ඔලියැන්ඩර් – 30

0
386
oleander Flower

වේගයෙන් පැමිණි මෝටර් රථය සමාජ ශාලාවේ රථ ගාලේ නතර කළ මහීල් කේන්තියත් , කලබලයත් පිරි මුහුණින් සමාජ ශාලාවට ඇතුළු වී එහි තෙවන මහලේ විශේෂිත කාමරයක් දෙසට ඉක්මන් ගමනින් අඩි තැබුවේය. 

” සර්.. !” 

” කොයි වෙලේ ඉඳන්ද ?” 

” දැන් පැය දෙකක් විතර සර් ” 

” කවුද බඩු ගෙනත් දුන්නේ ?” 

” ඩෙ.. ඩේමියන් සර්.. “

” ඈ.. #$&@ තොපිව මෙතන තියලා තියෙන්නේ වෙන ඕන දෙයක් දිහා බලන් ඉන්නද ?” 

” නතර කරන්න පුලුවන්ද සර් ? අනික සියත්‍ර සර්ව ? කනේ පාරකුත් කාලා , රස්සාවත් දාලා ගෙදර යන්න වෙයි සර්. “

මුහුණ බිමට නැඹුරු කර ගනිමින් නිදහසට හේතු කාරණා පවසන සේවකයා දෙස දවා අළු කළ හැකි තරමේ බැල්මක් හෙළූ මහීල් නැවතත් පෙර සඳහන් කළ කාමරය දෙසට වේගයෙන් ඇවිද ගොස් එයට ඇතුළු වූයේය. 

නිදි වර්ජිත බොහෝ රාත්‍රීන් ගෙවා දැමීමට සමාජ ශාලාව හා මත්පැන් තෝරාගන්නා සියත්‍ර සංචරන රන්දෙණිගල බොහෝ කලකට පෙර දැඩිව මත්ද්‍රව්‍ය වලටද ඇබ්බැහි වී සිටියහ. ගණනය කළ නොහැකි අන්දමේ සුව නින්ද අහිමි කරන පීඩාකාරී සිහින වලින් වැළකීමට ඔහු නිරන්තරයෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටියේය. නමුදු තම හිතවත් කවයේ සිටින මිතුරන් හා හිතවතුන් නිසා ඔහු කාලයක් තිස්සේ ඉන් ඉවත් වෙමින් සිටියද , යළිත් වතාවක් සමාජ ශාලාවේ අඳුරු කුටියකට වී පැරණි පුරුද්දට වැට කඩොළු විවර කර දැමූ මිත්‍රයා පිළිබඳව ආරංචිය කණ වැකුණු සැණින් මහීල් අමරවංශ යක්ශාවේෂ වී එහි පැමිණ තිබුණේය. 

” මොන @$&*ක්ද යකෝ ? තොට අද බිස්නස් පාර්ටි එකක් නේද ?” 

හිඳ සිටි සෝෆාව මත හිස තබා ඉහලට දෑස යොමා සිටින මිතුරා වෙත ගර්ජනා කළ මහීල් ඔහු ඉදිරියේ තිබූ සෝෆාවට බර වූයේය.

” ගියෙ නෑ.. තාත්තා යන්නැති “

සුරුස් හඬින් නාසය ඉහලට ඇදි තරුණයා හිස කෙලින් කර මිතුරා දෙස බලා පිළිතුරු බැන්ඳේය.

” උඹ දවලුත් යනවා කියලා කිව්වනෙ ?”

මහීල් එසේ පවසා තමා ඉදිරියේ තිබූ ටීපෝව මත ඇති මත්පැන් බෝතලයෙන් පුරවා ගත් වීදුරුවක් අතට ගත්තේය. මහීල්ගේ පැනයට පිළිතුරු නුදුන් සියත්‍ර ටීපෝව මත තිබූ ජංගම දුරකතනය අතට ගෙන ඉන් ඇමතුමක් ලබා ගත්තේය. නැත.. අනෙක් පස දුරකතනය ක්‍රියා විරහිත කොට ඇති අතර එය සවන වැකුණු හඬින් මිතුරාගේ උවන කෝපයෙන් රතු වන අයුරු මහීල් යටැසින් දුටුවේය. 

” සඳැස්විලගේ ගමේ සිද්ධිය නිවුස් වලටත් ගියා. උඹ දැක්කද ?  ළමයි තුන් දෙනෙක් නැති වෙලා දැනට. සඳැස්විගේ නංගිට මොකෝ දැන් ?” 

මහීල්‍ට අවශ්‍ය වූයේ මිතුරාව කෙසේ හෝ කතාවකට අල්ලා ගැනීමටය. 

” මොන @$&*ක් අහන්නත් ෆෝන් එක වැඩ කරන්න එපැයි බං . රෙද්ද.. මං මඟින් මඟටම කිව්වා ෆෝන් එක ඕෆ් කරගන්න එපා කියලා. “

කෝපාවිශ්ට දෑස උවන මත රත් පැහැ ගැන්වී තිබූ අතර වේගයෙන් ඉහල පහල යන උරපතුද පිරිමි සිරුරේ කෝපය හොඳින් විදහා පෑවේය. 

” බැට්‍රි බැහැලා හරි මොකක් හරි වෙලා ඇති බං ” 

අත වූ මත් පැන් වීදුරුව තොළ ගාමින් නැවත වතාවක් මහීල් මිතුරා දෙස යටැසින් බලා පැවසුවේය. 

” මට බයයි බං. “

තිගැස්සුණු දෑතින් ගිලිහෙන්නට ගිය මත්පැන් වීදුරුව තදින් අල්ලා ගත් මහීල් වික්ශිප්තව සියත්‍ර දෙස බලා සිටියේය. 

” මේ උඹද ?  මං ජීවිතේට උඹෙන් ඔය වචනේ ඇහුවමයි . මොකද්ද බං උඹ කියන්නේ ? මොකද්ද ප්‍රශ්නේ ?” 

මෙතෙක් වේලා බිමට බර කරගෙන සිටි දෑස කෙලින් කර මිතුරා දෙස බැලූ සියත්‍ර අත රැඳිව තිබූ ජංගම දුරකතනය යළි ටීපෝව මත තැබුවේය. 

” මට සඳැස්වි ගැන බයයි. “

” What is that for? ඒ කෙල්ල ගියේ ගෙදරනේ. ?” 

” ඒකම තමා බය. උඹම නේද මට කිව්වේ අක්කාගේ මිනිහා ගැන ?” 

” ඔහ් ශිට්.. ! මචං මට ඒක අමතකම උනා. “

” මං කිව්වා බං. සල්ලි දෙන්නම් ගේ උගස බේර ගන්න කියලා. ලක්ෂ දෙකයි අනූවක් කියන්නේ ගාණක්ද මචං ? අපි එක රෑකට ඒ වගේ කීයක් කුඩු කරනවද ? නෑ.. කොහෙද තියන උද්දච්චකමනේ. කරගන්න පුලුවන් . මගෙන් උදව් ඕන්නෑ කිව්වා. දැන් ඔය ගිහිල්ලා ඉන්න ඕනේ අරූගේ තැන නේද ? සේෆිටියක් තියනවද බං ? ඇයි බං මේ ගෑනු මෙච්චර හිතුවක්කාර ?” 

එක දිගට මිතුරාගේ මුහුණ දෙස බලා සිටි මහීල් පිළිතුරු ලෙස කිසිවක්ම නොපැවසුවේය. වසර ගණනාවක් පුරා තමා සමඟ සිටි මිත්‍රයාගේ හැසිරීමේ මෙවැනි ආකාරයේ  වෙනසක් කිසි දිනක දැක නොතිබුණු ඔහු දිගින් දිගටම මිතුරාගේ අලුත් හැඟීම් කියවන්නට උත්සාහ දැරුවේය.

***

රෝහල් කොරිඩෝව දිගෙහි වේගයෙන් ඇවිද ආ තරුණිය නැවත වාට්ටුවේ සිටි නැඟණිය දෙස බැලුවාය. සුළු මොහොතකට පෙර ඈ නින්දට වැටුණු අතර තවමත් ඈ නින්දේය. කොරිඩෝවේ තිබූ යකඩ පුටුවකට බර වූ ඈ අත රැඳි ජංගම දුරකතනය ක්‍රියාත්මක කළාය. මඟ හැරුණු ඇමතුම් විසි තුනකි. ඒ සියල්ල ඔහුගෙන්ය. අන් කිසිවකට අවධානය දීමට පෙර ඈ වහා ඔහු වෙත ඇමතුමක් ලබා ගත්තාය. 

” සඳ…!” 

” සර්.. ! කෝල් ගොඩක් අරන් තිබ්බා. “

” කොහෙ $ …” 

මුවින් පිට වන්නට ගිය අසභ්‍ය වදන අපහසුවෙන් නතර කර ගත් මිතුරා දෙස බැලූ මහීල් පුදුමයෙන් මිදී සමච්චල් සිනහවකින් මුව සරසා ගත්තේය. 

” කොහෙද ඉන්නේ ? මෙච්චර වෙලා ෆෝන් එක ඕෆ් කරන් මොකද කළේ ? ආ..?” 

ඔහුගේ කටහඬ වෙනදා තරමටම ගොරහැඬි වුවද එහි ස්වරය වෙනදාට වඩා වෙනස් බව ඈට හොඳින් දැනුණාය. 

” සර්.. ! මං හොස්පිට්ල් එකේ ඉන්නේ. චූටි ළඟ. අම්මා උදේ ඉඳන් හිටපු නිසා අම්මව ගෙදර යැව්වා. මං හෙට උදේ වෙනකන් ඉන්නවා. ෆෝන් එකේ බැට්‍රි බැහැලා සර්. මේ හොස්පිට්ල් වල ෆෝන් චාර්ජ් කරන්න දෙන්නෑ. එහා පැත්තේ කඩේකට දීලා ෆෝන් එක චාර්ජ් කරන් ආවේ. “

ස්ත්‍රී කටහඬේ නිවුණු ස්වරය ඔහුව මඳක් නිවා දැමීමට සමත් වුවද ඔහු දිගින් දිගටම එය නොපෙන්වා සිටියේය.

” දැන් හෙට උදේ වෙනකන් හොස්පිට්ල් එකේ ඉන්නවද ?” 

එවර රාස්ස කටහඬේ ගෝරනාඩුව මඳකට අඩුවී තිබුණේය. 

” ඔව් සර්. සර් තාම පාටි එකේද ? ” 

” ගියේ නෑ. “

” ඇයි ඒ ?” 

” මූඩ් එකක් තිබ්බේ නෑ. “

” එහෙනං කොහෙද ඉන්නේ ? ක්ලබ් එකේද ? බොනවද සර් ?” 

වටපිටාවෙන් ඇසෙන ශබ්ද අනුමාන කළ ඇගේ පැනයට පිළිතුරු නුදුන් ඔහු මහීල් දෙස බලා නැවත දුරකතනයට පිලිතුරු බැන්ඳේය. 

” මං සල්ලි වගයක් ට්‍රාන්සර් කළා. හෙට උදෙන්ම ගිහිල්ලා අර ගෙදර සල්ලි දෙන්න තියන මනුස්සයාට ඒක දෙන්න. වෙන වෙන තැන් වල ඉන්න ඕන්නෑ. ඊට පස්සේ ගෙදර ඉන්න පුලුවන්නේ ?” 

” අනේ.. සර් ! ඇයි ඒ ? මං එපා කියලා කිව්වනේ. මං කර ගන්නං. කලබල වෙන්නෙපා. “

” සඳ..! මගේ යකා අවුස්සගන්න එපා. හොස්පිට්ල් එකේ ඉඳන් කෙලින්ම ගිහින් ඒ වැඩේ කරන්න ඕනේ. ඊට පස්සේ අම්මයි , නංගියි එක්ක ගෙදර යනවා. වෙන වෙන තැන් වල ඉන්න බෑ. කියන දේ අහන්න බැරි නම් කියනවා මං දැන් එනවා ඔතනට. ඊට පස්සේ මගෙත් එක්ක එන්න එනවා. “

නැවත වතාවක් ගෝරනාඩුව උච්ජ වී තිබූ අතර එය පෙරටත් වඩා රෞද්‍ර වී තිබුණේය. හදවත ඇවිළුණේය. පමණට වඩා ඔහු රෞද්‍ර වී ඇත්තේ බීමතින් නිසා බැව් හොඳින් වැටහුණිද මතුපිටින් පෙනෙන රෞද්‍ර භාවයට වඩා ඇතුළතින් ඇති වේදනාව ඈ හොඳින් තේරුම් ගැනීමට සමත් වූවාය . 

” අනේ සර් ! ඇයි මේ ?” 

” අනේ හුනේ නෙමෙයි . කිව්ව විදිහට වැඩේ කරනවා සඳැස්වි . නැත්තන් මං එනවා. පැය දෙකක් යන්න කලින් මට එන්න බැරි කමක් නෑ. “

” සර්.. ඔයා බීලද ඉන්නේ ?” 

” ඔව් ඇයි ?” 

” අනේ සර්…!” 

” මං බීලා තමයි ඉන්නේ . හැබැයි මගේ සිහි කල්පනාව ගොඩක් හොඳයි සඳ…! “

” සර්…! මං ..”

” මට මුකුත් අහන්න ඕනෙ නෑ.  කියපු දේ කරනවා , එච්චරයි . මං කියන දේ අහන්න බැරි නම් ..”

” මං ඔයාට ආදරෙයි සර්. “

තොල් පට තද වී ගියේය. දෙනෙතට රහසේම කඳුළු පිරුණද රාක්ශ වෙස් ගෙන සිටින ඔහුගේ ඇතුළාන්තයේ වේදනාව පළවා හැරීමට ඈට අවශ්‍ය වූවාය. 

එක් වරම කෝපාවිශ්ට වචන යළි මුව තුළම ගිලී ගියේය . තිගැස්සුණු දෑසින් වේගයෙන් හුස්ම ඉහල පහල යවනා මිතුරා දෙස බැලූ මහීල් එහි දිස්වන හැඟීම් තෝරා බේරා ගත නොහැකිව කුතුහලයෙන් බලා සිටියේය. 

”  What? What did you say? “

” No. Nothing.” 

”  Hey.. Hey.. sanda , Say that again, what did you say? ” 

” I said I love you, sir. ” 

අවසන් වාක්‍ය පිටවූයේ සිහින් ඉකියකුත් සමඟය. මෙතෙක් වේලා සිරුරට පමණට වඩා ලබා ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය එක වරම තමාගෙන් වාෂ්ප වී ගියාක් වැනි හැඟීමක් ඔහුට දැනුණේය. 

” බනින්නෙපා.. සොරි…!” 

නැවතත් අනෙක් පසින් ඉකි බිඳුමත් සමඟම පිළිතුරක් ලැබුණේය. 

” සඳ… !” 

” ගෙදර ගිහින් නිදා ගන්න සර් “

” නින්ද යන්නෑ සඳ.. ගෙදර ගිහින් වැඩක් නෑ.. ” 

” ඔයාගේ ගෙදර නෙමෙයි සර්. ඇනෙක්ස් එකට යන්න. ශාක්‍යා අක්කා ගාව extra key එකක් තියනවා . ගිහින් නිදාගන්න. ඔයාට නින්ද යයි. “

” සඳ…!” 

” please sir ..! “

” කියන දේ අහන්න සඳ..!” 

ක්‍රම ක්‍රමයෙන් ඔහු සන්සුන් වන හඬ සේම සන්සුන් කරවන ආකාරයද ඈ ඉතා ඉක්මණින් උගෙන තිබුණාය. 

” කියන දේ අහන්නම්. සර්ත් මං කියන දේ අහනවානම් … “

යළිත් වරක් සෝෆාවට තද කර ගත් හිසින් ඉහල බලා ඔහු දෑස පියා ගනිමින් දුරකතනය තවත් සවනට තද කර ගත්තේය. 

” මං යන්නම්.. “

එපමණක්ය. වහා ඇමතුම අවසන් කර දැමූ ඈ හනික මහීල් වෙත කෙටි පණිවිඩයක් තැබුවාය .

” මහීල් අයියේ.. සර්ව ඇනෙක්ස් එකට එක්කන් යන්න. ගිහින් නිදා ගන්න කියන්න. “

” okay…!” 

ප්‍රති පිළිතුරු ලැබුණු සැණින් ඈ විසල් හුස්මක් අත හැරියාය . 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here