අවුරුද්දේ හා හා පුරා කියලා කොකිස් ටිකක් හදාගමු

කඩෙන්ම අවුරුදු ගෙනෙන්නෙ නැතිව ගෙදරම තමන්ට අවශ්‍ය රසකැවිලි ටිකක් හදා ගන්න පුලුවන්නම් කොච්චර වටිනවද ? ඉතින් එහෙම හදන කෑම අතර කොකිස් කියන්නෙ හරිම පහසුවෙන් හදාගන්න පුලුවන් කෑමක්. ඉතින් ඔන්න මේ සැරේ අවුරුද්දට කොකිස් හදන්නෙ ගෙදරමයි …

මෙන්න මේ දේවල් අපට අවශ්‍ය වෙනවා :

  • හාල් පිටි ග්‍රෑම් 200 (මුලින්ම නිසා ටිකකින් හදලා බලමු)
  • ලුනු,අවශ්‍ය නම් කහ කුඩු හෝ කහපාට වර්ණක
  • උකු පොල්කිරි කෝප්ප දෙකක්
  • දියකිරි කෝප්පයක්
  • පොල්තෙල්

දැන් අපි මුලින්ම බැටර් එක සාදා ගනිමු

හොඳින් හලාගත්ත හාල් පිටි වලට කහ ස්වල්පයක් දමා ලුනු, පොල්කිරි, ටික ටික මිශ්‍ර කර බැටර් එක හදා ගන්න. තෙල් තාච්චිය පිරෙන තෙක් හොඳින් තෙල් දමා කොකිස් අච්චුවද තෙලට දමා රත්කර ගන්න. රත් කරගත් කොකිස් අච්චුව බැටර් එකේ දමාගෙන තෙලට දමා කොකිස් බැදගන්න.

මෙන්න මේවත් දැනගන්නම ඕනා

  • කොකිස් අච්චුවෙන් තුනෙන් දෙකක් පමණයි මිශ්‍රනය තවරා ගන්නෙ. නැත්තම් ගලවගන්න බැහැ.
  • අච්චුව තාච්චියේ අඩියේ ගෑවෙන්න දෙන්න එපා.
  • කොකිස ගලවා අනික් පැත්ත පෙරලා ටික වෙලාවක් බැද ගන්න.
  • බදින කොකිස් තෙල් කඩදාසියක්  මතට දමා ගන්න.
  • සාදාගත් කොකිස් පැයක් පමණ නිවෙන්නට තබා හුලන් නොවදින සේ අසුරා ගන්න.

කොකිස් අච්චුව පදම් කරගන්නෙ මෙහෙමයි

වැලි කඩදාසියකින් හොඳින් මැද ගන්න. ගොරක සහ ලුනු මිශ්‍ර වතුරේ තරමක වේලාවක් තම්බා ගන්න. නැත්නම් කොකිසක් සාදා අච්චුව ලිපට අල්ලා පුලුස්සා ගන්න. අඟුරු වනතෙක් පුලුස්සා ගත් කොකිස සම්පූර්නයෙන්ම සූරා ඉවත් කරගන්න.

ඒ වගේම බැටර් එකට බිත්තරයක් එක් කලාමත් කොකිස පහසුවෙන්ම ගැලවෙනව.

-ඉරේෂා-

Related Articles

Don't Miss



Latest Articles

සුන්දර නිය පෙළක් සඳහා නිවසේ දී ම කළ හැකි නොවරදින සත්කාර

කාන්තාවකගේ දෙපා වල මෙන්ම දෑත් වල සුන්දරත්වය සදහා නීරෝගිමත් නියපොතු ගොඩක් වැදගත්. හානි වුන නියපොතු නිසා ඔබේ දෑතේ මෙන්ම දෙපා වලත් සුන්දරත්වයටහානි...

ශරදාකාසේ -30

පවුලක් බිඳී යාම යනු  නීත්‍යානුකූල වූ බැඳීම් ලිහී යාමක් ම නොවේ. එහිදී ශරීරයක සියලු සෛල වල බිඳී යාමක් සිදු වේ. සිතක ක්ෂුද්‍ර...

කලගුණ

"පැතුම්,මේ මගේ යාළුවෙක්.රුවිනි.මෙයා මේ එක්සෑම් එකකට උදව් ගන්න කෙනෙක් හොයනවා" දිල්මි පැතුම්ට එහෙම කිව්වේ මිතුරිය හඳුන්වා දෙන ගමන්.මිතුරිය මේ...

හිමගිරි අරණ -15

"මම අද රවිඳුට කෑම එකක් ගෙනාවා.ඒ මනුස්සයා දවල්ට කන්නේ නෑ කියන්නේ." හිමාෂා හිස ඔසවා බැලුවේ පාරමීගේ පැමිණිල්ල ඇසී ය.පාරමීගේ...

සිරුරේ බර අඩු කරන සාර්ථක උපක්‍රම 8 ක්

ඕනම කාන්තාවක් කැමතියි තමන්ගේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න. විශේෂයෙන්ම කාර්යබහුල ජීවිත ගත කරන කාන්තාවන්ට තියන ලොකුම ගැටලුව ව්‍යායාම කරන්න කාලයක් නැති...