Salon එකක් ඇතුලේ හැඩ වැඩවෙච්ච ආදරයක්!

නත්තල් කාලෙ වෙනුවෙන් කොහොමත් හැම අවුරුද්දෙම හරි අපූරු චිත්‍රපට මහ ගොඩක් ලෝකෙ ඉන්න දහස් ගණනක් ප්‍රේක්ෂකයන්ට බලන්න අවස්තාව ලැබෙනවා. චිත්‍රපට විතරක් නෙවෙයි ලස්සන ඇඩ්වටීස්මන්ට් එහෙම පවා එන මේ නත්තල් කාලෙ කියන්නෙ නත්තල් සමරන්නෙ නැති කෙනෙක්ට උනත් අපූරු වින්දනයක් ලබා දෙන්න හේතු වෙන කාරණාවක්.

ඉතින් අදත් ඔයාලා වෙනුවෙන් හැමදාම අපූරු චිත්‍රපට හොයාගෙන එන අපේ දිලිනි නංගි ද ආටිකල් එක වෙනුවෙන් හොයාගත්ත අපූරු චිත්‍රපටයක් තමයි මේ A Very Merry Beauty Salon කියලා කියන්නෙ.

මේ චිත්‍රපටයත් 2024 අවුරුද්ද වෙනුවෙන්ම Release වුණ චිත්‍රපටයක්. Lifetime’s A Very Merry Beauty Salon චිත්‍රපටය කියන්නෙ ආදරය, මිත්‍රත්වය සහ ප්‍රජාවට නැවත ලබා දීම පිළිබඳ අපූරු කතාවක් අරගෙන එන චිත්‍රපටයක්. මේ කතාව සම්පූර්ණයෙන්ම වගේම යන්නෙ කලු ජාතික මිනිසුන් පිරිසක් විසින් කරගෙන යන රූපලාවණ්‍යගාරයක් ඇතුලෙ. මේ චිත්‍රපටයට Tia Mowry රංගනයෙන් වගේම නිශ්පාදනයෙනුත් දායක වෙනවා. හැමදාම බලන නත්තල් චිත්‍රපටයකට වඩා වෙනස් වුණත් නත්තල් කාලෙ ලෝකෙම කතාකරන මිත්‍රත්වය, බෙදා හදා ගැනීම ගැන අපූරු කතාවක් මේ චිත්‍රපටයෙනුත් අපිට අරගෙන එනවා කියන එක නම් කියන්නම ඕන.

චිත්‍රපටයේ කතාව වෙන්නෙ මෙන්න මේ වගේ එකක්.

Tia Mowry කාර්යබහුල සහ සාර්ථක රූපලාවන්‍යාගාරයක හිමිකාරිය වන Sienna විදියට තමයි රඟපාන්නෙ. ඇය ඇගේ දක්ෂ මෝස්තර ශිල්පීන් දෙදෙනෙකු වන කිමී (කොකෝ බ්‍රවුන්) සහ එලා (අෂ්ලි අවුගිලාඩ්) සමඟ තමයි මේ Salon එකේ වැඩ කරන්නෙ. Sienna මේ වෙලාවෙ ඉන්නෙ ජීවිතේ වෙච්ච ඉතාම දුශ්කර බිඳ වැටීමකින් හීන් සැරේ හිත හදාගන්න ගමන්. ඒ වගේම ඒ වෙච්ච දේ නිසා එයා ඉන්නෙ ආපහු වතාවක් ආදරේ ගැන හිතන්න, ආදරේට හිත ඇතුලට එන්න ඉඩ දෙන ගමන් නම් නෙවෙයි. කොහොම වුණත්, අනිත් අයට උපකාර කිරීම සඳහා කැපවෙන Sinenna ගෙ කැපවීම වාර්ෂික Tinsel Ball එකේදි පිලිගැනීමට ලක්වෙන්නෙ මෙන්න මේ වගේ කාලෙක. ඇයගේ අතින් සාදන ලද හිසකෙස් ආරක්ෂණ නිෂ්පාදන පරිත්‍යාග කිරීම වෙනුවෙන් තමයි ඇයව මේ වාර්ශික Tinsel Ball එකේදි ඇය ගෞරවයට පාත්‍ර වෙන්න හේතුවක් වෙන්නෙ.

Sienna ගේ මව ජෝර්ජියා (Donna Biscoe) විසින් සංවිධානය කරන ලද Tinsel Ball මූල්‍ය ගැටලුවලට මුහුණ දෙන්නෙ මේ අතරවාරෙ. උත්සවයට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වන දේශීය ව්‍යාපාර හිමිකරුවෙකු වන ලෝරන්ස් කියන චරිතය මෙන්න මෙතනදි තමයි චිත්‍රපටයෙන් අපිට Introduce කරලා දෙන්නෙ. ජෝර්ජියා මුලින් මෙයාව විශ්වාස කරන්න කැමති වෙන්නෙ නෑ. ලෝරන්ස් සහ සියෙනා අතර මේ හේතුව නිසාම පොඩි පොඩි Sparks ඇතිවෙනවා. ඒ වූනත් ඇගේ අතීත සබඳතා නිසා ඇති වූ වරදවා වටහාගැනීම් සහ බිය නිසා ඔහුව විශ්වාස කිරීමට Sienna පසුබට වෙනවා අර Sparks කොච්චර ලොකු ඒවා, හිතට දැනෙන ඒවා වුණත්.

මේක චිත්‍රපටයේ ප්‍රධාන කතාව වෙද්දි තව පොඩි පොඩි අතුරු කතාත් චිත්‍රපටය ඇතුලට අරගෙන එන්න කටයුතු කරනවා. එයින් එකක් තමයි හමුදාවේ ඉන්න ඇගේ පෙම්වතා අනපේක්ෂිත අභියෝගවලට මුහුණ දෙන බැවින් එලා ඇගේ දිගුකාලීන සම්බන්ධතාවය සමඟ පොරබදන සිදුවීම්. කිමී මෙනවිය, තවමත් තම සැමියාගේ වියෝවෙන් ශෝක වෙමින් ඉන්න අතරවාරෙ, කරුණාවන්ත මිනිසෙකු තම ජීවිතයට ප්‍රීතිය ගෙන ඒමට දරන උත්සාහයට විරුද්ධ වෙනවා.

මේ වගේ ආදරයේ විවිධ හැලහැප්පීම්, ආදරයේ විවිධ ප්‍රබේද මේ අපූරු කතාව ඔස්සේ අපි ලඟට අරගෙන එන්න A Very Merry Beauty Salon චිත්‍රපටයට පුලුවන් වෙලා තියෙනවා.

මේ චිත්‍රපටයේ හැම නලුවෙක් නිලියෙක්ම කරන රඟපෑම තමයි ඇත්තටම චිත්‍රපටයේ highlight එක වෙන්නෙ. තමන්ට ලැබුණ චරිතය ඔස්සේ ප්‍රේක්ශකයා ඉදිරියට අරගෙන ආ යුතු හැම හැඟීමක්ම වගේ ඉතාම හොඳින් රඟදක්වන්න මේ චිත්‍රපටයේ නලු නිලියන් උපරිම උත්සහය දරලා තියෙනවා කියන එක කියන්නම ඕන.

ඒ වගේම නත්තල් කාලෙ ආව චිත්‍රපටයක් උනාට මේක අවුරුද්දෙ ඕනම කාලෙක බලලා රසවිඳින්න පුලුවන් Feel Good Movie එකක් කියන එකනම් කියන්නම ඕන.

ඉතින් නත්තල් නිවාඩුවෙ ඔන්න ඔයාලට බලන්න අපි තව අපූරු චිත්‍රපටයක් ගැන විස්තර අරගෙන ආවා. මේ වගේ තව අපූරු චිත්‍රපට ඔයාලා දන්නවනම් බලලා නැති අපේ Smartlady පාඨකයන්ට බලන්නත් එක්ක Comment කරගෙන යන්නත් අමතක කරන්න එපා!

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles