරාජ් සන්තෝසෙන් ගමනට සූදා වෙනවා. බසය ගමන් අරඹනවා.
ඒත් එක්කම, බසයේ දෙපැත්තේම දොරවල් වහලා, විදුලි බල්බත් නිවලා දාන්න රියැදුරා කටයුතු කරනවා. සුරාජ් ජෝතිව තමන්ගේ ලඟට තවත් ලං කරගන්නවා. ඔවුන් දෙදෙනාම ඉන්නේ කලබලයට පත් වෙමින්. ඒත් එක්කම බසයේ ගමන් මාර්ගයත් වෙනස් බව සුරාජ් වහාම අවබෝධ කරගන්නවා.
” ඇයි මේ වෙන පාරක යන්නේ ? කරුණාකරලා බස් එක නවත්තන්න .. අපි බහිනවා…”
සුරාජ් වහාම රියැදුරා ළඟට ගිහින් එහෙම කියනවා. ඒත් රියැදුරා ඒ බවක් ඇහුනේ නෑ වගේ බසය ධාවනය කරන එකයි කරන්නෙ. ඒත් එක්කම බස් එකේ උන්න අනෙක් කිහිප දෙනාගෙන් තිදෙනෙක් ජෝතිව ඉලක්ක කරගෙන අශෝභන කතන්දර කියන්න පටන් ගන්නවා. ජෝති ඉතාම අපහසුවෙන් තමයි ඉන්නේ. තමන්ගේ පෙම්වතිය ට අශෝභන කතා කියපු පිරිසට ඉතා තදින් කතා කරන්න සුරාජ් දෙපාරක් හිතන්නේ නැහැ. ඒත් එක්කම ඔවුන් සුරාජ් එක්ක රණ්ඩු කරන්න ගන්නවා. දෙපිරිස ගහගන්නවා. සුරාජ් තනිව වුනත්, අනෙක් තිදෙනා එක්ක හොඳින් සටන් කරනවා. ඒත් ටික වෙලාවකින්, පැත්තක හිටපු කෙනෙක් යකඩ පොල්ලකින් සුරාජ්ට ගහනවා. ඒ වගේම සුරාජ්ගේ කකුලකුත් කඩනවා. ඒ අතරේ ජෝති කිසිවෙකුට ඇමතුමක් දෙන්න උත්සාහ කලට්ජ් ඒ උත්සාහයත් අසාර්ථක වෙනවා. කොහොමහරි , ඒ වේදනාව එක්ක සුරාජ් සිහි විසඟ වුණහම, ජෝතිට තමන්ගේ ජීවිතේ මුහුණ දෙන්න සිදුවෙන අභාග්‍යසම්පන්නම ඉරණමට මුහුණ දෙන්න වෙනවා.
මේ පිරිසේ උන්න හැමෝම ජෝතිව බසය පිටුපස අසුනට අරගෙන ගිහින්, මාරුවෙන් මාරුවට ඇයව දූෂණය කරනවා. ජෝති වේදනාව දරාගන්න බැරුද සුරාජ්ගේ නම කිය කියා කෑ ගහනකොට ඔවුන් කරන්නේ උමතුවෙන් වගේ ඇයව දූෂණය කරන එක. මේ සියල්ල සිදුවෙන අතරේ බසය පාරේ ගමන් කරනවා. රියැදුරා විටින් විට මාරු වෙවී ජෝතිව දිගටම දූෂණය කරන්න ඔවුන් කටයුතු කරනවා.
මේ අතරේදී, ජෝතිත් උත්සාහ කරනවා, ඔවුන්ගෙන් ගැලවිලා බසයෙන් එලියට පනින්න. ඒත්, ඒ පිරිමි ශක්තියෙන් මිදෙන්න ඇයට ඉඩ ලැබෙන්නේ නැහැ. ජෝතිගේ ශරීරය පුරාම සැපුම් ලකුණු තියන්න ඔවුන් උමතුවෙන් කටයුතු කරන්වා. ඒත් එක්කම ඇගේ රහස් ප්‍රදේශයෙන් යකඩ පොල්ලක් ඇතුළු කරනවා. කණ්ඩායමේ උන්න වයසින් වැඩිම කෙනා ඇගේ බඩ වැල් එලියට අදිනවා. ඇය වේදනාවෙන් කෑ ගහනකොට, ඔවුන් ඇගේ හිසටත් පහර දෙනවා. ඉන් පස්සේ, ඇය සහ සුරාජ්ව පාරට ඇදලා දාන ඔවුන් එතැනින් පිටත් වෙනවා.
මේ බසයේ ගමන් කරපු මිතුරන් හය දෙනා අවුරුදු දා හතේ ඉඳන් තිහ වෙනකල් අය. ඔවුන්ගේ එක් අයෙකු සේවය කල පාසැලේ බස් රියක් හොරෙන් අරගෙන තමයි ඔවුන් මේ මිලේච්ච වැඩ වල නියැලෙන්නේ. පාලු බස් නැවතුම්පලවල් වල ඉන්න අය බසයට නංවාගෙන ඔවුන්ව කොල්ලකන එක සහ ගැහැණු ළමුන්ව නංවාගෙන ඔවුන්ව දූෂණය කරන එක තමයි ඔවුන්ගේ සැලසුම. මේ විදියට ඔවුන්ගේ කොල්ලකෑමට ලක්වුණ එක් අයෙක් ඒ ගැන පොලිසියට පැමිණිලි කරත්, පොලිසිය ඒ වෙනුවෙන් කිසිම පියවරක් අරගෙන නැහැ.
කොහොම හරි පාරේ දාලා ගිහින් තිබුණ ජෝති සහ සුරාජ්ව පොලිස් වාහනයක් දැකලා වහාම රෝහල් ගත කරනවා. සුරාජ් පොලිසියට ඔවුන් මුහුණ දුන්න සියලුම දේ කියන්නේ හිසේ තුවාල වල වේදනාව එක්කම. ඒත් එක්කම සිහියට එන ජෝතිත් සියලුම දේ මතක පිලිවෙලින් කියනවා. ඒ අතරේදී, පොලිසියට පුළුවන් වෙනවා, බ්බ්සය සොයාගන්න. ඒ බසය දිල්ලි වලම පෞද්ගලික පාසැලකට අයත් බසයක්. ඒ අනුව පොලිසිය වහාම රියැදුරාව අත් අඩංගුවට ගන්නවා. ඔහුගෙන් කරපු ප්‍රශ්න කිරීම් වලින් අනෙක් පිරිසත් වහාම අත් අඩංගුවට ගැනෙනවා. පොලිසිය මේ සියලුම දෙනාගෙන් නොකඩවා ප්‍රශ්න කරනවා. එතැනදී, තමන් කල දේ ගැන පසුතැවීමක්වත් තියෙන්නේ එකම එක්කෙනෙක්ට විතරයි.
” මට සමාවෙන්න .. මාව මරලා දාන්න …”
ඔහු බොහොම පසුතැවෙමින් පොලිසියට කියනවා.
ඒ අතරේදී ජෝතිගේ සැත්කම් දිගින් දිගටම කෙරෙනවා. ඇයව භාරව උන්න වෛද්‍යවරයා කියන විදියට ඈ සතුවුණ තුවාල ඔහු මින් පෙර කවදාවත් දැකපු විදියේ තුවාල නෙවෙයි.
කොහොම හරි මේ වෙනකොට ජෝතිගේ සිදුවීම නිසා දිල්ලිය සහ ඉන්දියාව පුරාම උද්ඝෝෂණත් ක්‍රියාත්මක වෙනවා.
ඉතාම දරුණු වේදනාවක් දරාගෙන ජෝති සිංගප්පූරුවේ රෝහලකදී මරණයට පත් වෙන්නේ තමන්ට මේ ඉරණම ලබා දුන්න හැමෝටම මරණ දඬුවම දෙන්න කියා ඉල්ලීම කරලා.
ජෝති සහ සුරාජ්ව ඒ විදියට විනාශ කරපු කණ්ඩායමේ නායකයාව ජෝතිගේ මරණයෙන් ටික කාලෙකට පස්සේ, ඔහු උන්න සිර මැදිරියේම එල්ලිලා මැරිලා ඉන්නකොට අහු වෙනවා. ඔහුව අනෙක් සිරකරුවන් විසින් මරලා එල්ලුවා කියලාත් සැකයක් තිබුනත්, එ ගැන පරීක්ෂණ කෙරෙන්නේ නැහැ.
.කොහොම හරි, අනෙක පස් දෙන්නාටත් මරණ දඬුවමම නියම කෙරෙනවා.
ඒ කොහොම වුනත්, ඒ වෙනකොට ජෝතිගේ ජීවිතය විනාශ වෙලා ඉවරයි. ඒ වගේම සුරාජ්ගේ ජීවිතය සදා අඳුරකට වැටිලා ඉවරයි.
අපේක්ෂා ගුණරත්න