තමන්ගේ දරුවන්ව ඇස් මානෙන් අයින් කරනකොට හැම දෙමාපියෙක්ටම යම් චකිතයක් දැනෙනවා. විශේෂයෙම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදෙස්ගත වෙන දරුවන්ගේ ආරක්ෂාව ගැන දෙමාපියන්ට තියෙන්නේ අමතරර බරක්. හැබැයි සමහර වෙලාවට තමන්ගේ නෑදෑ හිතවතුන්ගේ ආරක්ෂාව එක්ක, විදෙස් රටවල ඉන්න ඔවුන්ගේ වගකීම එක්ක තමන්ගේ දරුවන්ව නවත්වන්න පුලුවන් වුනාම නම් ඒ දෙමාපියන්ට යම් අස්වැසීමක් ලැබෙනවා.
හැබැයි ඒ විශ්වාසේ එක්ක, ඕස්ට්‍රේලියාවේ ජීවත් වුන තමන්ගේ නැන්දාගේ ගෙදර ඉඳන් ඉගෙන ගැනීමේ කටයුතු වෙනුවෙන් සහභාගී වෙන්න ගිය මන් මේ ලෑන්ග් කියන චීන ජාතික යුවතියගේ කතාව තමයි අපි අද ඔබත් එක්ක බෙදාගන්න සූදානමින් ඉන්නේ.
මන් මේ ලෑන්ග් ඉගෙනගන්න දක්ෂ චීන යුවතියක්. තාත්තාගේ අහිමි වීම එක්ක ලෑන්ග් තමන්ගේ අම්මාත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ලෑන්ග් ව්‍යාපාර අධ්‍යනය උපාධියක් හදාරන්න ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයකට යන්න බොහොම ආශාවෙන් ඉන්නවා. ඒ වෙනකොට ඕස්ට්‍රේලියාවේ ඉන්න ලෑන්ග් ගේ නැන්දා නිසා ලෑන්ග් මේ ආශාවට තව තටු ලැබෙනවා. ලෑන්ග් ගේ නැන්දා විවාහ වෙලා ඉඳලා තියෙනේ ඩෙරෙක් කියලා, ඇයට වඩා අවුරුදු දහයක් විතර බාල ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් එක්ක. ලෑන්ග් සහ ඇගේ මව ඔවුන් දෙදෙනාගේ විවාහයට සහභාගී වෙන්න ඕස්ට්‍රේලියාවට ආව වෙලාවෙත් නැන්දා ලෑන්ග් ගේ මේ උසස් අධ්‍යාපන ආශාවන් ගැන හැමෝටම විස්තර කියනවා.
කොහොමහරි ලෑන්ග්ගේ නැන්දා ළඟ ඉඳගෙන උසස් අධ්‍යාපන කටයුතු කරන අරමුණින් 2011 දී ලෑන්ග් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල ඉන්න විශ්ව විද්‍යාලයකට ඇතුලු වෙනවා. ලෑන්ග් ගේ අම්මා බොහොම හිත සැනසීමෙන් ලෑන්ග් ගේ නැන්දා ළඟ ලෑන්ග්ව නවත්තලා තමයි ආයෙම චීනේට යන්නේ. නැන්දාගේ පලමු විවාහයේ දියණියත් ඒ වෙද්දී ලෑන්ග්ගේ නැන්දාත් එක්කම ජීවත් වුන නිසා ලෑන්ග් ට එහෙ පාලුවක් දැනෙන්නේත් නැති වෙයි කියලා තමයි ලෑන්ග් ගේ අම්මා හිතන්නේ.
ලෑන්ග් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා මුල් අවුරුදු කිහිපය ඉතාම උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල යෙදෙමින් සාමකාමීව සහ හිතේ සැනසීමෙන් ජීවත් වෙනවා. යාලුවෝ බොහොම දෙනෙක් එක්ක, බොහොම විනෝදයෙන් ජීවත් වෙන ලෑන්ග් ඕස්ට්‍රේලියාවේදී මිශෙල් කියන නම තමයි පාවිච්චි කරලා තියෙන්නේ.
ලෑන්ග් ගේ නැන්දාගේ ස්වාමිපුරුෂයා වුන ඩෙරෙක්ට ඔහුගේ රැකියාව අහිමි වෙන්නේ ඒ අතරේ. ඉන් පස්සේ ඔහු ජීවත්වෙන්නේ ලෑන්ජ් ගේ නැන්දාගේ ආදායමෙන්. බැලු බැල්මට බොහොම සාමකාමී , සන්සුන් කෙනෙක් වගේ පිටට පෙනුනත් ඩෙරෙක් කියන්නේ විකෘ ති කාමාෂාවන් පිරුණ මිනිහෙක් බව මේ කතාව අවසන් වෙනකොට ඔබටත් වැටහේවි.
ගෙදරට වෙලා ඉන්න ඩෙරෙක්ට තමන්ගේ මේ අසාමාන්‍ය කාමාෂාව පාලනය කරගන්නම බැරුව යනවා. ඔහු නිවසේ නාන කාමර වල වගේම ලෑන්ග් සහ ඔහුගේ බිරිඳගේ පලමු විවාහයේ දියණියගේ කාමර වලත් කැමරා සවි කරනවා. තරුණියන් ස්නානය කිරිමේ පටන් ඇඳුම් මාරු කිරීම දක්වා වන බොහෝ දේ බලාගෙන ඔහු යම් යම් වින්දනයන් වෙනුවෙන් දිගින් දිගටම කටයුතු කරනවා.
රැකියාව නිසා බොහොම කාර්යබහුල වෙලා ඉන්න තමන්ගේ බිරිඳට හොරෙන් මේ දේවල් කරන එක ඩෙරෙක්ට මග ලොකු දෙයක් වෙන්නේ නැහැ.
ඔය අතරේ 2016 අවුරුද්දේ දවසක ලෑන්ග් ගේ නැන්දාට ව්‍යාපාර සමුලුවක් නිසා දින කිහිපයක් නිවසින් බැහැරව ඉන්න සිදු වෙනවා. ඒ දවස් ටිකේ ඇගේ දියණියත් නිවසේ නොසිටි නිසා ලෑන්ග්ට සිද්ද වෙනවා තමන්ගේ මාමා වුන ඩෙරක් එක්ක රාත්‍රීන් කිහිපයක්ම නිවසේ තනිවම ගත කරන්න.
මේ එක දවසක රෑ ඩෙරක් කාමරයක් ඇතුලේ කැමරා කිහිපයක් සවි කරලා ලෑන්ග්ට ඒ කාමරේට කතා කරනවා.
“ඇයි මේ ?…”
ලෑන්ග් පුදුමෙන් එහෙම අහනකොටම ඩෙරක් ලෑන්ග්ව අල්ලගෙන ඇඳට තියලා ගැටගහනවා. ලෑන්ග්ට කෑ ගහන්න බැරි වෙන්න කටත් වහනවා. ඊට පස්සේ ලෑන්ග් ගේ ඇඳුම් ඔක්කොම ගලවලා දාන ඩෙරල් ඇයව වීඩියෝ ගත කරන්න සහ පින්තූර ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඩෙරක් ලෑන්ග්ව සෑහෙන්න වෙලාවක් තිස්සේ ඩෙරක්ව දූෂණය කරන්න ගන්නේ, වටේටම සවි කරලා තිබුණ කැමරා වල ඒ හැම දෙයක්ම පටිගත වෙන්න දීලා. ලෑන්ග් කොයි තරම් වේදනාවෙන් දැඟලුවත් ඩෙරක්ගෙන් මිදෙන්න නම් ඉඩක් ලැබිලා නැහැ. දෑත් දෙපා ගැට ගහලා තිබුන නිසා, ටික වෙලාවක් යනකොට ලෑන්ග් ගේ දෑත් දෙපා දම් පාට වෙලා ඉදිමෙන්න ගන්නවා. ඊට පස්සේ, ඩෙරක් බොහොම සන්සුන්ව ඒ ගැට බුරුල් කරලා කැමරා දිහා බලලා ආයේ ආයෙම ලෑන්ග්ව දූෂණය කරන්න පටන් ගන්නවා.
මේ විදියට දවස් දෙකක් තිස්සේ ඩෙරක් ලෑන්ග්ව දූෂණය කරනවා. ඒ අතරේ ලෑන්ග්ගේ නැන්දාගේ පලමු විවාහයේ දියණියත් නිවෙසට එනවා. ඊට පස්සේ ඩෙරක් කලබල වෙනවා. ඔහු ආයෙම ලෑන්ග් උන්න කාමරයට ඇවිල්ලා ඇගේ මුහුණේ පින්තූරයක් අරගෙන තිස් වතාවක්ම විතර පිහියෙන් ඇනලා දාලා ඇයව මරලා දානවා. ඊට පස්සේ ලෑන්ග් ගේ මළ සිරුර ප්ලාස්ටික් කවරයක ඔතලා වාහනේකට දාගන්නවා. යන අතරමඟ ආහාර අරගන්න කඩේකත් නැවතිලා, නිව් සවුත්වේල්ස් වල ස්නැපර් පොයින්ට් කියන තැනට යන ඩෙරක් ලියෑන්ගේ මළ සිරුව එතනින් පහලට දාලා ගෙදර යන්න පිටත් වෙනවා. ඊට පස්සේ ඩෙරක් ගෙදර යනවා.
තමන් කරපු අපරාධය අවසන් කියලා හිතන ඩෙරක් තමන් සතු පටිගත කිරීම් බල බලා ඔහුගේ අමානුෂික ආශාවන් ඉටු කරගන්නවා. ඒත් සොබාදහම ඩෙරක් හිතනවට වඩා සැලසුම් සහගත වෙනවා. ප්ලාස්ටික කවරයක ඔතලා තිබුන කාන්තා මල සිරුරක් තියෙන බව කියලා සංචාරකයෙක්ගෙන් නිව් සවුත්වේල්ස් පොලිසියට ඇමතුමක් එනවා. පොලිසිය වහ වහාම ක්‍රියාත්මක වුනත්, ඒ කවුද කියලා හඳුනගන්න පොලිසියට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ ඒ වෙද්දීත් ලෑන්ග් ගේ මළ සිරුර විකෘ ති වෙලා තියෙන නිසා.
මෙ සිදුවීම ගැන හොයන එක නොනවත්වන පොලිසිය පරිඝණකයෙන් සකස් කරපු පින්තූරයක් මාධ්‍යවලට දීලා මේ මිය ගිය තරුණිය හොයාගන්න උදව් පතනවා.
ඒ අතරේදි තමන්ගේ ව්‍යාපාර සමුලුව ඉවර කරලා ලෑන්ග් ගේ නැන්දා ගෙදර එනවා. තමන්ගේ නෑදෑ දියණිය අතුරුදන් බව දැනගත්ත නැන්දා වහාම තමන්ගේ ස්වාමි පුරුෂයා එක්ක පොලීසියේ පැමිණිල්ලක් දානවා. ඒ එක්කම ඩී එන් ඒ පරීක්ෂණයක් සඳහා ඇගේ දත් බුරුසුව සහ පනාවකුත් පොලිසියට දෙනවා. මේ සාක්ෂි එක්ක නිව් සවුත්වේල්ස් වලින් සොයා ගත්ත මළ සිරුරේ අයිතිය ලැන්ග්ගේ බව තහවුරු කරගන්න පොලිසියට පුලුවන් වෙනවා. මේ ආරංචිය එක්ක ලෑන්ග් ගේ අම්මා වහාම තමන්ගේ පවුලේ අය එක්ක ඕස්ට්‍රේලියාවට එනවා.
පොලිස් පරීක්ෂණ ඉතාම යුහුසුලුව කෙරෙනවා.
” ලෑන්ග් ගෙදරින් ගියාට පස්සේ ආයෙම ගෙදර ආවේ නැහැ..සෝශල් මීඩියා වලින් මුණ ගැහුන පිරිමි ළමයෙක් හමුවෙන්න යන බව තමයි කිව්වේ..ඒ අප්‍රේල් 22 වෙනිදා .”
ඩෙරක් එහෙම කියනවා. පොලිසිය ඇය ආ ගිය තැන් පරික්ෂා කරනවා. ඒත් එක්කම ඇගේ මිතුරියන්ගෙන් ප්‍රශ්න කරනවා.
2016 අප්‍රේල් 21 වෙනිදා තමයි සීසීටීවී කැමරා වලින් අවසාන වතාවට ලෑන්ග්ව පේන්නේ. ඇගේ මළ සිරුව ලැබෙන්නේ අප්‍රේල් 24 වෙනිදා. මේ විදියට කතාව ගොඩ නැගෙද්දී සැකය ඩෙරක් දිහාවට යනවා. පොලිසිය ඩෙරක්ව ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. එතැනදී සමහර ප්‍රශ්න වලට පිළිතුරු දෙන එක හිතා මතාම මඟ හරින ඩෙරක් දිහාවට පොලිස් උකුසු ඇස ඉතාම තියුණුව එල්ල වෙනවා.
ඒ අතර ලෑන්ග් ගේ මල සිරුර හමුවුන ස්තානයට යාබදවම තිබුන සීසීටීවී කැමරාවක ඩෙරක්ගේ වාහනය සටහන් වෙලා තියෙන බවත් පොලිසිය හොයාගන්නවා. ඊට පස්සේ ඩෙරක්ගේ ජංගම දුරකතනයේ ජීපීඑස් පරික්ෂා කරන්න පොලිසිය තීරනය කරනවා. ඒ තීරණය එක්ක ඩෙරක් නිව් සවුත්වේල්ස් වලට ගිහින් කියලා තහවුරු වෙනවා.
ඊට පස්සේ තමයි ඩෙරක්ගේ ෆෝන් එකේ තිබිලා ලෑන්ග් ගේ පින්තූර හොයාගන්නේ. පොලීසිය ඩෙරක්ව තවත් ප්‍රශ්න කරනවා. අවසානයේදී ලෑන්ග් ගේ මිනීමැරුමට ඩෙරක් වැරදිකරු වෙනවා.ඒත් ඩෙරක් ඇප ඉල්ලන්නවත් ඉදිරිපත් වෙන්නේ නම් නැහැ.
ඒ අතර වාරයේදී ඩෙරක්ව මුන ගැහෙන මනෝ වෛද්‍යවරයෙකුට ඩෙරක් මෙහෙම කියනවා.
“මෝඩ සති අන්තයක් නිසා මගේ සති ජීවිතේ හැමදේම නැති වුනා…”
ඒ වගේම ඩෙරක් ලෑන්ග් ගේ අම්මාටත් ලියුමක් ලියලා ඔහුගේ පසුතැවීම ගැනත් කියනවා. ඔහු මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා උන්න බවත්, ලෑන්ග් ගේ මරණය අසිහියෙන් කල යමක් බවත් ඩෙරක් දිගින් දිගටම කියනවා.
” මට මේ කිසිම දෙයක් මතක නෑ …”
දිගින් දිගටම ඩෙරක් එහෙම කියනවා. අවසානේදී ඩෙරක්ට වසර 36ක සිර දඬුවමක් තමයි නියම කෙරෙන්නේ. ලෑන්ග් ගේ මළ සිරුර සහ ඩෙරක්ගේ ෆෝන් එකේ තිබුන සාක්ෂි වලට අමතරව වෙනත් සාක්ෂි කිසිවක්ම නොලැබෙන නිසා ඩෙරක්ට එහෙම යම් අස්වැසිල්ලක් ලැබෙනවා.
ඒත් සොබාදහම නවතින්නේ නැහැ. තමන්ගේ ඩිමෙන්ශියා රෝගී මව බලන්න ගිය කාන්තාවකට මවගේ අතේ තිබිලා යූ එස් බී ඩ්‍රයිව් එකක් හොයාගන්නවා. ඇය වහාම යූ එස් බී ඩ්‍රයිව් එක පරීක්ෂා කරනවා. එතැනදී ඇයට දකින්න වෙන්නේ ඇඳක ගැට ගහලා ඉන්න කාන්තාවක්ව ආයේ ආයෙම දූෂණය කරන වීඩියෝවක්. මේ කාන්තාව වහාම මේ ඩ්‍රයිව් එක පොලිසියට ලබා දෙනවා. මේ වීඩීයෝ එක්ක ලෑන්ග් ගේ මිනීමැරුමට තව සාක්ෂි එකතු වෙනවා. ඩෙරක්ගේ සිර දඬුවම් තවත් දිග වෙනවා. ඒත් ඩෙරක් කිසිම වෙලාවක වරද පිලිගන්නේ නැහැ.ඔහු කියන්නේ තමාට කිසිවක් අමතක බව
ආයෙම ඩෙරක්ව මනෝවෛද්‍යවරයෙක් විසින් පරික්ෂා කරනවා. එතනදී ඔහු සතු යම් යම් මානසික අවපීඩන තත්ව ගැන හොයාගත්තත්, අමතක වීමේ තත්වයක් නම් නැති බව වෛද්‍යවරයා කියනවා.
කොහොම වුනත් ලෑන්ග් ගේ අම්මට තමන්ගේ එකම දියණියව අහිමිවෙනවා.
ඒ වගේම අර යූ එස් බී ඩ්‍රයිව් එක වයසක කාන්තාව අතට ලැබුනේ කොහොමද කියන කාරණාව තවම අභිරහසක් වෙලා තියෙනවා.
ReplyForwardAdd reaction |