2023 ට අරමුණු හොයා ගනිමු

2023 වසර උදා වෙලා. ඔබ මේ ලිපිය කියවන්නෙත් නව වසරේ පැය දහතුනක් ගෙවා අවසානයේ.ඉතින් ඔබට අලුත් අවුරුද්ද වෙනුවෙන් සැලසුම් තියනවද? මොනවද ඔබ මේ අවුරුද්දට හදා ගත්තු සැලසුම්

අපි ඒ ගැන කතා කරමු.

බජට් එක ප්ලෑන් කරන්න.

මේ අවුරුද්දේ වැඩියෙන් ඉතිරි කරන්න ඔබ ඔබටම පොරොන්දු වෙන්න. කොහොමටත් මේ බොහොම ආර්ථික අමාරුකම් සහිත කාලයක්.ඒ නිසා හැම මාසයකම නිශ්චිත ඉතිරියක් තියා ගන්න.

ඔබ ගැන තේරුම් ගන්න

ඔබට වැරදුණු තැන්, ඔබ වැරදි කළ තැන්,ඔබ හැදෙන්න ඕනෑ තැන් ගැන ආයේ ආයෙම හිතන්න.ඔබ පසුගාමි වුණු තැන් හොයා ගන්න. ඒ වෙනුවෙන් මානසික සැලසුමක් හදා ගන්න.ඔබ ඇතුළාන්තයෙන් අලුත් වෙන්න. බාහිර පෙනුමෙන් අලුත් වෙලා වැඩක් නැහැ. තමන් තමන්ගේ හිතට අවංක වෙන්න.

දින සටහන් ලියන්න

ඔබේ දිනසටහන් ලියන්න.එහි ඔබේ ඉදිරි මාසවල සැලසුම් ගැනත් සඳහන් කරන්න.වසර අවසාන වෙද්දී ඔබ සපුරා ගත යුතු ඉලක්ක ගැන නිතරම සිහි කිරීම ඔබට වසර සැලසුම් කරන්න පහසු කරාවි.

හොඳ ආහාර පුරුදු තබා ගන්න

බෝ නොවන රෝග සීග්‍රයෙන් පැතිර යන කාලයක් මේ. ඒ වගේම තරුණ වයසේ අය ඉතා ඉක්මනින් මරණයට ලක් වීම ගැටලුවක් වෙලා.ඒ නිසා සෑම විටකම හොඳ ආහාර පුරුදු පවත්වා ගන්න මේ අවුරුද්දේ මතක තියා ගන්න.

ව්‍යායාම කරන්න

හැඩ සිරුරක් වෙනුවෙන් නෙවෙයි, නීරෝගී සිරුරක් වෙනුවෙන් නිතරම ව්‍යායාම කරන්න. ඇත්තටම අපි සැලකිලිමත් වෙන්න ඕන අපේ නීරෝගීකම ගැන.

කැමතිම විනෝදාංශයක් තෝරා ගන්න

පොත් කියවීම, චිත්‍රපටියක් බැලීම හෝ වගා කටයුතු කිරීම. ඔබ කැමති ඕනෑ විනෝදාංශයක් තෝරා ගන්න.ඔබට වැඩ කරන තරමටම මනසට විවේකයක් ඕනෑ බව තේරුම් ගන්න. එය අලුත් අවුරුද්දේ ඔබව සැහැල්ලුවෙන් තියන්න උපකාරී වෙයි.

සංචාරයේ යෙදෙන්න

අපිට තියෙන්නේ බොහොම කෙටි ජීවිතයක්. ඇවිදින්න. ලෝකේ වටේ බැරිනම් රට පුරා හෝ ඇවිදින්න යන්න.

පිරිසිදු කරන වෙලාවක් තියා ගන්න

මේ අවුරුද්දේ ඉඳන් දවසේ නිශ්චිත වෙලාවක් අස්පස් කිරීම වෙනුවෙන් තබා ගන්න.හැමදාම අස් කරනකොට අස් කරන ප්‍රමාණය අඩු වෙනවා.ඒත් හැඩි වී ඇති ප්‍රමාණය අඩු වෙනවා. එය ඔබට සතුටට කාරණාවක් වෙයි.ඒ වගේම තමයි ඔබට පිරිසිදු වෙන්නත් වෙලාවක් ගන්න.ඔබේ රූපයට සත්කාර කරන්න සතියේ දවස් බෙදා ගන්න.

කුඩා පියවර තුළින් අලුත් දේවල් ලබා ගන්න පුලුවන් කියලා හැම මොහොතකම විශ්වාස කරන්න.ඔබ ජීවිතය තුළ කරන සමහර පුංචි වෙනස්කම් ඔබව අලුත් කෙනෙක් බවට පත් කරනවා.ඒ නිසා මේ පුංචි කාරණා ඔබව අලුත් ස්මාර්ට් බවකට රැගෙන යයි.

පැතුම් ඉටු වෙන සුබ විස්සයි විසි තුනක් වේවා!!

Related Articles

Don't Miss


Latest Articles