හැමදාම පැනල යන දුවව පාරේ යන කෙනෙක්ට කසාද බැන්දුවම කොහොම තියෙයිද?

අපි නිතරම ඔබට මලයාලම් චිත්‍රපට ගැන ඉඟි දෙනවානේ. ඒ ඉඟි වලින් චිත්‍රපට ගැන දැනගෙන, ඒ චිත්‍රපට නිර්දේශ කිරීම ගැන ස්තූතිවන්ත බව කියලා ඔබ අපිට එවන පණිවිඩ නිසා ආයේ ආයෙම ඔබට චිත්‍රපට ගැන රස ඔත්තු ගේන්න අපිටත් ආස හිතෙනවා. අද අපි ඔබට කියන්නේ පැනලා යන දුවෙක්ගේ ඒ පුරුද්ද නවත්තන්න පාරේ යන කෙනෙක්ට දුවවබන්දලා දෙන කතාවක් ගැන. මේ හින්දි සිතුවම් පටයේ නම Atrangi Re.

එහෙම නම් අපි බලමු ඒ සිතුවම් පටය ගලාගෙන යන්නේ කොහොමද කියලා.

සිතුවම්පටය ඇරබෙන්නේ ඉන්දියාවේ දුම්‍රිය නැවතුමකින්. දුම් රියෙන් බහින යුවතියකගේ පස්සෙන් පිරිසක් එලවගෙන එනවා. ඒ අයගෙන් බේරෙන්න ඒ යුවතිය දුම් රිය නැවතුමේ තියෙන කඩේක වතුර බෝතල් වලින් මේ පිරිසට ගහනවා. ඔය කලබලය දකිනවා, එවෙලේ ගමට ඇවිල්ලා ඉන්න වෛද්‍ය ශිෂ්‍යයෝ පිරිසක්. මේ වෛද්‍ය ශිෂ්‍යයෝ අතරේ ඉන්න එක්කෙනක් තමයි විෂ්ණු. විෂ්ණු ඒ ගෑණු ළමයාට උදව් කරන්න හිතනකොටම විශ්ණුගේ යාලුවා වෙන එම් එස් ඇවිල්ලා විෂ්ණුව නවත්තනවා.

” මේ බිහාර් වලට ඔව්වා සුලු දේවල් .. අනෙක ඒ කෙල්ලට උදව් ඕනි බවක් පෙනුනේ නෑ ..අපි යමු ..”

එම් එස් විෂ්ණුව එතනින් ඇදගෙන යනවා. අර යුවතියගේ නම රිංකු. රිංකු අන්තිමේදී බීම බෝතලේකුත් බොන ගමන්, තමන්ව හඹාගෙන ආව පිරිස දිහාවට ඇවිදගෙන යනවා.

ඊට පස්සේ පෙන්නන්නේ රිංකුගේ ගෙදර.

” කියපං කෙල්ලේ ..උබ කා එක්කද පැනලා ගියේ?..”

ආච්චි රිංකුට ගහ ගහ එහෙම ඇහුවත් රිංකු කරන්නේ නිහඬව ඉන්න එක.

: අපිටත් ඒ කොල්ලාව අල්ලගන්න  බැරි වුනා…”

රිංකු පස්සෙන් ආව කට්ටිය ආච්චිට එහෙම කියනවා.මේ රිංකු ගෙදරින් පැනලා ගිය පලවෙනි වතාව නෙවෙයි. ඒ හින්දාම රිංකුගේ ආච්චි රිංකු ගැන ඉන්නේ පුදුමාකාර තරහකින්. ආච්චි තීරණය කරනවා ගමෙන් පිට කෙනෙකුට හරි රිංකුව විවාහ කරවලා දෙන්න.

” කසාද බැන්දුවාම ආයේ මේකි පැනලා යන්නේ නෑනේ…”

ආච්චි එහෙමයි හිතන්නේ. ඒ අතරේ ආච්චි අසනිප වෙනවා.

” කවුරුම හරි කමක් නෑ… අහුවෙන කෙනෙක් එක්කගෙන එන්න .. මේකිව බන්දලා දාන්න ඕනි ..”

ආච්චි ඇගේ හිතවතුන්ට එහෙම කියනවා.

ඊට පස්සේ චිත්‍රපටය විෂ්ණු දිහාවට හැරෙනවා. විෂ්ණු විදුලි කණුවක් උඩට බඩගාගෙන ඔහුගේ පෙම්වතිය එක්ක ඇමතුමක ඉන්න බව අපිට පෙන්නවා. ඒ වගේම ඒ පෙම්වතිය විෂ්ණුගේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිතුමාගේ දියණිය බවත් ඇඟවෙනවා. කතා කර කර ඉන්න ගමන් ඇමතුම විසන්ධි වෙනවා.

” මොන කරදරයයක්ද බං ඔය ?…”

විදුලි කණුව දිගේ පහලට බඩගාන විෂ්ණුගෙන් එම් එස් අහනවා.

” එහෙම තමයි … ඩීන්ගේ දුවට ආදරේ කරන එක හිතන තරම් ලේසි නෑනේ …”

විෂ්ණු හිනාවෙවී මිතුරාට උත්තර දෙනවා.

ඔය  අතරේදී රිංකුගේ ආච්චිගේ කීම අහලා රිංකුට මනමාලයෙක් හොයන රිංකුගේ ගෙදර අය මේ දෙන්නාව දකිනවා.

” අර අරයා හොඳයි නේද ?…”

කට්ටිය පෙන්නනේ එම් එස්ව.

ඊට පස්සේ චිත්‍රපටය ආයෙම රිංකුගේ ගෙදර දිහාවට හැරෙනවා. රිංකුගේ දෙමාපියන්ගේ මරණ සංවස්තරය වෙනුවෙන් රිංකුගේ නැන්දා කීර් හදලා තියෙනවා. රිංකු ඒ කීර් පානය කරන ගමන් නැන්දාට ඇණුම් පද කියනවා. ඒ අතරේ  ගෙදර අය මොකක් හරි දේකට සූදානම් වෙන බව තේරුම් ගන්න රිංකු ආච්චිගේන් ඒ ගැන අහනවා.

” ලෑස්ති වෙන්නේ ඔයාගේ කසාදේට .. ඔයා දැන් මෙහෙ ඉඳන් පැනලා  ගියා ඇති .. හෙට ඉඳන් ඔයා මාමණ්ඩිගේ ගෙදර ඉඳන් පැනලා යන්න ..”

” එව්වා නම් කරන්න හිතන්නවත් එපා… මරලා දානවා ඔක්කොමලාම ..”

රිංකු එහෙම කියලා, අසනීප ආච්චිගේ ඉක්සිජන් බටෙත් ගලවලා දාලාම කාමරෙන් එලියට එනවා. ඒත් රිංකුට වැඩි දුරක් යන්න වෙන්නේ නෑ. රිංකු කලන්තේ දානවා.

” මම කීර් එකට නිදි පෙති දාපු නිසා හොඳයි ..”

රිංකුගේ නැන්දා එහෙම හිතන ගමන් රිංකුව බලෙන්ම මනමාලියක් විදියට හැඩ ගන්වනවා.

ඊට පස්සේ අපිට පෙන්නන්නේ රිංකුගේ ගෙදර අය එම් එස් කියලා හිතාගෙන වැරදීමකින් විෂ්ණුව පැහැරගෙන ඇවිල්ලා බව. තමන්ව බිලි පූජාවකට ගෙනල්ලා කියලා හිතාගෙන විෂ්ණු එක දිගටම කෑ ගහනවා. ඊට පස්සේ රිංකුගේ ගෙදර අය විෂ්ණුට හිනා ගෑස් අල්ලනවා. ඊට පස්සේ හිනා වෙවී ඉන්න විෂ්ණුවයි, සිහියක්නැතුව ඉන්න රිංකුවයි මංගල පීඨිකාවේ වාඩි කරවනවා. ඊළඟ දවසේම කෝච්චියෙන් මේ දෙන්නාව යවනවා. ඒ වෙද්දී රිංකු සිහියට ඇවිල්ලා උන්නත්, විෂ්ණු ඉන්නේ හිනාවෙවීමයි.

” හිනා වෙන එක නවත්තගන්නවා.. මතක තියාගන්නවා.. මේ කසාදේ කලේ බලෙන් … මට මේක ඕනි නෑ .. මම ඔහේ එක්ක එන්නේ නෑ ..”

රිංකු කෝපයෙන් කෑ ගහනවා.

” ඔහේ හිතන්නේ මට මේ කසාදේ ඕනි කියලාද ?.. තව දවස් දෙකකින් මගේ ගිවිස ගැනීම .. මැන්ඩි මාව මරාවි .. මට තේරෙන්නේ නෑ මොකක්ද කරන්න ඕනි කියලා ..”

විෂ්ණුත් කෝපයෙන් රිංකුට කියනවා.  ඒ වෙලාවේ රිංකුට තේරෙනවා විෂ්ණුත් මේ කසාදයට අකමැති බව.

” එහෙනම් හරිනේ .. කෝච්චියෙන් බැස්සම අපි දෙන්නා අපි දෙන්නාගේ ගමන් තනි තනියෙන් යමු ..”

රිංකු කිව්වම විෂ්ණුත් එක පයින් ඒකට එකඟ වෙනවා

” හරි මට කියන්නකෝ ඔයාගේ ආදර කතාව ..”

යන අතරමඟදී රිංකු අහනවා.

” කැම්පස් එකේ ෆර්ස්ට් ඉයර් එකේදී මට එයාව හම්බවුනේ … අපි එකිනකාට කැමති වුනා…”

” ඒ මොන ආදර කතාවක්ද අනේ ඒ .. බිහාර් වල නම් පවුල් දෙක ගහ මරාගෙන දෙතුන් දෙනෙක් මැරෙන කතාවක් තමා ආදර කතාවක් වෙන්නේ … එහෙම නැති කතා ප්‍රපෝසල් එකක් …”

රිංකු එහෙම කිව්වම විෂ්ණුත් ඒකට එකඟ වෙනවා.

” ඔව්වා නෙවෙයි ආදර කතා .. මම ඔයාට කියන්නම් මගේ ආදර කතාව …”

ඊට පස්සේ රිංකු පත්තර කෑල්ලක තියෙන රූපයක් පෙන්නවා.

” මේ සජ්ජාඩ් … එයා මුස්ලිම් කෙනෙක් … මේ අවුරුදු හතට මම විසි එක් වතාවක් එයා එක්ක පැනලා ගියා …. මට කොච්චර ගැහුවත් මම එයා ගැන කිව්වේ නෑ .. එයා මැජික් කරන කෙනෙක් .. මේ දවස් වල අප්‍රිකාවට ගිහින් ඉන්නේ එයා ….. “

මෙහෙම කිව්වට පස්සේ විෂ්ණු තීරණය කරනවා සජ්ජාඩ් එනකල්, රිංකුව තමන් ලඟ පරෙස්ස්ම් ඇතුව තියාගන්න.

ඉතින්, සජ්ජාඩ් කියන්නේ ඇත්තටම කවුද ?

රිංකුගෙයි විෂ්ණුගෙයි විවාහය ඇත්තටම බොරුවක්ද ?

මැන්ඩිටයි විෂ්ණුටයි මොකද වෙන්නේ?

එම් එස් චිත්‍රපටයට ආයේ එන්නේ කොහොමද ?

මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් ඔබට Atrangi Re බලන්නම වෙනවා. 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles