“සමුද්ර දැන් සප්තමීලගෙ ගෙවල් පැත්තෙ නිතරම වගේ රිංගනවලු නේද?” කියල වසන්ත අහද්දි සමුද්ර ගැස්සුනේ එතන තමන් විතරක් නෙවෙයි කෘ එකේ තව කීපදෙනෙක්ම උන්නු හන්දා.මේ තැනට මේ වගේ කතන්දරයක් අවශ්‍යම නෑ කියන එක දැනගෙන හිටියට ඕපදූප හොයන්න ආස මිනිස්සුන්ට ඕපදූප ගැන කතාකරන්න තැනක් නොතැනක් නෑ කියන එක දැනගෙන උන්නු හන්දම සමුද්ර කලේ වසන්ත ඒ කිව්ව කතාවට පොඩි කිණ්ඩි හිනාවක් දාපු එක.
“නිතරම වගේ මං එහෙ යනවා එනවා කියන එක වසන්ත මහත්තය දැනගන්න ඇත්තෙ කවුරුහරි කියපු හන්දනෙ. ඒ කියන්නෙ මං දිහාවම බලාගෙන ඉන්න කැමති කෙනෙක් ඒ හරියෙ ඉන්නවා ඇති නේද?” කියල කිණ්ඩි හිනාවක් එක්ක කියන ගමන් සමුද්රගෙ බැල්ම තමන් දිහාවට පා වෙද්දි මාලවී කලේ ඒ බැල්ම දරාගන්න බැරි වෙච්ච තැන අහක බලාගෙන සමුද්රගෙ ඇස් මගෑරපු එක.
“කවුරු හරි බලන් ඉඳලා කිව්ව කියමුකො. ලැජ්ජ නැද්ද සමුද්ර හැබෑවටම මේ තමන් ප්‍රඩියුස් කරන ටෙලිඩ්‍රාමා එකක ඉන්න අලුත් ඇක්ට්‍රස් කෙනෙක්ගෙ ගෙදරට ඔහොම රිංගන්නෙ? සමුද්ර මෙච්චර කාලයක් හරිම වැදගත් විදියට ජීවත් උනානේ. කාගෙන්වත් කිසිම කතාවක් අහගන්නෙ නැති ලෙවල් එකෙන්. එහෙම එකේ නිකන් මේ කොහෙවත් ඉන්න කෙල්ලෙක් හන්දා මොකටද කතාවක් අහගන්නෙ?”
“දැන් ඇයි වසන්ත මහත්තය කියන්නෙ මම සප්තමීගෙ ගෙදර ගිය එක ඉන්ඩස්ට්‍රි එකේ මිනිස්සුන්ගෙන් කතාවක් අහගන්න හේතුවක් වෙයි කියලා?” සමුද්ර කිසිම ගාණක්, තිගැස්සීමක් නැතුව තමන් කර කර උන්නු වැඩේ දිගටම කරන ගමන් අහද්දි මාලවීටත් හිතාගන්න බැරිඋනා මෙච්චර මේ කෘ එකේ මිනිස්සු ඉන්න වෙලාවක කිසිම බයක් නැතුව සමුද්ර ඒ කතාව දිගටම කරගෙන යන්න හිතුවෙ ඇයි කියන එක.
“ඇයි කියල අහන්නෙ? සමුද්ර නිකන් කතාකරන්නෙ හරියට මේ ඉන්ඩස්ට්‍රි එකේ වෙන දේවල් ගැන නොනදන්න මනුස්සයෙක් ගාණටනෙ. ඔයා ප්‍රඩියුස් කරන ටෙලිඩ්‍රාමා එකේ ඉන්න මේන් ඇක්ට්‍රස් එක්ක ඔයාගෙ නරක් සම්බන්ධයක් තියෙනවා, ඔයා ඒ ගෙදර යනවා එනවා කියලා දැනගත්තම ඒක ඔයාට වගේම ඒ ඇක්ට්‍රස් ටත් හොඳ නෑනෙ”
“කවුද දැන් කියන්නෙ මමයි සප්තමී අතරයි තියෙන්නෙ නරක සම්බන්ධයක් කියලා”
“ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ සමුද්ර. ඔයා එහෙ යනවා එනවා කියල දැනගත්තම ඉතින් ඕනම කෙනෙක් ඒක සැක හිතනවනෙ. මං ඇත්තටම හිතුවෙ නෑ සප්තමි මේ ටෙලිඩ්‍රාමා එකේ මේන් කැරැක්ටර් එක ගත්තෙ ඔච්චර චීප් විදියට හැසිරිලා කියලා. චික් චික්” කියලා වසන්ත කියද්දිත් සමුද්ර කලේ දෙතොල් උඩ අර නෝණ්ඩි හිනාවම දාගෙන උන්නු එක.
“ඕන්න ඕකයි වසන්ත මහත්තය ප්‍රශ්නෙ” කියල සමුද්ර හිනාවෙවී කියද්දි වසන්තයි මාලවීයි දෙන්නා කලේ මූණට මූණ බලාගෙන සමුද්ර මේ මොකද්ද කියන්නෙ කියන එක කල්පනා කරපු එක.
“මොකද්ද ප්‍රශ්නෙ? මොකද්ද ප්‍රශ්නෙ”
“ඔය සැක කරන එක”
“ඇයි සැක කරන එක ප්‍රශ්නයක් වෙන්නෙ? දෙයක් උනාම මිනිස්සු ආ මෙන්න මේකයි සිද්දිය කියලා සැක කරනවනෙ”
“ඔව් හැබැයි මෙතන සැක කරන්න දෙයක් නෑ වසන්ත මහත්තයා, වසන්ත මහත්තයට මේ විස්තර ඇවිල්ලා කිව්ව කෙනා කවුද කියන එකත් මම නොදන්නවා නෙවෙයි. ඉන්න හැමෝටම අහගන්නයි, ඔය තියෙන සැකයක් නැති කරන්නයි දෙකටම එක්ක මං මේක කියන්නම්කො. මං සප්තමීගේ ගෙදර රිංගුවෙ නෑ. ඒ වගේමඑයයි මමයි අතරෙ නරක සම්බන්ධෙකුත් නෑ. මම සප්තමීගේ ගෙදර යන්නෙ එන්නෙ එයාගෙ අම්මල තාත්තලගෙ අවසරේ අරගෙන. ඔව් මමයි සප්තමීයි අතරෙ අෆෙයාර් එකක් තියෙනවා. මම එයාව මැරි කරන්න හිතාගෙන තමයි ආශ්‍රය කරන්නෙ” කියල සමුද්ර කියාගෙන යද්දි එතන උන්නු වසන්ත ඇතුලු ඔක්කොම මිනිස්සු තප්පර ගාණකට පොඩ්ඩක් විතර ඩාම් උනා ඩූම් උනා. හැබැයි ලොකුවටම ඒ වචන නිසා හිත රිද්දගත්තෙ මාලවී. තමන්ගෙ අතටම ලැබිලා නොලැබිලා ගිය හොඳම හොඳ වටින මැණික් වගේ චාන්සස් දෙකක්ම සප්තමී මොකක් හරි විදියකින් තමන්ගෙන් උදුරගත්තා කියන හැඟීමක් හිතට ආව නිසාමයි එතන වෙච්ච හැමදේම දමලා ගහලා මාලවී කඩාගෙන වගේ සප්තමී උන්නු දිහාවට දුවගෙන දුවගෙන ගියේ.
“ හිමිජ්ජි වගේ ඉඳියට ඔයා මටත් හොරා කරගන්න ඕන ඔක්කොම කරගෙන නේද?” කියලා මාලවී කියද්දි ඒ පස්සෙන් දුවගෙන වගේ ආව සමුද්‍රවයි වසන්තවයි දැක්කම මේ කියන දේ තමන් සහ සමුද්‍ර කියන දෙන්නම එක්ක සම්බන්ධයි කියන කතාව තේරුම්ගන්න සප්තමීට අමාරු උනේ නෑ.
“මොකක් ගැනද ඔයා මේ කියන්නේ?” කියලා සප්තමී කිසිම දෙයක් නොදන්න බබා හුකුං ලෙවල් එකෙන් කතාකරද්දි නම් මාලවීගේ මල පැනිල්ල තව වැඩිවෙච්ච එක තමයි උනේ.
“Amor amor දන්නෙම නෑ. පත්තිනි අම්මා ලෙවල් එකෙන් කතාකරන ඒවට අනිත් මිනිස්සු අහු උනාට මම අහුවෙයි කියල හිතන්න එපා. තමුසෙට ලැජ්ජ නැද්ද සමුද්‍ර එක්ක යාලුවෙන්න?” කියල මහ හයියෙන් සප්තමීට කන් දෙකේ ඇඟිලි ගහගන්න ලෙවල් එකකින් කතාකරන්න තිබ්බ නම් හොඳයි කියල හිත කිව්වට ඒ කතාව මේ සෙට් එකේ හැමෝම අහගෙන බලාගෙන ඉන්නව කියල දකිද්දි එහෙම කරන එක තමන්ට හොඳ නැති විත්තිය මතක් වෙච්ච හන්දම මාලවී කලේ හිත අස්සෙ තියෙන හැම තරහක්ම හිත අස්සෙම ගබ්සා කරගෙන බොරු හිනාවක් දාගෙන සප්තමී දිහා බැලුව එක. මාලවී මේ හැමෝම ඉන්න තැනක මේ කියන්න යන්නෙ අනිත් මිනිස්සු දැනගන්න ඕන කතාවක් නෙවෙයි කියන එක මතක් උනත් ඇත්තටම ඒ කතාව කට්ටියගෙන් හංගගෙන ඉන්න තමන් වරදක් කරලා නෑනෙ කියන එක හිත කිව්වා වගේම එහායින් හිටගෙන උන්නු සමුද්‍රගෙ ඇස් වල රැඳිලා තිබිච්ච විශ්වාසයක් ගෑවිච්ච බැල්ම නිසාම සප්තමී කලේත් බොරු හිනාවක් මූණෙ අලවගෙන මාලවී දිහා බැලුව එක..
“ඇත්තටම මට තේරෙන්නෙ නෑ ඔයා කියන්නෙ මොකද්ද කියලා?” කියල සප්තමී කවදාවත් තමන් දිහා බලපු නැති විදියෙ මාරම ස්ට්‍රෝන්ග් බැල්මකින් බලද්දි මාලවී තප්පර ගාණකට තිගැස්සිච්ච එක ඇත්ත. සප්තමී මේ විදියට තමන් දිහා බලාගෙන ඉන්නෙ තමන් නොදන්න මොකක් හරි හොඳට කැපෙන ආයුධයක් සප්තමී අතේ තියෙන නිසා විත්තිය මාලවීට නොතේරුනා නෙවෙයි.
“අනේ අනේ තව නිකන් මුකුත් නොදන්න එක්කෙනා වගේ මෙයා කතා කරන හැටි. ඇත්තද මේ සමුද්‍ර කියන්නෙ ඔයාලා දෙන්න යාලුයි, මැරි කරන්න බලාගෙන ඉන්නෙ කියලා” මාලවී අහද්දි ඒ හිනාවට යටින් තරහක් ඒ වචන අස්සෙ ගෑවිලා තියෙනව කියන එක සප්තමීට නොතේරුනා නෙවෙයි.
“අනේ ඔව් අනේ. ඇත්තටම මම සමුද්‍රට ඒත් කිව්ව දැන්ම කට්ටියට කියන්න එපා කියලත්. ඒ උනාට ඉතින් එයා කැමති නම් කියන්න අවුලකුත් නෑ. ඔව් අනේ සමුද්‍ර අපේ ගෙදර ඇවිල්ල අපෙ අම්මලගෙන් ඇහුවත් එක්ක” කියල සප්තමී කියද්දි මාලවීට හිතුනෙ සප්තමීගේ දිගම දිග කොණ්ඩෙන් ඇදලා අරන් හොඳ කම්මුල් පාරක් දෙන්න.
“සමුද්‍ර අපේ ගෙදර ආව කියල දැනගෙනත් ඔයා එයා එක්ක යාලු උනේ ලැජ්ජ නැද්ද අප්පා? මට මතකනෙ එයා මට මැසේජ් කරල කියපුවා. මට නම් මුලදිම තේරුණා මිනිහා එන්නෙ පොල් පැලේ කන්න කියලා. ඔයා අහුවෙච්ච එකයි මට දුක”
“අනේ එහෙම දෙයක් නෑ මාලවී. මං දන්නවා ඔයා මේ තියෙන හිතවත්කමට කතා කරන්නෙ කියලා. මාත් ඔය ඔයාලගෙ ගෙදර ආව කතාව සමුද්‍රගෙන් ඇහුවා. ඇත්තටම වෙලා තියෙන්නෙ මගේ නම්බර් එක කියලා හිතාගෙන සුමල් අයියා වැරදියට ඔයාගෙ නම්බර් එක සමුද්‍රට දීපු හන්දා තමයි ඒක වෙලා තියෙන්නෙ. ඒක කීයටවත් සමුද්‍ර ඔයාගෙ ගෙදර එන්න, ඔයාව හම්බුවෙන්න කතාකරන්න ආව ගමනක් නෙවෙයිලු” කියල සප්තමී කියාගෙන යද්දි ඔලුව හරවල බලද්දි සමුද්‍ර ඒක ඔව් කියල කියන්න වගේ බැල්මක් දාගෙන ඉද්දි මේක තමන්ට වෙච්ච වරදක් විත්තිය තේරුණේ ලැජ්ජාවත් එක්කමයි.
මාලවීගේ බැල්ම තරහත් එක්ක තමන් දිහාවට ආවෙ “තමුසෙ තමයි මේ ඔක්කොම ඒවට වගකියන්න ඕන” කියල ලෙවල් එකකින්. ඒක දැක්ක හන්දා සුමල් හිනා උනේ කටත් නිකන් දියාරු කරගෙන “ඕන්න ඕකයි ප්‍රශ්නෙ” කියල කියන්න වගේ.
“උඹලගෙ වැඩ හන්දා අන්තිමේ ඕකිව මට භාරගන්න වෙයිද දන්නෙ නෑ?” කියල සුමල් හීනියට කියද්දි මේ ඔක්කොම ඒව අස්සෙ පොඩි ආතල් එකක් ගන්න කියලා හිතාගෙන තමයි සමුද්‍ර හිනාවෙලා කිව්වේ “ඔව් ගෑණු දෙන්නෙක් වැඩි නෑ නේද උඹට?” කියලා.