මේ කියන්න යන කෙනා ගැන කියන්න තියෙන ලේසිම විදිය තමයි,
“යොවුන් වියේදී නාසි ගාල් කඳවුරෙන් දිවි ගලවා ගත් අයෙක් ; ප්රමුඛ පුද්ගලයින් දෙදෙනෙකුගේ පෙම්වතියක් ; කියුබානු විප්ලවවාදී ෆිදෙල් කැස්ත්‍රෝ ඝාතනය කිරීම සඳහා CIA විසින් පත් කරන ලද ඔත්තුකරුවෙක් ; FBI සහ CIA වෙත තොරතුරු සපයන්නියක්; තුවක්කුකරුවෙකු ; මවක් “ කියන එක.
ඒ තරමටම අපි අද කතාකරන්න යන මේ කාන්තාව හරිම සුවිශේෂියි. එයාගෙ නම මරිටා ලොරෙන්ස්. මරිටාගේ ජීවිතේ ඇත්තටම සාමාන්‍ය කාන්තාවකගෙ ජීවිතේ එක්ක බලද්දි හරියට ත්‍රාසජනක චිත්‍රපටියක් වගේ.
ජර්මනියේ බ්‍රෙමන් හි ඇමරිකානු මවක් නිළියක් වූ අතර බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය විසින් බඳවා ගන්නා ලද ඔත්තුකරුවෙකු වූ) සහ ජර්මානු පියෙක්ට (වාණිජ නැව් කපිතාන්වරයෙකු වූ) දාව තමයි මරීටා උපත ලබන්නෙ. ඇය වයස අවුරුදු 5 ක දරුවෙකුව ඉද්දි තමයි ඇගේ පවුල නාසි විරෝධී ස්ථාවරය නිසා නාසීන් විසින් බර්ගන්-බෙල්සන් ගාල් කඳවුරේ සිරගත කරන්නෙ. යුද්ධයෙන් පස්සෙ එයාලව බ්‍රිතාන්‍යයන් විසින් නිදහස් කරනවා. ඉන්පස්සෙ එයාලා 1950 දී ඇමරිකාවට සංක්‍රමණය වෙනවා.
නිදහස ලැබීමෙන් පස්සෙ, මරීටා එයාගෙ තාත්තා එක්ක එයාගෙ නැව්වල ගමන් කරන්න පටන් ගන්නවා.. 1959 දී කියුබාවේ හවානා වලට එහෙම නැවක ගමන් කර කර ඉද්දි එතකොට අවුරුදු 19ක් වෙච්ච මරීටා දකිනවා රැවුල් වවාගෙන නැවට ගොඩවෙන්න බලාගෙන ඉන්න පිරිමින් පිරිසක්. මරීටා ඒ කණ්ඩායමේ උන්න උසම මනුස්සයගෙන් අහනවා “ඔයා කවුද” කියලා.
ඒ මනුස්සයා ඒකට උත්තර දෙන්නෙ “යෝ සෝයා කියුබා” එහෙම නැත්තම් මම කියුබාව කියලා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ෆිදෙල් කැස්ත්‍රෝ. මේ සිදුවීම වෙද්දි කැස්ත්‍රෝ කියුබාවේ නව නායකයා ලෙස දිවුරුම් දීලා ගෙවිලා තිබ්බෙ දවස් පොඩි ගානක් විතරයි. මේ පලමු හමුවෙන්ම, Love at first sight කියලා වගේ මේ දෙන්නට දෙන්නා ආදරේ වෙනවා. මරීටා කැස්ත්‍රෝට මුලු නැවම පෙන්නනවා ඒ වගේම තමන්ගෙ සහෝදරයගෙ දුරකතන අංකයත් එයා කැස්ත්‍රෝට දෙනවා..
දවස් කීපෙකට පස්සෙ ඒ නම්බර් එකට කතාකරන කැස්ත්‍රෝ මරීටාට කියනවා එයා එවන පෞද්ගලික ගුවන් යානයකින් මරීටාට කියුබාවට එන්න කියලා. පස්සෙ කාලෙක කරපු මාධ්‍ය සාකච්චාවලදි මරීටා කියනවා ඒ වෙද්දි, ඒ අවුරුද්දෙ අග වෙද්දි එයා ගැබ් අරගෙන හිටියෙ කියලත්. එයාගෙ pregnancy එකට මාස හතක් වෙද්දි කැස්ත්‍රෝ ගෙදර නැතිවෙලාවක කවුරුහරි එයාව මත් කරලා එයාව පැහැරගෙන යනවා.
මරීටා කැස්ත්‍රෝ හන්දා තමයි ගැබ් ගත්තෙ කියලා සාක්කි මුකුත් හොයාගන්න තිබුනෙ නැතත් එයා මාධ්‍ය සාකච්චාවක වතාවක් කියලා තියෙනවා තමන්ගෙ පුතා වෙච්ච අන්ද්රේව හම්බුවෙන්න එයා 1981 දි කියුබාවට ගියා කියලත්.
කොහොමහරි කිඩ්නැප් සීන් එකෙන් පස්සෙ මරීටා කියුබාවෙන් යනවා. අතුරුදහන් වෙච්ච දරුවා ගැන වේදනාවෙන් ඉඳපු මරීටා කැස්ත්‍රෝ එක්ක තිබ්බ තරහට පොඩි කාලයක් කැස්ත්‍රෝ විරෝධී කැම්පේන්වලටත් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කාලයේදී, CIA කොන්ත්‍රාත් නියෝජිත ෆ්රෑන්ක් ස්ටර්ගිස් හරහා CIA ආයතනයට සම්බන්ධ වී කැස්ත්‍රෝ ඝාතනය කරන්න එයාව බඳවා ගන්නවා. එයාලා මරීටාව ගුවන් ගමනකින් කියුබාවට එක්කරගෙන ගිහිල්ලා වැඩේට අවශ්‍ය කරන විශ පෙති පවා දීලා තියෙනවා. ඒ 1960 දි.

ඒත් මේ operation එක සාර්තක වෙන්නෙ නෑ. මොකද ඒ හමුවීමෙදි මරීටා ආයෙම කැස්ත්‍රෝට ආදරේ කරන්න පටන් ගන්න නිසා. ඒ නිසාම තමන් ආවෙ ඇයි කියන එක මරීටා කැස්ත්‍රෝට හෙලි කරනවා. පස්සෙ කාලෙක මේ ගැන කතාකරන ඉතිහාසඥයින් කියන්නෙ එදා ඒ operation එක සාර්තක උනා නම් බේ ඔෆ් පිග්ස් ආක්‍රමණය , කියුබාවේ කොමියුනිස්ට් පාලනය පෙරලා දැමීමට CIA අරමුදල් සපයන ලද උත්සාහයක් වගේ ගොඩක් දේවල් නොවී තිබෙන්න තිවුනා කියලා.
ඉතින් ඒ වෙනුවට මරීටා කරන්නෙ කැස්ත්‍රෝ එක්ක එක්සත් ජනපදයට පලා යන එක. හැබැයි ආයෙම වතාවක් තමන්ගෙ මව් රටට එන මරීටා තමන්ගෙ ස්තාවරය වෙනස් කරලා CIA අනුග්‍රහය ලබපු කැස්ත්‍රෝ විරෝධී ව්‍යාපාරයක් වෙච්ච Operation 40 කියන එක කියුබානු පිටුවහල් කරන්නන්ගේ ව්‍යාපාරයට සහය දෙනවා.
ඒවිතරක් නෙවෙයි බේ ඔෆ් පිග්ස් ආක්රමනයට එයා තුවක්කු කරුවෙක් ව්දියට උදව් කරනවා.ඒක ඉතාම දරුණු විදියට අසාර්තක උනාම, ගොඩක් කියුබානු පිටුවහල් කරුවන් මිය යනවා. ඒ වගේම කැස්ත්‍රෝ විරෝධී කණ්ඩායම එවකට ජනාධිපති ජෝන්.එෆ්.කෙනඩි කෙරෙහි වෛරයක් ඇති කරගන්නවා. ඒ වගේම මෙහෙයුම අතරතුර කාලෝචිත ආධාර ලබා දෙන්න බැරි වෙනවා.
1961 මාර්තු මාසයේ බේ ඔෆ් පිග්ස් කැම්පේන් එක අසාර්තක උනාට පස්සෙ ෆ්ලොරිඩාවේ පිටුවහල්ව ජීවත් වූ හිටපු වෙනිසියුලානු ඒකාධිපති මාකෝස් පෙරෙස් ජිමිනෙස්ගෙන් කොමියුනිස්ට් විරෝධී අරමුණ සඳහා පරිත්‍යාග එකතු කරන්න මරීටාව යවනවා. ඒ අනුව තමයි ඊලඟ අවුරුදු දෙකේ මරිටා එයාගෙ අනියම් බිරිඳ විදියට ඉන්නෙ. ඒ වෙද්දිත් මාකෝස්ට වෙන පවුලක් තිබ්බට මරීටාට මාකෝස්ගෙන් මොනිකා කියලා දරුවෙකුත් ලැබෙනවා.
මීට අමතරව මරීටාට Operation 40 සාමාජිකයෙක් වෙච්ච ලී හාවි ඔස්වල්ඩ් ගෙනුත් දරුවෙක් ඉන්නවා. ඔස්වල්ඩ් රහසෙන් වෙන ටීම් එකක් හදාගෙන යද්දි මරීට එයාලව හඳුන්වන්නෙ ඝාතක කණ්ඩායම කියලා. මරීටාට අනුව ඔස්වල්ඩ්, ස්ටර්ගිස්, කියුබානු පිටුවහල් නායකයින් වන ඔර්ලන්ඩෝ බොෂ් සහ පේද්රෝ ඩයස් ලාන්ස් සහ තවත් දෙදෙනෙකු සමඟ හවානා සිට ඩලස් දක්වා රහසිගත මාර්ග චාරිකාවක් සැලසුම් කරලත් තියෙනවා. මරීටාත් ඒකෙ කොටසක් වෙලා තියෙනවා. එතකොට එක්සත් ජනපදයේ ජනාධිපති වෙච්ච ජෝන් එෆ්. කෙනඩි (ඩී-මැසචුසෙට්ස්) ඝාතනය කිරීමේ ඔවුන්ගේ බිහිසුණු සැලැස්ම ගැන දැනගත්තට පස්සෙ මරීටා එයාලව අතහැරලා කියුබාවට යනවා. දින දෙකකට පසු ඔස්වල්ඩ් ජේ.එෆ්.කේ. ඝාතනය කරනවා. හැබැයි පස්සෙ වෙච්ච මාධ්‍ය සාකච්චාවලදි තමන් මේ operation එකට එකතු උනා කියල පිළිගත්තත් තමන් ඒ මිනීමැරුම කරා කියන එක ප්‍රතික්ශේප කරනවා.
“මරිටා කියන හැම දෙයක්ම බොරු කියලා මම කියන්නේ නැහැ, නමුත් ඇය සල්ලි වෙනුවෙන් ඕනෑම දෙයක් කරයි” කියලා ෆ්රෑන්ක් ස්ටර්ගිස් 1993 දී වැනිටි ෆෙයාර් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී කියනවා.
මරීටා සහ මාකෝස් අතර දේවල් එච්චරටම හොඳින් සිද්ද උනේ නැති හන්දා මාකෝස්වල් වෙනිසියුලාවට පිටුවහල් කරනවා.ගෑණු ළමයෙක් එක්ක මරීටා ගොඩක් ප්‍රශ්නවලට මූණ දෙනවා. මාකෝස්ව හොයාගන්න එයා වෙනිසියුලාවට යනවා. එහෙදි බුද්ධි අංශ නිළදාරියො එයාව අත් අඩංගුවට ගන්නවා. එයාවා මරීටව ඇමසන් වැසි වනාන්තරයේ යම් හුදකලා ප්‍රදේශයකට ගුවන් මගින් අරගෙන ගිහින් දාලා එනවා. මේ දෙන්නව හොයාගන්නෙ එහේ ඉන්න ගෝත්‍රික කණ්ඩායමක්. මරීටාගෙ අම්මාව එයාලව අරගෙන එන්න ගුවන් යානයක් එවන කම්ම මරීටා දරුව එක්ක ඒ ගෝත්‍රික ගමේ ජීවත්වෙනවා.
ආපසු ගෙදර එන මරීටාගෙ ජීවිතේට කලින්ට වඩා ගොඩක් හොඳ එකක් වෙනවා. එයා තව ටීම් එකක් එක්ක එක්කහුවෙලා කාලයක් වැඩ කරනවා. ඒ වගේම එයා තව මනුස්සයෙක්ව කසාද බැඳල එයාගෙනුත් පුතෙක් ඉන්නවා.
මාධ්‍ය සාකච්චාවක් කරපු මනුස්සයෙක් එයා ගැන මෙන්න මෙහෙම දෙයක් කියනවා,
“ඒ විනිවිද පෙනෙන බැල්ම, ඒ ලස්සන මුහුණ, ඒ නපුරු හා ආකර්ෂණීය සිනහව මම මුලින්ම දුටු අවස්ථාව මට කිසිදා අමතක නොවේ” කියලා.
ReplyForwardAdd reaction |