මේ ඒ වසන්තයයි – 64

0
5257

ඇය සියල්ල පැවසූ පසු පොලිස් ලද ස්ථානයේ උන් නිළදාරීන් සිදුවීමේ යම් යම් කාරණා ගළපා ගත්තෝය.

“දැන් තමයි මේ සිද්ධිය හරියටම ගැලපෙන්නේ….”

“ඇයි සර් එහෙම කියන්නේ??”

“ඊයෙ රෑ ඔය නුරාම් මන්දිනු  සමරකෝන් කියන කෙනා ඇක්සිඩන්ට් වෙලා තියෙනවා….. එකත් එකටම ඒ ඇක්සිඩන්ට් එකට හේතුව වෙන්න ඇත්තේ ඔය කියන සිද්ධිය පිළිබඳව ගෙදරත් එක්ක ඇති වෙච්ච හිත් අමනාප කමක් වෙන්න පුළුවන්….උදේ ගෙදර අය එහෙම කතාවක් තහවුරු කලා…”

“දෙයියනේ! නුරන් මහත්තයට අමාරුයි ද සර් ???  කවදා කොහෙද මොකක්ද වෙලා තියෙන්නේ?……”

“කලබල වෙන්න දෙයක් නෑ. දැන් ජීවිත අවධානමක් නැති බව තමයි දැනගන්න තිබුණේ. නුරාන් ගේ ගෙදරට පණිවිඩය දුන්නානේ… ඒ අය බලාගනීවී..”

” හරි හරි සර් අපි ධනුක  මහත්තයට කතා කළ විස්තරයක් බලා ගන්නම් …..”

තාරුක කලබලය නිසා  එලෙසද කීවේය.

” ඔය ළමයට තේරෙනවද,  ඔය ළමයා දුරදිග හිතන්නෙ බලන්නේ නැතුව කරපු දේ නිසා මේ ප්‍රදේශයට මෙච්චර වටිනාකමක් තියෙන පුද්ගලයෙක්ගේ ජීවිතය දැන් තියෙන්නෙ අනතුරේ කියලා…ඒ කොහොම වුනත්, පසුවට හරි මේ දේ තේරුම් අරගෙන මේ විදිහට ඇවිල්ල පොලිසියට මේ දේ කියපු එක ගැන අපි සතුටු වෙනවා.. අපි මේ ගැන නුරාන් ල මහත්තයයි ගෙදරට දැනුම් දෙන්නම් . වත්සලාව අත්අඩංගුවට ගන්න නම් අපට නුරාන් ගේ  ගෙදරින් පැමිණිල්ලක්  අවශ්‍ය වෙනවා……”

“අනේ සර් වත්සලාඅක්කට  කරදරයක් වෙන්න දෙන්නත් එපා. එයා මේ හැමදේම කරන්න ඇති නුරාන් මහත්තයාට ආදරය නිසා……”

“ආදරේ කරුණාව නිසා කියලා එහෙම මිනිස්සුන්ගේ ජීවත්වෙත් ජීවිත එක්ක සෙල්ලම් කරන්න පුලුවන්ද දරුවෝ….. ඒ කොහොම වුණත් දැන් ඔය ළමයා මෙතනට ඇවිල්ලා කියපු කතාව අපිට වැටහුණා. …. ඉන් එහාට ඔය ළමයා මේ ගැන අදහස් ප්‍රකාශ කරන්න මේ වෙලාවේ අවශ්‍ය නෑ. දැන් ගෙදර යන්න….. මේ කියපු දේ මේ විදියටම අර රාලහාම ළඟට ගිහින් කියන්න … “

වත්සලාගේ නෑදෑ සොයුරිය තම පෙම්වතා සමග පොලිස් ස්ථානයෙන් පිටතට පැමිණියේ සිතේ යම් සැනසීමකින් වුවද ඉන් පසුව වත්සලාට මුහුණ දීමට නොහැකි වීමේ පසුතැවිල්ලද ඇයගේ හිස තුළ විය. වත්සලා නරක කෙල්ලක නොවේ. ඇතැම් විට ඕ උමතුවන්නට ඇත්තේ නුරාන් ශර් පිළිබඳව වන ප්‍රේමය නිසාය.

” දැන් ඔයා වත්සලා මිස්ට ඔය  මුකුත් කියන්න යන්න ඕන නෑ… ගෙදර ගිහිල්ලා කිසි දෙයක් සිද්ධ වුණේ නෑ වගේ ඉන්න තේරුණාද….?

තාරුක උපද දුන්නේය.

ඇය එයට හිස සැලුවාය

ධනුක අමතා නුරාන් ගේඑ  තත්ත්වය පිළිබඳව යම් තොරතුරක් දැන ගැනීම පසුවට කල් තැබූ නුරාන් ගේ බිම්මල් ගෘහපාලකවරයා , වත්සලාට ඇමතුමක් ලබා ගත්තේය.

” වත්සලා මිස් අද ඔෆිස් එන්නේ නැද්ද?” 

” නෑ නෑ…  තාරක මට  අද ඔෆිස් එක වෙන්නේ නෑ… මට චුට්ටක් අසනීපයි. මොකක් හරි‍  ප්‍රශ්නයක්ද ?”

” ප්‍රශ්නයක්ම නෙමෙයි  මිස් …   හෙටට හාර්වස්ට් එක  ටිකක් වැඩි වේවි කියලා හිතනවා. නුරාන්  මහත්තයට මම කතා කළා.  මහත්තයාගේ ෆෝන් එක වැඩ නැහැ.. ඒ නිසයි මිස් එනවද කියලා බැලුවේ?…..අනෙක මිස්ටර්ස් වල පොඩි ඇරේන්ජ්මන්ට් එකක් කරගන්න ඕනි…”

” හරි හරි හාර්වස්ට් එක වැඩි වුණොතින් අපි ඒක හෙට උදේට බලමු  ….ඔයා අවශ්‍ය දේවල් බලලා කරගන්න මිස්ටර් ස් ඇරේන්ජ්මන්ට් එකේ.. මම ඇවිල්ලා ඇපෲවල් දාන්න..ම්ම්ම්”

” හරි මිස්… එහෙම එක්සීඩ් හාර්වස්ට් එකක්  වුණොතින් හෙටට ෆ්‍රෙශ්  ටිකක් දාන්න පුලුවන් මාකට් එකට… අපේ නම මෙහෙත් හදන්න ඕනි කියලා සර් කිව්වනේ..”

” ප්‍රශ්නයක් නෑ. ඒ විදිහට ලෑස්ති කරන්න…… ඔයා තීරණය කරලා වැඩේ ඉම්ප්ලිමන්ට් කරන්න  තාරක…..”

වත්සලාගේ දෙපිටකාට්ටු හැසිරීම පිළිබඳව යට හිතින් බැණ වදිමින් තාරක යළි කර්මාන්ත ශාලාව වෙත ඇවිද ගියේය. ඇය     සිතුවාට වඩා විෂ මල්ලකි.

ධනුකලා නුරාන්ව රෝහල්ගත කර තිබූ රෝහල වෙත පැමිණෙන විට සවස් වී තිබුණි. නුරාන් ගේ තත්ත්වය  බරපතල නොවන මගදීම දැනගෙන උන් නමුදු  නුරාන් ව  දෑසින් දකින තුරු සියලු දෙනා උන්නේ යම් කලබලයක් සහ පීඩනයක් සමගය.

ඉසිනි  කීවාක් මෙන් තමා නුරාන් ව  එතරම් පීඩනයකට පත් නොකළා නම් ඔහු එතරම් කෝපයකින් නිවසින් පිටව නොයන්නට තිබුනා යැයි මේ එන මඟ දිගට ධනුකට නොසිතුනා නොවේ. එහෙත් නුරාන් එම සිදුවීමේ වගකීම භාර නොගන්නට සූදානම් වන විට තමන්ට තමා පාලනය කරගන්නට කෙලෙසකින්වත් නොහැකිවූ බව ධනුක කල්පනා කළේය.  එම සිදුවීම   දරා ගත නොහැකි සීමාවක් දක්වා  ගොස් වත්සලා  යම් බරපතල තීරණයක් ගතහොත් නුරාන්ට  ජීවිත කාලය පුරාවටම එය  දරා ගත නොහැකි සිදුවීමක් වනු ඇතැයි යන කල්පනාවද තම සිත තුළ වූ බවද  ධනුක කල්පනා කළේය.කෙලෙසක වුවත්  සිහිය පිහිටුවා ගැනීමෙන් තොරව හැසිරිමේ ප්‍රතිඵල ධනුක යළි යළි අත් විඳිමින් උන්නේය.

” කලබල කරන්නේ නැතුව ගිහින් බලන්න…. දැන් පේෂන්ට නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නේ… ඔයාලා කලබල වුනොත් පේෂන් කලබල වෙනවා.. වෙලා තියෙන ඇක්සිඩන්ට් එකේ හැටියට පේශන්  මෙහෙම ඉන්නඑක ඇත්තටම ඔයාලා ගේ ලක් එක….හෙට වෙහිකල් එක දැක්කම ඔයාලටම තේරෙවි…”

හෙදියක් එලෙසද කීවාය . පිරිස හිස සැලුවෝය.
ධනුකගේ  හිතවත් වෛද්‍යවරියක උන් නිසා  සියලු දෙනාටම නුරාන් උන්   රෝහල් සයනය අසලට යන්නට අවස්ථාව ලැබුණි.

නුරාන් ගේ  ගත වැසෙන්නට සුදු පැහැති  ඇතිරිල්ලක් දමා තිබුණි. ඔහුගේ හිසෙහි එක් පසෙක වෙළුමක් දමා තිබූ අතර නළලෙහි  කුඩා පැලස්තර  කිහිපයක් යොදා තිබුණි. ඉසිනි  කඳුළු නැගෙන්නට නොදී නුරාන් දෙස බලා උන්නාය. තම කඳුලින් ඔහුට වේදනාවක් නොදැනිය යුතුය.  ඇය උන්නේ නුරාන් ගේ  දෙපා සමීපයේය. නුරාන්ගේ හිස සමීපයට ගිය ඔහුගේ මව  තම පුතුගේ හිස පිරිමැද්දාය.

” මයේ  කොල්ලට තුනුරුවනේ සරණයි! ඉක්මනට ඇස් අරින්න මයේ  දෙය්යෝ…

මග දිගට මුහුණමින් ආ පිරිත  ඕ  නුරාන් ගේ සවනට ලංව කීවාය.

පැහැසරා නුරාන්ගේ උරිස්සක් අතගා අම්මාගේ අතට ඉහළින් ඔහුගේ  හිස යන්තමින් පිරිමැද්දාය.  එක් කුස නූපදින්නට යම හේතුවක් බලපෑවාට මේ තම සොයුරාය.

නුරාන් ගේ පියා කිසිවක් නොකරම, කිසිවක් නොපවසාම නුරාන් දෙස බලා උන්නා පමණි.  ඔහුට නුරාන් ගේ  වෙහෙස සහ ඔහු විඳින යම පිඩාවක් දැනුණි.  එහෙත්  ඔහු ඉවසා ගනිමින් බලා උන්නේය.

ධනුක උන්නේ  පිරිසට ප්‍රතිවිරුද්ධව යහනය අනෙක් පසය.  අම්මාද පැහැසරා ද තාත්තාද ඉසිනි ද දෙස මාරුවෙන් මාරුවට බලමින් උන්  ධනුක නුරාන්  බැලුවේේ අවසානයේය.

” ඉස්සෙල්ලාම උඹ ඔළුව උස්සපං …කොල්ලො ඊට පස්සේ අනිත් ප්‍රශ්න ටික විසඳගමු…මම වත්සලා බැලන්ස් කර ගන්නම්…උඹට අවැඩක් වෙන්න දෙන් නෑ…”

ධනුක තමාටම කියා ගත්තේය.

ඉසිනි  රෝහල් සයනයේ නුරාන් ගේ දෙපා පසින් වූ විට්ටම අල්ලාගෙන  ඉන් සවිය ගත්තාය. තවත් වේලා නුරාන්  දෙස බලා උන්නාය.

ඉන් පසුව  නුරාන් ගේ  ගත වැසෙන්නට  පෙරවා තිබූ ඇතිරිල්ල මතින් ඔහුගේ දෙපා පිරිමැද්දාය. එක්වරම ඇයට වෙනසක් දැනුණි. ඕ වහා ඇතිරිල්ල ඉහළට එසෙව්වාය. ඉන් පසුව ඇයට දැනුනේ සියල්ල කළුවර ව යන බව පමණි. 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here