මව්වරුන්ට ප්‍රසූත නිවාඩු ලබා දීමට කැපවූ ශ්‍රී ලංකාවේ පළමු මහාචාර්යවරිය

වෛද්‍ය විද්‍යාව පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු මහාචාර්යවරිය වෙන ළමා රෝග විශේෂඥ මහාචාර්ය ප්‍රියානි සොයිසා පසුගිය අප්‍රේල් 10 වෙනිදා බොරැල්ල කනත්තේදී අවසන් ගමන් යනවා.. අප්‍රේල් මස 7 වන දා අභාවප්‍රාප්ත වෙද්දි එතුමියගෙ වයස අවුරුදු 97ක්.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරියක ලෙස සේවය කල එතුමිය, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරියක විදියටත් සේවය කරලා තියෙනවා.

එතුමිය උපත ලබන්නෙ 1925 නොවැම්බර් මස 23 වන දා මොරටුවේදී. මූලික අධ්‍යාපනය මොරටුවේ වේල්ස් කුමරිය විද්‍යාලයෙන් ලබාගන්න ඇය පස්සෙ කොලබ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වෙලා තමන්ගෙ වෛද්‍ය උපාධිය ලබාගන්නවා. එතනින් පස්සෙ වෛද්‍ය විද්‍යාව පිළිබඳව වැඩිදුර හදාරන්න බ්‍රිතාන්‍යය බලා යනවා. බ්‍රිතාන්‍යයෙන් තමන්ට අවශ්‍ය දැනුම ලබාගන්න ප්‍රියානි මහත්මිය වෛද්‍ය විද්‍යාව ඵිළිබඳ ආචාර්‍ය උපාධිය අරගෙන ලංකාවට ඇවිල්ලා කොළබ විශ්ව විද්‍යාලයේ කතිකාචාර්ය වරියක් විදියට සේවය කරන්නත් යනවා.

MBBS(Cey), DCH(Eng), MD(Cey), DSc (Ruhuna) Honoris causa, FRCP(Edin), FRCP(Lond), FRCPCH(UK), FCCP(SL), FSLCPaed කියන්නෙ ප්‍රියානි මහත්මිය තමන්ගෙ අධ්‍යාපනික journey එකේ පහුකරපු milestones වලින් කිහිපයක්. මේවට අමතරව ප්‍රියානි මහත්මිය  වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනයට බලපාපු නව පර්යේෂණ ගොඩකට හරිම active විදියට දායක වෙලත් තියෙනව කියන එක සඳහන් වෙනවා.

ළමා වාට්ටුවල දරුවන් කැටුව මව්වරුන්ට සිටීමට අවස්ථාව සලසාදීම, ප්‍රසූත නිවාඩු කාලය මාස 3 ක් දක්වා ලබාදීම සඳහා කටයුතු කිරීම, මව්කිරි දීම ප්‍රවර්ධනය, පෝලියෝ රෝගය තුරන් කිරීමේ ව්‍යාපෘතියට මෙන්ම ළමුන්ගේ පෝෂණය පිළිබඳව ක්‍රියාකාරීව කටයුතු කිරීම ඇය මෙරට ළමා පරපුර වෙනුවෙන් කළ සුවිශේෂී මෙහෙවර අතර මුල් තැනක් අරගන්නවා. අලුත උපන් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් මව් කිරි දීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සදහා පමණක් නොව ඒ සදහා අවශ්‍ය පරිපාලනමය පසුබිම සකස් කිරීමට මහාචාර්ය ප්‍රියානි සොයිසා කැප වෙලා ක්‍රියාකරන්න පටන් ගන්නෙ මෙන්න මේ කාලයේ. 1980 දශකයේදී මව් කිරි වෙනුවට වෙනත් ආදේශක කිරිපිටි හදුන්වා දීම සදහා වෙළෙද ප්‍රචාරණ කටයුතු අධිකව සිදු කරගෙන ගිය බව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය පූජිත් වික්‍රමසිංහ බීබීසී සිංහල සේවයට කියන්නෙ මෙන්න මේ වගේ.

 “ඒ කාලයේ මව් කිරි වෙනුවට වෙනත් ආදේශක ලබා දීම සහ ඒවා ප්‍රචාරණය කිරීමට එරෙහිව මහාචාර්ය ප්‍රියානි සොයිසා මහත්මිය දැඩිව ක්‍රියා කළා. ඇය මේ පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය කරා ගෙන ගියා. ඒ අනුව තමයි, මව් කිරි ආදේශක සදහා වෙළෙඳ ප්‍රචාරණ කටයුතු කිරීම තහනම් කළේ”. ඇයගේ මෙම ක්‍රියාන්විතය හරහා මව් කිරි දීමේ අගය කෙරෙහි ලෝකයේ ම අවධානය යොමු වුණා කියන එකත් පූජිත මහත්මයා මෙතනදි වැඩිදුරටත් කියනවා.

 “මහාචාර්යතුමිය එතනින් නැවතුණේ නෑ. මව් කිරි දීම වැදගත් වුණත් වැඩ කරන මව්වරුන්ට තමන්ගේ දරුවාට කිරි දෙන්න විදිහක් ඒ කාලයේ තිබුණේ නෑ. ඒ කාලේ ප්‍රසූත නිවාඩු තිබුණෙ නෑ. ඇය සටන් කළා මව්වරුන්ට මව් කිරි දීම සදහා ප්‍රමාණවත් ප්‍රසූත නිවාඩු සංඛ්‍යාවක් දිය යුතු බව. ඒ උත්සහය සහ කැපවීම නිසා තමයි ශ්‍රී ලංකාවේ මව්වරුන්ට ඒ මහගු අවස්ථාව ලැබුණේ. ඒක ශ්‍රී ලංකාවේ ළමා පෝෂණයට ඍජු ලෙස බලපෑවා,”.

ඒ කැපවීම අනුව තමයි මේ වෙද්දි  දරු ප්‍රසූතියකදී මව්වරුන්ට වැඩ කරන දින 84ක වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ලැබෙන්නෙ. මෙතුමිය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කරලත් තියෙනවා. කොලෝ වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග අංශය භාරව සිටි මහාචාර්ය සී සී ද සිල්වා මහතා විශ්‍රාම යාම හේතුවෙන් වෛද්‍ය ප්‍රියානි සොයිසා මහත්මියට පස්සෙ ඒ තනතුර භාරගන්න වෙලා තියෙනවා. ඇය 1991 දී විශ්‍රාම යන විට කොළඹ වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ළමා රෝග පිළිබඳ මහාචාර්යවරියක් ලෙස අඛණ්ඩව වසර විසිපහක් සේවය කරලත් තියෙනවා. එතුමියගෙ researchers ගොඩක් විද්‍යාඥයින් පවා පුදුමයට පත් කරලා තියෙනවා. ඒ පර්‍යේෂන අතරෙ බෝවන රෝග වගේම පෝෂනය සම්බන්ධ පර්‍යේෂනත් තිබිලා තියෙනවා. එතුමිය මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීමට මහන්සි වෙච්ච කාලෙදි ඒ සම්බන්ධව මව්වරුන්ට අධ්‍යාපනයක් තිබිලා නෑ. “පළමු මාස හතර – මව්කිරි පමණක් ලබා දී දරුවන්ට දෙන කිරිපිටි ඉවත් කළ යුතුයි” යන නීති රටට හඳුන්වා දීමේ මඟපෙන්වන්නිය වෙන්න ඇය කටයුතු කරන්නෙ ඒ නිසා. මව්වරුන්ට තම දරුවන් සමඟ ළමා වාට්ටුවල රැඳී සිටීමට අවස්ථා නිර්මාණය කිරීම, මව්වරුන්ට මාස තුනක් දක්වා මාතෘ නිවාඩු ලබාදීමට කටයුතු කිරීම, මව්කිරි දීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම, පෝලියෝ මර්දන වැඩසටහන, ළමුන්ගේ පෝෂණය පිළිබඳව ක්‍රියාකාරීව කටයුතු කිරීම, ඇය මෙරට ළමා පරපුර වෙනුවෙන් කළ සුවිශේෂී මෙහෙවර අතර ගොඩක්ම කැපී පෙනෙන ඒවා.

මෙතුමිය ක්‍රියාකාරීව කටයුතු කරේ මේ මව්වරුන් සහ මව්කිරි දීම වෙනුවෙන් විතරක්ම නෙවෙයි. ශ්‍රී ලංකාවෙන් පෝලියෝ රෝගය අයින් කරලම දාන්නත් ගොඩක් මහන්සි වෙච්ච වෛද්‍යවරියක් විදියට ප්‍රියානි මහත්මියගෙ නම ශ්‍රී ලාංකේය වෛද්‍ය ඉතිහාසයේ ලියවිලා තියෙනවා.මේ මහත්මියගේ ක්‍රියාකාරිත්වය යටතේ තමයි  ශ්‍රී ලංකාවේ පෝලියෝ තුරන් කිරීමේ කාර්ය සාධක බළකායක් පටන් ගන්නෙ. ඒ කැපවීම නිසා තමයි පෝලියෝ රෝගය ලංකාවෙන් අයින් කරලා දාන්න පුලුවන්වෙන්නෙ.

ඒ වගේම ලංකාවේ වෛද්‍ය ක්ශේත්‍රය ඉහලට අරගෙන යන්න උදව් වෙන තනතුරු සහ ආයතන කිහිපයකම මුල් තැන අරගෙන ගොඩක් කැපවීමෙන් ඒ වෙනුවෙන් කටයුතු කරන්නත් මෙතුමිය කටයුතු කරලා තියෙනවා.  ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සභාපති සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති කියන්නෙ ප්‍රියානි මහත්මිය ඒ විදියට දරපු තනතුරුවලින් කීපයක්.

මේ විදියට වෛද්‍ය ක්ශේත්‍රය වෙනුවෙන් ගොඩක් මහන්සිවෙලා වැඩ කරන එතුමිය විශ්‍රාම යන්නෙ 1991 අවුරුද්දෙ. ඉන්පස්සෙත් වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් කරපු මෙහෙවරයට  2017 අවුරුද්දෙදි ඒ අවුරුද්දෙ ජනාධිපති වෙලා උන්න මෛත්‍රිපාල සිරිසේන මහත්තයා අතින් දේශමාන්‍ය ගෞර්ව සම්මානයට පාත්‍ර වෙන්නත් එතුමියට පුලුවන් වෙනවා. මේ හැම රාජකාරියක්ම අස්සෙ රාජකාරි ජීවිතයෙත් ආදරණීය අම්මා කෙනෙක් උන ප්‍රියානි මහත්මිය තමන්ගෙ ගෙදරටත් ආදරණීය අම්මා කෙනෙක් වුන බව කියන්නෙ මහාචාර්ය වෛද්‍ය පූජිත් වික්‍රමසිංහ. කොච්චර busy work life එකක් ඇතුලෙ උනත් තමන්ගෙ පවුලට දෙන්න ඕන අවධානය හැමතිස්සෙම දෙන්න එතුමිය කටයුතු කරා කියන එක මහාචාර්ය වෛද්‍ය පූජිත් වික්‍රමසිංහ මහත්තයා තමන්ගෙ කතාව අතරවාරෙදි කියනවා.

වෛද්‍ය විද්‍යාලයෙන් විශ්‍රාම ගත්තත් එතුමියට වගකිවයුතු වෛද්‍ය භූමිකාවෙන් විවේකයක් ගැනීමට ඉඩක් ලැබෙන්නෙ නෑ. Sri Lanka College of Paediatrians , The postgraduate institute of Medical Sciences) හි ප්‍රථම සභාපතිනිය වෙන්න ඇයට අවස්තාව ලැබෙන්නෙ මේ සියල්ල අතරේ බරපතළ අභියෝග හා බාධකවලට මුහුණදීමට ද ඇයට සිදුවූ අවස්ථා අනන්තය. ශ්‍රී ලංකා ඉතිහාසයේ වෛද්‍යවරියකගේ නොසැලකිල්ලට (Law act to medical negligence) ගොනුකළ පළමු නඩුවට ද මුහුණදීමට ඇයට සිදුවෙනවා. නීතීඥ රියන්සි අර්සකුලරත්න මහත්මිය හදිසි අසනීපයකින් පසුව ප්‍රතිකාර ගැනීම සඳහා 1992 අප්‍රේල් 18 දින තම දියණිය ඇය වෙත රැගෙන එනවා. මහාචාර්යවරයා දැරියගේ රෝගය රූමැටික් රෝගියෙකු ලෙස හඳුනාගෙන ප්‍රතිකාර කරනවා. රුමැටිකෝරියා රෝගයට මාසයක් ප්‍රතිකාර ගත්ත ද ඇත්තටම ඇයට තිබී ඇත්තේ මොළයේ පිළිකාවක්. ප්‍රතිකාර අතරතුර දැරියගේ දෙමාපියන් ඇයව ප්‍රතිකාරවලින් ඉවත් කර විදේශගත කර ඇතත් එම වසරේම ජුනි 19 වැනිදා දැරිය අවාසනාවන්ත ලෙස මෙලොව හැර යනවා. ප්‍රමාද නොවී හඳුනාගත්තේ නම් තම දියණිය බේරා ගැනීමට හැකිව තිබූ බව විශ්වාස කළ දැරියගේ පියා වන අර්සකුලරත්න මහතා ඇයට එරෙහිව දිසා අධිකරණයේ නඩු පවරා නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු පැමිණිලි පාර්ශ්වයට රුපියල් ලක්ෂ පහක් ගෙවන ලෙස ඇයට නියෝගයක් ලැබෙනවා. ප්‍රියානි මහත්මිය ඊට එරෙහිව අභියාචනවක් ඉදිරිපත් කරනවා. නඩුව පහළ අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඉහළට යනවා. එදා මාධ්‍ය තුළත් සමාජය පුරාත් මෙය කතාබහට ලක්වෙනවා.

 අවසානයේ මහාචාර්ය ප්‍රියානි සොයිසා සියලු චෝදනාවලින් නිදහස් වූයේ නඩු ගාස්තු ද නැවත ගැනීමට තීරණය කරමින්. නමුත් ඇය සනාතන ධර්මය නීතියට වඩා වෙනස් මාර්ගයක් බව පෙන්වමින් නඩු ගාස්තුව පවා කරුණාවෙන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

ඉතින් මහාචාර්ය ප්‍රියානි සොයිසා මහත්මිය සිය අසමසම මෙහෙවර අවසන් කොට අවසන් ගමන් යන්නෙ දැනුමින්, පර්යේෂණවලින්, මෙහෙවරින්, අත්දැකීමෙන් සහ බුද්ධියෙන් වෛද්‍ය විද්‍යාවට මෙන්ම ශ්‍රී ලංකා ඉතිහාසයටත් නොමැකෙන සලකුණු ඉතිරි කරලා.

විස්තර උපුටා ගැනීම

 Indu Abenayake සහ https://newswave.lk/51639/

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles