“අපි සළකන්නෙ අපිට සැළකුවොත්” කියල කවුරුහරි කිව්වොත්?

Let’s be real – අපි වැඩ කරන සමහර office වල උනත් වැරදි මිනිස්සු, නරක මිනිස්සු ඉන්න පුලුවන්. එහෙම අය ඉතින් promotion දෙන්නම් increment දෙන්නම් කියලා මහන්සිවෙන්න එපා පොඩ්ඩක් හාන්සිවෙන්න වගේ talks දෙන්න අය ඕනතරම් ඔයාට හම්බුවෙන්න පුලුවන්. හම්බුවෙලා ඉන්නත් පුලුවන්. ඉතින් ඒ වගේ ආරාධනාවකදි අපි ඇත්තටම මොකද කරන්න ඕන?

මේකට කියන්නෙ Flirting නම් නෙවෙයි.

“අපි සලකන්නෙ අපිට සැලකුවොත්” වගේ වචන අස්සෙ තියෙන්නෙ විහිලුවක්වත්, flirt කිරීමක්වත් නෙවෙයි කියන එක හොඳට මතක තියාගන්න. ඒක Attraction එකක් නෙවෙයි එක්තරා විදියක manipulation එකක්. එයාලා එයාලගෙ power එක පාවිච්චි කරන්නෙ ඔයාව uplift කරන්න නෙවෙයි ඔයාව control කරන්න නෙවෙයි කියන එක අමතක කරන්න එපා. ඒක කිසිසේත්ම හරි කියල කියන්න පුලුවන් දෙයක් නෙවෙයි.

ඒ ගොල්ලො ඒක කොච්චර “නිකන්” කිව්වත්, කට්ටිය ඒක “ඕව අනේ සාමාන්‍ය දේවල්නෙ” කියල කිව්වත් මේක සම්පූර්ණයෙන්ම වැරදි බව අමතක කරන්න එපා.

මං මොකද්ද කරන්න ඕන? සද්ද නැතුව ඉන්න එකද එහෙම නැත්තම්?

ඔය වගේ situation එකකදි මං ඇත්තටම මොකද්ද කරන්න ඕන කියල කෙනෙක්ට හිතෙන එක සාමාන්‍යයි. සාධාරණයි. එහෙම වෙලාවක ඔයාලට හිරවෙලා වගේ හැඟීමක් දැනෙන්න පුලුවන්. ඔයා ඒ ආරාධනාවට බෑ කිව්වොත් හරි වෙන action එකක් ගත්තොත් හරි ඔයාට promotion, increment, උඩට යන්න තියෙන chances නොලැබෙන්න ඉඩක් තියෙනව කියල හිතෙන්න පුලුවන්.කාටහරි කිව්වොත් එයාලා විශ්වාස කරන එකක් නෑ කියල හිතෙන්න පුලුවන්. ඊටත් වඩා එයාලා “ඔයා ඉතින් අපි කිව්ව දේට කැමති උනානම් ඔහොම වෙන්නෙ නෑනෙ” කියල හරි “ඔයාගෙ තමයි වරද” කියල හරි අහගන්න වෙයි කියල බයක් ඇතිවෙන්න පුලුවන්.

අන්න ඒ confusion එක උඩ තමයි ඒ මිනිස්සු ඔයාට ඔය තොණ්ඩුව දාන්න හදන්නෙ. එයාලා බලාපොරොත්තු වෙන්නෙ ඔයා ඒකට කැමතිවෙයි කියන එක කිසිම සද්දයක් නැතුව. මේ වගේ දෙයක් අපි කොහොමත් එලියෙ ගිහින් කතාකරන්නෙ නෑ කියල දන්න හන්දා ඒ නිහඬතාවය තමයි එයාලා තුරුම්පුව කරගන්නෙ.

ඒ නිසා අමතක කරන්න එපා කතා කරන එක, කට වහන් ඉන්නෙ නැති එක කරන එක පොඩ්ඩක් බයක් වගේ දැනුනත් ඒක ඔයාව වගේම අනිත් අයවත් ආරක්ශා කරන්න හේතුවෙනවා කියන එක අමතක කරන්න එපා.

මෙහෙම දෙයක් වෙච්ච පළවෙනි කෙනා ඔයා නෙවෙයි

මෙහෙම දෙයක් වෙච්ච ලෝකෙ පලවෙනිම මනුස්සයා ඔයා නෙවෙයි කියන එක අමතක කරන්න එපා. ඒ වගේම මෙහෙම දේකට face කරන අන්තිමයත් ඔයා නෙවෙයි කියන එක දුකෙන් උනත් කියන්න ඕන.

හැබැයි සද්ද නැතුව ඉන්නවට වඩා වැඩි වැඩියෙන් මේ ගැන කතා කරන තරමට ඒ වගේ මිනිස්සුන්ට තියෙන power එක චුට්ට චුට්ට අඩු කරන්න අපිට පුලුවන්වෙනවා. ඔයාට පුලුවන් ඔයා විශ්වාස කරන කෙනෙක්ට මේ ගැන කියන්න. ඒ වගේම ඔයාට ආව අයුතු යෝජනාව ගැන හරි track record එකක් තියාගන්න වෙනවා. ඔයාගේ සේවා ස්ථානයේ HR හරි Counseller කෙනෙක් එක්ක හරි මේ ගැන කතාකරන්න. එයාලා මේ ප්‍රශ්නෙ seriously ගන්නෙ නැත්තම් ඒක එයාලගෙ ප්‍රශ්නයක් මිසක් ඔයාලගෙ ප්‍රශ්නයක් නෙවෙයි කියල මතක තියාගන්න.

නෑ/බෑ කියන එක මාර powerful

ඔයාට අපහසුවක් අරගෙන එන කිසිම දේකට ඔයා ඔව් කියන්න ඕන නෑ. නෑ කියන්න බෑ කියන්න බයවෙන්න ඕන නෑ. අපිට ගොඩක් වෙලාවට ඒක කරන්න අමාරු බව ඇත්ත උනත් කරන්න අමාරුවෙන් හරි උත්සහ කරන්න ඕන ඒක තමයි.

අමතක කරන්න එපා එපා කියන්න ඔයාට අවසර තියෙනවා. ඔයාට අකමැති තැනකින් අයින් වෙන්න අවසර තියෙනවා.ඒ වගේම එහෙම කරා කියන එක ඔයාට උඩට යන්න බැරිවෙන හේතුවක් නෙවෙයි. කිසිම කෙනෙක් කිසිම වෙලාවක promotion ගන්න, increment ගනන් තමන්ගෙ ආත්ම ගරුත්වය විකුණන්න ඕන නෑ කියන එක අමතක කරන්න එපා.

කට වහන් ඉන්න එපා

ඇත්තම කතාව තමයි අපි සද්ද නැතුව ඉන්න තරමට මේ tradition එක දිගටම කෙරීගෙන යනවා. අන්න ඒ නිසා තමයි අපි මිනිස්සුන්ගෙ නිහඬතාවයට නෙවෙයි වැඩකරන විදියට අගය කිරීම් උසස් විම් දෙන සංස්කෘතියක් ගොඩ නගන්න ඕන.

උසස්වීම් ලැබෙන්නේ උත්සාහයෙන් මිස සූරාකෑමෙන් නෙවෙයි කියන එක අපි ඉස්සරහට අරගෙන යන්නම ඕන. “ඔයා කොටට ඇඳගෙන ගියාද, ඔයා එයා එක්ක කතා කරාද ඕනවට වඩා?” වගේ ප්‍රශ්න අහන එක සහ ඒව මත වෙච්ච දේ සාධාරණීකරණය කරන එක නතර කරන්න ඕන.

ඒ වගේම ඔයා කවදහරි මේ වගේ situation එකකට මූණ දුන්නොත් මෙන්න මේ දේවල් මතක තියාගන්න.

ඔයා දුර්වල මනුස්සයෙක් නෙවෙයි

ඔයා තනිත් නෑ

ඔයා ඔයාට දොස් පවරගන්න ඕනත් නෑ.

ඔයාට ගෞරවය, සහයෝගය සහ ඇත්ත කතා කරන්න ඉඩ ලැබෙන්න ඕන.

අමතක කරන්න එපා ඔය ඕනම සද්දයක් නිස්සද්ද කරන්න ඔයාගෙ එකා වචනෙකට පුලුවන්!

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles