මයෝනීස් කියන්නෙ කෙටි කෑම වර්ග ගොඩක් රසවිඳින්න පාවිච්චි කරන හරිම ජනප්‍රිය සෝස් වර්ග වලින් එකක්නෙ.
හැබැයි ඕන වෙන සමහර වෙලාවට ගෙදර මයෝනීස් නැත්නම්, වෙළඳපොලේ මිලදී ගන්න තියෙන මයෝනීස් වර්ග ගන්න කුමක් හෝ හේතුවක් නිසා ඔබ අකමැති නම් ඔන්න ඔබට හොඳම විසඳුමක් smart lady අපි අද අරන් ආව.
එන්නකෝ. අපි අද කියල දෙන්න යන්නෙ හරිම ඉක්මණින් පහසුවෙන් ගෙදරදිම මයෝනීස් හදාගන්නෙ කොහොමද කියලයි.
එහෙනම්, හැමදාම වගේ පුරුදු විදිහටම මුලින්ම අවශ්‍ය කළමණා සූදානම් කරගමු.
අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර 01
තෙල් කෝප්ප 01 ¼ ක් ( සූරියකාන්ත තෙල් හෝ එළවළු තෙල් නම් වඩා හොඳයි)
ලෙමන් යුෂ තේ හැඳි 01 ක්
සුදු විනාකිරි තේ හැඳි 02 ක්
ලුණු කුඩු තේ හැඳි ½ ක්
සාදාගන්නා ආකාරය
මුලින්ම, බ්ලෙන්ඩරයේ කෝප්පයට බිත්තරය කඩා දමා තත්පර 20 ක් පමණ හොඳින් කලවම් කරගන්න.
(මේ සඳහා හෑන්ඩ් මික්ස්චර් එක වුනත් භාවිතා කරන්න පුළුවන්)
ඊළඟට බිත්තර මිශ්‍රණයටම විනාකිරි, ලුණු කුඩු සහ විනාකිරි එකතු කරල නැවත තත්පර 20 ක් කලින් වගේම හොඳින් කලවම් කරගන්න ඕන.
දැන් බ්ලෙන්ඩරයේ කෝප්පයේ වටේ ගෑවිලා තියෙන බිත්තර ටිකත් කෝප්පයේ මැදට එකතු කරගෙන තෙල් වලින් ¼ බැගින් විටින් විට දමමින් ඝන සහ තෙල් සියල්ල හොඳින් මිශ්‍රවූ බිත්තර මිශ්‍රණයක් ලැබෙනකම් තරමක් වේගයෙන් බීට් කරල ඉතුරු තෙල් ටිකත් එකතු කරල තරමක් හෙමින් නැවත බ්ලෙන්ඩර් කරගන්න ඕන.
මේ විදිහට මයෝනීස් වල ස්වාභාවයට හොඳින් මිශ්‍රවෙනකම් බ්ලෙන්ඩර් කරාට පස්සෙ මයෝනීස් හදාගෙන ඉවරයි.
තෙල් ටික බිත්තර මිශ්‍රණයේ හොඳින් මිශ්‍රවී ඇති බව දැකගන්න ලැබෙන මුල්ම මොහොතේ ඉදන් අමතර තත්පර 10 ක් බීට් කරන එක වඩාත් ප්‍රතිඵලදායකයි කියලත් අපි ඔබට මතක් කරන්න කැමතියි.
මේ මයෝනීස් වියළි, පිරිසිදු භාජනයක දාල හොඳින් වහල ශීතකරණයේ සතියක් පමණ ගබඩා කරල තියාගන්නත් ඔබට පුළුවන්.
ඉතිං මේ විදිහට මයෝනීස් හදල බලමු නේද?
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |