අපි හැමෝටම ජීවිතයේ සිහින සහ ඉලක්ක තියෙනවා.නමුත් ජීවිතය අපිට බොහෝ වේලාවට විවිධ අභියෝග සහ දුෂ්කරතා වලට මුහුණ දීමට සලස්වනවා. එහිදී ඔබේ කල් පැවැත්ම රඳා පවතින්නේ ඔබ ඔබවම දකින ආකාරය, ඔබ ඔබව විශ්වාස කරන ආකාරය සහ ඔබ ඒවාට මුහුණ දෙන ආකාරය මතයි. ඔබේ වටිනාකම රඳා පවතින්නේ ඔබ උපයන මුදල් ප්‍රමාණය , ඔබේ සමාජ තත්වය මත හෝ ඔබ කරන රැකියාව අනුව නෙවෙයි. ඔබ ඔබවම කොයිතරම් දුරට රැක බලා ගන්නවාද කියන කාරණය මතයි. ඔබ ඔබට සලකන ආකාරය අනුව ඔබේ ජීවිතයේ බොහෝ දේවල් වෙනස් වෙනවා. ඔබ ඔබට වඩාත් ආදරය කළ යුතු වන්නේ කොහොමද ? ඒ ගැනයි අද ලිපිය.
ඔබේ මානසිකත්වය වෙනස් කර ගන්න
ඔබ පුද්ගලයෙකු ලෙස ඔබේ ජීවිතය සහ ඔබ වටා ලෝකය ලෙස ඔබ දකින , ඔබ සිතන සහ වටහා ගන්නා ආකාරය තීරණය කරන සාධකයක් ලෙස ඔබේ මානසිකත්වය සැලකෙනවා.එය ඔබේ ජීවිතය පිළිබඳව ඔබ තුළ ඇති මූලික වටිනාකම් සහ විශ්වාසයන් සමූහයකි. ජීවිතයේ විවිධ කඩා වැටීම් හමුවේ ඔබ දිගින් දිගටම සෘණාත්මක දේවල් පිළිබඳව සිතනවා නම් ඔබට ලැබෙන බොහෝ ප්‍රතිඵලත් සෘණාත්මක ඒවා වනවා.ඒ නිසා යම් අවස්ථාවකදී ඔබේ ජීවිතයේ කඩා වැටීමකට ලක් වුවහොත් එහි කුමක් හෝ ධනාත්මක දෙයක් ඇති බව සිතන්න. සෑම විටම ධනාත්මක දේවල් පිළිබඳව පමණක් සිතන්න.එවිට ඔබ වටා සහ ඔබේ ජීවිතය තුළ බොහෝ ධනාත්මක දේවල් සිදු වීමට ආරම්භ වේවි.
සමාජ මාධ්‍ය තුළ ගත කරන කාලය සීමා කරන්න
ඔබ සමාජ මාධ්‍යවල ගත කරන කාලය ඔබ වෙනුවෙන් පමණක් ගත කිරීමට යොදා ගන්න. බොහෝවිට සමාජ මාධ්‍ය වල පලවන්නේ අන් අයගේ ජීවිත වල පෞද්ගලික අත්දැකීම් වන අතර ඔබ නිතර නිතර ඒවා නැරඹීමෙන් ඔබේ පෞද්ගලික ජීවිතය හා ඒවා සංසන්දනය කිරීමට පටන් ගන්නවා. අන් අයගේ ජීවිත සහ ඔබේ ජීවිතය පිළිබඳව විනිශ්චය කිරීමට ඔබ පටන් ගත් විට ඔබ සතුව නොමැති දේවල් පිළිබඳව සහ ඔබ පිළිබඳව නිශේධාත්මක හැඟීම් ඔබ තුළ වර්ධනය වීමට පටන් ගන්නවා. එවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමට නම් ඔබ සමාජ මාධ්‍ය තුළ ගත කරන කාලය සීමා කළ යුතුයි.
කෘතඥ වීමට හුරු වන්න
අන් අයගේ ජීවිත පිළිබඳ සංසන්දනය කරමින් ඔබ පිළිබඳවම නිෂේධාත්මක හැඟීම් ඇති කර ගන්නවා වෙනුවට මේ වන විට ඔබ සතුව ඇති දේවල් පිළිබඳව ඔබටම කෘතඥ වීමට පුරුද්දක් ඇති කර ගන්න. ඒ ආකාරයට දිනපතා ඔබ ඔබටම කෘතඥතාවය පළ කිරීමට හුරු වීමෙන් ඔබ ඔබ හට වඩාත් ආදරය කිරීමට පටන් ගන්නවා. ඔබට ඔබ තුළම ගෞරවයක් ඇති වනවා.
” නැහැ ” කියන්න
ඔබේ මානසික සාමය සහ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට ඔබටම සීමාවක් නිර්මාණය කර ගන්න. ඔබේ ආදරණීයන්ට , ඔබේ මිතුරන්ට හෝ කාර්යාල සගයන්ට සෑම දෙයකදීම ” ඔව් ” යැයි පැවසීම මගින් අවසානයේදී ඔබ වෙහෙසට පත් විය හැකියි. සබඳතා රැක ගැනීමේ අපේක්ෂාවෙන් අන් අය සතුටු කරන කෙනෙකු වනවා වෙනුවට ඔබේ මානසික සාමයට මුල් තැන දෙන කෙනෙකු වන්න. ” නැහැ ” කීමට සිදුවන අවස්ථා වලදී කිසිම පැකිලීමකින් තොරව ඔබේ විරෝධය හෝ අප්‍රසාදය පළ කිරීමට ධෛර්ය වන්ත වන්න. එවිට අන් අය පවා ඔබේ සීමාවන් පිළිබඳව අවබෝධ කර ගනු ලබනවා.
සරලව ජීවත් වන්න
ඔබේ ජීවිතය සංකීර්ණ කර ගැනීම මගින් බාධා වන්නේ ඔබේ මානසික නිදහසටයි. සරල ජීවිතයක් ගත කිරීමෙන් ඔබ මන්දගාමී වීම නොව ඔබේ ජීවන රටාව , ඔබ කරන දේ සහ ඔබේ මනස පිළිබඳව වඩාත් හොඳ හැඟීමකින් සහ අවබෝධයකින් යුතුව ඔබට කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. ඉතා සරල ජීවන රටාවකට හුරු වී සෑම මොහොතක්ම භුක්ති විඳිමින් ඔබේ අරමුණු සහ ඉලක්කවලට මුල් තැන දෙමින් ජීවත් වීම මගින් ඔබව ජීවිතයේ වඩාත් ඉදිරියට ගෙන යනවා.
ඔබටම කරුණාවන්ත වන්න

ඔබ අතින් යම් වරදක් වූ විට ඔබ ඔබටම දොස් පවර ගන්නවා වෙනුවට ඔබ ඔබ හටම කරුණාවන්ත වන්න. ඕනෑම කෙනෙකු අතින් වැරදි අඩුපාඩු සිදුවිය හැකි අතර ඔබත් ඉතාම සාමාන්‍ය පුද්ගලයෙකු සහ පරිපූර්ණ පුද්ගලයකු නොවන නිසා එම වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යා හැකි බව ඔබ ඔබටම පවසන්න. ජීවිතයේ යම් ගැටලුවකදී හෝ කඩා වැටීමකදී ඔබ පිළිබඳවම නිෂේදාත්මක හැඟීම් ඇති කරගෙන ඔබටම දොස් පවරා ගැනීම මගින් ඔබේ ආත්ම විශ්වාසයට සහ ඔබ කෙරෙහි ඇති ආදරයට හානි වීම පහසුවෙන්ම සිදු වනවා. ඒ නිසා එවැනි අවස්ථාවලදී හැකි තාක් ඔබ ඔබටම කරුණාවන්ත වන්න පුරුදු වෙන්න.
ඔබව අන් අය සමඟ සංසන්දනය කිරීමෙන් වළකින්න
ඔබේ ජීවිතය අන් අය සමඟ සංසන්දනය කිරීම ඔබේ සතුට ඉතා ඉක්මනින් විනාශ කර දමනවා. අප සියළු දෙනාම වෙනස් ඉලක්ක , අභිලාෂයන් සහ අරමුණු සහිත පුද්ගලයන් වන අතර අප මුහුණ දෙන ගැටලු , බාධක සහ අභියෝගයන් එකිනෙකට වෙනස් වෙනවා. ඒ අනුව අපි සම්පූර්ණ කරගන්නා ඉලක්ක සහ ඒවා සම්පූර්ණ කරගන්නා කාලයන් වෙනස් විය හැකි නිසා කෙනෙකු අවුරුදු තිහ සම්පූර්ණ කරගන්නා ඉලක්ක ඔබට අවුරුදු තිහ වන විට සම්පූර්ණ කර ගැනීමට නොහැකි විය හැකියි. නමුත් එයින් ඔබ අසම්පූර්ණ පුද්ගලයකු බවට පත් වන්නේ නැති අතර ඔබේ කාලය එළැඹෙන තුරු ඔබ ඒ වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි. ඒ නිසා කිසිම විටෙකත් ඔබව අන් අය සමඟ සංසන්දනය කිරීමෙන් වළකින්න.
විෂ සහිත සබඳතා අත් හරින්න
ඔබ ඔබට වඩාත් ආදරය කරන කෙනෙක් නම් ඔබ කළ යුතු විශේෂිතම දෙයක් තමයි විෂ සහිත සබඳතා අත්හැරීම. ඔබව අවතක්සේරු කරන , ඔබේ හැකියාවන් අවතක්සේරු කරන සහ ඔබ පිළිබඳව අවිශ්වාස කරන පුද්ගලයන් ඔබේ ජීවිතයෙන් ඈත් කර තැබීම ඔබට හැම අතින්ම යහපත් ප්‍රතිඵල ගෙන දෙනවා.ඔබේ ආත්ම විශ්වාසය බිඳ දමන මිතුරන් කිසි සේත්ම හොඳ මිතුරන් වන්නේ නැහැ. එවැනි සබඳතා ඔබේ ජීවිතයේ තිබීමෙන් ඔබට තවත් සෘණාත්මක දේවල් සිදුවනවා මිසක ධනාත්මක ප්‍රතිඵල සහිත දේවල් අත්විඳින්නට සිදු නොවන නිසා විෂ සහිත සබඳතා සහ පුද්ගලයන් හඳුනා ගෙන ඔවුන් ඔබේ ජීවිතයෙන් ඈත් කර තබන්න.
සමාව දෙන්න
ඔබේ මානසික නිදහස රැකගෙන ඔබටම ආදරය කරමින් ජීවත් වීමට නම් නිතරම අන් අයට සමාව දීමට හුරු විය යුතුයි. ඔබට රිදවන හෝ ඔබේ ජීවිතයට සෘණාත්මක බලපෑම් එල්ල කරන පුද්ගලයෙකුට වෛර කිරීමෙන් ඔබේ ජීවිතයට කිසිදු වටිනාකමක් ලැබෙන්නේ නැහැ.ඔබට කල හැකි එකම දෙය නම් එවැනි සම්බන්ධතා අත් හැර ඔවුන්ට සමාව දීමයි.ඔබට වරදක් කළ පුද්ගලයකුට වෛර කිරීමෙන් ඔබේ මානසික නිදහස අහිමි වී ඔබ ආතතියට පත්වන නිසා සෑම විටම එවැනි පුද්ගලයන්ට සමාව දීමට පුරුදු වන්න.
ඔබවම ප්‍රශංසා කරන්න

ඔබ ඔබවම ප්‍රශංසා කිරීම මගින් ඔබට ඔබ ගැන ඇති ආදරය, විශ්වාසය සහ ගෞරවය වැඩි වීම සිදුවනවා. සෑම දවසකම අවසානයේදී අභියෝග ජය ගැනීම , දවස සාර්ථකව අවසන් කිරීම සහ ඉලක්ක කරා ළඟා වීම ගැන ඔබ ඔබටම ප්‍රශංසා කරන්න. මෙය ඔබ තුළ ඔබ ගැන වඩාත් හොඳ හැඟීමක් ඇති කරවනවා. විශේෂයෙන්ම ඔබ යම් අභියෝගයක් ජයගත් අවස්ථාවකදී ඔබ එම අභියෝගය සාර්ථකව ජය ගැනීම පිළිබඳව විශේෂයෙන් ඔබව ප්‍රශංසා කර ගන්න. මෙයින් ඔබේ ආත්ම අභිමානය වගේම ආත්ම තෘප්තියද වැඩි වනවා.
ඔබ ඔබටම ආදරය කිරීම මගින් ඔබට ඔබේ ජීවිතයේ බොහෝ දේවල් ධනාත්මක ලෙස වෙනස් කර ගත හැකි වනවා. ඒ වගේම ජීවිතයේ පැමිණෙන අභියෝග සහ වලට සාර්ථකව මුහුණ දීමටද ඔබට හැකියාව ලැබෙනවා. මේ සරල පියවරවල් අනුගමනය කිරීමෙන් ඔබට ඔබ කෙරෙහි ඇති ආදරය සහ ආත්ම විශ්වාසය වැඩි කර ගෙන වඩාත් ධනාත්මක ජීවිතයක් ගත කරන්නට පුලුවන්.