ස්වයං වින්දනය කොල්ලන්ට විතර ද?

පුංචි කාලෙ ඉඳන් ම “සෙක්ස්” (Sex) කියන වචනය ඇහෙනකොට ම අපි පොඩ්ඩක් කලබල වෙනවා. පොඩි ලැජ්ජාබාර ගතියක් දැනෙනවා. නෑසුණා වගේ ඉන්න හිතෙන්නත් පුලුවන්. ඇත්තට ම, සෙක්ස් කියන්නෙ කුණුහරපයක් ද? කතා නොකළ යුතු දෙයක් ද? හංගා කතා කළ ‍යුතු දෙයක් ද? 

අද ඉඳන් ඒ ගැන ගැඹුරින් –  දිගින් දිගට ම කතා කරමු. 

අපි සාමාන්‍ය වහරෙදි Sex කරනවා කියලා කියන්නේ ලිංගික ව හැසිරෙනවාට. ලිංගික තෘප්තිය ලබාගන්නවාට. අපිට ලිංගික තෘප්තිය තනියම ලබාගන්නත් , තව කෙනෙක් හෝ කිහිප දෙනෙක් එක්ක ලබා ගන්නත් පුලුවන් බව ඔබ දන්නවා. 

ලිංගික තෘප්තිය තනිව ලබා ගැනීම එහෙම නැත්නම් ස්වයං වින්දනය (Masturbation) කියන්නේ හරි ම සාමාන්‍ය, හිතකර ප්‍රතිඵල විනා අහිතකර ප්‍රතිඵල ඉතා ම අවම ලිංගික තෘප්තිය ලබා ගැනීමේ ක්‍රමවේදයක්. සාමාන්‍යයෙන් අවුරුදු 14න් පමණ පසු ළමුන් ස්වයං වින්දනයේ යෙදෙන බව පැවසෙනවා. ඒත් ගැහැණු ළමයි ස්වයං වින්දනය ගැන දක්වන්නේ ටිකක් පසුගාමී ස්වරූපයක්. සමාජයෙන් ගැහැණු ළමයි පිළිබඳ ව ගොඩනගා ඇති ප්‍රතිරූපය සහ නොදැනුවත්කම මෙයට බලපාන්නට ඇති බව අපිට අනුමාන කරන්නට පුලුවන්. 

ගැහැණු ළමුන්ට ස්වයං වින්දනය තහනම් ද?

ඒත්, විශේෂයෙන් ම ගැහැණු ළමුන්ට ලිංගික තෘප්තිය ලබා ගත හැකි ආරක්ෂාකාරී ම සහ විශ්වාසවන්ත ම ක්‍රමය ස්වයං වින්දනය බව ඔබ දන්නවා ද? අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් සම්පූර්ණයෙන් ම වැළකෙනවා. ඔබට කන්‍යාපටලයට හානියක් නොවෙන අයුරින් වුවත් ස්වයං  වින්දනය කිරීමේ හැකියාව තිබෙනවා. සහකරුවෙකු නැති කෙනෙක්ට පවා ලිංගික තෘප්තිය ලබාගන්නට හැකියාව ලැබෙනවා. ඔබට ඔබේ සිරුර ගැන නිසි අවබෝධයක් ලබාගන්නට හැකි වෙනවා මෙන් ම සතුටු හෝමෝන ශ්‍රාවය වීමේ වාසියත් ලැබෙනවා. ඉතින් ගැහැණු ළමයෙක් ස්වයං වින්දනයෙහි යෙදීම ඉතා ම සාමාන්‍යයි. එහි බිය වීමට හෝ පුදුම වීමට කිසිම දෙයක් නෑ. 

ගැහැණු ළමයෙක් ස්වයං වින්දනය කරනවා කියන්නේ මොකක් ද? 

තමන්ගෙ ඇඟිලි හෝ වෙනත් උපකරණයක් භාවිතා කිරීමෙන් ලිංගික උත්තේජනයක් ලබාගෙන සුරතාන්තයකට පත් වීම තමයි ගැහැණු ළමයෙක් ස්වයං වින්දනය කරනවා කියා සැලකෙන්නේ. සමහර අවස්ථාවලදී සුරතාන්තයකට පත් නොවිය හැකි අතර එය ඉඳහිටක සිදුවීම සාමාන්‍යයි. නමුත් එය නොකඩවා සිදු වනවා නම් ඔබට වෛද්‍ය උපදෙස් පතන්නට සිදු වනවා. 

ඉතින් කොහොමද මේක කරන්නේ?

ගැහැණු ළමෙක්ට ස්වයං වින්දනය කරන්න පුලුවන් විදි පහක් අපිට හඳුනාගන්න පුලුවන්. 

ක්ලිටොරසය උත්තේජනය කිරීම මගින් (Clitoral Stimulation)

ගැහැණු ළමයි වැඩි දෙනෙක් සුරතාන්තය ලබා ගන්නේ මෙන්න මේ clitoral stimulation මගින් බව දැනගන්න ලැබෙනවා. ඇඟිලි හෝ උපකරණ (Dildo or Vibrator) යන දෙකෙන් ඕනෑ ම එකක් භාවිතා කිරීමෙන් තෘප්තිමත් වෙන්න පුලුවන්. ඔබ hymen එහෙම නැත්නම් කන්‍යා පටලය ගැන වද වෙනවා නම් ඔබට සුරතාන්තය ලබා ගන්නට මේ විදිය උපකාර කරගන්නට පුලුවන්. 

යෝනි මාර්ගය උත්තේජනය කිරීම මගින් (Vaginal Stimulation)

ඔබට ඉහළ තෘප්තියක් ලබාගන්නය පුලුවන් එක් ආකාරයක් මේ. එහෙත් ඔබ hymen එක ගැන වද වෙනවා නම්, මේ ක්‍රමය ඔබට සුදුසු නෑ. මෙහි දී ඇඟිලි හෝ උපකරණ යෝනි මාර්ගයට ඇතුල් කිරීමෙන් තෘප්තිමත් වීමක් සිදු කරනවා. 

ගුද මාර්ගය උත්තේජනය කිරීම මගින් (Anal Stimulation)

තරමක් පරීක්ෂාකාරී ව කළ යුතු නමුත් වෙනස් ම තෘප්තියක් ලබා ගත හැකි ආකාරයක්. ඇඟිලිවලට වඩා උපකරණ තමයි විශේෂඥයින් නිර්දේශ කරන්නේ. 

ක්ලිටොරසය සහ යෝනි මාර්ගය එක්වර ම උත්තේජනය කිරීම මගින් (Combo Stimulation)

ඔබට ඉතා ඉමිහිරි සුරතාන්තයකට පත් වන්නට ක්ලිටොරසය සහ යෝනි මාර්ගය එක්වර ම උත්තේජනය කිරීමෙන් හැකියාව ලැබෙනවා. ඒ සඳහා දෑත ම හෝ එක් අතක් සහ උපකරණයක් භාවිත කළ හැකියි. 

ශෘංගාර ප්‍රදේශ උත්තේජනය කිරීම මගින් (Erogenous zones Stimulation)

පියයුරු, කලවා, කන් දෙපස, බෙල්ල ආදී මිහිරි තැන් ශෘංගාරාත්මක ප්‍රදේශ විදියට හඳුනාගන්න පුලුවන්. ඒවා එක් එක් පීඩනයන් යටතේ පිරිමැදීමෙන් ඔබට වෙනස් ම මිහිරියාවක් ලබා ගන්නට පුලුවන්. 

කොහොමද සූදානම් වෙන්නෙ ?

මුලින් ම මූඩ් එකක් ඕනෙ වෙනවා. ගහෙන් ගෙඩි එනවා වගේ කරන්න හැකි දෙයක් නෙවෙයි මේ. හිටි හැටියේ හෝ යම් කිසි සිදුවීමක් නිසා ඔබට සුරතාන්තයක අවශ්‍යතාව දැනෙන්නට පුලුවන්. ඒ තමයි සුදුසු ම වෙලාව. 

ඊළඟට පෞද්ගලික අවකාශයක්. බාධාවීම් නැති සහ බාධාවීම් ඇති වෙන්නේත් නැති නිදහස් තැනක්. දොර වසන්නට පුලුවන් කාමරයක් නම් වඩාත් සුදුසුයි. එමගින් පිටත ලෝකයෙන් එන්නට තිබෙන බලපෑම් අඩු වීම නිසා ඔබේ හැඟීම් ප්‍රබෝධමත් ව තබා ගන්නට හැකි වෙනවා. තැතිගැනීම් ඇති වී මූඩ් එක කැඩෙන්නේ නෑ. 

ලිහිසිකාරකයක් කියන්නෙත් මේ සඳහා අත්‍යවශ්‍ය ම දෙයක්. එය ඔබේ හැඟීම් මුදාහැරීම පහසු කරවනවා. විවිධ විකල්ප ක්‍රීම් වර්ග භාවිතා නොකර මේ සඳහා ම නිපදවා ඇති ලිහිසිකාරකයක් භාවිතා කරන්නට පුලුවන් නම් වඩාත් හොඳයි. වෙනත් ක්‍රීම් වර්ග ඔබට අසාත්මික වීමට ඉඩ තිබෙනවා. එමෙන් ම සංවේදී ස්ථාන සඳහා ඒවා භාවිතා කිරීම එතරම් සුදුසු නෑ.

භාවිතා කරන උපකරණ මෙන් ම දෑත් ද හොඳින් පිරිසිදු කරගත යුතුයි. අපිරිසිදු දෑත් මගින් විශබීජ ශරීර ගත වෙලා ආසාදන තත්ත්වයන් වුණත් ඇති වෙන්න පුලුවන්. ඒ නිසා අනිත් හැම වෙලේක ම වගේ පිරිසුදුකම ඉහළින් ම රැකගන්න ඕනෙ. 

මතක තියාගන්න ඕනෙ ම දේවල්

ස්වයං වින්දනය කරන්න ගෑණු ද පිරිමි ද කියා වෙනසක් ඇත්තේ නෑ. ඒක සමාජයෙන් හැදුව පටු මතයක් විතරයි. ඔයාට සුරතාන්තයක් ලබා ගන්න ඕනෙ නම්, ඒකට ලේසි ම සහ අතුරු ආබාධ අවම ම විදිහ තමයි ස්වයං වින්දනය. 

නිතර ම ස්වයං වින්දනයේ දී හැකි තාක් කාලය අර ගන්න. නිදහසේ සෙමින් ඔබේ හැඟීම් මුදා හරින්න. වඩාත් මිහිරි සුරතාන්තයකට පත් වෙන්නට ඔබට හැකියි. 

පිරිමැදීම් ඉතා තදින් කරන්නට යෑමෙන් සංවේදී සම මත තුවාල ඇති වන්නට පුලුවන්. අත්දැකීම් සමග වින්දනය සඳහා අවශ්‍ය පීඩනය කොතරම් ද යන්න ඔබට ම දැනෙන්නට ගන්නවා. 

ඔබට ඔබේ සිරුර ගැන ඉතා හොඳ ගවේශනයක් සිදු කරන්නට ස්වයං වින්දනය නිසා හැකි වෙනවා. ඔබේ ලිංගික ආශාව කෙබඳු ද යන්න පැහැදිලි කරගන්නට මෙය හොඳ මාර්ගයක්. 

ස්වයං වින්දනය කිරීමේ දී ඔබේ මුළු සිරුර ගැන ම අවධානය යොමු කරන්න. තොල්, බෙල්ල, කන්පෙති, පියයුරු, උදරය, කකුල් මේ සෑම අවයවයක් ම ඔබට විශාල තෘප්තියක් ලබා දෙන්නට උදව් වෙනවා. 

ඉතින් කෙල්ලනි, මිහිරි සුරතාන්තයකට සුබ පැතුම්!!! 

-Sharene-

Related Articles

Don't Miss


Latest Articles