හොද මූල්‍යමය පුරුදු ජීවිතේට එකතු කරගමු

ඔබ සතුව ඇති මූල්‍යමය පුරුදු ඔබේ මූල්‍ය තත්ත්වය ධනාත්මකව සහ සෘණාත්මකව වෙනස් කරනවා.හොඳ මූල්‍යමය පුරුදු අනුගමනය කිරීම ඔබේ මූල්‍යමය තත්ත්වය වර්ධනය කිරීමට සෘජුවම බලපාන අතර ඔබට මූල්‍යමය ගැටලු පිළිබඳව වද වීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔබේ පෞද්ගලික මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් හොඳම තීරණ ගැනීමට නම් ඔබ අනුගමනය කළ යුතු ප්‍රධාන මූල්‍යමය පුරුදු කිහිපයක් තිබෙනවා.

xr:d:DAFcVZxqwtU:2,j:48143998863,t:23030513

ඔබේ මුදල් අයවැය ගත කිරීම 

මුදල් ඵලදායි ලෙස කළමනාකරණය කිරීමේදී අයවැයකරණය යනු ඔබ අනුගමනය කළ යුතු මුල්ම පුරුදු වලින් එකක් ලෙස හඳුන්වන්නට පුළුවන්. අයවැයක් ගොඩ නැගීම මගින් ඔබ කොපමණ මුදලක් වියදම් කරනවාද , සෑම මසකම ඔබ කොපමණ මුදලක් උපයනවාද යන්න ඔබට අවබෝධයක් ලබා ගැනීමට ඉඩ  සලසනවා. මෙමගින් ඔබ අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීම බොහෝ දුරට අවම කරනවා. ඊට අමතරව ඔබේ ස්ථාවර වියදම් , එනම් අත්‍යවශ්‍ය බඩු මිලදී ගැනීම , බිල් පත් ගෙවීම, නිවාස සහ වාහන වලට අදාල වියදම් මොනවාදැයි ඔබට නිශ්චිතවම අවබෝධ කරගත හැකි වන අතර ඊට අමතරව ඔබ විසින් සිදු කරන ලද වියදම් පිළිබඳව ප්‍රබෝධයක් ලබා ගැනීමට සහ ඒවා පාලනය කර ගැනීමට හැකියාව ලැබෙනවා.

මූල්‍ය ඉලක්ක තබා ගැනීම 

xr:d:DAFcVQneb5c:2,j:48143611808,t:23030513

ඔබ අනුගමනය කළ යුතු මූල්‍ය පුරුදු වලින් තවත් හොඳම පුරුද්දක් තමයි මූල්‍ය ඉලක්ක තබා ගැනීම. නව නිවසක් මිලදී ගැනීම, වාහනයක් මිලදී ගැනීම , ඉගෙනීම් කටයුත්තක් සඳහා මුදල් වෙන් කිරීම ,නිවසට අත්‍යවශ්‍ය දෙයක් මිලදී ගැනීම හෝ ණය මුදලක් සම්පූර්ණයෙන් ගෙවා දැමීම වැනි ඉලක්කයක් ඔබට තිබෙනවා නම් ඔබට ඔබේ වියදම් පාලනය කර ගැනීමට සහ මුදල් හොඳින් කළමනාකරණය කර ගැනීමට සිදු වනවා.  මෙහිදී ඔබ මුදල් නොසැලකිලිමත් ලෙස වියදම් කිරීම බොහෝ දුරට වළක්වා ගත හැකිවන අතර ඔබ තබා ගෙන තිබෙන මූල්‍ය ඉලක්කය අනුව මුදල් ඉතිරි කිරීමට ඔබ තුළම උනන්දුවක් ඇති වනවා.

බිල්පත් ඉක්මනින් ගෙවීම 

xr:d:DAFcVfeDFDw:2,j:193900444,t:23030513

ඔබ අනුගමනය කළ යුතු හොඳ මූල්‍ය පුරුදු වලින් එකක් වන්නේ බිල්පත් ඉක්මනින් ගෙවා දැමීමයි.ඔබ ඔබේ බිල්පත් ඉක්මනින් ගෙවා දමන විට ඔබට ප්‍රමාද ගාස්තු වළක්වා ගත හැකි වනවා වගේම ඔබ ණය මුදලක් සඳහා ගෙවීමක් සිදු කරනවා නම් ඔබට හොඳ ණය ඉතිහාසයක් ස්ථාපිත කර ගත හැකි වනවා.ඔබට ගෙවීම් සඳහන් නියමිත දෙනයන් මතක තබා ගත නොහැකි නම් දුරකථනයේ මතක් කිරීමක් හෝ ස්වයංක්‍රීය ගෙවීමක් සකසා ගත හැකියි.  

ණය වීමෙන් වැළකීම 

මාසිකව ඔබ උපයන මුදල ණය මුදලක් සඳහා වෙන් කිරීමට සිදුවනවා නම් එය ඔබට මානසික වශයෙන් අතිශය පීඩාවක් ගෙන දෙන කාරණාවක් වනවා. ඒ නිසා හැකිතාක් දුරට ඔබේ අත්‍යවශ්‍ය වියදම් සඳහා ඔබ උපයන මුදල වියදම් කරමින් සුළු මුදලක් හෝ ඉතිරි කිරීමට උත්සාහ ගන්න. ඔබේ ආදායමට වඩා වියදම වැඩි නම් ඔබට මාසය අවසානයේදී ණය වීමට සිදු වනවා. ඒ නිසා හැකිතාක් ඔබේ ආදායමට අනුව වියදම සකස් කර ගැනීමට උත්සාහ කරන්න.

විශ්‍රාම ගැනීම සඳහා සැලසුම් කිරීම

විශ්‍රාම ගැනීම සඳහා මුදලක් ඉතිරි කිරීම ඔබ නිසැකවම අනුගමනය කළ යුතු හොඳ මූල්‍ය පුරුදු වලින් එකක්.ඔබට සාර්ථකව විශ්‍රාම ගැනීමට නොහැකි නම් එයින් අදහස් වන්නේ  ඔබ ප්‍රමාණවත් තරම් වෙහෙස මහන්සි වී වැඩ කර නොමැති බවයි. ඒ නිසා ඔබේ ඉදිරි කාලය සඳහා සුව පහසුවෙන් ජීවත්වීමට ඔබට මුදල් අවශ්‍ය වන නිසා ඔබේ වැටුපෙන් සුළු ප්‍රමාණයක් හෝ ඒ සඳහා ආයෝජනය කරන්න.

හදිසි අවස්ථා සඳහා මුදල් තබා ගැනීම 

ඔබේ ජීවිතයේ ඇතිවිය හැකි බලාපොරොත්තු නොවන හදිසි අවස්ථා පිළිබඳව ඔබට මේ මොහොතේදී කිසිදු අදහසක් නැහැ.  ඒ නිසා එවැනි අවස්ථා සඳහා ප්‍රයෝජනයට ගතහැකි වන ලෙස යම් මුදලක් ඉතිරි කර තැබීම ඔබටත් අනුගමනය කළ හැකි තවත් එක හොඳ මූල්‍ය පුරුද්දක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඔබේ වාහනයේ යම් නඩත්තු කටයුත්තක් සඳහා , නිවසේ නඩත්තු කටයුත්තක් සඳහා , දරුවන්ගේ අධ්‍යාපනික වැඩ කටයුත්තක් සඳහා හෝ හදිසි අසනීපයකදී රෝහල් ගත වීම සඳහා මුදලක් ඉතිරි කර තැබීම ඉතාම නුවණැති ක්‍රියාවක්.

අරපිරිමැස්මෙන් ජීවත් වීම 

ඔබේ මූල්‍ය තත්වය පහත වැටුණුණු විට ඔබට ගත හැකි හොඳම තීරණය වන්නේ ඔබ උපයන මුදලට වඩා අඩුවෙන් ජීවත් වීමයි. එනම් ඔබේ ආදායමට වඩා අඩුවෙන් වියදම සකස් කර ගැනීමයි. නිවසට අවශ්‍ය කරන බඩු මිලදී ගැනීමේ සිට ඔබට ඔබේ වියදම් පාලනය කරගත හැකි , අනවශ්‍ය වියදම් අඩු කර ගතහැකි ක්‍රම බොහෝමයක් තිබෙනවා. මේවා අනුගමනය කිරීම මගින් අර පිරිමැස්මෙන් ජීවත් වීමට ඔබට හැකියාව ලැබෙනවා.

මෙවැනි පුරුදු අනුගමනය කිරීම මගින් ඔබට ඔබේ මූල්‍ය කටයුතුවල පැහැදිලි වෙනසක් සහ දියුණුවක් දැකගත හැකි වනවා නොඅනුමානයි. නමුත් මෙම පුරුදු ඉතා ඉක්මනින් අනුගමනය කළ හැකි ඒවා නොවන අතර ඒවා ක්‍රම ක්‍රමයෙන් ඔබේ ජීවිතයට එකතු කර ගත යුතුයි.

Related Articles

Don't Miss


Latest Articles