අඬන්න ලැජ්ජ වෙන්න එපා

අඬන්න ලැජ්ජ වෙන්න එපා because healing is not a straight line!

ජීවිතේ ගොඩක්ම හයිය වැඩිපුරම කඩං වැටුණ තැන්වලදි.

 අපි හැමෝගෙම ඇඟ ඇතුලෙ, හිත ඇතුලෙ හැංගිච්ච මාර ශක්තියක් තියෙනවා. අපිට ඒ ශක්තිය හැමවෙලාවම දැනගන්න, දැකගන්න හම්බෙන්නෙ නැහැ. මොකද ඒ ශක්තිය එළියට එන්නේ අපේ ජීවිතේ වඩාත්ම අමාරුම අවස්තාවලදි.

ජීවිතේ කියන්නෙ වෙලාවකට මාර ලොකු කුණාටුවක් වගේ. අපිව කරදර, ප්‍රශ්න, කඳුලු වලින් පොඟවල දාන කුණාටුවක් වගේ. හැබැයි ඒ කුණාටුව මැද්දෙත් අපිට ජීවිතේ ඉස්සරට දකින්න තියෙන අඳුරු වලාකුළ අතර රිදී ඉරක් දකින්න ලැබෙනවා. ඒ රිදී ඉර තමයි අපේ හිත ඇතුලෙ හැංහිලා තියෙන ශක්තිය.

ජීවිතේ අමාරුම වෙලාවල් වල අපේ ඇස්වලින් වැටෙන කඳුලු ගංගාව ගැන පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා.

මතක තියාගන්න ජීවිතේ අත නොහැර ඉන්න ගමන් ඔයාගේ ඇස්වලින් වැටෙන කඳුලු ගංගාව ඔයාට පාරක් හදල දෙනවා ප්‍රශ්න කියන මහ ගල් කඳු මැද්දෙන් ජීවිතේ අරගෙන යන්න.

Let’s be real. අඬනවා කියන එක ඔයාව කවදාවත් දුර්වල කෙනෙක්ව කරන්නෙ නෑ. ඒක ඔයාට අරගෙන එන්නෙ මෙච්චර කාලයක් පුරාවට ඔයාගෙ හිතට උවමනා වෙච්ච පුංචි සහනයක් වගේ දෙයක් වෙන්න පුලුවන්. පොඩි නැවතීමක්. පුංචි interval එකක් වගේ දෙයක්.

“ඒයි, මට තත්පරයක් දෙන්න” කියලා හදවත ඔයාගෙන් කරන පුංචි ඉල්ලීමක් වගේ දෙයක් තමයි ඔය අඬනවා කියන එක පස්සෙ හැංගිලා තියෙන කතන්දරේ වෙන්නෙ. ඇඬුවා කියලා මුකුත් වෙනස් වෙන්නෙ නෑ කියලා හරි, ඔයා වෙච්ච දේවල් ගැන හිත හිත දුක් උනාට වැඩක් නෑ කියල හරි කියන මිනිස්සුන්ව අපිට ඕන තරම් හම්බුවෙන්න පුළුවන්.

අන්න ඒ වගේ වෙලාවට ඔයාට පුලුවන් එයාලට කියන්න මෙන්න මෙහෙම.

“මට දේවල් feel වෙන්න අවසරයක් තියෙනවා. මට හිත රිද්දගන්න අවසර තියෙනවා. මොකද ඒව තමයි මට ආයෙ ආයෙ මතක් කරන්නෙ මම රොබෝ කෙනෙක් නෙවෙයි මනුස්සයෙක් කියන” එක.

ඉතින් අඬන්න ලැජ්ජ වෙන්න එපා. අඬල ඔයා දිය කරල අරින්නේ හිත අස්සෙ පිරිල තියෙන වේදනව. අඬන්න පුලුවන්කම ලැබෙන්නෙ ජීවිතේ ඉස්සරහට හම්බෙච්ච මොන විදියෙ ප්‍රශ්නයක් ඉස්සරහදි උනත් ඔයාගේ හැඟීම්බර ගතිය නැතිවෙලා නැති නිසා. ඔයා තවමත් මානුෂීය හැඟීම් පිරිච්ච මනුස්සයෙක් නිසා. හැඟීම් තමයි ඔයාව ශක්තිමත් කරන්නේ.

 හැම හැඟීමක් ඉස්සරහදිම ඔයාගෙ හිතට මතක් කරල දෙන්න “ජීවිතේ මොන ප්‍රශ්නෙ ආවත් මම මේ ගමන යනවම තමයි” කියලා.

ජීවිතේ අපිව test කරන එක එක විදි තියෙනවානේ. සමහර දවස් අපිට දැනෙන්නෙ මාරම බරට. සමහර nights තියෙනව “අනේ මේ රෑ ඉවර වෙන්නෙ නැද්ද?” කියලා හිතෙන. අපි ගොඩක් මහන්සි වෙලා කරපු දේවල් වැරදිලා කියලා තේරෙද්දි අපි කඩං වැටෙන එක සාමාන්‍ය දෙයක්. අපිට එහෙම ඕන තරම් වෙලාත් තියෙනවා.

ඒත් මෙන්න මේ වෙලාවට අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි healing is not a straight line! කියන එක.

අපි හැමෝම වේදනාව එක එක විදියට දරාගන්න පුරුදු වෙච්ච මිනිස්සුනෙ. වෙලාවකට අපි දරාගන්නවා අපි ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නැති මිනිස්සු කරන හිත රිදවීම්. සමහර වෙලාවට බිඳ වැටිච්ච කාලයක් බලාගෙන උන්නු හීන සහ බලාපොරොත්තු.අපිට සමහර වෙලාවට හිතාගන්න බෑ මේ වේදනාව කියන දේ එන්නෙ කොහෙන්ද කියන එකවත්.

අපිට ඒක නිකන් දැනෙන එක විතරමයි වෙන්නෙ.

මේ වගේ වෙලාවට අපිට හිතෙනවා,

“අනේ මම කිසිම දෙයක් හරියට කරගන්න බැරි කෙනෙක්”

“මම හරිම ෆේල් මනුස්සයෙක්”

“ඇයි මටම හැමදාම මෙහෙම වෙන්නෙ?” කියන එක.

අමතක කරන්න එපා මේ healing කියන දේ වැඩ කරන්නෙ ස්විච් එකක් දැම්මම බල්බ් එකක් නිවෙනවා පත්තුවෙනවා වගේ නෙවෙයි. එක රැයකින් වෙන දෙයක් නෙවෙයි. තරගෙකුත් නෙවෙයි අරයට කලින් මම heal වෙනවා කියල කියන. අපි හොඳින්ම තේරුම් ගන්න ඕන දේ තමයි මේ healing කියන දේ point එකෙන් point එක සරල රේඛාවක් උඩ හරියට සිදුවෙන දෙයක් නෙවෙයි කියන එක.

දවසක ඔයා උදේ නැගිටින්න පුලුවන් සෑහෙන ලොකු බලාපොරොත්තු එක්ක හරිම positively. ඊලඟ දවසෙ ආයෙ මාර දුකකින් නැගිටිනවා වෙන්න පුලුවන්. ඒකෙන් අදහස් කරන්නෙ ඔයා දුර්වල මනුස්සයෙක් කියන එක නෙවෙයි.

ඔයා ආපස්සට යනවා කියන එක නෙවෙයි.

ඔයා හැඟීම් දැනීම් තියෙන මනුස්සයෙක් කියන එකම විතරයි.

Healing comes in waves. එක රැල්ලකට උඩට යනවා. ඊළඟ රැල්ලෙ ආයෙ පල්ලෙහට එනවා. ආහ් දැන් නම් Okay කියල හිතෙනවා. ආයෙම ඇයි මට මෙහෙම උනේ කියලා හිතෙනවා. යාලුවො එක්ක හිනාවෙල ඉන්නවා. රෑට අඬනවා. මේ හැමදෙයක්ම මේ එකම process එකක කොටස් බව අමතක කරන්න එපා.

සමහර වෙලාවට අපි ශක්තිමත් වෙන්න, අපි හොඳින් ඉන්නවා වගේ රඟපාන්න ගොඩක් උත්සාහ කරනවා.නමුත් මවාපෑමෙන් අපට සුවය ලැබෙන්නේ නැහැ. සැබෑ ශක්තිය කියලා කියන්නෙ ඔයාට දැනෙන්න ඉඩ දෙන එක. ඔයා අඬන්නෙ ඔයාගෙ හදවත යම් දේකට යන්න ඉඩ දෙන හන්දා. ඔයාට වේදනාවක් දැනෙනවා නම් ඒ ඔයා deeply care කරන්න තරම් හිත හයිය හන්දා.

ඒ නිසා කඳුළු වැටෙන්න ඉඩ දෙන්න.

ඔබේ හදවතට හුස්ම ගන්න ඉඩ දෙන්න.

Because, You’re not broken—you’re healing.

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles