ඩබල් චින් හරියට ම අඩු කරන exercise 7ක්

Double chin කියන්නේ ඇත්ත වශයෙන්ම බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක්. ඔබේ නිකටට පහලින් බෙල්ල වටා මේද තට්ටුවක් රැස්වන විට සහ ශරීරයේ බර වැඩි වන විට මේ double chin ඇති වන්නට හැකියාව තියෙනවා. මේ තත්ත්වය නිසා මුහුණේ හැඩය බොහෝ විට වෙනස් වන නිසා සහ වියපත් පෙනුමක් ගෙන දෙන නිසා විවිධ ව්‍යායාම ක්‍රම මගින් මුහුණේ නිවැරදි හැඩය නැවත ලබා ගත යුතුයි. ඒ ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නේ.

• Tongue exercise 

මෙම ව්‍යායාමය සඳහා භාවිතා කරන්නේ  ඔබගේ දිවේ මාංශ පේශීනුයි. ඒ සඳහා කෙළින්ම ඉදිරිය බලා, ඔබට හැකිතාක් ඉදිරියට ඔබේ දිව රෝල් කර දිගු කරන්න. ඔබේ දිව නාසය දෙසට දිගු කරමින් ඉහළට එකම චලනය නැවත කරන්න. තත්පර 10-15 අතර කාලයක් එම ඉරියව්වෙන් රැඳී සිටින්න. හුස්මක් ගෙන මෙම චලනය නැවත නැවත කරන්න.

• Chewing gum exercise  

මෙය තරමක් නුපුරුදු ව්‍යායාම ක්‍රමයක් ලෙස ඔබට සිතෙන්නට පුළුවන්. නමුත් මෙය ඔබේ මුහුණේ සහ ගෙල වටා අමතර මේදය ඉවත් කිරීමට හැකි සරල ව්‍යායාමයක්. චුවිංගම් එකක් නැවත නැවත හපන විට ඔබේ මුහුණේ , නිකටේ සහ බෙල්ලේ මාංශ පේශීන් හොඳින් චලනය වන අතර ඒ ප්‍රදේශවල රැඳී ඇති අමතර මේදය ඉවත් වනවා. ඊට අමතරව එය ඔබේ නිකටට එසවීමක් ලබාදෙන අතරම හකු මාංශ පේශීන් ශක්තිමත් කරනවා. නමුත් මෙය අධික ලෙස නිරත විය යුතු ව්‍යායාමයක් නොවන බවත් අපි ඔබට මතක් කළ යුතුයි.

• OO – EE 

මෙය ඉතාම සරල ව්‍යායාමයක්. OO – EE ලෙස ශබ්ද නගා කියමින් මෙම ව්‍යායාමය සිදු කරන විට ඔබේ කම්මුල් , නිකට සහ නිකට යට මාංශ පේශින් හොඳින් ක්‍රියාකාරී වෙනවා. එමඟින් එම ප්‍රදේශවල රැඳී ඇති අමතර මේදය ඉවත් වීම සිදුවෙනවා.

• Smile exercise 

මෙය ඔබේ මුහුණට මුහුන එල්ලා වැටෙන මාංශ පේශීන් නැවත යථා තත්ත්වයට පත් කිරීමට සහ මුහුණ සිහින් කිරීමට හැකි ව්‍යායාමයක්. මේ සඳහා ඔබේ මුව හැකිතාක් විවර කර හොඳින් සිනාසී තප්පර කිහිපයක් සිට නැවත සාමාන්‍ය පරිදි සිටින්න.මෙම ව්‍යායාමය 10 – 15 වතාවක් සිදු කරන්න .

• Forehead exercise 

මෙම ව්‍යායාමය සිදු කිරීම සඳහා ඔබේ අත්ලෙහි කෙළවර ඇහිබැම මත තබා සෙමෙන් ඉහලට ඔසවන්න.තත්පර තිහක් පමණ සිට නැවත අත්ල පහළට ගෙන එන්න. මෙය 10 වතාවක් පමණ සිදු කරන්න. මෙමගින් පහලට එල්ලා වැටෙන මුහුණේ මාංශපේශීන් සහ නලලේ රැලි ඇතිවීම පාලනය කරනවා.

• Chin exercise 

මෙය double chin සඳහා සහ එය ඇතිවීම වැලැක්වීම සහ කල හැකි සරලම ව්‍යායාමයක්.මේ සඳහා ඔබේ මුහුණ කෙලින් තබාගෙන ඔබේ යටි හකු හැකිතාක් ඉදිරියට ගෙන එන්න.තප්පර 5ක් පමණ සිට ආරම්භක ස්ථානයට නැවත එන්න. මෙය 10 වතාවක් පමණ සිදු කරන්න. 

• Tongue out exercise 

ඔබේ මුහුණ කෙලින් තබාගෙන දිව එළියට දමන්න.එම ඉරියව්වෙන් තප්පර 5ක් සිට නැවත දිව මුඛය තුළට ගන්න.නැවත තත්පර 5කින් දිව එළියට දමන්න.මෙම ව්‍යායාමය 10 වතාවක් පමණ සිදු කරන්න. මෙමගින් කම්මුල් වල හැඩය නැවත යථා තත්ත්වයට පත් කිරීමට මෙන්ම double chin තත්වයන් පාලනය කිරීමට ද හැකි වනවා. 

ඔබේ මුහුණේ සුන්දර පෙනුමට බාධා කරන double chin සහ මුහුණේ මාංශපේශීන් එල්ලා වැටීම පාලනය කර ගැනීමට හැකි ව්‍යායාම ක්‍රම හතක් ගැනයි අපි ඔබට මේ ලිපියෙන් තොරතුරු ගෙන ආවේ. මේ ව්‍යායාම වල දිනපතා නිරත වීම මගින් ඔබට ඉතා කෙටි කාලයක් තුළ හොඳ ප්‍රතිපළ දැක බලාගන්නට පුළුවන්.

Related Articles

Don't Miss


Latest Articles