මේ ඒ වසන්තයයි – 63

0
4899

ගමට පොලිසි රථයක් පැමිණ ඇති බවද එය   නුරාන්ගේ නිවස වෙතට  ගොස්  යළි පිටව ගොස් ඇති බවද දැනගත් වත්සලාගේ නෑදෑ සොහොයුරිය  ඉතා කලබලයට පත්වූවාය. වත්සලා කුමක් පැවසුවද නුරාන් මෙම   සිදුවීම පහසුවෙන් අත් නොහරිතැයි සැකයක් ඇගේ සිතෙහිද විය. දැන් ඒ සැකය නිවැරදි බව පැහැදිලිය.

අනිවාර්යයෙන්ම නුරාන් පොලිසියේ පැමිණිල්ලක් දමන්නට ඇත. ඒ සඳහා වන තොරතුරු ලබාගෙන යෑම සඳහා සහ සාක්ෂි එක් කරගැනීම සඳහා  පොලිසියෙන් නුරාන්ගේ නිවසට පැමිණෙන්නට ඇතැයි වත්සලාගේ නෑදෑ සොහොයුරිය සිතුවාය.

කළ යුත්තේ කුමක්දැයි ඇයට වැටහුනේ නැත.  අම්මා සහ තාත්තා වයෝවෘද්ධය. ඔවුන්ට මේ කිසිවක් වැටහෙන්නේ නැත.  එනිසාම ඔවුනට මේ පිළිබඳව පැවසීම පවා තවත් ප්‍රශ්නයක ආරම්භයකි.

තමා අවේලාවක කිසිදු හේතුවක් නොමැතිව කර්මාන්ත ශාලාව තුළට ඇතුළුව ඇති බව ආරක්ෂිත කැමරාවලින් දැනගත් වහාම පොලිසිය තමා පසුපස හඹා එන්නට පටන් ගන්නවාට සැක නැතැයි ඕ සිතුවාය.  තමා නිවසේ සිටියදී පොලිසියෙන් විත් තමා  රැගෙන ගියෝතින් අම්මා සහ තාත්තා ඒ වේදනාව දරා ගත නොහැකිවම මිය යාවි  යැයි ඇයට එක්වරම මහා  බියක් දැනුනි. 

ඕ වහා තම  පෙම්වතාට ඇමතුමක් ගත්තාය.  ඔහු සේවය කරමින් කරමින් උන්නේද   නුරාන්ගේ බිම්මල් කර්මාන්ත ශාලාවේම බිම්මල් ගෘහ පාලකවරයෙක් ලෙසින්ය. වත්සලාගේ නෑදෑ සොහොයුරිය තම පෙම්වතාට තමා විසින් සිදු කළේ කුමක්දැයි පැවසුවේ පැකිලීමෙනි.  ඇතැම් තැන්වල ඇයට පැටලුනි.  ඇතැම් තැන්වල ඇයට කතාව පවසාගන්නට නොහැකිව  ඕ නිහඬව උන්නාය. තමා සීතා බැලීමකින් තොරව කර ඇත්තේ කෙතරම් බරපතළ ක්‍රියාවක්දැයි ඇයට දැන් වැටහේ.  සියල්ලටම හේතු වූයේ මුදලට වූ ආශාවය.

” මොකක්ද කියන්නේ ??   මට හරියට පැහැදිලිව තේරෙන්නේ නෑ….”

ඇගේ පෙම්වතා ඇය පවසන්නට යන්නේ කුමක්දැයි වටහා ගත්තත් , එය චිත්‍රපටයක සිදුවීමක් ලෙසින් බැහැර කරමින් ,  ඇයට  පවසන්නට සැබැවින්ම අවැසි කුමක්දැයි විමසා ගන්නට උත්සාහ කළේය. තම පෙම්වතිය ඉතා අහිංසක යුවතියකි. ඇය මෙවන් දෙයක් වෙනුවෙන් අත් උදවු දේවියැයි ඔහුට විස්වාස කල හැකි වූයේ හෝ නැත.

” වත්සලා අක්කා කිව්වා මට ලක්ෂයක් හමාරක් විතර දෙන්නම් කියලා… එයා කිව්වෙ එයා කියන වෙලාවට කියන තැනට  ඇවිල්ලා ,  එයා කියන දේ කරන්න කියලා විතරයි…… මං මුලින්ම මුලින් මොකක්ද කියලා ඇහුවේ නැති උනත් වැඩේට කලින්  දවසේ  රෑ මගේ පෙරැත්තේටම එයා කිව්වා නුරාන්  මහත්තයාගේ කැබින් එකේ එයාගෙයි නුරාන්   මහත්තයාගේ ෆොටෝ ටිකක් ගහගන්නයි තියෙන්නේ ….. එයාට තනියෙන් ඒ වැඩේ කරගන්න බැරි නිසයි මට කතා කරන්නේ කියලා ..   ලක්ෂයක් හමාරක් මේ වෙලාවේ අපට ගොඩක් වටින නිසා මම ඒ වැඩේට එකඟ වුණේ අයියේ…… අනිත් එක වත්සලා අක්කා කිව්වා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඒ ෆොටෝ ටික පෙන්නලා එයාට ඕනේ වැඩේ කරගත්තායින් පස්සේ මට තව සලකනවා කියලත් පොරොන්දු වුණා… එයා කිව්වේ ඒ කතාව කීයටවත් පොලිසියට  යන තෙක් දුරදිග යන්නේ නැහැ කියලා.. මං ඒ නිසයි ඔයාටත් කියන්නෙ නැතුවම බය නැතුව වත්සලාට උදව් කලේ…. එවෙලේ මට ඒක දැනුණේ මහ වීර ක්‍රියාවක් ගානට…

ඒත් දැන් චුට්ටකට කලින් මම දැක්කා පොලිසියෙන් ඇවිල්ලා යනවා…… නුරාන් මහත්තයලගේ  ගෙවල් පැත්තෙ ඉඳලා තමයි ජිප් එක ඇවිල්ලා තියෙන්නේ……. මට බයයි. බැරිවෙලාවත් සිසිටීවී වලින් මාව අල්ලගෙන ගෙදරට ඇවිල්ලා මාව පොලිසියට කුදලාගෙන ගියොත් එහෙම අම්මයි තාත්තයි පිස්සු හැදිලම මැරෙයි…

මට තේරෙන්නේ නෑ අයියේ මම මොකක්ද කරන්න ඕනේ කියලා කියලා. මං තවම වත්සලා අක්කාට මේ ගැන කිව්වෙත් නැහැ….”

වත්සලාගේ නෑදෑ සොහොයුරියගේ පෙම්වතා ඇයට බැන වදින්නට වූයේ කළගුණ දන්නේ නැති කාන්තාවක් වූයේ කෙලෙසින්දැයි විමසමිනි.

” හරි නොදැන වත්සලා කිව්වට ඔතනට ගියා කියමු…. ඒත් කරන්න තියෙන දේ කිව්වයින් පස්සේ අඩුම තරමේ  නුරාන්  මහත්තයා අම්මටයි තාත්තටයි අසනීප වලට කරපු උදව් ගැන හිතලාවත් ආපහු   හැරිලා එන්න හිතුන් නැද්ද කියනවා කෝ… මටම අප්පිරියාවයි හැසිරිලා තියෙන විදියට….”

ඔහු කෙතරම් බැන බැදුනා වුවද ඇය අතහරින්නට ඔහුට හැකියාවක් තිබුණේ නැත.  කෙලෙසකින් හෝ ඇය මෙම උගුලෙන් ගලවා ගත යුතු බව පමණක් ඔහු කල්පනා කළේය.

” හරි ඔය ඇඳුමක් දාගෙන ලෑස්ති වෙන්න…”

ඔහු මද නිහැඬියාවකට පසු කීවේය.

“ඒ මොකටද ?”

“අපි පොලිසියට යමු….”

” අනේ බෑ බෑ අයියේ….. ඒ මොන කතාවක්ද ඒ….. මෙවෙලේ  පොලිසියට ගිහිල්ලා මම මොනවා කියන්නද…… මං ගියපුවහම පොලිසියම මාව අල්ලලා කූඩුවට දායි ….  ඒත් මේත් වෙනසක් නෑනේ…… අනේ අපි ටික දවසකට ගමෙන් කොහාට හරි යමු …  අනේ…..අම්මව තාත්තවත් අරගෙනම….. ඔයා ටික දවසකට නිවාඩු දාන්න … අනේ.. මාව බේරගන්න අය්යේ ..”

ඕ හැඬුවාය.

ඇය සැබවින්ම බියපත්වව උන්නාය. මුදල් අතට ලැබෙනවා යැයි කියා ඕනෑම ක්‍රියාවක් කිරීමෙහි බියකරු බව කෙලෙස හින්දයි ඈ අත්දැකීම තුළින්ම ඉගෙන ගත්තාය. 

” එහෙම පැනලා යන්න පුළුවන්ද ප්‍රශ්නවලින්?? මේකට මුහුණ දෙන්න ඕනේ. අර නුරාන්  මහත්තයාට  ඔය දෙන්නා එකතු වෙලා කරලා තියෙන්නේ ලේසි පහසු වරදක්ද.. ඔය  පින්තූර ඉස්සර කරගෙන වත්සලා මිස් හදන්නේ නුරාන්  මහත්තයාව අල්ලගන්න නම් ඒකට කීයටවත් ඉඩ දෙන්න බැහැ…….

මහත්තයා වත්සලා මිස් එක්ක හිතවත් කමින් හිටියා තමයි…  හැබැයි ඉතින් ඇතුලේ හිටපු අපි දන්නවාා ඒක  මේ රස්සාව ඇතුලෙදි  ,  මේ ෆැක්ටරිය ඇතුලේ දී  තිබිච්ච බැඳීමක් මිසක් ඉන් එහා දෙයක් නෙවෙයි බව… එහෙම දැන දැනම,  එය නැතත් ඔයා ඔය කරපු දේ දැන දැනම, නුරාන්   මහත්තයාගේ ඇගේ මඩ  ගෑවෙනවා බලාගෙන ඉන්න මට පුළුවන්කමක් නැහැ. ඔයා එන්නේ නැත්නම් මම පොලිසියට ගිහින් මේ හැමදේම කියනවා…….”

තම පෙම්වතා එලෙසින් කරුණු පැහැදිලි කරද්දී වත්සලා ගේ නෑදෑ සොයුරිය සියල්ල වටහාගන්නට උත්සාහ කළාය.කිසිදු වරදක් නොකළ නිර්දෝෂය පුද්ගලයෙකු ලෝකයක් ඉදිරියේ වැරදි කාරයකු බවට පත් කිරීමේ දෝෂාරෝපණයෙන් මම හදවත තමන්ට තමන්ට මිදෙන්නට ඉඩ ලබා නොදේවියයි ඇයට එවෙලෙහි වැටහුණි..

” මම ලෑස්ති වෙන්නම්…..”

ඕ එක්වරම පැවසුවාය. ඉන්පසුව අම්මාට සහ තාත්තා අර නිවසින් පිටතට යන බව පවසා ඉතා ඉක්මනින් සූදානම් වී පොලිසියට යෑම සඳහා පෙම්වතා හා එක් වූවාය. පොලිසියට යාමට පෙර ඇගේ පෙම්වතා ඔහුගේ මිතුරෙකු ලවා පොලිසියේ තිබූ සම්බන්ධතාවයක් සොයාගෙන ඒ හරහා පාපොච්චරණය කිරීම සඳහා වන වටපිටාව සකසාා ගත්තේය.

වත්සලාගේ නෑදෑ සොයුරිය තමාට සාපකර ගනිමින් උන්නාය. අවසානයේ සිතේ සැනසීමද අහිමි විය. වත්සලා පොරොන්දු වූ මුදල දෙන්නේද නැත. ගම්මුන් මේ ගැන දැනගත් පසු තමා ට නිවසින් එළියට බැසීමටවත් නොහැකිද වනු ඇත.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here