තමන්ගේම සැමියා අතින් මරණයට පත් වූ සුරූපිණිය

තමන් විශ්වාස කරපු යාළුවන්ගේ අතින්ම මරණයට පත්වෙන්න සිදුවුණු තරුණ ළමයෙක් ගැන කතාවක් අපි පහුගිය සතියක ස්මාට් ලේඩ් තුළින් ඔබට කිව්වා මතක ඇති.  අද මේ කියන්න යන්නෙත් තමන් වැඩිපුරම විශ්වාස කරපු, ලෝකේ තමන් වැඩිපුරම ආදරය කරපු කෙනා අතින් මියයන්න සිදුවනු කෙනෙක් ගැන. ඔබ මෝස්තර නිරූපණ ශිල්පයට කැමති කෙනෙක් නම් සමහරවිට ඉන්ස්ටර් ග්‍රෑම් ගිණුම් වලින් ඔබට ඇයව හමුවෙලා ඇති.

ඇගේ නම  ක්‍රිස්ටිනා. ක්‍රිස්ටිනා  ජීවත් වුණේ ස්විට්සර්ලන්තයේ. එහෙ  උන්නු දක්ෂ යූටියුබර් කෙනෙක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ක්‍රිස්ටිනා කියන්නේ. නිරූපණ ශිල්පය කරේ බොහොම කැමැත්තෙන් උන්න ඇය, ඒක නිරූපණ ශිල්පිණියක් විදියට බොහෝම කැපකිරීම් කලා.

ඒ වගේම නිරූපණ ශිල්පිනියන්ට අවශ්‍ය කරන ඇවිදීම් රටාව වන කැට් වෝක් එක පුරුදු කරන්නත් ක්‍රිස්ටිනා ට තිබුනේ පුදුමාකාර හැකියාවක් . ඇය කැට් වෝක් කෝච්  කෙනෙක් විදියටත් වැඩ කරන්න පටන් ගත්තේ ඇය ඒ වෙනුවෙන් දක්වපු දක්ශතාවය නිසාමයි. ඇගේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ඉහළ ප්‍රේක්ෂක සහභාගිත්වයක් තියෙන instagram ගිණුමකුත් තිබුණා.

ස්විට්සර්ලන්තයේ බෙනන් වල ඉපදුනු ක්‍රිස්ටිනා ජනප්‍රිය වෙන්න පටන් ගත්තෙ 2013 අවුරුද්දෙදි නෝර්ත් වෙස්ට් නෝර්ත් වෙස්ට්  කියන ප්‍රදේශයේ පැවතුණු මිස් ස්විස්  තරගාවලිය ජයග්‍රහණය කරාට පස්සේ . ඒ වගේම 2008 අවුරුද්ද දී මිස් ස්විස් කියන දේශීය  තරගාවලියේ අවසාන දෙදෙනා අතරට එන්නටත් ඇයට හැකි වුණා. ඉන් පස්සේ ඇගේ රූපණ ශිල්පී පංති සහ ඇගෙන් උපදෙස් ලබාගෙන නිරූපණ ශිල්පයට එකතුවෙන පිරිස තව තව වැඩි වුණා. ඇය බොහෝ කාන්තාවන්ගේ සහ තරුණියන්ගේ ජීවිත වල වෙනස්ම සලකුණක් බවට පත් වුනා.

නිරූපණ ශිල්පයට සහ කැට් වෝක්  කෝච් කෙනෙක් විදියට සේවය කරන එක ඇරුණහම ක්‍රිස්ටිනා පරිගණක තාක්ෂණ අංශයෙත් ඉතාම ඉහළ රැකියාවක් කරන්නට තරම් සුදුසුකම් හදාගෙන හිටියා.

ක්‍රිස්ටිනා ජනප්‍රියත්වය තවත් වැඩි වෙන්න හේතුවක් උනේ ක්‍රිස්ටිනා විසින් කැට් වොක් කෝච් කරපු කාන්තාවක් මිස් යුනිවර්ස්  තරගාවලිය ජයග්‍රහණය  කිරීම.  2013 අවුරුද්දේ මේ  තරඟය ජයග්‍රහණය කරපු ඩොමිනික් කියන කාන්තාව ඇගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රිස්ටිනාගේ සහයෝගය ඉතාම ඉහලින් අගය කලා .ඩොමිනික් ගේ මේ ජයග්‍රහණයෙන් පස්සේ ක්‍රිස්ටිනාට සියලුම දෙනාගේ අවධානය සහ ගෞරවය වැඩි වැඩියෙන් ලැබුණා. ඇගේ දක්ෂතාවය හැම තැනම අගය කෙරුණා.

තමන්ගේ තරුණ ජීවිතය ඇතුළේ ඉතාමත් සාර්ථක කෙනෙක් විදිහට ඉදිරියට ගිහින් හිටපු ක්‍රිස්ටිනා අවුරුදු  41ක් වුන තෝමස් විවාහ වෙන්නේ ඇයට වයස අවුරුදු 38 දී. තෝමස් කියන්නේ මේ  විවාහ වෙච්ච කෙනාගේ නිවැරදි නම නෙවෙයි. තවමත් ස්විට්සර්ලන්ත මාධ්‍ය විසින් ඔහුගේ නිවැරදි නම හෙළිකරලා නැති නිසා අපි ඔහුට තෝමස් කියලා කියමු.

තෝමස් කියන්නේත්  ඒ ප්‍රදේශයේ සාර්ථක ව්‍යවසායකයෙක් විදියට නැගී එමින් හිටපු කෙනෙක්. ඒ නිසා තෝමස් සහ ක්‍රිස්ටිනා දෙදෙනාට මුදල් අගහිඟකම් තිබුණේ නැහැ. තෝමස් එක්ක විවාහ වීමෙන් පස්සේ ක්‍රිස්ටිනා ට අවශ්‍ය වුණේ හොඳ බිරිඳක්, හොඳ ගෘහණියක් විදියට ඇගේ පවුල් ජීවිතය සාර්ථක කරගන්න. ඇය ඒ වෙනුවෙන් උපරිමයෙන්ම කැප වුණා. ඊට පස්සේ ඔවුන් දෙදෙනාගේ සැලසුම වුණේ ඉක්මනින් ඔවුන්ගේ කැදැල්ලට දරුවන් එකතු කර ගැනීම. 2020 සහ 2021  දී ඔවුන්ගේ ජීවිතවලට ලස්සන ගැහැණු දරුවන් දෙදෙනෙක් ආවා. ඊට පස්සේ ක්‍රිස්ටිනායි තෝමස්නුයි මේ ගැහැණු දරුවෝ දෙන්නයි බොහොම සතුටෙන් තමයි ජීවත් උනේ.

ක්‍රිස්ටිනා තමන්ගේ දරුවන් දෙන්නාට දැක්වුවේ අසීමාන්තිකක ආදරයක්. වෘත්තීය කටයුතු වෙනුවෙන් භාවිතා කරපු ඇගේ instagram ගිණුම්වල පවා දියණියන් දෙදෙනා සමග ඡායාරූප, දියණියන් දෙදෙනා සමග අවස්ථා බෙදා ගන්නට ඇය අමතක කරේ නැහැ. ඒ වගේම තෝමස් එක්ක ඡායාරූප බෙදා ගන්නටත් ඇය කටයුතු කළා.

“දියණියන් දෙදෙනා තමයි මගේ ජීවිතය…. ඔවුන් දෙදෙනා මගේ ජීවිතයට ලැබුණු මිල කරන්න බැරි වස්තූන් දෙකක්..”

මෙහෙම Instagram සටහන් තියෙනවා වගේම ඇගේ මිතුරන්ට නෑදෑයන්ටත් ඇය මේ බව නිතරම කිව්වා. ක්‍රිස්ටිනා තමන්ගේ දියණියන් දෙදෙනාට කොයි තරම් ආදරේද කියලා පෙනෙන හින්දම හැමදෙනාම ඇය ඒ කියන වචන නිකම්ම නිකං වචන නොවන බවත් විශ්වාස කලා.

ඒ කොහොම වුණත් ක්‍රිස්ටිනා සහ තෝමස් බොහොම සතුටින් ඉන්න කුරුලු කූඩුවක් කියලා තමයි ඔවුන්ගේ මිතුරන් වගේම නෑදෑයොත් කිව්වේ කිව්වේ.

” ඒ දෙන්නා පරමාදර්ශී ජෝඩුවක්..”

හැබැයි එළියට බොහොම සතුටින් කුරුලු කූඩුවක් කියලා පෙන්නගෙන ජීවත් වෙන බොහෝ දෙනාගේ ජීවිතවල, කිසිම කෙනෙක්ට ඉඟියක්වත් නොදී පුපුරලා යන්න පුලුවන් අභ්‍යන්තරයේ ගැටුම් තියෙන්න පුළුවන් කියන සාක්ෂිය අපට මෙන්න මේ කතාවෙන් දෙනවා.

2024 මුල් කාලෙදි තෝමස් සහ ක්‍රිස්ටිනා නිවස දිහාවෙන් නිතරම රණ්ඩු වෙන ශබ්ද ඇහුනා කියලා අසල්වාසීන් කියනවා. උදේට, හවසට, දවල්ට වෙනසක් නැතුව ඔවුන් දෙදෙනා උස් හඬින් කෑ ගහ ගනිමින් එකිනෙකාට පරිබව කර ගනිමින් රණ්ඩු කරනවා අසල්වාසීන්ට ඇහෙනවා. විතරක් නෙවෙයි ඇතැම් අවස්ථාවල ඇතැම් රණ්ඩු විසඳන්නට පොලිසිය පවා නිවසට පැමිණෙනවා. ඒ ක්‍රිස්ටිනා විසින් පොලිසියට ඇමතුම් ලබාදීම නිසා.

අසල්වාසීනුත් මේ ගැන සැලකිල්ලෙන් හිටියත්, දවස් දෙකකට විතර පස්සේ ක්‍රිස්ටිනාගේ  සක්‍රීය instagram ගිණුමේ ඔවුන් දෙදෙනා ඉතාම සතුටින් එකිනෙකාට ළංවෙලා ඉන්න ඡායාරූපයක් පළ කෙරෙනවා. හවසත් ආයෙම ඔවුන් හතර දෙනාම එකට එන ඡායාරූපයක් පහු පළ කෙරෙනවා.

” ආ දැන් නං හැමදේම හරි වගේ…  මං හිතන්නේ එයාලා ට්‍රිප් එකක් ගිහිල්ලා ගිහිල්ලා…. ජීවිතය ඒකාකාරී උනහම ඔය වගේ ප්‍රශ්න හටගන්නවා. අනිවාර්යෙන් ඒ දෙන්නගෙ ජීවිතේ රිෆ්‍රෙශ්  වෙන එක අලුත් වෙනසකටත් එක්ක හොඳයි…”

දෙන්නගෙම හිතවතුන් එකිනෙකා සමග එහෙම කතා කරගත්තා.

ඒ කොහොම වුණත් දවස් දෙක තුනක් යනකනුත් ගෙදර දොරවල් වහලා තියෙනකොට අසල්වාසින් ආයෙම ඒ ගැන සැලකිලිමත් වෙන්න ගන්නවා. ඒත් ඊට පස්සේත් ආයෙත් ක්‍රිස්ටිනා ගිණුමේ දිගටම දවසකට එකක්, දෙකක් බැගින් වෙන්න ඔවුන් දෙදෙනාගේ සහ පවුලේ සේයාරූ පළ කෙරෙනවා. එතකොට අසල්වාසීන් හිතන්නේත් ඔවුන් විනෝද චාරිකාවේ ගිහිල්ලා තවම ගෙදර ඇවිල්ලා නැහැ කියලා.

මේ අතරේ හැමදාම ගෙදරට කතා කරන ක්‍රිස්ටිනා ගෙදරට කතා නොකර ඉන්නකොට  ක්‍රිස්ටිනා අම්මයි තාත්තයි කලබල වෙනවා. දවස් තුනකට පස්සේ ඔවුන් තෝමස්ට අමතල අහනවා ක්‍රිස්ටිනා කොහෙද කියල.

“ඇයි මගෙන් අහන්නේ? මම එපාය ඒක ඕගොල්ලොන්ගෙන් අහන්න… එයා මට යන්නේ කොහෙදවත් කියන්නේ නැතුව ගෙදරින් එළියට බැහැලා ගිහින් දැන් දවස් තුනක්… ඒ අතරින් මට දුරකතන ඇමතුමක්වත් දුන්නේ නෑ… දූලා  දෙන්නත් ඇයව හොයනවා. මම දූලා දෙන්නව බලා ගන්නෙත් හරිම අමාරුවෙන්… ඇය ගෙදර නැහැ…. ඇය ගෙදර ආවෙත් නැහැ. මගෙන් ක්‍රිස්ටිනා අහන්න එපා කරුණාකරලා…”

තෝමස් ක්‍රිස්ටිනාගේ  තාත්තට බොහොම දැඩි විදියට කියලා ඇමතුම විසන්ධි කරනවා. එහෙම කිව්වට ක්‍රිස්ටිනා තාත්තටයි අම්මටයි මේ කතාව එහෙම සරලව බැහැර කරන්න පුළුවන් වෙන්නේ නැහැ. එදාම දවල්  දුවලා දෙන්නගේ ඩේ කෙයාර් එකෙන් ක්‍රිස්ටිනාගේ තාත්තට ඇමතුමක් එනවා.

“ආයුබෝවන් ක්‍රිස්ටිනාගේ  තාත්තේ මම කතා කරන්නේ ක්‍රිස්ටිනා ගේ දුවලා දෙන්නගෙ ඩේ කෙයාර් එකේ ටීචර්…. දැන් දවස් කිහිපයකින්ම දූලාව ගන්න ක්‍රිස්ටිනා ආවේ නැහැ. එයා කවදාවත් එහෙම කරලා නැහැ. ක්‍රිස්ටිනා මොකක් හරි අසනීපයක්ද කරදරයක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න…. මේ ගැන තෝමස් ගෙන් ඇහුවට එයා හරි උත්තරයක් දුන්නෙත් නැහැ….. .දුවලාගෙන් ඇහුවහම එයාල කියන්නෙත් අම්මා ගෙදර නැහැ කියල…”

ක්‍රිස්ටිනා තාත්තා කලබල වෙලා එදා හවසම ක්‍රිස්ටිනා ගේ ගෙදර එන්න පිටත් වෙනවා. ඒ ඇවිල්ලා ක්‍රිස්ටිනා දූලා දෙන්නව අරගෙන ගිහිල්ලා තමන්ගේ බිරිඳට  බාර දීලා පහුවෙනිදා උදෙන් ආයෙම ක්‍රිස්ටිනා ගෙදරට එනවා.. ඇය  ගැන සාක්ෂියක් හොයන්න මුළු ගෙදරම පීරනවා.  

ඒත් ක්‍රිස්ටිනා ගේ තාත්තට කිසිම සාක්ෂියක් හම්බවෙන්නේ නැහැ. ක්‍රිස්ටිනා ගැන ඉඟියක්වත් ලැබෙන්නේ නැහැ. ඒ අතරේ නිවසට පිටතින් තිබුණු ගරාජ් එකක් දිහාවට තාත්තාගේ ඇහැ යොමු වෙනවා වෙනවා. හෙමින් ඇතුලට ගිහිල්ලා බලනකොට ක්‍රිස්ටිනා ගේ තාත්තා දකිනවා ගරාජ් එකේ කොනක තිබුණු කුණු බාල්දියක්. මේ කුණු බාල්දිය ඇදලා බලනකොට ක්‍රිස්ටිනා ගේ තාත්තා දකිනවා තඹ පාට වෙච්ච තමන්ගේ දුවගෙ කොණ්ඩයට සමාන කොණ්ඩයක් කුණු බාල්දියේ  එක කොනකින් එළියට ඇවිත් තියෙනවා. ක්‍රිස්ටිනා ගේ තාත්තා ඒ  කොන්ඩයෙන් අල්ලගෙන කුණු බාල්දියෙන්  එළියට ටිකක් අදිනවා. ඒත් එක්කම ක්‍රිස්ටිනා ගේ තාත්තට දකින්න වෙන්නේ ජීවිතේ කවදාවත් දකින්න බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි.

එතන තියෙන්නේ ක්‍රිස්තියාගේ වෙන් වෙච්ච හිස.

කම්පනයට පත්වන ක්‍රිස්ටිනා ගේ  තාත්තා ඔලුව එහෙම්ම අත ඇරලා පාරට දුවලා කට්ටියට කියනවා  වහාම පොලිසියට කතා කරන්න කියලා. ඒ සැනින්  පොලිසියෙන් වහාම එතනට එනවා. ඒත් එක්කම පොලිස් විමර්ශන කටයුතු ආරම්භ කෙරෙනවා.

පොලිසිය කියන විදියට ක්‍රිස්ටිනාව මරලා දාලා තියෙන්නේ පිහියක් සහ වත්තේ වැඩ කරන්න පාවිච්චි කරන උපකරණ සහ කියතක් පාවිච්චි කරලා. ඒ වගේම ඇගේ ශරීරය කෑලි කෑලි වලට කපලා බ්ලෙන්ඩර් කරලා රසායනික ද්‍රව්‍යවල දිය කරලා බැහැර කරන්න ඇති කියලත් පොලිසිය සැක කරන්නේ ඒ අවට තිබුණු සාක්ෂි සලකා බලලා.

එත් එක්කම නගරයෙන් පිටට යන්න සූදානමින් ඉන්න තෝමස්ව අත්අඩංගුවටගන්නවා

” ක්‍රිස්ටිනා  පඩිපෙළින් ලිස්සලා වැටුණා. එයා කතා කරේ නැහැ. එයා මැරුණා කියලා මට බය හිතුනා. ඒ නිසා මං එයාගේ ඔළුව කපලා ඇගේ අනිත් කොටස් හොයාගන්න බැරිවෙන විදියට හැංගුව ඇත්තටම එකයි උනේ.”.

මුලදී එහෙම කිව්වා වුනත්  ඊළඟ ප්‍රශ්න කිරීම් වටේදී ඔහු කතාව වෙනස්කරනවා.

” ක්‍රිස්ටිනා මායි අතර ප්‍රශ්න නැති වෙන්න පටන් අරගෙන තිබුණේ. ඇයට නිතරම මාව අභිබවා යන්න උවමනා  වුණා.  ඒ අතරේ ඇතිවනු එක ආරවුලකදී ඇය මාව මරන්න උත්සාහ කරා.. ඇගේ අතේ පිහියක් තිබුණා…. මට මගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සටන් කරන්න වුණා… මම ඇයට ගැහුවා. ඇය වැටුණා. ඊට පස්සේ මම ඇයගේ ඇයගේ හිස වෙන් කලා…”

ඊට පස්සේ එහෙමත් කිව්වා. පොලිසියට තෝමස් කියන ඇත්ත කතාව මොකද්ද කියලා හොයාගන්න එක පහසු වුණේ නැහැ.

මේ දෙන්නාගේ දියණියන් දෙදෙනාව ක්‍රිස්ටිනාගේ සහෝදරියන්ට බාර කෙරුණා.

” මම වරදක් කලේ නැහැ.. ඉක්මනින් මේ ප්‍රශ්න විසඳගෙන මගේ දියණියන් ළැඟට ගිහින් ඔවුන් එක්ක ජීවත් වෙන එක තමයි මගේ බලාපොරොත්තුව…”

තෝමස් මෙහෙම කියලා කිහිප වතාවක්ම ඇප ඉල්ලීම් ඉදිරිපත් කරත් තවම ඒවාට අනුමැතිය නම් ලැබිලා නැහැ. කොහොම වුනත්, කිසිම කෙනෙක්ට වරදක් නොකරපු ක්‍රිස්ටිනා පවුලේ අයගේ, මිතුරන්ගේ විතරක් නෙවෙයි, ඇය නිසා ජීවිත වෙනස් කර ගත්ත බොහෝ දෙනෙක්ගේ දුක් සෝ කඳුළු මැද පොළව යට සැඟවෙනවා. ඇගේ කතාව ඇයම විතරක් දන්න කතාවක් විදියට වැලලෙනවා.

ඒ නිසා, එළිපිටට පේන දේවල් වලින් ජීවිත විනිශ්චය නොකර ඉන්න වග බලාගන්න ඕනි. ක්‍රිස්ටිනා ගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නකොටම ඇය එක්ක ඒ ගැන කතා කරන්න කවුරුම හරි හිටියා නම්, ක්‍රිස්ටිනා අදටත් ජීවත් වෙනවා.

අපේක්ෂා ගුණරත්න 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles