මිනීමැරුම කලේ පිටසක්වල ජීවින්ද?

අද අපි අරගෙන එන මේ මිනීමැරුමක ගැන කතාව ඇහෙන්නෙත් වැඩි ඈතකින් නෙවෙයි ඉන්දියාවෙ අරුනාචල් කියන ප්‍රදේශයෙන්. ඒ 2024 මාර්තු 28 වෙනිදා කේරලයෙ අරුනාචල් කියන ප්‍රදේශයේ ඉටානගර් වල තමයි හරියටම කිව්වොත් මේ සිදුවීම වෙන්නෙේ නගරෙ මැද ඉඳල ටිකක් දුරින් තියෙනවා සිරෝ කියල කඳු පංතියක්. ඒ ලඟම තියෙනවා හොටෙල් එකක් ඒකෙ නම බ්ලූ පයින්. මේ සිදුවීම වෙලා තියෙන්නෙ මේ හොටෙල් එකේදි.

මාර්තු මාසෙ 28 වෙනිද දවල් දොලහට විතර මේ හොටෙල් එකට එනව ටිකක් මැදි වයසෙ කපල් එකක්. එයාලා නිවාඩුවකට ඇවිල්ල තියෙන්නෙ. ඉතින් හොටෙල් එකට එන්නෙ නිවාඩුව ගත කරන්න ඩබල් රූම් එකක් වෙන් කරගන්න. මේ වෙලාවෙදි හොටෙල් එකේ රිසෙප්ශන් එකේ ඉන්න අය දකිනවා මේ දෙන්න එක්ක තව තරුණ වයසෙ ගෑණු ළමයෙක් ඉන්නව. එයා කවුද කියල රිසෙප්ශන් එකෙන් ඇහුවම මේ කපල් එක උත්තර දෙනවා ඒ ඉන්නෙ එයාලගෙ දුව කියලා. ඒත් රිසෙප්ශන් එකේ ඉන්න කෙනාට මේක කිව්වම පොඩ්ඩක් සැක හිතෙනවා මොකද මේ ජෝඩුව සහ අර තරුණ ගැහැණු ළමයා අතර තියෙන්නෙ ඉතාම අඩු වයස් පරතරයක්. ඒ එයාලගෙ දරුවෙක් නම් එහෙම අඩු වයස් පරතරයක් තියෙන්නෙ බෑනෙ කියන එක රිසෙප්ශන් එකේ ඉන්න කෙනාට හිතෙනවා.

ඒ නිසාම රිසෙප්ශන් එකේ ඉන්න කෙනාට හිතෙනවා මේ කියන්නෙ බොරුවක් කියලා. කාමරයක් දෙද්දි හැඳුනුම්පතක් පරීක්ශා කරන්න ඕන නිසා රිසෙප්ශන් එකෙන් හඳුනුම්පත ඉල්ලද්දි මුලින් මේ කපල් එක හැඳුනුම්පත දෙන්නෙ නැතුව හොටෙල් එක බුක් කරගන්න හැදුවත් රිසෙප්ශන් එකෙන් ඒකට ඉඩක් දෙන්නෙ නැති නිසා කපල් එකේ උන්නු පිරිමි කෙනා එයාගෙ හැඳුනුම්පත දීලා කාමරය බුක් කරගන්නවා. මෙයාලා මේ හොටෙල් එකට චෙක් ඉන් වෙන්නෙ මාර්තු 28 වෙනිදා. එදා ඉඳන් දවස් හතරක් විතර යනකම් මේ තුන්දෙනා හරිම සාමාන්‍ය විදියට තමයි හැසිරෙන්නෙ. හොටෙල් එකෙන් එලියට යනවා, ආපහු හොටෙල් එකට එනවා වගේ කොහොමත් traveler කෙනෙක් හැසිරෙන විදියට හැසිරෙනවා.

මුලින් සැකයක් ඇතිඋනත් මෙයාලා සාමාන්‍ය විදියට හැසිරෙන නිසා ඒ සැකය ටිකෙන් ටික අඩුවෙනවා. සිදුවීම වෙන්නෙ අප්‍රේල් 1 වෙනිදා. එදා මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් කාමරෙන් එලියට එන්නෙ නෑ. උදේ වරුව දවල් වරුව ගෙවිලා හවස් වරුවටත් එද්දි මේ කාමරෙන් කිසිම හැලහොල්මනක් නැති තැන හොටෙල් එකේ කාර්‍ය මණ්ඩලයට මේ ගැන සැක හිතෙනවා. ඒ අනුව එයාලා දොරට තට්ටු කරලා බැලුවත් ඇතුලෙන් කිසිම සද්දයක් නෑ වගේම ඇතුලෙන් අගුලු දාලා තමයි තියෙන්නෙ. හොටෙල් එකේ කාර්‍ය මණ්ඩලයට තියෙන අමතර යතුරෙන් දොර ඇරල බැලුවයින් පස්සෙ තමයි මුලු ලෝකෙම කළබන ඒ දර්ශනය එයාලා දකින්නෙ.

ආර්‍යා, දේවි සහ දේවිගෙ හස්බන්ඩ්ට මොකද උනේ?

හොටෙල් එකේ මේ සිදුවීම වෙද්දි කේරලයේ බාලන් මාධවන් කියලා මනුස්සයෙන් එනවා තිරුවානන්තිපුරම් කියන පොලිසියට. බාලන් මේ වෙද්ඩි ඉන්න හරියට කලබල වෙලා. බාලන් කියන්නෙ Photographer කෙනෙක්. බාලන් ඇවිත් ඉන්නෙ එයාගෙ දුව අතුරුහ්දහන් වෙලා කියලා පැමිණිල්ලක් දාන්න. ඉන්දියාවෙ කොහොමත් පොඩි ළමයි අතුරුදහන් වෙන කේසස් ගොඩක් වැඩි හන්ද පොලිසිය බාලන්ගෙන් දුවගෙ විස්තර ඉල්ලනවා. එතනඩි තමයි පොලිසිය දැනගන්නෙ මේ අතුරුදහන් උනා කියන බාලන්ගෙ දුව පොඩි ළමයෙක් නෙවෙයි අවුරුදු 29 ක් වයස වෙන තරුණියක් කියලා. එයාගෙ නම ආර්‍යා.

ඒ වගේම එයා ගුරුවරියක්. සාමාන්‍යයෙන් මේ වගේ කේස් එකකදි සැක කරන්නෙ කෙල්ල කොල්ලෙක් එක්ක පැනලා ගිහින් කියලනෙ. ඒ විදියට පොලිසිය බාලන්ගෙන් අහනව එයාට සබඳතාවයක් තිබුන කෙනෙක් ඉන්නවද කියල. එතනදි බාලන් කියනව එහෙම දෙයක් වෙන්න විදියක් නෑ. මොකද එයාගෙ දුව විවාහ ගිවිසගෙන හිටියෙ. ලබන මාසෙ තමයි විවාහ වෙන්නෙ ඉඳියෙ කියල.

ඒත් පොලිසිය තමන්ගෙ සැකය අමතක කරන්නෙ නෑ. එයාලා හිතන්නෙ ආර්‍යා අකමැති කෙනෙක්ට එයාව බන්දල දෙන්න ගිය නිසා ආර්‍යා එයාගෙ පෙම්වතෙක් එක්ක පැනල යන්න ඇති කියල. ඒත් පැමිණිල්ල භාරගන්න පොලිසිය එයාලගෙ පරීක්ෂන පටන්ගන්නවා.

මුලින්ම මෙයාලා කරන්නෙ ආර්‍යාගෙ ෆෝන් එකට කෝල්ස් අරගෙන බලනවා. ඒත් ෆෝන් එක ඕෆ් කරලා තියෙන්නෙ. ඊලඟට එයාලා බලනවා ආර්‍යාගෙ හොඳම යාලුවා උන, ගුරුවරියක් වුන දේවිව සම්බන්ධ කරගෙන එයාගෙන් ආර්‍යාගෙ මේ අතුරුදහන් වීමට හේතුවක් දන්නවද කියල හොයලා බලන්න. ඒ විදියට දේවිගෙ ෆෝන් එකට කෝල් ගත්තට එයාගෙ ෆෝන් එක තියෙන්නෙත් ඕෆ් වෙලා. ඒක අහම්බයක් වෙන්න ඇති කියල හිතලා එයාල දේවිගෙ හස්බන්ඩ්ගෙ ෆෝන් එකට කෝල් එකක් ගත්තත් ඒ ෆෝන් එක තියෙන්නෙත් ඔෆ්ෆ් වෙලා. එතනදි තමයි පොලිසියට සැක හිතෙන්නෙ මේක අහම්බයක් වෙන්න බෑ කියලා.

මෙතනදි පොලිසියට තේරෙනව දේවි සහ දේවිගෙ හස්බන්ඩ් උන නවීන්ගෙ යම් සම්බන්ධයක් තියෙනවා කියලා ආර්‍යාගෙ අතුරුදහන් වීමට. දේවි සහ නවීන්ගෙ ෆෝන්ස් ඕෆ් නිසා එයාලගෙ ගෙවල් වලට ගිහින් දෙමව්පියන් එක්කා කතාකරන පොලිසිය දැනගන්නව මෙයාල නිවාඩුවකට බ්ලූ පයින් හොටෙල් එකේ නතරවෙන්න ගිහින් කියල. ඒ අනුව පොලිසිය ඊලඟට යන්නෙ බ්ලූ පයින් හොටෙල් එකට.

මොකද්ද වෙන්නෙ?

අප්‍රේල් පලවෙනිදා නවීන්ගෙ තාත්තට කෝල් එකක් එනවා පොලිසියෙන්. පොලිසිය කියන දේ අහන නවීන්ගෙ තාත්තට ඇත්තටම තමන්ට ඇහෙන දේ විශ්වාස කරන්නත් බැරිවෙනවා.

හොටෙල් එකට ඇවිත් හඳුනුම්පත දීලා කාමරයක් බුක් කරගන්න මේ තුන්දෙනාට ලැබිලා තියෙන කාමරේ වෙන්නෙ 305. දවස් කීපයක් යනකම් සාමාන්‍ය විදියට හැසිරෙන මේ තුන්දෙනා අප්‍රේල් පලවෙනිදා තමයිනෙ අසාමාන්‍ය හැසිරීමක් පෙන්වන්නෙ.

හෝටල් කාර්‍ය මණ්ඩලය අමතර යතුර භාවිතා කරල කාමරයට එන්නෙ ඊටපස්සෙ. කාමරේට එන පොලිසුය මුලින්ම දකින්නෙ ආර්‍යාගෙ මල සිරුර ඇඳ උඩ වැටිලා තියෙනවා. එයාගෙ අතේ කැපුම් තුවාල ගොඩක් තියෙනවා. ඒකෙන් සෑහෙන ලේ ගිහින් ඇඳ ඇතිරිලි තෙත් වෙලා වගේ තමයි තිබිලා තියෙන්නෙ.අතක උන කැපුම් තුවාලෙකින් මෙච්චර ලේ ගොඩක් යන්න බෑ කියන එක පොලිසියට තේරෙන නිසාම එයාලා තේරුම්ගන්නව මෙතන මොකක් හරි අමුතුම දෙයක් සිදුවෙලා තියෙනව කියන එක.

පොලිසිය ඊලඟට ශොක් වෙන්නෙ දේවිගෙ මල සිරුර ආර්‍යාගෙ ඇඳ යට වැටිලා තියෙනව දකිද්දි.දේවිගෙ අතෙත් ආර්‍යාගෙ අතෙත් කැපුම් තුවාල තියෙනව සහ එයා ඉන්නෙත් එයාගෙ ලේ වලින්ම පිරිලා තියෙන පොකුනක් වගේ මැද්දෙ.ඒ වගේම දේවිගෙ සහ ආර්‍යගෙ අතේ තියෙන කැපුම් තුවාලවල දිග පලල පවා හරියට මැනලා කලා වගේ එක සමානයි කියල දැක්කම පොලිසියට පුදුම හිතෙනවා. මේ දෙන්නගෙ මල සිරුරු දකින පොලිසිය මුලින්ම හිතන්නෙ නවීන් මේ දෙන්නව මරල පැනලා ගිහින් කියල උනත් නාන කාමරේට යද්දි ඒ වගේම කැපුම් තුවාල එක්ක මැරිල ලේ විලක් මැද වැටිල ඉන්න නවීන්ව දැක්කම තමන්ගෙ සැකය වැරදි බව පොලිසියට තේරුම් යනවා.

අධිකරන වෛද්‍ය පරීක්ෂන පටන් ගන්නෙ ඉන්පස්සෙ.

අධිකරණ වෛද්‍ය පරීක්ෂනයෙදි හමුවෙන්නෙ මොනවද?

පරීක්ෂනය අතරවාරෙ ටිකක් අමුතු අමුතු දේවල් මෙයාලට හමුවෙනවා. එකක් තමයි මේ තුන්දෙනාම එයාලගෙ කොන්ඩ වලින් ටිකක් කපලා එක තැනක තියලා තියෙනවා. ඒ වගේම ඉස්සර ගෝත්‍රික කාලෙ මිනිස්සෙ කරපු යාග වලට පාවිච්චි කරන පබලු මුතු නූල් වගේ දේවක් කීපයක් මේ කාමරේ ඇතුලෙ වැටිලා තියෙනවා.

මෙයාල උත්සහ කරලා තියෙන්නෙ Black Magic එකක් කරන්න කියලා එතනදි තමයි හිතෙන්නෙ. ඒ වහේම මේක මිනීමැරුමක් වෙන්න විදියක් නෑ කියන එකටත් සාක්ශි හම්බුවෙනව. ඒ වගේම පරීක්ෂනය අතරවාරෙ මේ තුන්දෙනා ලියලා අත්සන් කරපු ලියුමක් හම්බුවෙනවා. ඒකෙ තියෙනවා “අපි තුන්දෙනාටම කිසිම ප්‍රශ්නයක්, කරදරයක් ජීවිතේ නෑ. අපි තුන්දෙනාම අපේ කැමැත්තෙන් තමයි මේ තීරණේ ගත්තෙ. මේකට බාහිර කිසිම කෙනෙක්ගෙන් බලපෑමක් නෑ” කියලා. ඒ වගේම ලියුමෙ අවසානයට නවීන් එයාගෙ තාත්තගෙ දුරකතන අංකයත් ලියල තියෙනවා.

මේ ලියුම එක්ක තමයි පොලිසියට තේරෙන්නෙ මෙයාල සියදිවි නසාගෙන කියලා. ඒත් ලියුමෙ කියපු විදියට ජීවිතේ කිසි ප්‍රශ්නයක් නැති තුන්දෙනෙක් ජීවිතේ නැතිකරගත්තෙ ඇයි කියන ප්‍රශ්නෙ පොලිසියට ඉතුරු වෙනවා. ඒ වගේම කාමරෙන් හම්බුවෙච්ච එක එක අමුතු පබලු, නූල්, කෙස් වගේ ඒව ගැන ප්‍රශ්නෙකුත් පොලිසියට ඉතුරු වෙනවා.

මරණ පරීක්ෂන වාර්තාව

මේ අතරවාරෙ මේ තුන්දෙනාගෙම මරණ පරීක්ෂන වාර්තාව එනව. පොලිසිය සැක කල විදියටම මේ තුන්දෙනාගෙම මරණය වෙලා තියෙන්නෙ තියුණු ආයුධයකින් කල කැපුම් තුවාලවලින් ලේ වහනය වීම නිසා කියලා.

ඒත් මල සිරුරු දැක්කම පොලිසිය ශොක් වෙනවා අතකින් එච්චර ලේ ගොඩක් යන්න බෑනෙ කියන එක ගැන. ඒකට මේ මරණ පරීක්ෂණයෙන් උත්තර දීලා තියෙනව. සාමාන්‍යයෙන් තුවාලයක් උනාම ලේ කැටි ගැහෙනවනෙ. ඒත් ඒක එහෙම නොවෙන්න මෙයාලා ක්‍රමයක් භාවිතා කරලා තියෙනවා. ඒ විදියට සියදිවි නසාගන්න කලින් මෙයාල යම් බෙහෙතක් බීලා තියෙනවා ලේ කැටි ගැහෙන එක නතර කරන. ඒක නිසා තමයි අතේ උන කැපුම් තුවාලයෙන් මෙච්චර ලේ ගිහිල්ලා මෙයාල මිය ගිහින් තියෙන්නෙ. මේ විදියට මියයන්න හේතුව හොයාගත්තත් පොලිසියට ලොකුමා ප්‍රශ්නෙ තමයි ඇයි මෙහෙම මැරෙන්නෙ? ජීවිතේ කිසි ප්‍රශ්නයක් නැති කෙනෙක් ඇයි මෙහෙම සියදිවි නසාගන්නෙ කියලා.

ඒ ප්‍රශ්නයට උත්තර හොයාගන්න තමයි පොලිසිය නවීන්ගෙ ලැප්ටොප් එක පරීක්ෂා කරල බලන්නෙ. ආන්න ඒ පරීක්ෂනයෙන් පස්සෙ තමයි මේ කේස් එක මුලු ලෝකෙම පුදුම කරවන කේස් එකක් බවට පාත්වෙන්නෙ.

මොකද්ද නවීන්ගෙ ලැප්ටොප් එකේ තිබුණෙ?

නවීන් කාලයක් තිස්සෙ හොයල බලල තියෙනවා පිටසක්වල ජීවින් කියල කෙනෙක් ඉන්නවද සහ එයාලා එක්ක සම්බන්ධකමක් හදාගන්නෙ කොහොමද කියන එක ගැන. එයා ඒ ගැන සෑහෙන විස්තර එයාගෙ ලැප්ටොප් එකෙන් හොයල තියෙන බව පොලිසියට හොයාගන්න පුලුවන් වෙනවා. ලැප්ටොප් එකේ තිබුන දේවල් දිගටම පරීක්ෂා කරද්දි පොලිසියට හොයාගන්න පුලුවන් වෙනවා නවීන් මරණයෙන් මතු ජීවිතය ගැනත් හොයල තියෙනවා කියන එක. ආත්මයක් කියන්නෙ මොකද්ද, වෙන ග්‍රහලෝකෙකට යන්න ආත්මයකට පුලුවන්ද කියන එක නවීන් අවුරුදු දහයක් තිස්සෙ මේ ගැන හොයලා තියෙනවා.

නවීන් විතරක් නෙවෙයි ආර්‍යාත් මේ විදියෙ දේවල් මාසයක් විතර තිස්සෙ මේ ගැන හොයලා තියෙනවා කියන එක පොලිසිය එයාගෙ ෆෝන් එක බලද්දිත් දැනගෙන තියෙනව. ඒ වගේම ඩොන් බොස්කො කියන අන්වර්ත නාමයකින් ආව ඊමේල් පණිවිඩය කීපයකම මේ තුන්දෙනාටම උපදෙස් දීලා තියෙනව පිටසක්වල ජීවින් හමුවෙන්න නම් මෙන්න මේ වගේ දේවල් කීපයක් එයාලා කරන්න ඕන කියන එක ගැන.

මේ හෝඩුවාවන් වලින් තමයි පොලිසිය තේරුම්ගන්නෙ මෙයාලා හරිම විකාර අදහස් තිබුන තුන් දෙනෙක් සහ ඒ විකාර අදහස් තමයි මෙයාලා තුන්දෙනාගෙ ජීවිතේ මේ විදියෙ අවසානයකට අරගෙන ඇවිල්ලා තියෙන්නෙ කියන එක.

ඉතින් නවීන්ගෙන් දේවිට බෝවෙච්ච මේ විකාර අදහස් දේවි ආර්‍යා එක්කත් බෙදාගෙන තියෙනවා. ඒ අනුව තමයි ආර්‍යාත් මේ වගේ දේකට එකතුවෙලා තියෙන්නෙ. මරණයෙන් පස්සෙ පිටසක්වල ජීවින් හමුවෙන බලාපොරොත්තුවෙන් තමයි මේ අනුව මේ තුන්දෙනා සියදිවි නසාගෙන තියෙන්නෙ කියන එක.

ඉතින්,

මුලු ලෝකයම පුදුම කරවලා, අප්‍රේල් පලවෙනිදා එහෙම නැත්තම් මෝඩයගෙ දවසෙම මේ විදියට මෝඩ අදහසක් මුල් කරගෙන තමන්ගෙ වටින ජීවිතය නැති කරගත්ත නවීන්, දේවි සහ ආර්‍යාට පිටසක්වල ජීවින් හමුවෙන්න ඇති කියලා ඔයාල හිතනවද?

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles