හැඩැති සිරුරකට කැමති ඔබට පෝෂණීය ආහාර වට්ටෝරු

බෝඩිං ජීවිතේ ගෙවන, තනියම ජීවත් වෙන සමහර යුවතියන්ට කඩ කෑම කාලම ඇති වෙලා ඇති. පෝෂණයක් නැති තෙල් සහ රසකාරක වැඩි ආහාර නිසා සිරුරේ හැඩය වෙනස් වෙනවට ඔබ අකමැතිත් ඇති.

ඒ නිසා ඔබට ගැළපෙන පෝෂණීය ආහාර රෙසිපි තමයි මේ.

පෝෂණ ඔම්ලට්

අවශ්‍ය දේවල්

  • බිත්තර තුනක්
  • ග්‍රේට් කරගත් අල සහ කැරට්
  • සිහින්ව ලියා ගත් පලා වර්ගයක්
  • සිහින්ව ලියා ගත් ළූණු , බෙල් පෙපර්ස්
  • තක්කාලි
  • ෆ්‍රෙෂ් මිල්ක් ටිකක්
  • ඔලිව් තෙල් ටිකක්
  • ලුණු, ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට.
  • අවශ්‍ය නම් මිරිස් හෝ කෑලි මිරිස්
  • බටර් ටිකක්

පෑන් එකක් ලිප තබා එයට බටර් එකතු කරන්න. ග්‍රේට් කරගත් අල එකතු කරන්න. බිත්තර, ඔලිව් තෙල් සහ අනිත් සියල්ල වෙනම භාජනයක හොඳින් කලවම් කරන්න. අල තැම්බී ගෙන එනවිට බිත්තර මිශ්‍රණය එක් කර හොඳින් පිස ගන්න.

Steamed Veggies with fried fish & garlic bread

අවශ්‍ය දේවල්

• කැරට්
• බෝංචි
• අර්තාපල්
• ගෝවා
• මාළු හෝ තැම්බූ බිත්තර
• බටර්
• සුදු ළූණු
• පාන්

අර්තාපල් හොඳින් තම්බා ගන්න. කැරට් කුඩා කැබලිත් , බෝංචි සහ ගෝවා අවශ්‍ය ප්‍රමාණයටත් කපා ගන්න. ඉන්පසු ස්ටීම් කර අවශ්‍ය පමණට ලුණු ගම්මිරිස් එකතු කරන්න.

  • මාළුවලට ලුණු සහ ගම්මිරිස් අතගා හොඳින් තම්බා ඉන්පසු fry කරගන්න.
  • සුදු ළූණු කුඩාවට ග්‍රේට් කර බටර් සමඟ පාන් පෙති වල ආලේප කරන්න.
  • පාන් තරමක් වෙලා ටෝස්ට් කරගෙන එළවලු හා මාළු සමඟ ආහාරයට ගන්න.

මෙය සමබල ආහාර වේලක්.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles