අපි කෑම කන විදිය, ඒක උණුසුම්ද, ශීතද කියන එක අපේ ශරීරයට ලොකුවටම බලපෑම් කරන නිසා ඕනම කෑමක් කටට දාගන්න කලින් ඒ කෑමෙන් අපිට වෙන්නෙ මොකද්ද කියලා දැනගන්න එක හරිම වැදගත් වෙනවා. සීත කාලෙට උණුසුම් දේවල් බොන්නත්, රස්නෙ කාලෙට සීතල දේවල් කන්න බොන්නත් අපිට හේතු තියෙනව වගේම ඒ ඒ කාලවලදි ඒ ඒකෑම බීම බලපෑම් කරන්නෙ එක එක විදියට.
අන්න ඒ නිසාමයි අපි අද ඔයාලා එක්ක කතාකරන්න යන්නෙ කොහොමද උණුසුම් සහ ශීත කෑමවල විද්‍යාත්මක පැතිකඩ ගැන. මෙතනදි වැඩිපුරම අපි කතාකරන්නෙ සමාජයේ තියෙන ශීත සහ උණුසුම් කෑම ගැන තියෙන මතවල විද්‍යාත්මක පදනම මොකද්ද කියලා.
මේ උශ්න කෑම සහ සීත කෑම ගැන සමාජයේ මිනිස්සුන්ගෙ හිත්වල තියෙන විවිධාකාර මතයන් පැවත එන්නෙ ඉතාම දීර්ඝ කාලයක ඉඳලා. උශ්න කෑම කෑවම ශරීරයේ උණුසුම එහෙම නැත්තම් රක්තවාතය වැඩිවෙනව කියල මිනිස්සු කියනවා.මෙහිදී මේ නම යෙදීමට හේතුව වෙන්නෙ ශරිරයේ අක්මාවල වගේ උණුසුමක් දැනීම එහෙමත් නැත්තම් රතු පැහැති වීම වගේ කාරණා නිසා.
ඒවගේම ශීත කාණ්ඩයේ ආහාර වැඩිපුර ගත්තම සෙම එහෙම නැත්තම් ශ්ලේශ්මල ස්‍රාවය වීම වගේ දේවල් වැඩිවෙලා පීනස, කිඹුහුම් යාම, කැස්ස වගේ ශ්වසන පද්ධතිය සම්බන්ධ රෝග තත්ත්වයන් ඇතිවෙනවා.
මේ රෝග තත්ත්වයන් මේ කෑම එක්ක ලොකුවටම බැඳිලා තියෙන නිසා මේ මිනිස්සුන්ගෙ මතවාද බොහොමයක් කාලයක් තිස්සෙ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒවගේම ඒක නිකන්ම නිකන් මතවාදයක් වෙන්නෙත් නැහැ. මේකට එක්තරා දුරක විද්‍යාත්මක පදනමක්, හේතුවක් තියෙනවා.
මේ සඳහා වැදගත් වෙන රසායනිකය අපි හිස්ටමින් කියලා හඳුන්වනවා. මේ හිස්ටමින් කියන රසායනිකය අපේ ශරීරයේ බොහෝ තැන්වල බොහෝ පටක වල ගබඩා වෙලා තියෙනවා. ඒ වගේම අපි අරගන්න ආහාර වල හිස්ටිඩීන් කියන රසායනිකය අඩංගු වෙනවා. මේ හිස්ටඩීන් කියන රසානිකය අපේ ශරීරය ඇතුලෙදිි හිස්ටමීන් බවට පත්වෙන්න පුලුවන්. ඒ වගේම අපි අරගන්න සමහර ආහාරවලින් අපේ ශරීරයේ හිස්ටමින්න් රසායනිකය නිකුත් වීමේ වේගය වැඩිකරන්න පුලුවන්.
මේ හිස්ටමින් වලින් ශරීරයේ රුධිර නාලිකා විස්තාරණය කරනවා. මේකෙන් රුධිර සංසරණය වේගවත් වීම නිසා ඒ ස්ථානවල යම් උණුසුමක් ඇතිවෙන්න පුලුවන්.රුධිර සංසරණය වැඩිවීමක් නිසා ඒ පටක රතු පැහැයක් අරගන්නත් ඉඩක් තියෙනවා. මේ සිදුවීම තමයි අපි උශ්නය, රක්තය හෝ රක්තවාතය විදියට හඳුන්වන්නෙ.
ශීත කෑම, බොහොමයක් වෙලාවට ශීත කරන ලද කෑම ගත්තම පීනස, හෙම්බිරිස්සාව, සෙම වගේ රෝග ලක්ෂන මතුවෙන්න පුලුවන්. අපේ ශ්වසන පද්ධතියේ තියෙන ශ්ලේශ්මල පටලවල තියෙන Mast Cells වලින් ස්‍රාවය කරන හිස්ටමින් මේ වගේ ශීත කෑම එහෙම නැතිනම් උශ්ණත්වය අඩු ආහාර වලට සංවේදී. අපි ශීත ආහාරයක් ගත්තම, එහෙම නැත්තම් ශිත කල කැමක් වගේ දෙයක් මේ Mast Cells වල ගැටුනම මේ හිස්ටමින් ශ්‍රාවය වෙනවා.
මේ වගේ අවස්තාවකදි හිස්ටමින් මේකට රියැක්ට් කරන විදිය එහෙම නැත්තන් ඇතිවෙන ප්‍රතික්‍රියාව පොඩ්ඩක් වෙනස්. මෙතනදි වෙන්නෙ අපේ ශ්වසන පද්ධතියේ ශ්ලේශ්මල පටලවල තියෙන ශ්ලේශ්මල ගබඩා කරලා තියෙන සෛල වල ශ්ලේශ්මල ස්‍රාවය කිරීම වැඩිකරනවා. අපි සෙම කියලා හඳුන්වන්නෙ මෙන්න මේ තත්ත්වය.
මේක හැමෝටම එකම ආකාරයෙන් දකින්න වෙන්නෙ නෑ. ශීත හෝ උණුසුම් ආහාර ගත්තම අපිට මේ වගේ රෝග තත්ත්වයන් මතුවෙනවා කියල දන්නවනම් අපි කරන්න ඕන මේ වගේ ආහාර ගැනීම අවම කරන එක. මේක ඇලර්ජි එකක් එහෙම නැත්තම් කෙනෙක්ට අසාත්මිකතාවයක් විදියට හඳුන්වන්නත් පුලුවන් සමහර අයට.
හැබයි මේක සම්පූර්ණ ඇලර්ජි එකක් එහෙම නැත්තම් අසාත්මිකතාවයක් විදියට හඳුන්වන්න බැහැ. ඒවගේම සමහර රෝග ඒ කියන්නෙ ඇදුම, පීනස වගේ තත්ත්වයන් මේ ආහාර නිසා වැඩිවෙන්න ඉඩක් තියෙනවා.
ඒ නිසා තමන්ට ඇතිවෙන රෝග තත්ත්වයන් වඩා හොඳින් තේරුම් අරගෙන ඒ අනුව ආහාර පාන ගන්න එක recommend කරන්න පුලුවන්කමක් තියෙනවා.
ReplyForwardAdd reaction |