Affair එකක් තියෙද්දි කවුරුහරි පස්සෙන් එනවනම් මොකද කරන්න ඕන?

“ඔයාට අයිතිකාරයෙක් ඉන්නව කියල දන්නව. ඒ උනාට මට ඔයාව ඇත්තටම අමතක කරන්න අමාරුයි”

“එයා ඉස්සර වෙලා තිබුනෙ නැත්තම් මම කොහොමහරි ඔයාව මගෙ කරගන්නවා”

මේ වගේ කතා ඔයත් අහල ඇති නේද? ඔයාටත් මෙහෙම කිව්ව අය ඇති නේද?

ආදරේ අන්ධයි කියනවනෙ. ඉතින් සමහර වෙලාවට අපි කසාද බැඳල, එහෙම නැත්තම් අපි ට වෙන ආදර සම්බන්ධයක් තියෙනව කියල දන්නව උනත් අපිට ආදරේ කරන, අපෙන් ආදරේ ඉල්ල ඉල්ල පස්සෙන් එන්න, ආදරේ බව අඟවන මිනිස්සු ඕනතරම් ඉන්නව.

ඒත් අපිට එයා එක්ක යාලුවෙන්න බෑනෙ. අන්න එහෙම වෙලාවක අපි මොකද්ද කරන්න ඕන?

ඒ ගැන තමයි අපි අද ලිපියෙන් ඔයාලා එක්ක කතාකරන්න හිතුවෙ.

මේ විදියට අපිට ආදරේ පෙන්නගෙන එන අය මුල්කාලෙදි හරිම අහිංසක, නිරහංකාර, ස්වීට් මිනිස්සු වගේ පෙනුනට අමතක කරන්න එපා මේව අපේ ජීවිතයට තර්ජනයක් වෙන මට්ටමේ දේවල් වෙන්නත් පුලුවන්. අන්න ඒ හන්ද තමයි අපි වඩාත්ම පරිස්සම් වෙන්න ඕන. එයා එක්ක කතාබස් කරන එක ගැටලුවක් නැති උනත් සීමාවක් එක්ක, සැලකිල්ලෙක්, ගෞරවයකින් ඕක කරේ නැත්තම් අපි නොහිතන විදියෙ ගැටලු මතුවෙන්න වගේම අපේ තියෙන සබඳතාවය බිඳ වැටෙන්නත් හේතුවක් වෙන්න පුලුවන්.

Intentions තේරුම් ගන්න සහ සීමාවන් සකසාගන්න

අපේ තියෙන සබඳතාවයට එලියෙන් කෙනෙක් අලුතෙන් සබඳතාවයක් හදාගන්න උත්සහ කරනවනම් ඔයා ඉස්සෙල්ලම කරන්න ඕන දේ තමයි “මේක මේ එන්න හදන්නෙ මොකාටද?” කියන එක තේරුම් ගන්න එක.යකා එන හැටියටනෙ තොවිලෙ තීරණේ වෙන්න ඕන.

යාලුවෙක් හැටියටද එන්නෙ, එහෙම නැත්තම් ඔයාගෙ Professional Life එකේ Relationship එකක් විදියටද එන්නෙ එහෙම නැත්තම් ආදරේ, ආකර්ශනය මූලික කරගෙන එන ගමනක්ද කියන එක හොඳින්ම තේරුම් ගන්න. එයා එක්ක මොන විදියෙ සබඳතාවයකින් උනත් ඉස්සරහට යනවනම් ඊට කලින් එයා බලාපොරොත්තු වෙන සබඳතාවය සහ එයාගෙ අරමුණ මොකද්ද කියන එක පැහැදිලිව තේරුම් ගන්න එක ඉතාම වැදගත් වෙනවා.

අන්න ඒ Intention එක තේරුම් කරගත්තයින් පස්සෙ තමයි ඔයා සීමාවන් සකසාගන්න උවමනා වෙන්නෙ. ඔයා දැනටම Committed Relationship එකක් ඉන්න බව සහ ඒ නිසාම යාලුකමට හරි Professional Relationship එකකට එහා යන්න අදහසක් නැති බව ඇඟවෙන විදියට හැසිරෙන්න ඕන මෙන්න මෙතනදි.

අදහස් ප්‍රකාශ කරගනිද්දි විවෘත වෙන්න, අවංක වෙන්න.

මේ සීමා මායිම් කල් ඇතිව හදාගන්න තරමට වැරදි වැටහීම් සහ ගැටලු ඇතිවීම අවම කරගන්න අපිට පුලුවන්.

මුකුත් හංගන්න එපා, ඇත්ත කියන්න

සබඳතාවයක් ඇතුලෙ තියෙන වටිනාම, වැදගත්ම දේ වෙන්නෙ එකිනෙකාට අවංක වීම කියන එක අපි දන්නවනෙ. ඉතින් ඔයා වෙන Relationship එකක ඉද්දි තව කෙනෙක් පස්සෙන් එනව, ආදරේ ප්‍රකාශ කරනව වගේ දැනෙනවනම් කිසිම වෙලාවක ඔයාගෙ Partner ගෙන් ඒක හංගන්න එපා. එයාට කියල තියන්න “මේ මෙන්න මෙයා මෙහෙම අහනව” කියල.

එතකොට පස්සෙ මොන දේ උනත් ඔයාගෙ මනුස්සය දන්නව ඔයා වරදක් කරල නෑ සහ ඔයා එයාට හැමදේම කියල තියෙන්නෙ කියල. ඔයා අරය එක්ක යාලුවෙලා නොහිටියත්, නිකමට හරි කතාකරපු එකක් හංගල තිබුනොත් ඔයාගෙ Partner උනත් ඒක ප්‍රශ්නයක් කරගන්න, ඔයා ගැන සැකෙන් හිතන්න ඉඩ තියෙන බව අමතක කරන්න එපා.

සබඳතාවයකට විශ්වාසය හරි වැදගත්, විශ්වාසය පවත්වාගෙන යන්න විනිවිදභාවය හරි වැදගත්. ඒ නිසා අර මනුස්සය අමුතු දෙයක් කිව්වොත් කරොත් ඒක ඔයාගෙ Partner ට කියල එයාව දැනුවත් කරල තියන්න අමතක කරන්න එපා.

සන්නිවේදනය කිරීම් ගැන අවංක වීම, එයා අහන්න කලින් ඔයා එයාට ඒ ගැන කීම ඔයාලා දෙන්න අතර තියෙන ආදරේට ඔයා කොච්චර ගරුකරනවද, ඔයා කොච්චර පරිස්සම් කරනවද කියන එක පෙන්වන එක විදියක්. ඒකම විශ්වාසය වැඩිවෙන්න හේතුවක් වෙනවා.

Distance එක Maintain කරන්න

අවශ්‍ය වෙලාවට දුරස්ත භාවය Maintain කරන එකත් හරිම Effective. සමහර වෙලාවට අපි මොනතරම් සීමාවන් දැම්මත් ඔයාගෙ පස්සෙන් එන කෙනා දිගටම ඒක කරගෙන යන්න පුලුවන්. මෙන්න මෙහෙම දේවල් වෙනවනම් ඔයාගෙ පවතින සබඳතාවය පරිස්සම් කරගන්න තීරණාත්මක තීරණ ගන්න වෙන බව අමතක කරන්න එපා.

ඔයාගෙ පස්සෙන් එන කෙනාගෙ Intentions නරක නම්, ඔයාගෙ සීමාවට, ගෞරවයට ප්‍රශ්නයක් වෙනවනම් අනිවාර්‍යෙන්ම එයාගෙන් හැකිතාක් ඈත්වෙන්න සහ එයාගෙ ක්‍රියාවට එරෙහිව තීරණ ගන්න අමතක කරන්න හෝ බය වෙන්න එපා.

කෙනෙක් එක්ක තියෙන Communication කපලා දාන එක ලේසි වැඩක් නෙවෙයි. අමාරු උනත් කරන්න බැරි වැඩකුත් නෙවෙයි. එයා යාලුවෙක් වගේ නම් එයා යාලුකම නැතිකරගන්න එක ඔයාට Guilty වගේ දැනෙන්න පුලුවන්. ඒත් කිසිම වෙලාවක කිසිම දෙයක් නිසා ඔයාගෙ ගෞරවය නැතිවෙන්න ඉඩ දෙන්න එපා.

ඒ වගේම ඔයා Committed Relationship එකක ඉන්නවනම් ඒ සබඳතාවයට, ඔයාගෙ Partner ට ඔයා මුල් තැනක් දිය යුතු බවත් අමතක කරන්න එපා.

කැපවීමෙන් කටයුතු කරන්න

මෙහෙම දේවල් වෙද්දි ඔයාගෙ Partner ට උනත් ටිකක් අවුල් යන එක සාමාන්‍යයිනෙ. ඉතින් මේ තමයි හොඳම අවස්තාව “කවුරු ආවත් මම ඔයාව රවට්ටන්නෙ නෑ” කියන එක එයාට ඔප්පු කරල පෙන්වන්න.

ඔයාගෙ Partner එක්ක මේ හැමදෙයක් ගැනම අවංකව කතාකරන්න, හැමදෙයක්ම එයා එක්ක Share කරගන්න. ඔයාට දැනෙන ඕනම දුකක්, බයක්, අනාරක්ශිත බවක් එයා එක්ක බෙදාගන්න අමතක කරන්න එපා. එකිනෙකා අතර තියෙන විශ්වාසය, බැඳීමේ ශක්තිමත් බව තව තවත් තහවුරු කරන්න මේ වගේ අවස්තාවක් උපයෝගී කරගන්න ඔයාලට පුලුවන්.

අවශ්‍ය උනොත් උදව් ඉල්ලගන්න

මේ වගේ අවස්තාවක බයක්, සැකක, අනාරක්ශිත බවක් දැනෙන එක සාමාන්‍යයි.ඉතින් එහෙම තැනකදි ගෙදර අයට, හොඳම යාලුවෙක්ට, එහෙමත් නැත්තම් උපදේශනයට උනත් යන්න දෙපාරක් හිතන්න එපා.

මධ්‍යස්ත Third Party එකක් එක්ක මේ ගැන කතාබස් කරන එක ඔයාගෙ හිතේ තියෙන කරදර අඩු කරගන්න වගේම ඔයා නොහිතන විදියෙ හොඳ විසඳුමක් මේකට ලබා දෙන්නත් හේතුවක් වෙන්නත් පුලුවන්. ඒ වගේම සමහරවිට එයාලා අතර ඉන්න පුලුවන් මේ වගේම සිදුවීමකට මීට කලින් මුහුණ දීල ඒව විසඳගත්ත අත්දැකීම් තියෙන අය. ඉතින් එහෙම කෙනෙකුගෙ අත්දැකීම් ඔයාට මේ වගේ අවස්තාවක ලොකු උදව්වක් වෙන්න පුලුවන්.

හැම සබඳතාවයක්ම වටින බව අමතක කරන්න එපා.

හැබැයි ඒ හැම සබඳතාවයක් ඇතුලෙ අවංක වෙන්න උත්සහ කරන්න. ඒ ඔස්සේ ඔයාට ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්න සහ ගැටලුකාරී තත්ත්වයන් අවම කරගන්න ඔයාට පුලුවන්!

Related Articles

Don't Miss


Latest Articles