ගෙදර යෝගට් සහ ඩාක් චොකලට් තියෙනව නම්, ඔන්න අද අපි කියල දෙන්නෙ ඒ අමුද්‍රව්‍ය දෙක විතරක්ම පාවිච්චි කරල හදාගන්න පුළුවන් රසම රස අතුරුපසක් හදාගන්නෙ කොහොමද කියලයි.
අවශ්‍ය වෙන්නෙ යෝගට් සහ ඩාක් චොකලට් කියල අපි මුලින්ම කීවනේ. එහෙනම් අපි බලමු මේ අමුද්‍රව්‍ය අවශ්‍ය වෙන්නෙ මොන මොන ප්‍රමාණ වලින්ද කියල.
අවශ්‍ය ද්‍රව්‍ය
සාමාන්‍ය යෝගට් 400g ක්
ඩාක් චොකලට් 150g ක්
සාදාගන්නා ආකාරය
මුලින්ම තරමක් විශාල වීදුරු භාජනයක් අරන් ඒ උඩින් යකඩ එහෙමත් නැත්නම් ප්ලාස්ටික් පෙනේරයක් තියාගන්න ඕන.
ඒ පෙනේරෙ උඩින් පිරිසිදු කපු රෙදි කෑල්ලක් එලල යෝගට් ටික ඒ රෙදි කැබැල්ල උඩට දාගෙන රෙදි කෑල්ලෙන් යෝගට් ටික ඔතල හොඳට වහගන්න ඕන.
ඒ වහගත්ත රෙදි කැබැල්ල උඩින් පොඩි බරක් තියල විනාඩි 30 ක් ශීතකරණයේ තියාගන්න.
ඒ අතරතුර ඩාක් චොකලට් ටික කුඩා කැබලි වලට කපාගෙන වීදුරු භාජනයකට දාගන්න.
ඊට පස්සෙ හොඳට නටන වතුර භාජනයක් උඩ චොකලට් කෑලි දාගත්ත භාජනය තියල චොකලට් ටික හෙමීට හැඳිඟාන ගමන් දියකරගන්න ඕන.
විනාඩි 30 කට පස්සෙ ශීතකරණයෙන් ඉවතට ගත්ත යෝගට් ටික ටිකක් ලොකු භාජනයකට දාගෙන හොඳින් හැඳිගා ගන්න.
දැන් අපි අර දියකරගත්ත ඩාක් චොකලට් ටිකත් මේ භාජනයටම දාගෙන ආයෙමත් හොඳින් කලවම් කරගන්න ඕන.
මේ විදිහට හොඳින් කලවම් කරගත්ත මිශ්‍රණය ප්ලාස්ටික් භාජනයකට දාල පියන වහල ශීතකරණයේ පැය 3 ක් 4 ක් විතර තියල ඉවතට අරන් භාජනයේ ඇතුල් පැත්තේ දාරය දිගේ පිහියක් හරි හැන්දක් හරි ගෙනිහින් ටිකක් බුරුල් කරල කෝම්පිට්ටු හදනව වගේ අනෙක් පැත්ත හරවගත්තට පස්සෙ ඔන්න අපේ අතුරුපස සූදානම්.
මෙහෙම නොකර අපේ මිශ්‍රණය අතුරුපස පිළිඟන්වන කෝප්පයකට දාල ශීතකරණයේ තියල පිළිඟන්වන්නත් පුළුවන්.
ඔන්න කැමති නම් චොකලට්, ස්ට්‍රෝබෙරි සිරප් එක්ක, උඩින් ඉහගත්ත චොකලට් කුඩු ටිකක් එක්ක එහෙමත් නැත්නම් පෙති කපාගත්ත ස්ට්‍රෝබෙරි, ඇපල් වගේ පලතුරක් එක්ක වුනත් රසබලන්න පුළුවන්.
එහෙනම් හදල බලල අපි එක්කත් රස බෙදාගන්න අමතක කරන්න එපා.
ReplyForwardAdd reaction |