ඔබ මොනයම් හෝ ක්ෂේත්රයක ශිෂ්‍යයකු වුනත් ඔබට ඔබේ ඉගෙනීම් කටයුතු සඳහා වගේම එදිනෙදා කටයුතු සඳහාත් මුදල් අවශ්‍ය වනවා. මුදල් උපයා ගැනීම සඳහා ඔබ රැකියාවක් කිරීම අත්‍යවශ්‍ය නොවන නමුත් ඔබට ඔබේ ඉගෙනීම් කටයුතු අතරතුර කළ හැකි කුඩා ව්‍යාපාර ඕනෑ තරම් මේ වන විට තිබෙනවා. විශේෂයෙන්ම විදෙස් රටවල බහුතරයක් ශිෂ්‍යයන් ඉගෙනීම් කටයුතු අතරතුර මුදල් ඉපයීම සිදු කරනවා. මෙය ඔබට කාලය සහ මුදල් කළමනාකරණය කර ගැනීමට පුහුණුවක් ලැබෙනවා වගේම ඔබේ අනාගත වෘත්තිය සඳහා පදනමක් ගොඩනගා ගැනීමටත් ඉතා හොඳ අවස්ථාවක්.ඉතින් අද අපි ඔබට කියන්නේ ඉගෙනීම් කටයුතු අතරතුර ඔබට කළ හැකි ව්‍යාපාර කිහිපයක් පිළිබඳවයි.
උපකාරක පන්ති
ශිෂ්‍යයෙකුට ආරම්භ කළ හැකි වඩාත්ම සරල ව්‍යාපාරයක් වන්නේ උපකාරක සේවා සැපයීමයි. ඔබ යම් විෂයයක් සඳහා දක්ශයෙක් නම්, ඔබ ජීවත් වන ප්‍රදේශය තුළ එම විශය ඉගැන්වීම සඳහා ඉල්ලුමක් තිබේ දැයි ඔබට සොයා බැලිය හැකිය. නැත්නම් නිවෙස් වලට ගොස් ඉගැන්වීම වුවත් ඔබට ආරම්භයේදී සිදු කළ හැකියි. ඉන්පසුව තනි හෝ කණ්ඩායම් පන්ති සැසි දක්වා මෙම උපකාරක පංති සේවාව පුළුල් කර ගැනීමටට ඔබට හැකියාව තිබෙනවා. මෙය ඔබේ විෂය දැනුම තවත් වැඩිදියුණු කර ගැනීමට සහ පුහුණු කර ගැනීමටත් ඉතාම හොඳ අවස්ථාවක්.
Freelance Writing හෝ Content Creation
ඔබට ලිවීමේ හැකියාවක් තිබේ නම්, ඔබට බ්ලොග්, වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය පිටු සඳහා නිදහස් ලිවීමේ සේවා ලබා දිය හැකිය. බොහෝ කුඩා ව්‍යාපාරවලට ඔවුන්ගේ සබැඳි පැවැත්ම ගොඩනගා ගැනීමට මෙවැනි නිදහස් ලියන්නන් අවශ්‍ය වනවා. Upwork, Fiverr, සහ Freelancer වැනි වේදිකා සමඟ, නිදහස් රැකියා සොයන සේවාදායකයින් සොයා ගැනීම පහසුය. ලිපි ලිවීම, වෙළඳ දැන්වීම් සඳහා පිටපතක් නිර්මාණය කිරීම හෝ වෙනත් මාතෘකා ගැන බ්ලොග් ලිවීම සහ අන්තර්ගතය නිර්මාණය කිරීම සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර එවැනි අවස්ථා පිළිබඳව සොයා බැලීම ඔබට සිදු කල හැකියි.
සමාජ මාධ්‍ය කළමනාකරණය
වර්තමාන ඩිජිටල් යුගයේ සමාජ මාධ්‍ය , ව්‍යාපාර සඳහා අත්‍යවශ්‍ය අලෙවිකරණ මෙවලමක් ලෙස සැලකෙනවා. බොහෝ කුඩා සහ මහ පරිමාණ ව්‍යාපාර ඔවුන්ගේ සමාජ මාධ්‍ය පැතිකඩ කළමනාකරණය කිරීම සඳහා වෙනමම කණ්ඩායම් යොදවා තිබෙනවා. ස්ථාවර, ආකර්ෂණීය අන්තර්ගතයන් නිර්මාණය කිරීමට සඳහා ඔබ දක්ශයෙක් නම් ඔබට මෙවැනි කටයුත්තක් සඳහා කාලය යෙදවීම සිදු කල හැකියි.
ග්‍රැෆික් නිර්මාණය හෝ වෙබ් සංවර්ධනය
ඔබට ග්‍රැෆික් නිර්මාණ හෝ වෙබ් සංවර්ධන ( Web developing ) හැකියාවක් තියෙනවා නම්, ඔබට එම දක්ෂතා ව්‍යාපාරයක් බවට පත් කළ හැකිය. ව්‍යාපාර සඳහා ලාංඡන, වෙබ් අඩවි සැලසුම්, අත් පත්‍රිකා සහ සමාජ මාධ්‍ය වල පෝස්ට් නිර්මාණය කිරීමේ සේවා සපයන්නෙකු බවට ඔබට පත් විය හැකි අතර ඔබට ඔබේම ගනුදෙනුකරුවන් ඇති කර ගැනීම මගින් ඉදිරි කාලයේදි ව්‍යාපාරය ස්තීර ලෙසම පුළුල් කර ගැනීමේ හැකියාව තියෙනවා.
ඡායාරූප හෝ වීඩියෝ සේවා
ඔබ කැමරාවක් හැසිරවීමට දක්ෂ නම්, ඡායාරූපකරණය හෝ වීඩියෝකරණ සේවා සැපයීම ඔබට ඉතාම පහසු ව්‍යාපාරයක් විය හැකිය. ඔබට මංගල උත්සව, සාද හෝ පාසල් උත්සව වැනි අවස්ථා ආවරණය කළ හැකි අතර ඔබ ඉගෙන ගන්නා අතර එය ඉගැන්වීමටද ඔබට හැකියාව තියෙනවා. ඡායාරූපකරණය යනු කුඩා පරිමාණයෙන් ආරම්භ කළ හැකි ව්‍යාපාරයක් වන අතර ඔබ එය හොඳ ගුණාත්මක භාවයකින් යුතුව සිදු සිදු කරනවනම් එය මුදල් ඉපයීම සඳහා ඉතා හොඳම මාර්ගයක්.
අධ්‍යාපන කටයුතුවල නියැලෙන අතරතුර ව්‍යාපාරයක් ආරම්භ කිරීම පහසු කටයුත්තක් නොවුනත් නිසි පරිදි කාලය කළමනාකරණය කර ගැනීම මගින් ඔබට ඔබේ ආර්ථිකය ගොඩනංවා ගැනීමට මෙය ඉතා හොඳ අවස්ථාවක් වනවා.
ReplyForwardAdd reaction |