ඔයත් තේ වෙලාවට මොනාහරි පුංචි දෙයක් කාල තේ ටිකක් බීල පුරුදු කෙනෙක්ද?
සමහරවිට මේ තේ වෙලාවට එහෙමත් නැත්නම් පොඩි බඩගින්නක් එන වෙලාවට අපි කන්න පුරුදු වෙලා ඉන්න බිස්කට්, මුරුක්කු, බනිස් වගේ කෑම වර්ග නිසා අපේ සෞඛ්‍යයට වෙන අහිතකර බලපෑම ඔබට නැවත නැවත මතක් කරන්න අවශ්‍ය නෑනෙ.
ඉතිං අපි අද කියල දෙන්න සූදානම් වෙන්නෙ සීනි නැතුව අමුද්‍රව්‍ය 03 ක් භාවිතා කරල හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් කුකීස් වර්ගයක් හදන ක්‍රමයක් ගැනයි.
එහෙනම් මුලින්ම අවශ්‍ය දේවල් සූදානම් කරගමු.
අවශ්‍ය ද්‍රව්‍ය
ඉදුණු කෙසෙල් ගෙඩි 02 ක්
ඕට්ස් කෝප්ප 01 ½ ක්
චොකලට් චිප් කෝප්ප ½ ක්
තෙල් කඩදාසියක් ඇතිරූ තැටියක්
සාදාගන්නා ආකාරය
ඔබේ අවන් එක සෙන්ටිග්‍රේට් අංශක 180 ට රත්වීමට තබාගන්න.
මුලින්ම, ඉදුණු කෙසෙල් වල පොතු ඉවත් කරගන්න.
මීළඟට, තරමක භාජනයක් ගෙන එයට පොතු ඉවත් කරගත් කෙසෙල් ගෙඩි දමා ගෑරුප්පුවක් ආධාරයෙන් කැබලි නොසිටින සේ හොඳින් පොඩි කරගන්න.
දැන් එයටම ඕට්ස් සහ චොකලට් චිප් එකතු කර හොඳින් කලවම් කරගන්න.
කලවම් කරගත් මිශ්‍රණයෙන් මේස හැන්ඳක් බැගින් ගෙන තෙල් කඩදාසියක් ඇතිරූ තැටිය මත තබා අතින් තුනී කර කුකීස් වල හැඩයට සාදාගන්න.
දැන් කලින් රත්වීමට තැබූ අවන් එකට දමා සෙන්ටිග්‍රේට් අංශක 180 උෂ්ණත්වයේ විනාඩි 15 ක් බේක් කරගන්න.
ඔන්න අපි ඕට්ස් කුකීස් හදාගෙන අවසන්.
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |