පතිනියකගේ සටහන් – අවසාන කොටස

ජීවිතේ කියන්නේ අඬ අඬා හිනා වීම බව මම දන්නවා. ඒත් මහා ශාරීරික වේදනාවකට පස්සේ මමත් , ලොකු මානසික තිගැස්මකට පස්සේ භානුත් ඇගේ හැඬුම් ඇහෙනකොට හිනා වුණා.
අපේ පුංචි සුරංගනාවි අතට ගත්ත භානුකගේ ඇස් හිනා වුණු හැටි මට කිසිම දවසක අමතක වෙන එකක් නෑ. සිසේරියන් සැත්කම අවසන් වන තෙක්ම මගේ අතින් තදින් අල්ලා ගත්තු භානුක ඊටත් වඩා පරිස්සමින් දුවව වඩා ගන්න හැටි මම බලා හිටියා.
හොඳ සැමියෙකු වුණු භානුට හොඳම හොඳ තාත්තා කෙනෙක් වෙන්න අපහසු නැති බව මම දන්නවා.
පුංචි මල් පෙත්ත එක්ක ජීවිතේ ලස්සනම දවස් එළඹෙන්නේ ඉදිරියට බව මට විශ්වාසයි . කිසිම දෙයක් නොදැන කිරි උරන, නින්දට වැටෙන කුරුකුරු ගගා මාව හොයන ඇගේ ජීවිතේ ලස්සන කරන්න මොන තරම් දේවල් කරන්න තියෙනවා ද.
ඒ හැම දෙයක්ම මට පුලුවන් බව මම දන්නවා. භානුක මට හයියක් වෙන බවත් මම දන්නවා.
“ජීවිතේ පටන් ගත්තේ දැන්..” පුංචි දූ ගෙදර එක්ක ආවා ගමන් භානුක කිව්වේ එහෙම.
“ආදරේට වගකීම් එකතු වෙනකොට ජීවත් වෙන්න ආසා හිතෙනවා තාරු..”
මමත් භානුකට එකඟයි. පතිනියකගේ සටහන් තවත් ගැඹුරින් ලියන්න කාලය එළඹිලා.
බිරිඳක ලෙස සැහැල්ලුවෙන් ජීවිතය ගෙවපු මගේ ලෝකය සම්පූර්ණයෙන්ම පුංචි දෑසක ආධිපත්‍යයට නතු වෙලා.
ඒ ලෝකය ගැන මීටත් වඩා රසවත් සටහන් නොතිබේවි ද?
නිබන්ධිකා

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...

කුඩුකේඩුකම්

"අම්මේ,මම දැක්කනෙ දෙව්මි පිරිමි ළමයෙක් එක්ක බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා." චතුරි ගෙට ගොඩ වුණේ එහෙම කියාගෙන.විශ්ව විද්‍යාලයේ ඉඳලා කාලෙකට...

වැටකොළු පොතු අපතේ නොදා සැකසිය හැකි ආහාර

මේ බොහොම අසීරු කාල පරිච්ඡේදයක්.ගෘහණියන් හැටියට අපිට කිසිවක්ම අපතේ යවන්නට මේ කාලයේ බැහැ.එළවළු පිරිමසාගෙන ඉවුම් පිහුම් කරන්න අපි හුරු වෙන්න ඕනෑ.ඒ නිසාම...

හිමගිරි අරණ -18

"මම හිතුණොත් පාරමීට කියනවා මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා." රවිඳුගේ ඒ වචන හිමාෂා තිගැස්මට ලක් කරන්නට සමත්...

(අ)හිමි සිහින -122

දින කිහිපයක්ම ඔබට අහිමි සිහින ගෙන එන්නට නොහැකි වීම ගැන මුලින්ම අපි ඔබෙන් සමාව ඉල්ලා සිටිනවා.යම් අපහසුතා කිහිපයක් නිසා තමයි ඔබ මඟ...