රෙදි කල්තියා ගන්න මෙහෙම හෝදන්න

කාන්තාවන් විදිහට අපි ඇඳුම් තෝරාගැනීමේදී ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙනව නේද?

නමුත් මිලෙන් අධික ප්‍රසිද්ධ වෙලඳ නාමයක් යටතේ ඇති ඇඳුමක් වගේම සාමාන්‍ය මිල ගණන් වලට මිලදී ගන්න පුළුවන් ඇඳුමක් වුනත් ඔබේ නොසලකිල්ල නිසා වැඩි කාලයක් පාවිච්චි නොකල හැකි තත්වයට පත් වෙන්න පුළුවන්. 

ඇඳුම් සේදීමේ දී ඔබ අනුගමනය කරන වැරදි ක්‍රම මේ සඳහා ප්‍රධාන හේතුවක් වෙනව. 

ඒ නිසයි නිවැරදිව ඇඳුම් සෝදාගන්න ආකාරය ගැන ඔබව දැනුවත් කරන්න අපි හිතුවෙ. 

ඇඳුම් වල පාට හා රෙදි වර්ගය පිළිබඳ සැළකිලිමත් වෙන්න

මෙහිදී ඔබ සුදු පැහැති, ක්‍රීම් පැහැති, ලා වර්ණ හා සුදු පැහැයට හුරු පැස්ටල් වර්ණවල ඇඳුම් වෙනමත් තද පාට ඇඳුම් වෙනමත් සෝදාගත යුතුයි. 

තද පාට ඇඳුම් වල වර්ණ බොහෝ විට රෙදි සේදීමේදී ඉවත් වීම දකින්න ලැබෙනව. 

මේ ඇඳුම් එකට සේදුවොත් ඒ වර්ණ ඔබේ ලා පාට ඇඳුම් වල පැල්ලම් ඇතිකරන්න පුළුවන්. 

ඒ වගේම ඩෙනිම් වගේ තද රෙදි වල ඇඳුම් සහ සිල්ක් රෙදි වගේ සැහැල්ලු රෙදි වෙනමත් සේදිය යුතුයි.

විශේෂයෙන්ම ඔබ washing machine (රෙදි සෝදන යන්ත්‍රයක්) පාවිච්චි කරනවා නම්, මේ තද රෙදි හොඳින් සේදීමට ගත වෙන කාලයේදී සැහැල්ලු ඇඳුම් වලට හානි වීම අනිවාර්යෙන් සිදුවෙනවා.

ලේබලය හොඳින් කියවන්න

සමහර රෙදි වර්ග සේදීමේ ක්‍රමය ගැන ඔබට හරි හැටි අවබෝධයක් නැත්නම් ඇඳුමේ ලේබලය පරීක්ෂා කරන්න ඔබට පුළුවන්. 

රෙදි වර්ගය, සේදිය යුතු ක්‍රමය, ඩයි වර්ග පාවිච්චි කල හැකි ද නොහැකි ද වගේම ඇඳුම් වේලා ගතයුතු ආකාරය ගැනත් ලේබලයේ සඳහන් වෙනව. 

ජලයේ උෂ්ණත්වය ගැනත් සැළකිලිමත් වෙන්න

සුදු හා ලා පාට ඇඳුම් උණු වතුරෙන් සේදීම වඩා සුදුසුයි.

සුදු පැහැයට හුරු ඇඳුම් දුර්වර්ණ වීම හා පහසුවෙන් කුනු ගෑවීම සිදුවෙන නිසා උණු වතුරෙන් සේදීමෙන් එවැනි දුර්වර්ණ වීම් වගේම කුනු ඉවත් වීමත් සිදුවෙනවා. 

සීතල වතුරෙන් රෙදි වල වර්ණ ඉවත්වීම වලක්වනවා. 

ඒ නිසා තද පාට රෙදි සේදීමට වඩා සුදුසුයි. 

ඒ වගේම කපු (cotton) ඇඳුම් සේදීමට සීතල වතුර යොදා ගැනීමෙන් කපු රෙදි හැකිළීම අඩු කරගන්න පුළුවන්. 

ඇඳුම් වල බර වගේම ප්‍රමාණයත් ඉතා වැදගත්

රෙදි සෝදන යන්ත්‍රයට (washing machine) හෝ බේසමට රෙදි තදකරමින් පිරවීම නොකල යුතුයි. 

සමහරවිට ඔබට ඔබේ සෝදන කුඩු හෝ දියර ඉතුරු කර ගැනීමට පුළුවන් වෙන්න පුළුවන්. 

නමුත් එයින් ඔබ බලාපොරොත්තු වෙනව වගේ රෙදි වල කුණු ඉවත් වීමක් සිදුවෙන්නෙ නෑ වගේම අඩු ජල ප්‍රමාණයකින් වැඩි රෙදි ප්‍රමාණයක් සේදීමට යාම ඔබේ  රෙදි සෝදන යන්ත්‍රයට (washing machine) හානිදායක වෙන්නත් පුළුවන්. 

