ලස්සන වෙන්න කොලැජන් බොන්න කලින් ඔන්න මේවත් දැනගන්න!

එක එක කාලෙට එක එක දේවල් Trend වෙනවා. ඔහොම Trend වෙන Topics අතරෙ හරිම ප්‍රසිද්ධ දෙයක් තමයි Fashion සහ Beauty Related දේවල් කියන්නෙ. ඉතින් අදත් අපි කතා කරන්න හැදුවෙ අන්න ඒ වගේ දෙයක් ගැන.

ඔයාලත් ලස්සන වෙන්න කියලා, හමට හොඳයි කියලා කොලැජන් බීලා තියෙනවද? ඇත්තටම් මේ කොලැජන් කියන දේ හොඳද? නරකද?

අන්න ඒ ගැන තමයි අපි අද ඔයාලා එක්ක කතාකරන්න යන්නෙ.

කොලැජන් කියන්නෙ මොනවද?

කොලජන් කියන්නෙ අප පටක වල තියෙන ප්‍රධාන ව්‍යුහාත්මක ප්‍රෝටීනයක්.

 ඒක සම, හිසකෙස්, නියපොතු, කාටිලේජ සහ අස්ථි වල දකින්න පුලුවන්. කොලජන් සමේ නම්‍යතාවය, පරිමාව සහ තෙතමනය පවත්වා ගන්න හයුලූරොනික් අම්ලය සහ ඉලාස්ටින් වැනි අනෙකුත් ද්රව්ය සමඟ ක්‍රියාකරනවා. සම, හිසකෙස් සහ නියපොතු සාදන keratin වගේ ප්‍රෝටීන හදන්නත් උදව් වෙනවා.

අපේ සිරුර ස්වභාවිකවම කොලජන් නිපදවන්නේ ප්‍රෝටීන් බහුල හෝ කොලජන් බහුල ආහාරමස් සහ මාළු වැනි ඇමයිනෝ අම්ල යොදාගෙන. ඒ වුණත් වයසට යාම, හිරු එළියෙන් හානි වීම, දුම්පානය සහ මත්පැන් භාවිතය කොලජන් නිෂ්පාදනය අඩු කරන්නත් හේතු වෙනවා.

කොලැජන් drinks වලට කොහෙන්ද කොලැජන්?

කොලජන් drinks සහ අතිරේකවල ගොඩක් වෙලාව මාළු, ගව මස්, ඌරු මස් හෝ කුකුල් මස් වැනි විවිධ ප්‍රභවයන්ගෙන් ලබාගත් කොලජන් තමයි අඩංගු වෙන්නෙ. සාමාන්‍යයෙන්, ඒවායේ පෙප්ටයිඩ, ඇමයිනෝ අම්ල කෙටි දාම අඩංගු වන අතර එය කොලජන් සහ කෙරටින් ඇතුළු ශරීරයේ අත්‍යවශ්‍ය ප්‍රෝටීන සෑදීමට උදව් වෙනවා.

කොලැජන් drink/supplements ගැන විද්‍යාවෙදි මොකද්ද කියන්නෙ?

අධ්‍යයන 19 ක සමාලෝචනයකින් (සහභාගිවන්නන් 1,125 හිටපු) සමේ ස්ථීර බව, නම්‍යතාවය සහ තෙතමනය වැඩි දියුණු කිරීමට කොලැජන් උදව් වෙනවා කියලා පෙන්නුම් කරලා දීලා තියෙනවා.

කොහොම වුණත් ඒක කොලජන්,  විටමින්, ඛනිජ ලවණ, ප්‍රතිඔක්සිකාරක, කෝඑන්සයිම Q10, හයුලූරොනික් අම්ලය හෝ කොන්ඩ්‍රොයිටින් සල්ෆේට් වැනි වෙනත් එකතු කරන ලද අමුද්‍රව්‍ය නිසා වුණාද කියන එක හරියටම හොයාගන්න පුලුවන් වෙලා නෑ.

පාලිත පරීක්ෂණ කිහිපයකින් කොලජන් පෙප්ටයිඩ (prolylhydroxyproline සහ hydroxyprolylglycine) සමේ තෙතමනය, ප්‍රත්‍යාස්ථතාව, රැලි සහ රළුබව වැඩි දියුණු කරන බව කියනවා.

ඒ වගේම මිනිස්සු යොදාගෙන කර කිසිම පරීක්ෂණයකින් ඔප්පු වෙලා නෑ කොලැජන් කොණ්ඩෙට කිසිම විදියකින්  මුකුත් වෙනසක් ඇතිකරලා දෙනවා කියලා. කොලජන් හිසකෙස් වර්ධනය, දීප්තිය, පරිමාව හෝ ඝනකම වැඩි දියුණු කරන බවට කිසිදු වෛද්ය සාක්ෂියක් නෑ කියලා තමයි Harvard Health එකෙන් කියන්නෙ.

හැබැයි මේව හරියටම ඔප්පු කරගන්න නම් මීට වඩා වියදම් කරලා පරීක්ෂන කරන්න ඕන කියන එක තමයි කියන්නෙ.

කොලැජන් Important ඇයි?

කොලැජන් පටක වලට ව්‍යුහාත්මක සහය ලබාදෙන්න උදව් වෙනවා. ඒ වගේම, පටක අලුත්වැඩියාව, ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර (Immune response), සෛල සන්නිවේදනය, සෛලීය සංක්‍රමණය කියන පටක නඩත්තුව සඳහා අවශ්‍ය ක්‍රියාවලියට උදව් වෙනවා.

අපේ ශරීරය ස්වභාවිකවම කොලජන් නිපදවනවා

ඒක කුකුල් මස්, මාළු, සහ අතිරේකආහාර මගින් ද පරිභෝජනය කරන්න පුලුවන්. කුඩු, කරල් සහ දියර ආකාරයෙන් ලබා ගන්න පුලුවන්.

අතිරේකයක් ලෙස හෝ බීම (උණුසුම්/සීතල) සහ ඕට්ස්, යෝගට් වැනි ආහාර වලට එකතු කරන්න පුලුවන්.

 වයසට යාමේ සලකුණු වලට ප්‍රතිකාර කරන්න: රැලි වැටීම, සමේ සජලනය නැතිවීම සහ සන්ධි වේදනාව වගේ දේවල් සඳහා යොදාගන්නවා.

කොලජන් වලින් හදපු ක්‍රීම් සහ සීරම් ඒවයි තියෙන moisturizing effect එක නිසා භාවිතා කරනවා. තුවාල, පිළිස්සුම් සහ දියවැඩියා වණ සඳහා ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය සේවා වෘත්තිකයන් විසින් භාවිතා කරනවා.

කොලැජන් Supplement ගන්න එකේ වාසි

·       කොලජන් අතිරේක මගින් සමේ සජලනය, ප්‍රත්‍යාස්ථතාව, සහ රැළි අඩු කරනවා

·       හයිඩ්‍රොලයිස් කරන ලද කොලජන් එහි කුඩා ප්‍රෝටීන් ප්‍රමාණය නිසා අවශෝෂණය කර ගැනීමට පහසුයි.

·        අවම වශයෙන් සති 8 ක් සඳහා දිනපතා 2.5-15 ග්රෑම් ප්‍රමානයක් අරගන්න එක තමා ඵ්ලදායී මාත්‍රාව වෙන්නෙ.

·       බොහෝ අධ්‍යයනයන් සඳහා අරමුදල් සපයනු ලබන්නේ කොලජන් නිෂ්පාදකයින් විසින් වන අතර එය ප්‍රතිඵලවලට බලපෑම් කරන්න පුලුවන් කියලා.

·       කොලජන් අතිරේක අස්ථි ඛනිජ ඝනත්වය (BMD) වැඩි කිරීමට උපකාරී වෙනවා

·       කොලජන් ඔස්ටියෝ ආතරයිටිස් ඇති පුද්ගලයින්ගේ  stiffness වැනි රෝග ලක්ෂණ අඩු කරනවා

කොලැජන් වල Side Effects මොනවද?

·       කොලජන් අතිරේක  සාමාන්යයෙන් ආරක්ෂිත වන අතර අහිතකර අතුරු ආබාධ ඇති කරන්නෙ නැති බව තමයි සඳහන් වෙන්නෙ.

·       බොහෝ කොලජන් අතිරේකවල ඖෂධ පැළෑටි, විටමින් හෝ ඛනිජ වැනි අමතර සංඝටක අඩංගු වන අතර ඒවා අවදානම් ඇති කරන්න පුලුවන්

·       ඖෂධ පැළෑටි නිර්දේශිත ඖෂධ සමඟ අන්තර් ක්රියා කරන්න පුලුවන්

·       සමහර අමුද්‍රව්‍ය ගර්භනී හෝ මව්කිරි දෙන පුද්ගලයින් සඳහා ආරක්ෂිත නොවෙන්න පුලුවන්

·       පෝෂ්‍ය පදාර්ථවල අධික මාත්‍රාව (උදා: බයෝටින්) හෘදය සහ තයිරොයිඩ් ක්‍රියාකාරිත්වය සඳහා වන වෛද්‍ය පරීක්ෂණවලට බාධා කරනවා

·       විටමින් සහ ඛනිජ ලවණ වැඩි මාත්‍රාවලින් දිගු කාලයක් ආහාරයට ගැනීමෙන් සෞඛ්‍ය ගැටලු ඇති කරනවා

අන්න ඒ නිසා මොන දේ උනත් බඩට දාගන්න කලින් අනිවාර්‍යෙන්ම Precautions මොනවද කියල බලන එක හරි වටිනවා.

ලස්සන වෙන්න හැමෝම ආස බව ඇත්ත. ඒ වුනාට එහෙමයි කියලා, අරයා මෙයා කර පලියට වගේම දකින ads එහෙම විශ්වාස කරල ඒව කටේ ඔබගන්න නම් යන්න එපා.

ඒ වගේම මේ වගේ පෝෂණ අතිරේක අරගන්නවානම්, ඒ අතරෙ ඔයා වෙනත් බෙහෙත් ගන්නවනම් ඔයාගෙ පවුලේ වෛද්‍යවරයා හමුවෙලා ඒ ගැන ඉස්සෙල්ලා අහල බලන එක හොඳ බව හොඳින්ම මතක තියාගන්න.

Resource:

https://www.health.harvard.edu/blog/considering-collagen-drinks-and-supplements-202304122911
https://www.healthline.com/nutrition/collagen

Related Articles

Don't Miss


Latest Articles