“දැන් අවුරුදු 20කට වැඩි මම කොළ පාට මගේ පාට කරගෙන. මම එහෙම අඳින්න පටන් ගත්තෙ ඒකෙන් මිනිස්සුන්ගෙ මූණට හිනාවක් ගේන්න මට පුලුවන් හන්දා”
මෙහෙම කියන්නෙ එලිසබෙත් ස්වීට් හාර්ට්.
එලිසබෙත්ව හඳුන්වන්නේ බෘක්ලින්වල හරිත කාන්තාව එහෙම නැත්තම් Green lady of brooklyn කියලා.
මෙහෙම කිව්වම ඔයාලට හිතෙන්න පුලුවන් “ආ මේ එලිසබෙත් කියන්නෙ බෘක්ලින් වල පරිසරය රැකගන්න මොකක් හරි ලොකු දෙයක් කරපු කෙනෙක්” කියලා.
එලිසබෙත් පරිසරයට හරි ආදරෙයි. ඒ උනාට එයාව මේ විදියට හඳුන්වන්න මූලික වෙච්ච හේතුව නම් ඒක නෙවෙයි.
“බෘක්ලින් වල ඉන්න ඕනම කෙනෙක්ගෙන් එලිසබෙත් ගැන අහන්න. එයාලට පුදුම සතුටක් දැනෙන්නෙ ඒක අහන එක ගැන. මූණෙන් ඒ සතුට පේනවා” කියල තමයි ආරංචි උනේ.
ඉතින් එලිසබෙත්ව මේ Green lady of brooklyn කියල හඳුන්වන්නේ ඔලුවෙ ඉඳන් දෙපතුලට යනකම්ම එයා කොල පාට හන්දා.
අඳින්නෙ පලඳින්නෙ කොල පාට විතරක්ම හන්දා.
කොටින්ම කොණ්ඩෙත් කොලපාට හන්දා
එලිසබෙත් මේ විදියෙ කොල පාට මනුස්සයෙක් වෙන්න පටන් ගත්තෙ 1999 අවුරුද්දෙ ඉඳල.
ඒ ස්වීට් හාර්ට් ග්‍රීන් කියන පාට දාලා ඩයි කරපු එයාගෙ කොල පාට ඕවරෝල් එක ඇඳගෙන Organically dye කරපු එයාගෙ කොල පාට, double bun hairstyle එකත් එක්ක කොල පාට ඕවරෝල් එකකින් සැරසිච්ච, කොල පාට බැක් පැක් එකක් දාගත්ත එලිසබෙත්ව Brooklyn වලදි නිතර දකින්න ලැබෙනවලු.
ඇඳුම් පැලඳුම් විතරක් නෙවෙයි එලිසබෙත්ගෙ ගෙදරත් කොළම කොල පාටයි.
පසුගිය අවුරුදු විසි ගණන පුරාවටම එලිසබෙත් කොල පාට ඇරෙන්න වෙන කිසිම පාටක් ඇඳලා නෑ කියල තමයි කියන්නේ.
එලිසබෙත්ගෙ මේ කොල පාට කතාව එයාගෙ පුංචි කාලෙටත් සම්බන්ද බව එයා සහභාගි වුන වැඩසටහනකදි අපිට අහන්න ලැබෙනවා මෙන්න මෙහෙම.
“මම ඉපදුනේ නෝවා ස්කොශියා වල. මම නිව් යෝර්ක් වලට ආවෙ 1964 විතර. ඒ ආටිස්ට් කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් මගේ අම්මයි තාත්තයි දික්කසාද උනේ මම පොඩි කාලෙදි. මට නිතරම තාත්තව දකින්න ලැබුනෙ නෑ ඉන්පස්සෙ. හැබැයි දවසක් එයා මට එන්න කිව්වා එයාගෙ ෆ්ලොරිඩා වල තියෙන ගෙදරට. එහෙදි තමයි මට ඕන උනේ කොල පාට ලෝකෙක ජීවත් වෙන්න. ඒ වතුර Aqua Green පාටයි. හරිම ලස්සන කොල පාටක් ඒ වටපිටේ තිබුනේ”
කට්ටිය නම් කියන්නෙ මේ එලිසබෙත් හරි සන්තෝසෙන් ඉන්න විනෝදකාමී ආච්චියෙක් කියලා.
දැන් මෙයාට අවුරුදු 79 ක් විතර වෙනවා.
ඒ වගේ වයසකදිත් තමන්ගෙ Passion එකට අනුව ජීවත් වෙන්න පුලුවන් වීම එලිසබෙත්ට මොන තරම් සතුටක් වෙලා ඇතිද නේද?
රොබර්ට් රොසෙන්තල් එක්ක විවාහ වෙලා ඉන්න මේ එලිසබෙත් දශක දෙකක් පුරාවටම මේ කොල පාටින් සැරසිල හිටියත් එයාව ලෝකයේ ඇසට අසුවුණේ පසුගිය අවුරුදු 10ක පමණ කාලයකදි.
එලිසබෙත්ට රොසෙන්තල්ව අඳුන්වල දීලා තියෙන්නෙ දෙන්නගෙම යාලුවෙක්.
ඒ 1965 අවුරුද්දෙදි. 1967 අවුරුද්දෙ විවාහ වෙච්ච මේ දෙන්න එයාලා දැන් ඉන්න ගෙදරට ආවේ 1980 දි විතරලු.
“කොල පාට අඳින්න කලින් මම හරිම ආසයි වින්ටේජ් ප්‍රින්ටඩ් ඇඳුම් සහ මල් ගහපු තොප්පි දාන්න”
ඉතින් කලාකරුවෙක් විදියට කාලයක් වැඩ කරපු එලිසබෙත් ගාමන්ට් සෙක්ටර් එකේ තමයි වැඩ කරලා තියෙන්නෙ.
එයා අවුරුදු බර ගාණක් මේ විදියට වැඩ කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි Micheal Kors, Liz Claiborne, Calvin Klein, Ralph Lauren, and Sarah Ferguson, Duchess of York වගේ ලොකු ලොකු Brands එක්ක Fashion පැත්තෙ Projects කරලත් තියෙනවා.
එයාලාගෙ තට්ටු තුනේ ගෙදර ඉන්නවා එලිසබෙත්, රොසෙන්තල්, එයාගෙ පුතා සහ පුතාගෙ බිරිඳ වගේම එලිසබෙත්ගෙ Rescued Dog – Gigi ගෙදර වත්ත තනිකර ලස්සන පාට පාට මල්, ගස් සහ විසිතුරු පැල වලින් පුරවන්න කටයුතු කරල තියෙන්නෙ එලිසබෙත්.
“ඇයි කොල පාටම තෝරගත්තේ?” කියල වෑඩසටහන්වලදි ඇහුවම එලිසබෙත් කියන්නේ “කොල පාට කියන්නෙ හරි Positive පාටක් නේ. සතුට පිරිච්ච පාටක්. කොල පාටට පුලුවන් ඕනම වෙලාවක හිතට සතුටක් ගේන්න” කියලා.
“මේක එකපාර වුණ විපර්යාසයක් නෙවෙයි. හෙමින් උන දෙයක්. මම ඉස්සෙල්ලම කලේ මගේ නියපොතු කොල පාටින් පාට කල එක. ඉන්පස්සෙ මගේ කොන්ඩෙ කොල පාට කලා” කියල තමයි එලිසබෙත් එයාගෙ මේ කොල පාට ජීවිතේට මුල් ගල තිබ්බ විදිය විග්රහ කරන්නෙ.
“පොඩි ළමයි මේ පාටට හරිම ආස බව මට තේරුනා. එයාලා මාව දැක්කම අත වනනවා. මට හරිම සතුටක් ඒක ඒවගේම එයාල මට පොඩි පොඩි තෑගි ගෙනත් දෙනවා මගේ මේල් බොක්ස් එකට ලියුම් එවනවා. මම හරි ආදරෙයි එයාලට”
එලිසබෙත් හැම කොලපාටක්ම අඳින්නෙත් නෑලු.
එයා තෝරගත්ත මේ පින්තූරවල තියෙන කොල පාටින්ම තමයි එයා නිතරම සැරසෙන්නෙ.
කොල පාටින් සැරසිලා ලෝකෙම ඇස් එයා දිහාවට හරවගත්තත් එලිසබෙත්ට කවදාවත් උවමනා වෙලා නෑ ජනප්‍රිය වෙන්න.
එයාට ඕන උනේ එයාගෙ හිත කියපු පාරෙ යන්න විතරයි.
“මම මේ දේ කරන්නෙ මට සතුටෙන් ඉන්න වගේම මාව දකින අනිත් අයටත් සතුටක් ගේන්න”
ඉතින් ඇත්තටම කොච්චර ශෝක් මනුස්සයෙක්ද නේද?
මේ වගේ වයසකදිත් තව කෙනෙක් ගැන හිතල වැඩ කරන්න පුලුවන් එලිසබෙත් කියන්නෙ ඇත්තටම අපිටත් ලොකු ආදර්ශයක්!
ReplyForwardAdd reaction |