ඇඳුම් සේදීමේ නිවැරදිම ක්‍රමය තෝරා ගන්න

රෙදි සෝදන යන්ත්‍රයක (washing machine) ඇඳුම් සේදීමේදී එහි සාමන්‍ය සේදුමෙන් ඔබට සුදු හෝ ලා පැහැති ඇඳුම් වර්ග සෝදාගන්න පුළුවන්.

සමහර රෙදි සෝදන යන්ත්‍ර (washing machine) වල ඇති, 

Permanent press ක්‍රමය, උණු වතුරෙන් රෙදි සේදීම ආරම්භ කර සීතල වතුරෙන් අවසන් කරන ක්‍රමයක් නිසා තද පාට අඳුම් වලටත්. 

Delicate ක්‍රමය, යට ඇඳුම් සේදීමටත් වඩා යෝග්‍යයි. 

එම ක්‍රම වෙනම සඳහන් වෙලා නැත්නම් සේදීමේ කාලය හා වාර ගණන අඩු වැඩි කිරීම සිදු කිරීම වගේම පාට හා රෙදි වර්ගය අනුව ඇඳුම් වෙන්කර සේදීමත් කල හැකියි. 

අතින් රෙදි සේදීමේදී එක් භාජනයක සෝදන කුඩු හෝ දියර වල පෙගුනු ඇඳුම් තවත් පිරිසිදු වතුර භාජනය දමා එක් වරක් හෝ කීප වරක් සෝදා ගැනීමට ඔබට පුළුවන්. 

ඉන්පසු ඇඳුම් මෘදුකාරක (fabric softener) යෙදිය හැකියි. 

රෙදි ගලේ ගැසීම කොසු හෝ මුඩු වලින් පැල්ලම් ඉවත් කිරීමට යාමෙන් රෙදි වලට හානිවෙන්න පුළුවන්. 

පැල්ලම් ඉවත් කිරීමට බ්ලීචිං වර්ණක (bleach) යෙදීමේදී සමහර විට එම වර්ණක කලවම් කල වතුරේ ඇඳුම පෙඟවීමත් සමහර විට කෙලින්ම පැල්ලම මතට වර්ණක යෙදීමත් සිදු කරනවා.

මෙහිදී පැකැට්ටුවේ උපදෙස් පිලි පැඳීමයි වැදගත්. 

සේදුම්කාරක ලෙස යොදාගන්නෙ මොනාද ?

බොහෝ විට සේදුම්කාරක ලෙස සේදුම් දියර හා සේදුම් කුඩු යොදා ගන්නවා. 

ඊට අමතරව තද පැල්ලම් ඉවත් කිරීමට බ්ලීචිං වර්ණක (bleach) හා රෙදි වලට හොඳ සුවඳක් හා පෙනුමක් ලබා දෙන්න ඇඳුම් මෘදුකාරකත් (fabric softener) යොදා ගන්න පුළුවන්. 

මේවා භාවිතයේදී ඇඳුම් වල ලේබලය වගේම අදාල සේදුම් කාරකයේ සඳහන් උපදෙස් අනුව අවශ්‍ය ප්‍රමාණයට පමණක් භාවිතා කරන්න ඔබ සැළැකිලිමත් විය යුතුමයි. 

ඇඳුම් වේලා ගැනීමේ ක්‍රමය

සුදු හෝ ලා පාට ඇඳුම් තද උෂ්ණත්වයට හා රස්නයට ඔරොත්තු දෙන නිසා අව්වේ වේලා ගැනීම කරන්න පුළුවන්. තද අව්ව ඇඳුම් වල පුස් බැඳීමත් වලක්වනවා. 

තද අව්වේ වේලීමේදී තද පාට ඇඳුම් වල පාට අඩුවීමක් සිදුවන නිසා සාමාන්‍ය අව්වක් සහිත ස්ථානයක වේලා ගැනීම සුදුසු වෙනව. 

යට ඇඳුම් නම් කාමර උෂ්ණත්වයේ හෝ මද පවනේ වෙලා ගැනීම වඩා සුදුසුයි. 

මීට අමතරව වටිනා මෝස්තර වලින් හැඩ ගැන්වූ ඇඳුම් laundry service ( රෙදි සේදීමේ සේවාව) වලට දීමෙන් එම ඇඳුම් වල මෝස්තර ආරක්ෂා කරගන්න ඔබට පුළුවන්. 

ඉතිං මේ කාරණා අනුගමනය කිරීමෙන් ඔබේ ඇඳුම් වලට දිගු කාලයක් පවතින අලුත් පෙනුමක් ලබා ගන්න ඔබට පුළුවන්.  

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles