අද කාලේ තාක්ශණය කියන්නෙ එකිනෙකා අතර තියෙන සම්බන්ධෙ තව තවත් සමීප කරවන්න සහ ශක්තිමත් කරන්න හේතුවක් කියලනෙ අපි හිතාගෙන ඉන්නෙ. ඒ උනාට ඕක හැමතිස්සෙම එහෙමම වෙන්නෙ නෑ. තාක්ෂනය නිසා ඕනවට වඩා ලං වෙච්ච සබඳතාවයන් නිසා නොහිතපු විදියෙ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙච්ච කට්ටියත් ඕන තරම් ඉන්නවා.
අද කාලෙ ගොඩක් වෙලාවට ඉන්න තරුණ ගෑණු ළමයි සහ පිරිමි ළමයි ආදරය වගේ බැඳීම් අරගෙන තියෙන්නෙ හරිම සැහැල්ලු විදියටනෙ. Bond එකක් කිව්ව දේ කාලයත් එක්ක Relationship වුණා. පස්සෙ ඒ Relationship, Open Relationship, Situationship වගේ දේවල් වුණා. ඔය වෙනස්කම් සිදුවුණේ නම් වල විතරක්ම නෙවෙයි. ඒ බැඳීම් අස්සෙ තිබුණ හැඟීම්, දැනීම්, සංවේදනාත් ඒ වගේම වෙනස් වුණා.
“ඔබල බලලනෙ පලතුරක් වුණත් ගන්නෙ ඉතින් කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්න කලින් හොඳට හොයල බලන්න ඕන” කියන එක එදා මෙදාතුර කියනවනෙ. අද කාලේ හොඳ සම්බන්ධතාවයක් වර්ධනය කරගන්න ආස සෑහෙන පිරිසක්, social media සහ තාක්ෂණය හරහා එකිනෙකාට ළඟවෙන්න ඉදිරියට යනවා. ඒත් එහෙම කරද්දී, කවදාවත් අමතක කරන්න යුතුම නැති දෙයක් තියෙනවා – ඒ තමයි, ඒ සම්බන්ධතාවය සැබෑ ආදරයකින්, ගෞරවයෙන්, සහ ආරක්ෂාවෙන් ද ඇතිවෙලා තියෙන්නෙ කියන එක ගැන හොඳට හොයලා බලන එක.
ඔයත් boyfriend ට personal photos යවලා, අන්තිමට එයා ඒ photos පාවිච්චි කරලා ඔයාව බ්ලැක්මේල් කරන්න හදනවනම් මොකද්ද කරන්නෙ? ඒ වෙලාව හොඳට බය වෙන, හිත කලබල වෙන, මේ ලැජ්ජාවෙන් ගැලවෙන්න මම ඕනම දෙයක් කරනවා කියල හිතෙන මොහොතක් වෙන්න පුලුවන්. හැබැයි මතක තියාගන්න: ඒ තර්ජනය එන වෙලාවටත් ඔයා නිවැරදිව හැසිරුනොත් ආරක්ෂා වෙන්න වගේම, නීතියේ ආධාරයක් ලබාගැනීමටත් පුළුවන් කියන එක.
1. සන්සුන් වෙන්න – ගැටළුව ගැන හිතන එක calmව අරඹන්න
ඔයා මේ මොහොතේ සන්සුන්ව සිතන්න උත්සාහ කරන්න. ගැටලුවට මුහුණදෙන්න හොඳට හිතාගන්න. බය වෙන්නෙ නැතුව, panic නොවී, මොලේ පාවිච්චි කරලා කටයුතු කරන්න.
2. ඔයාගේ dignity එක නැතිකරගන්න හිතන්න එපා
කෙනෙක් ඔයාව බ්ලැක්මේල් කරනව කියන එකේ තේරුම එයා ඔයා මත එයාගෙ බලය පතුරුවන්න උත්සහ කරනවා කියන එක. ඒ photos හෝ වීඩියෝ public කරන්න යනවා කියලා කිව්ව පමණින් ඔයා Powerless මනුස්සයෙක් වෙන්න යන්න එපා. ඒක එයාට ඔයාව තවත් බය කරගෙන එයා කැමති දේවල් කරගන්න හේතුවක් වෙන්න පුලුවන්. ඔයාගේ පින්තූර, වීඩියෝ හෝ සම්බන්ධතාවයන්ට වඩා, ඔයාගේ ජීවිතය වැදගත් කියන එක මතක තියාගන්න.
3. ඇත්ත කතාව විශ්වාසනීය කෙනෙකුට කියන්න
ඔයාගේ පවුලේ අයට හෝ ආදරය කරන යාළුවෙකුට මේ තත්ත්වය පැහැදිලි කරන්න. සමහරවිට ඔවුන්ගේ උපදෙස් සහ සහයෝගය මේ ගැටලුවට විසඳුමක් අරගෙන එන්න වගේම, ඔයාට ශක්තියක් වීමටත් හැකියාවක් තියෙනවා.
4. මනුස්සය කියන කතාව ඇත්තමද කියල Check කරගන්න
ඔයාගේ boyfriend කියන කෙන blackmail කරන කරුණු, messages, social media messages ඔක්කොම පරිස්සමෙන් store කරගන්න. Evidence එකක් විදියට මේවා තබාගන්න එක, ඔයාට නීතිමය ආධාරයක් ගන්න විශාල වාසියක්.
5. නීතියේ ආධාර ගන්න
Cybercrime හා online harassment එක පිළිබඳ නීති දැන් ශක්තිමත් කරලා තියෙනවා. Police cybercrime unit, women helpline services, සහ Sri Lanka CERT ඔස්සේ ඔයාට නීතිමය ආධාර ලබාගන්න පුළුවන්.
1. තර්ජනය කරන කෙටි පණිවිඩ, දුරකතන ඇමතුම්, අසභ්‍ය දර්ශන වල ජායාරූප, වෙබ් අඩවි වල පල කර ඇති දර්ශන/තොරතුරු වල URL, Screenshot ආදී සාක්ශි සමග ළඟම ඇති පොලිසිය වෙත යොමුවන්න
2. තර්ජනය කරන පුද්ගලයාගේ තොරතුරු නිවැරදිව දන්නේ නම් පොලිස් පැමිණිල්ල ඉදිරිපත් කරන වෙලාවේ ඒ තොරතුරු ලබා දීමට යොමුවන්න
3. වයස අවුරුදු 18ට අඩු නම් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිල්ලක් සඳහා Hotline අංක 1929 ඔස්සේ යොමුවන්න (පිරිමි/ගැහැණු දරුවන් දෙපාර්ශවයම වෙනුවෙන්)
4. කාන්තාවන් මුහුණ දෙන මෙවන් ගැටලුකාරී තත්ත්වයන් වලදී ළමා හා කාන්තා කාර්යංශයේ උපකාරක සේවා අංක 109 ඔස්සේ යොමුවන්න නැතිනම් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ Women Health Line අංකය වන 1938 වෙත යොමුවන්න
5. අසභ්‍ය වෙබ් අඩවිවල ඔබගේ ජායාරූප හෝ වීඩියෝපට ආදිය උඩුගත කරගත තිබෙන විටෙක එය ඉවත් කරගැනිමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) ආයතනයේ උපකාරක සේවා අංකය වන 101 වෙත යොමුවන්න මේ ටිකත් එකතු කරන්න)
6. වෙච්ච දේ ගැන පසුතැවෙන්න එපා
ඔයා හැමෝම විශවාස කරන කෙනෙකුට photos යැව්වා කියලා හිතාගන්නකොට, ඒ අවස්ථාවේදී ඔයාට ඒක ගැන තව හිතන්න තිබුණනෙ කියල දැන් දුක්වෙන්න යන්න එපා. ඒ photos හෝ trust එක misused කරන එක තමයි හැමදේටම වඩා නරක වැඩේ සහ කැත වැඩේ. වෙච්ච දේ වෙලා ඉවරයි. ඒ වගේ දේවල් තව ඉස්සරහට කාටවත් නොවෙන්න තමයි අපි මේ වෙලාවෙ වැඩ කරන්න ඕන.
7. වැරදි කෙනාගේ බලය අඩු කරන්න
ඔයාගේ boyfriend ට ඔයාගේ power, dignity එක තව අඩුකරන්න පුලුවන් කියලා දැක්කම, එයාගෙ බලය වැඩි වෙනවා. ඒ නිසා කිසිම වෙලාවක ඔයාගෙ රිමෝට් කන්ට්‍රෝල් එක එයා අතට නම් දෙන්න හිතන්න එප.
8. නිවැරදි Support System එකක් සොයාගන්න
ඔයා හිතන විදියට මේ ගැටලුවේ victim කෙනෙක් වෙලා විඳවන්න එපා. Immediate support එකක් යාළුවන්, professionals, හෝ family එකේ අයගෙන් ආධාර ලබාගෙන, ජීවිතේ පරිස්සම් කරගන්න, ආරක්ශා කරගන්න කටයුතු කරන්න.
9. අවශ්‍ය නම් counseling service එකක් contact කරන්න
Emotional distress එකෙන්, ඔයාගෙ confidence අඩු වෙනවා නම්, professionally trained counselor කෙනෙක් වගේම ආයතනයකින් ආධාර ලබාගන්න. ඒක long-term stability එකටත් විශාල ප්‍රතිලාභයක්.
10. සාමකාමී ජීවිතයකට යන්න
මෙවැනි තත්ත්වයකින් පසු, ආරක්ෂාව ගැන වඩා ප්‍රවේශමෙන් වන්න ඕන. හොඳ support systems, trustworthy යාළුවෝ, නව ආදරයක් හොයාගැනීමෙන් සන්සුන් ජීවිතයක් ගොඩනගන්න උත්සාහ කරන්න.
ReplyForwardAdd reaction |