පළිගැනීම ගැන කියාදෙන ඉන්දුනීසියානු පුරාවෘත්තයක් ගැන කතාවක්

මං මේ ටික දවසකට පස්සෙ තමයි ඔයාලට කියවන්න චිත්‍රපටයක් ගැන විස්තර ලියන්නෙ. ඉතින් ඔන්න අපේ දිලිනි නංගි මේ සතියෙ චිත්‍රපට ලිපිය වෙනුවෙන් මට අරගෙන ඇවිල්ලා තියෙන්නෙ පළිගැනීම ගැන කියාදෙන ඉන්දුනීසියානු පුරාවෘත්තයක් ගැන කතාවක්. මං හිතන්නෙ නෑ මේක ටිකක් වෙනස් විදියෙ වගේම ගොඩක් අය අතරෙ කතාබහක් නොවුන හන්ද ඔයාට මේක බලල ඇති කියල. ඉතින් ඔන්න ඔයත් මේ වගේ චිත්‍රපටවලට ආස නම් මේ ආටිකල් එක කියවලම මේ චිත්‍රපටය බලන්න කියලා කියන්නවා.

මේ චිත්‍රපටයේ නම Sumala. මේ චිත්‍රපටය අපිට අරගෙන එන්නෙ හරිම ඩිස්ටර්බින් කතාවක්. ඒ කියන්නෙ මේක දිවෙන්නෙ පොඩි ගෑණු ළමයෙක්ව ප්‍රධාන චරිතෙ කරගෙන. මේ ගෑණු ළමයා මොන්ස්ටර් කෙනෙක් එහෙම නැත්තම් යක්ශයෙක් වෙන කතාවක් තමයි මේ චිත්‍රපටයේ අන්තර්ගත වෙන්නෙ. ඉතින් මේ චිත්‍රපටය බලන්න පටන් ගන්න කලින්ම කියන්න ඕන මේක witchcraft, supernatural entities, possession වගේම ගොඩක් දුරට  violence අඩංගු වෙල තියෙන චිත්‍රපටයක් කියන එක.

සුලස්ත්‍රි සහ සොයිජිමාන් කියන්නෙ ගොඩක් සල්ලි තියෙන ජෝඩුවක්. මේ දෙන්න කාලයක් තිස්සෙ උත්සහ කරනවා දරුවෙක් හදාගන්න ඒ උනාට මොන තරම් ට්‍රයි කරත් මේ දෙන්නට පුලුවන් වෙන්නෙ නෑ දරුවෙක්ව හදාගන්න. කොහොමහරි මෙහෙම දරුවෙක් නැතුව කාලෙ ගතවෙද්දි තමයි සොයිජිමාන් එයාගෙ බිරිඳ වෙන සුලස්ත්‍රිට කියන්නෙ “ඔයාට අවුරුද්දක් ඇතුලත මගෙ පරම්පරාව ඉස්සරහට අරගෙන යන්න දරුවෙක් දෙන්න බැරි උනොත් මම වෙන ගෑණියෙක්ව ගන්නවා” කියලා. එහෙම දෙයක් උනොත් තමන්ට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන විත්තිය දන්න හන්දා තමයි සුලස්ත්‍රි ශාමන් කෙනෙක් එහෙම නැත්තම්  මන්තරකාරයෙක් ලඟට යන්නෙ ඒ වගේ දෙයක් කරල හරි තමන්ට දරුවෙක් හදාගන්න පුලුවන්කමක් තියෙනවද කියල බලන්න. මේ මන්තරකාරයා කියනවා යක්ශයා එක්ක කරන මොකක් හරි ගනුදෙනුවකින් දරුවෙක් හදාගන්න පුලුවන්කමක් තියෙනවා කියන එක. තමන්ව අතැරල දාන්න ඉන්න මනුස්සයෙක්ට වඩා යක්ශයෙක් හොඳයි කියල හිතන තැනකට ඒ වෙද්දිත් හිතෙන් වැටිලා උන්න සුලස්ත්‍රි කරන්නෙ මොකද්ද ඒ තීරණේට කැමති වෙන එක.

මේ යක්ශයා එක්ක කරන ගනුදෙනුව ඇතුලෙදි සුලස්ත්‍රි විසින් අනිවාර්යෙන්ම පිලිපදින්න ඕන නීති රීති ටිකක් තියෙන විත්තිය මේ මන්තරකාරය එයාට කියනවා. ඒව හරියට පිලිපැද්දෙ නැත්තම් එයාට විතරක් නෙවෙයි එයාගෙ හත්මුතු පරම්පරාවකටම යක්ශයාගෙ බැල්ම වැටෙන්න පුලුවන්කමක් තියෙන විත්තිය මන්තරකාරය කියල දෙනවා. ඒ ඔක්කොටම එකග වෙලා තමයි සුලස්ත්‍රි මේ වැඩේට කැමති වෙන්නෙ. ඒ අනුව සුලස්ත්‍රිට පුලුවන් වෙනවා යක්ශයාගෙ උදව්වෙන් කුමලා සහ සුමලා කියලා නිවුන් දරුවො දෙන්නෙක්ව මේ ලෝකෙට අරගෙන එන්න.

හැබැයි මේ දරුවො ඉපදෙන දවසෙ අරගන්න හරිම දෛවොපගත තීරණයක් හන්දා හැමෝම පුදුම වෙනවා. 

Rizal Mantovani තමයි මේ සුමලා කියන අමුතුම විදියෙ චිත්‍රපටිය අධ්‍යක්ශණය කරන්නෙ. මේ චිත්‍රපටයේ කතාව ලියන්නෙ Riheam Junianti. එයා ඒකට පාදක කරගන්නෙ Betz Illustration විසින් අන්තර්ජාලයේ පබ්ලිශ් කරපු කතාවක ප්ලොට් එකක්. මම මුලින්ම කිව්ව වගේ මේ චිත්‍රපටය ගොඩක්ම වයලන්ස් සිටුවේශන්ස් අන්තර්ගත චිත්‍රපටයක්. ඒ වගේ සිදුවීම් දකින එක ඔයාට අමාරු නම් මේ චිත්‍රපටය බලන්න එපා කියල අපි මුලින්ම කියනවා. නිකන් මොකටද ෆිල්ම් එකක් බලලා ඔලුව පිස්සු වට්ටගන්නෙ නේද? මේ චිත්‍රපටයෙ කතාව යන්නෙ ෆ්ලෑශ්බැක් එකක් වගේ. ඒ කිව්වේ 1976 අවුරුද්දෙ ඉඳපු කවුරුහරි මේ කතාව වෙන කෙනෙක්ට කියනවා වගේ විදියකින් තමයි මේක හදලා තියෙන්නෙ.ඒ කියන්නෙ 1940-1950 කියන අවුරුදු දහය ඇතුලත වෙච්ච සිදුවීම් දාමයක් විදියට තමයි කතාව ඉස්සරහට කෙරීගෙන යන්නෙ. චිත්‍රපටය පටන් ගන්නෙ 1976 අවුරුද්දෙදි සුමලා පිරිමි ළමයෙක්ව මරල දාන්න තැනකින්. ඒ නිසා කතාව පටන් ගත්ත තැන ඉඳලම මේ කතාව මොන වගේ කතාවක්ද කියල බලන අයට තේරෙන්න පටන් ගන්නවා. මේ චිත්‍රපටයෙන් කිසිම වෙලාවක මේ ගෑණු ළමයා යක්ශයෙක් වෙන එක පෙන්නන්න යන්නෙ නෑ. ඒ වෙනුවට අපිට මේ චිත්‍රපටයෙන් පෙන්නන්න යන්නෙ මේ කෙල්ල යකෙක් වෙනවට වඩා මෙච්චර දරුණු මිනීමරුවෙක් උනේ ඇයි කියන එක පෙන්නන එක.

හැබැයි මේ චිත්‍රපටයෙ තියෙන පලිගැනීමේ සීන් ටික නම් එලියට එන්නෙ සුමලාගෙ පැත්තෙන් නෙවෙයි කුමලාගෙ පැත්තෙන්. කුමලා කියන්නෙ පොඩි කාලෙ ඉඳලම එයාලගෙ තාත්තගෙ එක එක අඬත්තේට්ටම් වලට මූණ දුන්න, පවුලෙ අයගෙන්, තව දන්න දන්න අයගෙන බුලී වෙච්ච ළමයෙක්. හැබැයි කුමලා කියන්නෙ දිගටම ඒව ඉවසන් දරාගෙන ඉන්න චරිතයක් නම් නෙවෙයි. කුමලා තමන්ට අනිත් අය කරපු ඒවට පස්සෙ පලිගන්න සීන් ටික තම මේ චිත්‍රපටයෙ තියෙන හොඳ්අම කොටස් ටික කියලා කියන්නෙ මම විතරක් නෙවෙයි මේ චිත්‍රපටය බලපු ගොඩක් අය දරන්නෙ ඒ හා සමාන අදහස්.

supernaturally-enabled revenge කියන වර්ගයේ චිත්‍රපට බලන්න ආස ෆෑන්ස්ලට නම් මේ සුමලා කියන්නෙ ආයෙ සුපිරිම ලෙවල් එකේ කතන්දරයක් කියල කියන්න පුලුවන්. අපි සාමාන්‍යෙය්න් ඉන්දුනීසියන් කතා බලන්නෙ නැති උනාට මගේ පෞද්ගලික අදහසක් තමයි මේ වගේ පලිගන්න, අද්භූත කතන්දර හොඳටම චිත්‍රපටවලට අරගන්න එන්න පුලුවන් ජාතියක් තමයි ඔය ඉන්දුනීසියන් අය කියන එක. එයාලා ලඟ මාර අමුතු විදියෙ කතන්දර තමයි තියෙන්නෙ.

ඉතින් එහෙනම් වැඩි විස්තර චිත්‍රපටය ගැන කියල ඔයාලා ෆිල්ම් එක බලද්දි ගන්න ඕන ආතල් කුඩු කරන්න මම හිතන්නෙ නෑ. එහෙනම් සුමලා චිත්‍රපටය බලලම අපිට කියන්න ඔයාල මොකද මේ චිත්‍රපටය ගැන හිතන්නෙ කියන එක!

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles