පැපොල් යනු ලංකාවේ වගා කරන ලද ජනප්‍රිය පලතුරක් බව ඔබ දන්නවානේ. හැබැයි අපි අද මේ කියන්න යන්නේ පැපොල් ගෙඩියේ මදය ඇරුණම අපි හිතන්නේවත් නැති කොටසක් ගැන. අවුරුදු කාලෙට පැපොල් ගෙඩියේ ඇට ගණන් කරන තරඟ ගැන අහලා තිබුනාට, මේ කතාව ගැන නම් අහලා නැතුව ඇති. කොහොමටත් පැපොල් කියන්නේ ඖෂධීය ගුණ බොහෝමයක් තියෙන පලතුරක් බව දන්න ඔබට නම් මේ කාරණාව අරුමයක් නොවෙන්නත් පුලුවන්. කොහොම වුනත්, අද ස්මාර්ට් ලේඩි ලිපියෙන් ඔබට අපි කියන්නේ පැපොල් ගෙඩියේ ඇට වල තියෙන ඖෂධීය සහ ආහාරමය ගුණ ගැන.
අපේ ශරීරයට අත්‍යවශ්‍ය වන ප්‍රතිඔක්සිකාරක පැපොල් ඇට වල අන්තර්ගත වෙනවා.. ඒ නිසා ඔයාගේ සෞඛ්‍යය තත්වය යහපත්ව හා නීරෝගිමත්ව තියාගන්න පැපොල් ඇට වලට උදව් කරන්න පුලුවන්. . විවිධ ලෙඩ රෝග හදන විවිධ සංයෝග වලට එරෙහිව ක්‍රියා කරන ප්‍රති ඔක්සිකාරක වර්ග නිසා ශරීරයට පිටතින් ඖෂධ ලබා ගැනීම සීමා කරගන්නත් ඔබට පිලිවන්
ඒ වගේම ඔයාගේ රුධිරයේ තියෙන අහිතකර කොලෙස්ට්‍රොල් ප්‍රමාණය අඩු කරගන්නත් මේ පැපොල් ඇට උදව් කරන බව වාර්තා වල සඳහන් වෙනවා. කොලෙස්ටෙරෝල් ඉහල මට්ටමකට පත් වීම නිසා ශරීරයට මුහුණ දෙන්න වෙන ලෙඩ රෝග වලින් මිදෙන්න පැපො ඇට කියන්නේ කදිම ආහාරයක් බව කියවෙනවා.
ශරීර බර අඩු කරගන්නත් පැපොල් ඇට වල තියෙන ඇතැම් ඖෂධීය වැදගත්කමකින් යුක්ත සංයෝග වැදගත් වම බව කියැවෙනවා.
ඒ වගේම සමහර වෙලාවට අපේ ශරීරයට මුහුණ දෙන්න වෙම පරපෝෂිතයන්ගේ ආසාධන වලට එරෙහිව ශරීරය තුළ ක්‍රියාත්මක වෙන යාන්ත්‍රණ වලට සහයෝගය දෙන්නත් මේ පැපොල් ඇට වල තියෙන සංයෝග වලට පුලුවන් බව කියැවෙනවා.
ඒ වගේම මේ වර්තමාන කාලයේ බොහෝ දෙනා පීඩා විඳින රොගි තත්වයක් වෙන වකුගඩු ආසාධන වලින් මිදෙන්න අවශ්‍ය කරන සංයෝගත් මේ පුංචි පැපොල් ඇට වල තියෙනවා. ඒ කියන්නේ පොඩිවට හිටියට ඔයාගේ වකුගඩුවල ක්‍රියාකාරිත්වය ආරක්ෂා කරගන්නත් උදව් කරනවා.
ඒ වගේම පැපොල් ඇට වලින් ගන්න තෙල් සන්ධි වේදනා වලට සුදුසු බවත් කියවෙනවා..
ශරීරය පිලිකා තත්වයන් වලින්ද මුදවා ගන්නටත් මේ පැපොල් ඇට වලට පිලිවන්.
ඒ වගේම ස්ත්‍රී පුරුශ දෙපාර්ශවයේම මඳ සරු භාවයට පැපොල් ඇට වලින් ප්‍රතිකාර ලබා දෙන බව කියැවෙනවා.
හැබැයි මේ වගේ ඖෂධීය ගුණ තිබුණා කිව්ව පලියට පැපොල් ඇට වැඩිපුර ආහාරයට ගන්න එක නම් කොහොමටවත් අපි අනුමත කරන්නේ නෑ. ඒවාගෙන් ඔයා නොහිතන අතුරු ආබාධ පවා ඇති වෙන්න පිලිවන්. අහලා ඇතිනේ ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැහැ කියලා.
ඒ වගේමයි, යම් රෝගී තත්වයෛන් මිදෙන්න හිතාගෙන පැපොල් ඇට කන්ම හිතනවා නම්, අනිවාර්‍යෙන්ම වෛද්‍ය උපදෙස් ගන්න එකත් අපි අවධාරණය කරනවා.
පැපොල් ඇට භාවිතා කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් මේ.
පැපොල් ඇට වේලලා කුඩු කරගෙන ආහාර වලට එක් කරන්න පුලුවන්.
ඒ වගේම පැපොල් ඇට වලින් තෙල් හිඳලා පාවිච්චි කරන්නත් පුලුවන්.
ගර්භනී මව්වරුන් මේ විදියට පැපොල් ඇට භාවිතයට කලින් අනිවාර්‍යෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගන්න අවශ්‍ය බවත්, අනෙක් අයත් දිගින් දිගටම භාවිතාවේ යෙදෙනවා නම් වෛද්‍ය උපදෙස් අනිවාර්‍යෙන්ම ලබා ගත යුතු බවත් අපි ආයේ ආයේම අවධාරණය කරනවා.
ReplyForwardAdd reaction |