නිවසේදීම Sugar wax එකක්

අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ නිවසේදීම වැක්ස් එකක් සකස් කර ගන්න ආකාරයයි. සාමාන්‍යයෙන් ඔබ වැක්ස් කිරීම සඳහා රූපලාවන්‍යාගාරයකට යා යුතු වුණත් ඔබට පහසුවෙන්ම මේ කාර්ය නිවසේදීම කර ගැනීමේ හැකියාව තියෙනවා.Sugar wax කියන්නේ ඔබට නිවසේ දී ඉතාම පහසුවෙන් අමුද්‍රව්‍ය තුනකින් සකස් කරගන්න පුළුවන් වැක්ස් වර්ගයක්. ඒ වගේම එය ඉතා ආරක්ෂිතව සහ පහසු ලෙස ඔබේ සම මත ඇති අනවශ්‍ය රෝම ඉවත් කරනවා. ඒ ගැනයි අද අපි ඔබට කියන්නේ.

Sugar wax

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

වතුර 60ml

ලෙමන් යුෂ 60 ml

සීනි 200 g

සකස් කරගන්නෙ මෙහෙමයි

තරමක් විශාල භාජනයකට සියලුම අමුද්‍රව්‍ය එකතු කර ගෙන හොඳින් මිශ්‍ර කර ගන්න

ඉන් පසුව එම භාජනය ලිප මත තබා මද ගින්නේ විනාඩි පහත් හතක් අතර කාලයක් තිබෙන්නට හරින්න ( මෙය උතුරා යාමට හෝ කර නොවීමට වග බලා ගන්න )

මිශ්‍රණය ලිපෙන් ඉවත් කර පිරිසිදු භාජනයකට දමන්න.

මෙය ඔබේ සම මතට භාවිතා කිරීමට පෙර සිසිල් සහ ඝණ වීමට හරින්න

එය භාවිතා කරන විට තරමක් උණුසුම් විය යුතු නමුත් කිසිදු අපහසුතාවයකින් තොරව සම මත පැතිරවීමට තරම් සිසිල් විය යුතුය.

අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීම සඳහා තවදුරටත් ඔබට රූපලාවන්‍යාගාරයක සහාය පැතීමට අවශ්‍ය වන්නේ නැහැ.ඉහත සඳහන් කළ ආකාරයට ඉතාම පහසුවෙන් ඔබට එය නිවසේදීම සිදුකර ගත හැකියි.

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles