Garlic Butter Chicken 

අද අපි ඔබට කියල දෙන්න ලෑස්ති වෙන්නෙ ඉතාම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යොදාගෙන වෙනස්ම රසකට කුකුළු මස් හදාගන්න පුළුවන් විදිහක් ගැනයි.

අද අපි බලමු සුදුළූණු රසට බටර් චිකන් හදාගන්නෙ කොහොමද කියල. 

අවශ්‍ය ද්‍රව්‍ය

කටු රහිත කුකුළු මස් 450g ක් (පපුව කොටස නම් වඩා හොඳයි) 

සුදුළූණු බික් 06 ක් 08 ක් 

බටර් මේස හැඳි 02 ක් 

පාන් පිටි මේස හැඳි 02 ½ ක් 

කුකුළු මස් තැම්බූ වතුර කෝප්ප ½ ක් ( කුකුළු මස් තැම්බූ වතුර වෙනුවට චිකන් ස්ටොක් පවුඩර් කියුබ් භාගයක් වතුර කෝප්ප ½ ක් සමඟ දියකර හෝ වතුර කෝප්ප ½ ක් පමණක් වුනත් යොදාගන්න පුළුවන්)

තෙල් මේස හැඳි 02 ක්

ලෙමන් හෝ දෙහි යුෂ තේ හැඳි 01 ක්

පාස්ලි කොළ මිටක් 

ගම්මිරිස් කුඩු

ලුණු කුඩු

සාදාගන්නා ආකාරය 

මුලින්ම කුකුළු මස් ටික කුඩා කොටු හැඩයට කපාගන්න.

කොටු කපාගත් කුකුළු මස් කැබලි පියන වැසිය හැකි භාජනයකට දමා ගන්න. 

ඊළඟට කුකුළු මස් වලට ලුණු කුඩු තේ හැඳි ½ ක් සහ ගම්මිරිස් කුඩු තේ හැඳි ½ ක් එකතු කර හොඳින් කලවම් කරන්න.

හොඳින් ලුණු හා ගම්මිරිස් කුඩු තැවරූ කුකුළු මස් කැබලි ටික දැමූ භාජනයේ පියන වසා විනාඩි 15 ක් පමණ පසෙකින් තබාගන්න.

ඒ අතරතුර පොතු ඉවත් කරගත් සුදුළූණු ටික කුඩා කොටු හැඩයට කපාගන්න.

විනාඩි 15 කට පසු ලුණු ගම්මිරිස් තැවරූ කුකුළු මස් කැබලි වලට පාන් පිටි මේස හැඳි 02 ඉසගෙන භාජනයේ පියන වසා පාන් පිටි ටික කුකුළු මස් කැබලි වල හොඳින් දැවටෙන සේ භාජනය සොලවා ගන්න.

දැන් භාජනයකට තෙල් එකතු කර තෙල් රත්වන විට පාන් පිටි තවරාගත් කුකුළු මස් කැබලි එයට එකතු කර විටින් විට පැත්තෙන් පැත්ත හරවමින් රන්වන් පාට වනතුරු සෙමින් බැදගන්න.

මේ සඳහා විනාඩි 04 ක් 05 ක් පමණ කාලයක් ගතවෙන්න පුළුවන්.

දැන් ඒ භාජනයටම බටර් ටික එකතු කරල බටර් දියවීගෙන එද්දි කුඩාවට කපාගත්ත සුදුළූණු ටික එකතු කරගන්න. 

 සුදුළූණු වල සුවඳ එනතුරු මඳගින්නෙ බැදගත්තට පස්සෙ පාන් පිටි මේස හැඳි ½ ක් එක් එකතු කරල බටර් එක්ක හොඳට කලවම් කරමින් තත්පර 30 ක් තබාගන්න ඕන.

ඊට පස්සෙ කුකුළු මස් තැම්බූ වතුර සහ දෙහි යුෂ එකතු කරල ආයෙමත් හොඳින් කලවම් කරගන්න.

මේ මිශ්‍රණය උකුවීගෙන එද්දි කුඩාවට කපාගත්ත පාස්ලි කොළ, ගම්මිරිස් කුඩු තේ හැඳි ½ ක් සහ අපි රන්වන් පාට වෙනකන් බැදගත්ත කුකුළු මස් කැබලි ටික එකතු කරල ආයෙමත් හොඳින් කලවම් කරගන්න ඕන.

දැන් කුකුළු මස් කෑලි ටික හොඳට රත්වෙනකන් අඩු ගින්දරේ හොඳට හැඳිගාගෙන ලිපෙන් ඉවත් කරගත්තට පස්සෙ උණුවෙන්ම රසම රස garlic butter chicken රසබලන්න ඔබට පුළුවන්.

එහෙනම් මේ විදිහට garlic butter chicken හදල බලමු නේද?

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles