ජීවිතයත් මරණයත් අතර සටනක්

2024 අවුරුද්දෙදි තිරගත වුන ත්‍රිලර් කියන ශානරයට අයිති  චිත්‍රපටයක් ගැන තමයි අද අපි ඔබට කියන්නේ. ඇඩ්ස්ම් ස්කෙන්ඩ්ලර් සහ බ්‍රයන් නෙට්ටෝ විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය කිම්ෆෙල් සහ ඩේවිඩ් වයිට් කියන  පිටපත් රචකයන්ගේ  රචනයක්.

විනාඩි අනූ දෙකක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටිය,  සීරියල් කිලර් කෙනෙක්ගෙන් ගැලවෙන්න දුවන, තමන්ගේ දරුවා අහිමි වීම නිසා ඉතාම දැඩි වේදනාවකින් ඉන්න කාන්තාවක් වටා තමයි පදනම් වෙලා තියෙන්නෙ. ප්‍රධාන චරිත කිහිපයක් වටා දිවෙනවා වුනත්, කම්මැලි නැතිව බලලා ඉවර කරන්න පිලිවන් බවට අපි යෝජනා කරන මේ චිත්‍රපටයේ නම,   “don’t move”.

තමන්ගේ ශරීරය තමන්ට අවනත නොවන ආකාරයේ එන්නතක් තමාට එන්නත් වුණහම, ජීවිතේ වෙනුවෙන්  දුවන්නේ කොහොමද?  සටන්  කරන්නේ කොහොමද ? හැංගෙන්නේ කොහොමද කියලා ඔබ කවදාවත් හිතලා නැතුව ඇති.  ඒ  එන්නත නිසා තමන්ගේ ශරීරය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තමන් වෙනත් පුද්ගලයෙකුගේ ග්‍රහණයට වැටෙන බවක් දැනුනොත් ඇත්තටම ඔබ මොනව කරාවිද? තමන්ගේ දරුවා අහිමිවීමේ වේදනාවෙන් ඉන්න කාලෙක, තමන්ගේ ස්වාමිපුරුෂයාවත් අතෑරලා මියයන්න තීරණය කරපු කාන්තාවකට දෙවි කෙනෙක්ගේ වේශයකින් එන යක්ෂයෙක් මුණ ගැහුනොත් ඇත්තටම මොකද වෙන්නේ ? ජීවිතය අත් හරින එක ඇත්තටම කොයි තරම් නම් අපහසුද ? මියන්නම හිතාගෙන උන්න කෙනෙක්ට, මරණය ලඟා වෙන බව දැනෙනකොට ජීවත් වෙන්න කොයි තරම් නම් වේගෙකින් සටන් කරන්න හිතෙනවාද  ?

ඔබ don’t move නැරඹුවොත් මේ හැම ප්‍රශ්නයක්ම ආමන්ත්‍රණය වෙන විදියේ පිළිතුරක් ඔබට ලැබේවි. මේ හොලිවුඩ් චිත්‍රපටය ඔබට ඒ ගැන හිතන්න වගේම විඳින්නත් අවස්තාව ලබා දෙනවා.

මේ කතාව පටන් ගන්නේ අයිරිස් කියන අම්මා, දවසක් උදේම නැගිටලා, නින්දේ උන්න තමන්ගේ ස්වාමිපුරුෂයාටත් හොරෙන්ම  කැලිෆෝනියාවල උද්‍යානයකට යන දර්ශනයකින්. ඒත් එක්කම රතු පාට කුඩා සෙල්ලම බෝට්ටුවකුත් පෙන්නනවා. ඒ ඇගේ දරුවා ගැන මතකයක්.

අයිරිෂ් තමන්ගේ මෝටර් රියෙන් මේ විදියට යන අතරේ ඇයට සිහිවෙනවා ඔවුන්ගේ කුඩා පුතණුවන් වුන මැටෝව. පවුලේ තිදෙනා විසින් ගියපු චාරිකාවකදී   මැටෝ මිය ගිහින් බව ඒ අතරේදි අනාවරණය කෙරෙනවා. චිත්‍රපටය තුළ මුල් විනාඩි කිහිපයම ගලාගෙන යන්නේ, තමන්ගේ  වැරද්දක් නිසා තමන්ට අහිමි වුන දරුවෙක්ගේ අම්මා කෙනෙක් විඳින වේදනාව කිව්වොත් වඩා නිවැරදියි.

මැටෝ ගැන  හිත හිතා ඇවිදගෙන යන අයිරිස්  අවසානයේදී කඳු මුදුනකින් පැනලා ජීවිතය නැති කරගන්න උත්සාහයක් වෙනුවෙන් සූදාන්ම් වෙනවා. එහිදි ඇයට සිතෙන්නේම ඇගේ දරුවාගේ අහිමිවීම පිළිබදවම විතරයි. ඔය කඳු මුදුනට වෙලා මැටෝ ගැන කල්පනා කරමින් ඉන්න අතරේ තමයි රිචඩ් කියන අනෙක් චරිතය  එතනට ඇවිදගෙන එන්නේ.

එතනදි රිචඩ් එක පාරටම වටහා ගන්නවා අයිරිස් සියදිවි නසාගන්න සූදානමින් තමයි ඉන්නේ කියලා. රිචඩ් අයව නවත්තන්නට උත්සාහ කරන්නේ ඔහුගේම ජීවිතයේ සිදු වෙලා  තිබුණු ඛේදවාචකයක් පිළිබඳව වන කතාවක් කියලා. ඔහු ඒ කතාව ඉතා සංවේදීව කියනවා. කොහොමහරි,  රිචර්ඩ්ගේ  කතාව අහගෙන හිටියට පස්සේ අයරිස් තමන්ගේ අදහස වෙනස් කරගන්නවා.  ඊට පස්සේ රිචඩ් කිසිම දෙයක් කියන්නේ නැතුව ආයෙමත් කැලෑව මැදින් කාර් එක පාක් කරලා තිබුණු තැනට ඇවිදගෙන යනවා. ටික දුරක් ගිහින් හැරලා බලනකොට ඔහු දකිනවා, අයරිනුත් තමන්ගේ පසු පසින් එන බව.  ඊට පස්සේ දෙන්නාම තම තම තමන්ගේ මෝටර් රථවලට නැගලා දෙබස් වලට යන්න තමයි සූදානමින් ඉන්නේ. ඒත් එක පාරටම රිචඩ් අයිරිස්ට හානියක් කරන්නට උත්සාහ කරනවා. ඇය වෙතට යම් දෙයක් එන්නත් කරන්න සූදානම් වෙනවා.

අයිරිස් වහාම ඔහුගෙන් මිදෙන්නට උත්සාහ කරත්, ඇගේ දෑත් ගැටගහලා, වලලුකර ළඟින් දෙපා ගැටට ගහලා ඔහුගේ කාර් රථය පිටුපසට ඇයව දාගන්නවා. ඒ වගේම එය අතරේ ඔහු ඇයට අයව අප්‍රාණික වෙන බෙහෙතකුත් එන්නතකුත් එන්නත් කරනවා. මෝටර් රථය ටික දුරක් යනකොට අයිරිස් වටහා ගන්නවා තමාගේ පාලනය තමාට නැති වෙලා යන බව. ඒත් ඇය ජීවත් වෙන්න තියෙන උත්සාහය අතාරින්නේ නැහැ. ඇය අපහසුවෙන් ඇගේ දෑත් මුදාගෙන රිචඩ්ට පහර දෙන්න උත්සාහ කරනවා.  හිතපු නැති විදියට අයිරිස් තමන්ට පහර දෙන්න පටන් ගත්තත් රිචඩ්  කලබල වෙන්නෙ නැහැ. ඔහු ඉතාම උපක්‍රමශීලීව ඇයව යටත් කරගන්න උත්සාහ කරනවා.

නමුත් ඇය ඔහුගෙන් මිදිලා කැලෑව තුළටම දුවනවා. ඒ වගේම  රිචඩ් ඇයව හඹා යෑම නැවතෙන්නෙත් නැහැ. කැලෑවේදි ඇය  සිහිය නැති වෙලා ඉන්නකොට, අයිරිස්ව දකින බිල් කියලා  කෙනෙක් ඇයව තමන්ගේ කැබින් එකට ගෙනිහිල්ලා ප්‍රතිකාර කරනවා. ඒ අතරේදි රිචඩ්  බොරු කතාවකුත් කියාගෙන මේ කැබින් එකට එනවා.   රිචර්ඩ් ගේ හැසිරීම සැක සහිත බව වටහා ගන්න බිල් වහාම හදිසි ඇමතුම් අංශයට කතා කරනවා. එතනදී රිචර්ඩ් බිල්ව මරලා දාලා, කැබින් එකට ගිනි තියනවා.

අයිරිස් ඉන්නේ අප්‍රාණිකව නිසා ඇයට කිසිවක් කරගන්න ලැබෙන්නේ නැහැ. ඒත් රිචඩ් කොහොම හරි අයිරිස්ව එතනින් ගලවාගෙන තමන්ගේ ග්‍රහණයට ගන්නවා. ඊට පස්සේ බිල්ගේ ට්‍රක් එකම හොරකම් කරගන්න රිචඩ් අයිර්ස්වත් නංවාගෙන ආයෙම පිටත් වෙනවා. අයිරිස් ඉන්නේ තවම අප්‍රාණිකව.

යන අතරමඟදී ඔවුන් පොලිස් නිළධාරියෙකුගේ අවධානයට නතුවෙනවා. රිචඩ් එතැනින් ගැලවෙන්නේ ඒ පොලිස් නිළධාරියාවත් අමානුෂික විදියට ඝාතනය කරලා.

ඊට පස්සේ වෙන්නේ  මොකද්ද කියලා දැනගන්න නම්, අනිවාර්යයෙන්ම ඔබට  Don’t move නරඹන්නම වෙනවා.

නෙෆ්ට්ලික්ස් භාවිතයෙන් බොහෝම පැහැදිලි ඉංග්‍රීසි උපසිරැසිත් එක්කම ඔබට මේ චිත්‍රපටය නරඹන්න පුලුවන්

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles