Sex කරද්දි ඔයාගේ නෝනත් මේ වගේ දේවල් කියනවද?

“මට බෑ, මට බෑ, මට බෑ කිව්වොත් බෑ” හැමදාම රෑට ඉතින් දෙන්න දෙපැත්ත හැරිලා නිදාගන්නෙ ඕන්න ඔය කතාව මධූශාගෙ කටින් පිට උනයින් පස්සෙ.මධූශායි ප්‍රශානුයි කසාද බැන්දෙ අවුරුදු දෙකක් ඩේට් කරලා. ඩේට් කරපු කාලෙ ඉතින් ගියෙ නැති තැනක් නෑ. ඔෆිස් ඉවර වෙලා ඉතින් දෙන්නම ප්‍රශාන්ගෙ කාර් එකේ මරයින් ඩ්‍රයිව් එකේ තියෙන හෝටල් වලට ගිහින් කාලෙ ගෙව්ව ඒවයිත් අඩුවක් තිබ්බෙ නෑ. වයස අවුරුදු විසි පහත් පැනලා උන්නු ජෝඩුවක් ඉතින් එහෙම රූම් වලට යන එකේ වරදක් කවුරුවත් තියා ඒ දෙන්නවත් දැක්කා නෑ.

යාලුවෙච්ච කාලෙ දෙන්නට දෙන්නා බලාගෙන උන්නෙ හවස් වෙනකම්. දෙන්න හම්බුවෙනකම්, දවසෙ වෙච්ච දේවල් ප්‍රශ්න කතාකරන අතරෙම කිස් එකකින් ආරම්භ වෙලා ආදරේ අනන්තය දිහාවටම යනකම්. බිත්ති හතරකින් වටවෙච්ච සීත කාමරේක සිනිදු ඇඳ ඇතිරිලි උඩ තුරුල් වෙලා පැය ගණන් ගෙවනකම්. ඔය හැඟීම්, බඳින්න කලින් දෙන්නට දෙන්නා එක්ක සෙක්ස් කරන්න තිබුන උවමනාව කසාද බැන්දට පස්සෙත් ඒ විදියටම තියේවි කියල හිතුවට මොකෝ පැණි වරකෙටත් හෙණ ගහනවා කියන්න වගේ කසාද බැඳලා මාසයක් දෙකක් යන්න කලින්ම මධූශා සෙක්ස් කරන්න ඕන කියන එක අමතකම කරලා දැම්මා.

ඉස්සර වගේ ප්‍රශාන් කිස් කරන්න හදද්දි, ඇඳේ හාන්සිවෙලා ඉන්න තමන්ව එයාගෙ පැත්තට හරවගන්න හදද්දි මධූශාගෙ කටෙන් හැම තිස්සෙම පිටවෙච්ච වචනෙ උනේ මට බෑ, මට බෑ, මට බෑ කිව්වොත් බෑ! කියන එක.

“මොකද්ද මධූශා ඔයාට වෙලා තියෙන්නෙ? ඔයාට අමතකද අපි මැරි කරපු දෙන්නෙක් කියන එක?” කියල ප්‍රශාන් අහද්දි මධූශා කිව්ව දේ තමයි “මම දන්නෙ නෑ ප්‍රශාන්, මම දන්නවා සෙක්ස් කරන්න ඕන කියල. ඒ උනාට මට කිසිම උවමනාවක් නෑ”

“එහෙනම් අපි යාලුවෙලා ඉන්න කාලෙ ඔයා කොච්චර මට කතාකරලා තියෙනවද සෙක්ස් කරන්න?”

“ඔව් මං දන්නවා. මං හිතන්නෙ මට සෙක්ස් කරන්න තියෙන උවමනාව නැතිවෙලා ගිහින්”

“එහෙම සෙක්ස් කරන්න උවමනාව නැතිවෙනවද මධූශා?” කියල ප්‍රශාන් ඇහුවට ඇත්තටම ඒකට දෙන්න උත්තරයක් මධූශාට තිබ්බෙ නෑ.

අන්න ඒ ගැන තමයි අද මේ ලිපියෙන් අපි කතාකරන්න යන්නෙ. ඇත්තටම “ගෑණු කෙනෙක්ට කාලයක් යද්දි එහෙම සෙක්ස් කරන්න තියෙන උවමනාව නැති වෙන්න පුළුවන්ද?”

ඔයාගෙ බිරිඳට, පෙම්වතියට එහෙම නැත්තම් ඔයාගෙ female partner ට ඔයා එක්ක සෙක්ස් කරන්න තියෙන උවමනාව, උනන්දුව නැතිවෙලා නම් ඒකට හේතු බොහොමයක් බලපාන්න පුලුවන්. ඉතින් එහෙම දෙයක් උනාම ටක්ගාලා ඩොක්ටර් කෙනෙක්ට ලඟට ගිහිල්ලා ඒකට බෙහෙතක් ගන්න කලින් මෙහෙම දෙයක් වෙන්න තියෙන හේතුව මොකද්ද, ඒක මහන්සියද, depression ද, anxiety ද කියන එක ගැන දැනගන්න එයත් එක්ක කතාකරන එක ඉතාම වැදගත් වගේම ප්‍රථිපලදායක වෙනවා.

ඔයාලා දෙන්නගෙ සබඳතාවයේ, එහෙම නැත්තම් relationship එකේ ගැටලුකාරි තත්ත්වයක් නැත්තම්. ප්‍රෙශර්, දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ රෝගි තත්ත්වයක් නැත්තම්, ඒ වගේම කිසිම ආකාරයක මානසික ගැටලුවක් නැත්තම්, ඔසප් වීම නතර වෙන්න කලින් මෙහෙම තත්ත්වයක් ඇතිවෙන්න බලපාන ප්‍රධානම හේතුවක් තමයි අපේ මොලයේ ක්‍රියාකාරිත්වය සඳහා නිකුත්වෙන හෝමෝන වල imbalance එකක් තිබීම.

සාමාන්‍යයෙන් කාන්තාවකට lack of libido එහෙමත් නැත්තම් ලිංගිකව එකතුවෙන්න අපහසු වෙන්න බලපාන හේතු අතර මෙන්න මේ හේතු ඉහළින්ම තියෙනවා. උදාහරණයක් හැටියට කායික මානසික සහ සමාජීය  ලෙස අපිට ඒ වලට හේතු වන කාරණා ගැන තවදුරටත් හිතන්න පුළුවන්.

උදාහරණයක් හැටියට කායික හේතූන් හැටියට – දවස පුරාම දරුවන්ගේ සහ නිවසේ කටයුතු කරමින් මහන්සි වන කාන්තාවක් රාත්‍රියේදී සමහර විට වැඩිපුර කැමති වන්නේ ටිකක් විවේකීව කාලය ගත කරන්නයි. විවිධ රෝග අතරට ඇගේ සිදුවන්නා වූ හෝමෝන වෙනස් වීම් උදාහරණයක් හැටියට තයිරොක්සින් ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් සහ කෝටිසෝල් වැනි හෝමෝනද බලපානවා.

සමාජීය හේතු කාරණා අතරට දෙදෙනා අතර ඇතිවන බහින් බස් වීම් සහ විශ්වාසය පළුදුවීම් යනාදී කරුණු ගැන අපිට හිතන්න වෙනවා.

හොර්මෝන් වෙනස්වීම: ප්‍රසවය, මෙනෝපෝස් (menopause), හෝ වයස වෙනස්වීම් මගින් හොර්මෝන මට්ටම් අඩුවීම

මත්පැන් සහ මත්ද්‍රව්‍ය: මත්පැන්, හෙරොයින්, සීගරට් වැනි දේවල් භාවිතා කිරීම

 සෞඛ්‍ය ගැටළු: දියවැඩියාව, අධි රුධිර පීඩනය, තයිරොයිඩ් ගැටළු වැනි රෝග තත්ත්වයන්

මානසික තත්ත්වය: විවිධ නානාප්‍රකාර මානසික රෝග අතර විශාදය ( Depression ) , කාoසාව ( Anxiety) සහ නොයෙකුත් මානසික ගැටලු ද බලපානු ලබනවා

සබඳතා ගැටළු: ගැටළු ඇති සම්බන්ධයක් සහ එකිනෙකා ගැන විශ්වාසය අඩු වීම

ඉතින් හරියාකාරව මේ සෙක්ස් කිරීම, එහෙම නැතිනම් ලිංගික ක්‍රියාවලියේ යෙදෙන්න නම් මේ hormonal imbalance එක හදාගන්න එක ඉතාම වැදගත් වෙනවා. මොකද අපි මේක ශරීර දෙකක් අතරෙ සිදුවෙන ක්‍රියාවලියක් විදියට විතරක් දැක්කට මේක එහෙම සරලවම ගන්න පුලුවන් ක්‍රියාවලියක් නෙවෙයි. ලිංගිකව එකතුවීම කියන්නෙ ශාරීරිකව වගේම මානසිකවත් දෙදෙනෙක් එක්වන හරිම complex procedure එකක්.

ඒ වගේම ඔයාගෙ බිරිඳට, පෙම්වතියට මෙන්න මේ loss of libido එහෙම නැතිනම් sex drive එක නැතිවීම කියන්නෙත් හරිම complex problem එකක්. මේ වගේ දේකට වෛද්‍යවරයෙකු වෙත යොමු උනාම කතාබහ කරලා. History එක ගැන research කරලා ඒ වගේම hormonal check ups/test වලට යන එක පවා සිදුකරන්න ඉඩ තියෙනවා.

ඉතින් මේ test වලිනුත් කිසිමාකාරයක බලපෑමක් වෙලා නෑ කියල තේරෙනවනම් කාන්තාවකට ඔසප් වීම නතර වෙන්න කලින් sex drive එක අඩුවෙන්න, මේ වෙනුවෙන් බෙහෙත් වර්ග පවා නිර්දේශ කරලා තියෙනවා. මේ Lack of libido කියන තත්ත්වය වෙනුවෙන් Flibenserin කියලා බෙහෙතක් පවා FDA එකෙන් මේ වෙද්දිත් approve කරලා තිබුණට අවාසනාවකට ඒක ලංකාව ඇතුලෙ මිලදි ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා මෙවන් ගැටලුවකට ඔබ මුහුණ දි තිබේනම් කළයුතු හොඳම දේ වන්නේ වෛද්‍යවරයෙකු මුණ ගැසීම.

මේ බෙහෙත් වර්ග වලින් කාන්තාවන්ගේ ලිංගික බෙලහීනතාවය අවම කරන්න වගේම, අපේ ශරීරයේ තියෙන dopamine, norepinephrine වගේ neuro chemicals වල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන්නත් හේතු වෙනවා.

අවසාන වශයෙන් කියන්නට තියෙන්නෙ, ලිංගික ආශාව, හෝ එය අඩුවීම, ශාරීරික සහ මානසික සෞඛ්‍යයෙහි ප්‍රධාන කොටසක් ලෙස සලකන්න ඕන. එය දෙදෙනාගේ සම්බන්ධය, විශ්වාසය සහ ආදරය කියන කරුණු වලට විශාල වශයෙන් බලපාන බව අමතක කරන්න එපා.  එම ගැටලුවට මුහුණ දීලා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම, කුඩා, බරපතළ පියවරක් නොව, බොහෝ වේලාවට සම්බන්ධතාවයක් ශක්තිමත් කර ගැනීමට ලොකුම ලොකු උදව්වක් වෙන පියවරක් විදියට දකින්න උත්සහ කරන්න. ඒ වගේම මෙවන් අවස්තාවක වෙන සබඳතාවයකට යන එක, ඔයාගේ partner එක්ක රණ්ඩු සරුවල් වෙන එක මේ ප්‍රශ්නය විසඳගන්න උදව් වෙන්නෙ නැති බවත් අමතක කරන්න එපා.

තොරතුරු සැපයීම

වෛද්‍ය නාමල් විජේසිංහ

Related Articles

Don't Miss


Latest Articles