කුරුලෑ සහිත සමකට ෆේෂල් වර්ග ගැන ඔබ දැන සිටියාද?

කුරුලෑ කියන්නේ කාන්තා පිරිමි දෙපාර්ශවයටම පොදු වශයෙන් තියෙන ගැටළුවක්.මේ සඳහා මේ වන විට බොහෝ ප්‍රතිකර්ම ක්‍රම ලෝකයේ ජනප්‍රිය වෙමින් පවතිනවා. රූපලාවන්‍ය ශිල්පීන්ගෙන් වගේම සම සඳහා විශේෂඥයින් ගෙනුත් මෙවැනි ප්‍රතිකර්ම දැන් ඔබට සිදු කරගන්නට පුළුවන්. අද අපි කතාබහ කරන්නට සූදානම් වන්නේ කුරුලෑ සහිත සමකට ගැලපෙනම ස්පා ෆේෂල් සහ ෆේෂල් ප්‍රතිකාර කිහිපයක් ගැනයි.

ස්පා ෆේෂල් කියන්නේ මොනවද ? 

ස්පා ෆේෂල් යනුවෙන් හඳුන්වන්නේ සම ආශ්‍රිත විශේෂිත ගැටලු විසඳීමට සහ සමේ සමස්ත සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමට ඇති සම ආරක්ෂණ ප්‍රතිකාරයකි. ඒ වගේම කුරුලෑ සඳහා විශේෂයෙන්ම ප්‍රතිකාර කරන ස්පා ෆේශල් වර්ගත් මේ අතර වෙනවා. මෙවැනි ෆේෂල් එකකදී වැඩි වශයෙන් අවධානය යොමු කෙරෙන්නේ සමේ ඇතිවන කුරුලෑ ඇතිවීම පාලනය කිරීම, සුව කිරීම සහ කැලැල් සුව කිරීම වැනි දේවල් සඳහායි.

කුරුලෑ සහිත සමකට ෆේශල් එකක් කිරීම සුදුසුද ? 

කුරුලෑ සහිත සමක් සඳහා විශේෂයෙන් සිදු කෙරෙන ෆේෂල් ප්‍රතිකාර මගින් සැලකිය යුතු වෙනසක් සමට ලබා දීමේ හැකියාව තිබෙනවා.මෙහිදී සමේ සිදුරු ගැඹුරින් පිරිසිදු කිරීම මගින් කුරුලෑ ඇතිවීම පාලනය කිරීම සහ අඩු කිරීම සිදු කරනවා. මෙම පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේදී කුරුලෑ හට ගැනීමට හේතුවන මියගිය සෛල සහ අතිරික්ත තෙල් ඉවත් කිරීම ප්‍රධාන වශයෙන් සිදු කෙරෙනවා.මෙම සාධක සඳහා ප්‍රතිකාර කිරීම මගින් මුහුණේ වත්මන් තත්ත්වය සමනය කර ගැනීමට වගේම ඉදිරියේදී ඒවා ඇතිවීමේ සම්භාවිතාවය අඩු කිරීමද සිදු කරනවා.

කුරුලෑ සඳහා සිදු කෙරෙන ස්පා ෆේෂල් වර්ග මොනවාද ?

European Facial

කුරුලෑ සඳහා වඩාත් සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් ලෙස යුරෝපියන් ෆේශල් සැලකෙනවා.මෙහිදී සමේ සිදුරු මෘදු ලෙස පිරිසිදු කිරීම ,exfoliate කිරීම ඇතුළු තවත් පියවර ගණනාවකින් කුරුලෑ සඳහා ප්‍රතිකාර කිරීම සිදුකරනවා.

Hydrafacials

මෙම ෆේෂල් ක්‍රමය මගින් සම පිරිසිදු කිරීම , exfoliate කිරීම , හයිඩ්‍රේට් කිරීම සඳහා hydra dermabrasion තාක්ෂණය භාවිතා කෙරෙනවා. මෙමගින් සමෙහි අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කර සම සීරම් වලින් පිරවීම සිදු කරනවා. මෙයින් කුරුලෑ අවම කර පැහැදිලි සහ දීප්තිමත් සමක් ඇතිවීම සඳහා මග සලසනවා.

Classic Facials

කුරුලෑ ආශ්‍රිත ගැටළු විසඳීම සඳහා විශේෂයෙන්ම ඇති මෙම facial වර්ගයේදී සම පිරිසිදු කිරීම , exfoliate කිරීම සහ නිසාරණය කිරීම යන පියවර ඇතුළත් වෙනවා.

Decongesting Facial 

මෙම ෆේෂල් ක්‍රමයේදී විශේෂයෙන් අවධානය යොමු කරන්නේ මුහුණේ තදබදයක් ඇති කරන සිදුරු ඉවත් කිරීම සහ මුහුණේ ඇති අපිරිසිදු සෛල ඉවත් කිරීම සඳහායි. මෙමගින් සම ඉතා හොඳින් පිරිසිදු කර ප්‍රබෝධමත් කිරීම සිදු වෙනවා.

LED Facial ( Light theropy ) 

LED ෆේශල් මගින් කුරුලෑ ඇති කරන බැක්ටීරියා සහ දැවිල්ල ඉලක්ක කර LED ආලෝක චිකිත්සාව සිදු කරනවා. මෙම ප්‍රතිකාරය මගින් කුරුලෑ ඇතිවීම ඵලදායි ලෙස අඩු කරන අතර සම සන්සුන් කිරීම සිදු කරනවා.

Chemical Peel

කුරුලෑ සහිත සමක් සඳහා තවත් සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. අම්ල වර්ගයක් මගින් සිදු කරන මෙම ප්‍රතිකාර ක්‍රමයේදී කුරුලෑ තුවාල අඩු කිරීමට , සම අලුත් කිරීමට , සිනිදු සහ පැහැදිලි සමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

Laser Treatments

කුරුලෑ සඳහා ලේසර් ප්‍රතිකාර කිරීම මගින් සමේ ඇතිවන වේදනාව සමනය කිරීමටත් , සමේ පැහැය වැඩි දියුණු කිරීමටත්, කාලයත් සමඟ කුරුලෑ සහ කුරුලෑ කැළැල් ඇතිවීම අවම කිරීමටත් හැකි වනවා. 

Microneedling

කුඩා ඉදිකටු ඇතුළත් උපකරණයක් මගින් සිදු කෙරෙන මෙම ප්‍රතිකාර ක්‍රමයේදී සමේ කොලජන් නිෂ්පාදනය උත්තේජනය කිරීම , සම අළුත් කිරීම ප්‍රවර්ධනය කිරීමට,  hyper pigmentation අඩුකිරීමට වගේම සමේ සමස්ත වර්ණය වැඩිදියුණු කිරීමට හැකියාව ලැබෙනවා.

Detoxifying Facial

කුරුලෑ ඇති සම සඳහා වඩාත් සුදුසු මෙම ෆේෂල් ක්‍රමය මගින් කුරුලෑ වලට දායක වන විෂ ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය ඉවත් කිරීම අරමුණු කරගෙන ප්‍රතිකාරය සිදු කරනවා.පැහැදිලි සහ සෞඛ්‍ය සම්පන්න සමක් ප්‍රවර්ධනය කිරීම සඳහා අදාළ පියවර කිහිපයක් එයට ඇතුළත් වනවා.

Oxygen Therapy

මෙම ෆේෂල් ක්‍රමයේදී සමට ඔක්සිජන් ලබාදීම මගින් සමේ සෛල පුනර්ජීවනය කිරීම සිදු කරනවා.මෙම ප්‍රතිකාර ක්‍රමය මගින් කුරුලා ඇති කරන බැක්ටීරියා අවම කිරීමටත් , සමේ වර්ණය වැඩිදියුණු කිරීමටත් හැකි වෙනවා.

කුරුලෑ සහිත සම සඳහා විශේෂයෙන්ම නිර්මාණය කර ඇති මෙවැනි ප්‍රතිකාර ක්‍රම සැසි කිහිපයක් මගින් පැහැදිලි සහ සෞඛ්‍ය සම්පන්න සමක් ලබා ගැනීමට කාලයත් සමඟ හැකියාව ලැබෙන අතර එය නිසි ආකාරයෙන් පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව උපදෙස් රූපලාවන්‍ය ශිල්පියාගෙන් හෝ සම සම්බන්ධ විශේෂඥවරයාගෙන් ලබා ගත යුතු වනවා.

Related Articles

Don't Miss


Latest Articles