රුව වඩමින් පිළිකා සමඟ සටන් කරන අලිගැටපේර තෙල්වල ගුණ

අලිගැටපේර තෙල් වල අඩංගු පෝශණ ගුණය නිසාම එය බොහෝ රට වල් වල ප්‍රසිද්ධ තෙල් වර්ගයක් ලෙස සැලකෙනවා.සාමාන්‍යයෙන් ශාක පදනම් වූ තෙල් නිස්සාරණය කරන්නේ බීජ වලින් වන නමුත් අලිගැටපේර තෙල් යනු එම පලතුරෙන්ම නිස්සාරණය කරනු ලබන විශේෂිත තෙල් වර්ගයකි. අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සහ ඛනිජ ලවණ රැසක් අඩංගු වන අලිගැටපේර තෙල් වලින් ඔබට ලබාගත හැකි ප්‍රතිලාභ ගැනයි මේ ලිපිය.

අලිගැටපේර තෙල් වල අඩංගු පෝෂණ සංඝටක මොනවද ?

කැලරි
මේදය
ප්‍රෝටීන්
කාබෝහයිඩ්රේට්
සංතෘප්ත මේද අම්ල
මොනොසැටරේටඩ් මේද අම්ල
බහු අසංතෘප්ත මේද අම්ල

  • අලිගැටපේර තෙල් මගින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ මොනවාද?

හෘද සෞඛ්‍යය වැඩි දියුණු කරයි

අලිගැට පේර තෙල්වල ප්‍රධාන වශයෙන් මොනොසැටරේටඩ් මේද, 70% , 13% බහු අසංතෘප්ත මේද සහ 12% සංතෘප්ත මේද අඩංගු වනවා. එමනිසා, එය හෘද රෝග කිහිපයක අවදානම ඉවත් කිරීමට උපකාරී වන හෘද සෞඛ්‍ය සම්පන්න තෙල් වර්ගයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

අලිගැට පේර තෙල් LDL කොලෙස්ටරෝල් අඩු කිරීමට සහ HDL කොලෙස්ටරෝල් වැඩි කිරීමට උපකාරී වේ. එහි ප්‍රතිඵලයක් ලෙස, එය හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට සහ කිරීටක රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාරී වනවා. මීට අමතරව, අලිගැට පේර තෙල්වල ප්‍රති-ගිනි අවුලුවන ගුණ ඇති අතර එමඟින් ධමනි බිත්තිවලට හානි වීම වැළැක්වීමට උපකාරී වනවා. එපමණක් නොව අලිගැටපේර තෙල් විටමින් ඊ වල හොඳ ප්‍රභවයකි. අලිගැටපේර වල ඇති විටමින් ඊ රුධිර නාලවල සෞඛ්‍යය හොඳින් පවත්වා ගැනීමටද උපකාරී වනවා

සම නීරෝගී කරයි

අලිගැට පේර තෙල්වල බීටා කැරොටින්, ලුටීන්, ප්‍රෝටීන්, ලෙසිතින්, ඔමේගා මේද අම්ල සහ විටමින් ඊ වැනි අත්‍යවශ්‍ය ප්‍රතිඔක්සිකාරක අඩංගු වනවා. මෙම ප්‍රතිඔක්සිකාරක සමේ බාධක ශක්තිමත් කිරීමට සහ හානියට පත් සම සුවපත් කිරීම වේගවත් කිරීමට උපකාරී වනවා . මීට අමතරව, අලිගැට පේර තෙල් සම පෝෂණය කිරීමට සහ UV කිරණවලින් ආරක්ෂා කිරීමට සහය දක්නවා. තවද, අලිගැට පේර තෙල් කැළැල් සහ තුවාල පහසුවෙන් සුව කිරීමට භාවිතා කල හැකිය. එහි පොටෑසියම් සහ ලෙසිතින් අඩංගු වන අතර එය සමේ නව සෛල වර්ධනයටද උපකාරී වනවා. මීට අමතරව සමේ රැලි ඇතිවීම අවම කිරීමට , සම වියපත් වීම අවම කිරීම ට ද අලිගැටපේර තෙල් භාවිතා කළ හැකි වන අතර අලිගැටපේර තෙල්වල ඇති විටමින් A සහ ​​E සම පෝෂණය කිරීමට සහ කොලජන් නිෂ්පාදනය වැඩි කිරීමට සහය වෙමින් එහි ප්‍රතිඵලයක් ලෙස සම තරුණ පෙනුමක් ලබා දෙයි

හිසකෙස් වර්ධනය වේගවත් කරයි

අලිගැටපේර විටමින් E වලින් පොහොසත් වන අතර, අලිගැටපේර තෙල් හිස්කබල පෝෂණය කිරීමට සහ හිස් කබලෙහි තෙතමනය රඳා පවත්වා ගැනීමට භාවිතා කිරීමට හැකියාව තිබෙනවා. අලිගැට පේර වල ඇති විටමින් බී, ඊ සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එය හිසකෙස් වර්ධනය උත්තේජනය කිරීමටද උපකාරී වනවා. මීට අමතරව අලිගැටපේර තෙල් භාවිතා කිරීම මගින් හිසකෙස් කැඩීයාම අවම කිරීම , හිසකෙස් හැලීම අවම කිරීම ද සිදු කෙරෙනවා

සුව කිරීමේ ගුණය

අලිගැටපේර තෙල් භාවිතා කිරීම සමෙහි ඇති කැලැල් සහ තුවාල සුව කිරීමට හැකි බව අප ඉහත සඳහන් කළා. ඊට අමතරව කෘමින් , මකුණන් ආදි සතුන්ගේ දශ්ට කිරීම් ආදිය සුව කිරීමේ ගුණයක්ද අලිගැටපේර තෙල් සතු වෙනවා

සන්ධි වල වේදනාකාරී බව නසයි

ආතරයිටිස් තත්ත්වයන් නිසා සන්ධිවල ඇතිවන වේදනාකාරී දැවිල්ල පාලනය කිරීමට දිනපතා අලිගැටපේර තෙල් භාවිතා කිරීම මඟින් හැකියාව තිබෙනවා.ඊට අමතරව සන්ධිවල ඇති තද ගතිය අඩු කිරීම සඳහා ද අලිගැටපේර තෙල් උපකාරී වනවා.

ආහාර දිරවීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කරයි

අලිගැටපේර තෙල් වල අඩංගු වන සෞඛ්‍ය සම්පන්න මේද බඩවැල් වල ඇති ශ්ලේෂ්මල පටලය පෝෂණය කරනවා.එමඟින් පෝෂ්‍ය පදාර්ථ නිසි ලෙස අවශෝෂණය කර ගැනීමේ හැකියාව දියුණු කරමින් ආහාර දිරවීමේ ක්‍රියාවලිය ද වැඩිදියුණු කරනවා

රුධිර පීඩනය අඩු කරයි

අලිගැටපේර තෙල් වල විටමින් E අඩංගු වන අතර එමගින් රුධිර නාල නිරෝගී කරනවා.අලිගැට පේර තෙල් අඩංගු ආහාර මගින් වකුගඩු වල ඇති අත්‍යවශ්‍ය මේද තෙල් මට්ටම් ද වෙනස් වන අතර මෙය ඔබගේ රුධිර පීඩනය නියාමනය කරන හෝමෝන වලට ඔවුන් ප්‍රතිචාර දක්වන ආකාරයට බලපෑමක් එල්ල කරනවා. මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස ඔබේ රුධිර පීඩනය වැඩිවීම අවම කරනවා

පිලිකා සමග සටන් කිරීමට සහ ඇති වීම වැළැක්වීමට උපකාරී වෙයි

අලිගැටපේර තෙල් මොනොසැටරේටඩ් ඔලෙයික් අම්ලයෙන් ඔලෙයික් අම්ලයේ ප්‍රතිලාභවලින් එකක් ලෙස පිළිකා ඇතිවීමේ අවදානම අඩු කිරීම හැඳින්වෙනවා . අලිගැටපේර තෙල්වල ඇති ඔමේගා 3 මේද අම්ල ප්‍රසිද්ධ පිළිකා කාරකයක් වන අතර එය පිළිකා සෛල වර්ධනය මන්දගාමී කිරීමට උපකාරී වනවා. විශේෂයෙන් පියයුරු සහ මහා බඩවැලේ පිළිකා ඇති වීම අවම කරනවා.ඊට අමතරව අලිගැටපේර තෙල් වල පිළිකා නාශක ප්‍රතිඔක්සිකාරක ග්ලූටතයෝන් ද අඩංගු වනවා

අපේ රටේ එතරම් භාවිතයට නොගන්නා තෙල් වර්ගයක් වන අලිගැටපේර තෙල් මගින් බොහෝ සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබා ගන්නට පුළුවන්.ඒ නිසා ශරීරයට හිතකර මෙවැනි තෙල් වර්ග භාවිතා කිරීම මඟින් සෞඛ්‍යයට ඇති විය හැකි අහිතකර අවදානම් තත්ත්වයන් අවම කර ගන්න වගේම ඔබේ රූපලාවණ්‍ය කටයුතු සඳහාත් භාවිතා කිරීමටත් ඔබට හැකියාව තිබෙනවා.

Related Articles

Don't Miss


Latest Articles