නීරෝගි, සුන්දර කෙස් කළඹක් කියන්නේ අපේ පෞර්ෂත්වය පවා ඔප් නංවාගන්න බලපාන කාරණාවක්.
” එයාගේ කොණ්ඩේ මොණර පිලක් වගේ..”
කට වචනේට වුනත්, අපිට එහෙම කියන්න හිතෙන කොණ්ඩ එදිනෙදා වැඩ අතරේදි අපි දකිනවා. ඒක එහෙම වුනත්, තවම ඔබේ කොණ්ඩය සුන්දරව නඩත්තු කරගන්න එක ඔබට කරගන්න බැරි වෙලා නම්, අද මේ ලිපිය ඔබ වෙනුවෙන්.
හිසකෙස් සත්කාර වෙනුවෙන්, දවසට යම් වේලාවක් වැය කිරීම වැදගත් බව මුලින්ම අවධාරනය කරගෙන එහෙනම් මේ ලිපිය කියවමු.
ඔබ දන්නවාද දවසකට අපේ හිසකෙස් මිලිමීටර් තුනක් පහක් වගේ ප්‍රමාණයක් වර්ධනය වෙන බව. ? එහෙම බැලුවම අවුරුද්දකට අඟල් හයකින් විතර අපේ හිස කෙස් දික් වෙනවා. හැබැයි “මේ කියන විදියටම කොණ්ඩේ වැවුනානම්, මේ වෙනකොට සෑහෙන්න දිග කොණ්ඩයක් තියෙන්න ඕනි” කියලා ඔබට හිතෙනවා ඇති. ඇත්තටම සාමාන්‍ය තත්වය මෙහෙම වුනාට, විවිධ සාධක වල බලපෑමෙන් එක් එක් පුද්ගලයාගේ හිස කෙස් දිගු වීමේ වේගය වෙනස් වෙනවා. ඒ වගේම හිස කේ කරන සත්කාර අනුව කොණ්ඩය නීරෝගීව පැවතීමේ ප්‍රමාණයත් වෙනස් වෙනවා.
තමන් හිස කෙස් වෙනුවෙන් වැය කරන කාලය සහ ඇතැම් වෙලාවට ඒ වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණයත් සුන්දර හිසකෙස් කළඹක් නඩත්තු කරගනන් වැදගත්.
හිසකෙස් වර්ධනය වෙනුවෙන් ප්‍රෝටීන, යකඩ, සින්ක් සහ කැල්සියම් අඩංගු ආහාර ගැනීම
හිසකෙස් වල වර්ධනය වෙනුවෙන් අභ්‍යන්තර පෝෂක ලබාදීම ඉතාම වැදගත් කාරණාවක්. මෙතනදී ඔබේ දෛනික ආහාර
හිස කෙස් යටින් කෙටි කිරීම
අපි දන්නවා ටික කාලයක් යනකොට අපේ හිසකෙස් යටින් පැලෙන්න ගන්නවා. සමහර විට ඔබ දැඩි හිරු රැස් වලට නිරාවරණය වෙන කෙනෙක් නම් මේ විදියට සිදුවීමේ අවධානම වැඩියි. අගින් හිසකෙස් පැලෙන එක නොතකා හිටියොත් වෙන්නේ, හිස කෙස් දිගින් දිගටම උඩටම පැලීගෙන යන එක. ඒ නිසා අගින් හිසකෙස් පැලිලා තියෙන බවක් දැක්කොත් හිසකේ යටින් කෙටි කිරීම වැදගත්. හැබැයි එහෙමයි කියලා හිතුමතේ, හැම මාසෙකම කොන්ඩේ කෙටි කරන්න අවශ්‍යත් නැහැ.
තෙල් සත්කාරයන් සිදු කිරීම
හිස් කබලට තෙල් සත්කාරයන් සිදු කිරීමත් ඉතාම වැදගත්. මේ සඳහා පිරිසිදු පොල් තෙල් , තැඹිලි තෙල් වගේ දේවල් යොදා ගන්න පුලුවන්. භාවිතා කරන තෙල් රත් කරලා මද උණුසුමකින් භාවිතා කරන්න පුලුවන් නම් මේ සත්කාරයේ ප්‍රයෝජන තවත් වැඩිපුර ලබාගන්න ඔබට පුලුවන්
දිනපතා රාත්‍රියට හිස්කබල සම්බාහනය කිරීම
දවසකට විනාඩි පහක්වත් වැය කරලා හිස්කබලට මෘදු සම්බාහනයක් කරන එක වැදගත්. රාත්‍රී කාලයේ හිස්කබල සම්බාහනය කරනවා නම් තෙල් වර්ගයක් යෙදීම අපහසු වුණත්, ඔබ සම්බාහනය කිරීම නොකඩවා කිරීම තුලින් ඔබට දිගු සහ ශක්තිමත් හිසකෙස් කළඹක් ලබා ගන්න පුලුවන්. මාසයක් වගේ යනකොට ඔබට මේ විදියට සම්බාහනය කිරීම නිසා ඔබේ හිසකෙස් වලට වෙනසක් දැනෙනවා. ඒ වගේම අත් හරින්නේ නැතුව මාස හතරක් විතර මේ විදියට සම්බාහනය කලොත් ඔබට නීරෝගී හිසකෙස් කළඹක් ගැන සෑහෙන්න විශ්වාසයක් ඇති කරගන්න පුලුවන්.
ශැම්පූ සහ කන්ඩිශනර් භාවිතයේදී සැලකිලිමත් වීම
ඔබ දන්නවා ශැම්පූ සහ කන්ඩිශනර් භාවිතා කිරීම ගැන විවිධ මත තියෙනවා. කොහොම වුනත් හිස කේ පිරිසිදු කරගන්න ශැම්පූ වර්ගයක් භාවිතා කිරීම ඉතාම වැදගත්. මෙතනදී ඔබ සැළකිලිමත් වෙන්න ඕනි කාරණා කිහිපයක් තියෙනවා. එක කාරණාවක් තමයි අධික සැර සහිත, නිශ්පාදන දත්ත කිසිවක් නැති ශැම්පූ සහ කන්ඩිශනර් භාවිතා කිරීමෙන් වැලකී ඉන්න එක. ඒ වගේම අනෙක් වැදගත් කාරණාව තමයි ඔබේ හිසකෙස් වල ස්වභාවය අනුව ශැම්පූ වර්ගයක් තෝරා ගැනීම. දිනපතා ශැම්පූ කන්ඩිශන්ර් භාවිතා කිරීම ගැනත් ඔබ අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතුමයි.
දිනකට දෙවතාවක්වත් හිසකෙස් පීරන්න
මේ කියන්නේ යන්තම් හිසකෙස් පීරා ගැනීමක් ගැන නෙවෙයි. සන්සුන්ව කොටසින් කොටස වෙන් කරගෙන හිස් කබලට නොරිදෙන විදියට හිසකෙස් පීරා ගැනීමක් ගැන. මේ විදියට හිසකෙස් පීරීම තුළින් ගැට ඇතිවීම අවම වෙනවා. ඒ වගේම හිස් කබලේ රුධිර සංසරණයට යම් සහයෝගයකුත් ලැබෙනවා. ඒ තුල හිසකෙස් වර්ධනය වීම වගේම ශක්තිමත් වීමත් දකින්න පුලුවන්.
හිසකෙස් වියලන භාවිතය හැකි තරම් අවම කිරීම
අපි පුරුදු වෙලා ඉන්නවා අපේ වැඩ පහසු කරගන්න. නාලා ඉවර වුන ගමන් ඩ්‍රයර් එක භාවිතා කරලා හිසකේ වියලාගන්නවා කියන්නේ, එහෙම එක වැඩ පහසු කරගන්න සහ ඉක්මනින් ඊළඟ කාර්ය වෙනුවෙන් යොමු වෙන්න වේලාව හදාගන්න අපි කරන දෙයක්. ඒත් මේ ක්‍රියාවලිය නිසා හිසකෙස් වලට වෙන හානිය ඉතාම විශාලයි. විශේෂයෙන්ම හිසකෙස් අධික තාපයකට ලක්වීම තුළ හිසකෙස් වියලීමට සහ කැඩී යාමටත් නැඹුරු වෙනවා.
මානසික ආතතිය අවම කරගැනීම සහ පැය අටකවත් නින්දක් ලබා ගැනීම.
ඔබ ආතතියෙන් ඉන්න කාලයක් ගැන කල්පනා කරලා බලන්න. අනිවාර්යෙන්ම ඔබේ හිසකෙස් අසාමාන්‍ය විදියට ගැලවිලා ගිය බව ඔබට මතක් වේවි. ඒ වගේම විභාගයකට පාඩම් කරන්න නිදි නැතිව වෙහෙසුන කාලයක් ගැන කල්පනා කරන්න. එහෙම කාලෙකත් හිසකෙස් ගැලවීම වේගවත් බව ඔබට සිහිවේවි. ඒ නිසා මතක තියාගන්න හැකි තරම් ආතති කලමනාකරණය කරගෙන සුව නින්දක් ලබා ගැනීම වැදගත් බව.
ස්වභාවික සත්කාර සිදු කිරිම
මේ ගැන ඕනෑ තරම් තොරතුරු ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් විමසලා දැනගන්න පුලුවන්. හිතුමතේ හැමදේම හිස්කෙස් වලට යොදන එක නම් එතරම් හොඳ පුරුද්දක් නෙවෙයි. ඒත් යම් නිර්දේශයක් එක්කල ඔබට හැකියාව තියෙනවා, කෝමාරිකා, රතුළූණු, කරපිංචා වගේ ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරලා ඔබේ හිසකෙස් වඩා නීරොගීව නඩත්තු කරගන්න.
කෘතිම ක්‍රම වලින් හිස කේ සකස් කිරීමෙන් පසු අවශ්‍ය නඩත්තුව ලබා දීම
මේ කියන්නේ, හෙයාර් ස්ට්‍රේට්, රිබොන්ඩින් වගේ දේවල් කිරීම ගැන. අධික රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිතා කිරීම මෙතැනදී සිදු වෙනවා. එහෙම කරලා හිසකෙස් වල බාහිර සංයුතිය වෙනස් කරනවා. එහෙම කලාට පස්සේ අදාල පසු සත්කාර නිවැරදිව කරන එක ඉතාම වැදගත්.
ReplyForwardAdd reaction |