සුළු පියා විසින් දරුණු ලෙස මරා දැමූ ජෙසිකා

අපි ආදරේ කරන මිනිස්සු ඉස්සරහ වුනත් අපි කොයි තරම් නම් අනාරක්ෂිත වෙනවාද  ? මේ ගැන දෙවතාවක් ඔබට හිතලා බලන්න සිද්ද වෙන කතාවක් තමයි අද අපි ඔබට කියන්නේ..

මයිකල් සහ ජෙසිකා කියන්නේ දෙදෙනා කෙරෙහි ඉතා අවබෝධයෙන් සහ කැපකිරීම් එක්ක ජීවිතේ බෙදා ගනිමින් උන්න යුවලක්. මේ දෙන්නගේ විවාහ ජීවිතය ඇතුලේ ඔවුන්ට දරුවෙකුත් හිටියා.  ඒ වගේම ජෙසිකාගේ මව සහ සුලු පියා සමඟත් ඔවුන් ඉතාම සුහද සම්බන්ධතාවයක් නඩත්තු කලා.

ඉතාම සතුටුන් උන්න මේ දෙන්නාගේ ජීවිත වලට කණ කොකා හඬලපු දිනය උදා වුනේ මයිකල් සහ ජෙසිකා යුවලගේ දියණියගේ පෙර පාසලේ ගුරුතුමියගෙන් මයිකල්ට ආව ඇමතුමක් එක්ක.

” ජෙසිකා මට දුවව පැය බාගයක් මොන්ටිසෝරි එකේ තියාගන්න කියලා එලියට ගියා… මම හිතන විදියට එයා ගියේ අම්මලාගේ ගෙදර.. දැන් එයාගේ ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ… පැය තුනක් විතර ගිහිල්ලා නිසයි මම මයිකල් මහත්තයට මේ ගැන කියන්න හිතුවේ..”

ඇය එහෙම කිව්වා. මයිකල් කලබලයක පත් වුනත් ඒ බව නොපෙන්වා ගුරුතුමියට සමු දුන්නා
හැකි ඉක්මනින් ජෙසිකාව දියණියව කැටුව යන්නට එවන බව පැවසුවා. ඊට පස්සේ රැකියා ස්තානයේ ඉන්න අතරේම මයිකල් ජෙසිකාට ඇමතුම් ගත්තා. නමුත් ඔහුට පිළිතුරු ලැබුනේ නැහැ. ඉන් පස්සේ ඔහු කලේ ජෙසිකාගේ අම්මාට සහ සුලු පියාට ඇමතුම් ගත්ත එක. ඒ දෙන්නම කිව්වේ අද දවස ඇතුලත ජෙසිකාව මුණ නොගැහුණ බව.

මයිකල්ට අඳුරු මූසල බවක් දැනුනා. ඔහු වහාම ප්‍රදේශයේ පොලිසියට ජෙසිකාගේ අතුරුදන් වීම ගැන පැමිණිලි කලා. ඊට පස්සේ සේවා ස්ථානයෙන් නිවාඩුවක් ඉල්ලගෙන, ගෙදර එන්න පිටත් වුණා.

” ජෙසිකාට කරදරයක් නම් වෙන්න එපා…”

ඔහු  මඟ දිගටම ප්‍රාර්ථනා කලා.

ඒ අතරේ පොලිසිය ජෙසිකාගේ අතුරුදන් වීම ගැන පරීක්ෂණ පරන් ගත්තා. මුලින්ම පෙර පාසල් ගුරුතුමියගෙන් ප්‍රශ්න කරා. ඊට පස්සේ, ජෙසිකාගේ අම්මා සහ සුලු පියාගෙන් ප්‍රශ්න කලා.

” එයා ගෙදර එනවා යනවා නිතරම.. අපි ගෙදර නොහිටියත් එයා ඇවිල්ලා වැඩ කරගෙන යනවා…. ඒ නිසා යතුර අපි පහසු තැනක තියලා තියෙන්නේ… එහෙම ආවම ඇමතුමක්වත් නොදී යන්නේ නම් නෑ. ඒ නිසා මට නම් හිතෙන්නෙම අද ජෙසිකා මෙහේ ආවේ නෑ කියලා..”

ජෙසිකාගේ අම්මා එහෙම කියනවා. ඊට පස්සේ ජෙසිකාගේ ජංගම දුරකතන සංඥා දිගේ පොලිසිය ඇගේ  වාහනය සොයාගෙන යනවා. ඇගේ වාහනය තුලින් ඇගේ ජංගම දුරකතනය වගේම මුදල් පසුම්බියත් ලැබෙනවා.

ඒත් සැක සහිත කිසිම දෙයක් හොයාගන්න පොලිසියට ඉඩ ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ, පොලිසිය වහාම ක්‍රියාත්මක වෙලා, අවට ආරක්ෂිත කැමරා පරික්ශා කරනවා. එතනදි ඔවුන්ට නිරීක්ෂණය වෙන්නේ සිහිනෙන්වත් බලාපොරොත්තු නොවුම දෙයක්.

” මේ බලන්න මයිකල් … මේ වාහනය ඔබේ බිරිඳගේ වුනත්, ඇය නෙවෙයි වාහනය මෙතන ගෙනල්ලා දාලා යන්නේ. ඔබේ බිරිඳ සාපේක්ෂව මිටි තැනැත්තියක්. ඒත් මේ තොප්පියක් පැලඳගෙන අනන්‍යතාව සඟවාගන්නට උත්සාහ කරමින් සිටින පුද්ගලයා අඩි හයකටත් වඩා උසයි.. අනිවාර්‍යෙන්ම ජෙසිකා අනතුරක….”

පොලිසිය එහෙම කියනකොට මයිකල් ඒ ආරක්ෂිත කැමරා දර්ශන වල ඉන්නේ තමන්ගේ බිරිඳ නොවන බව තහවුරු කරනවා.

එහෙම වුනත් පොලිසියේ සැකය වහාම යොමු වෙන්නේ මයිකල් දිආවට.නමුත් මයිකල් එදින තමා සේවාස් ස්ථානයේ උන් බව වහාම තහවුරු කරනවා.

ඊට පස්සේ පොලිසිය වහ වහා යාබද ආරක්ෂිත කැමරාත් පරික්ශා කරමින් අදාල පුද්ගලයා පසුපස හඹා යනවා. ඊට පස්සේ ඔවුන් දකිනවා ඒ පුද්ගලයා වෙනත් මෝටර් රියකට ගොඩ වෙලා පිටත් වෙන විදිය.

මේ මෝටර් රියේ අංකය පරික්ශා කරල හිමිකාරිත්වය තහවුරු කරගත්තාට පස්සේ පොලිසිය ඉතා කලබලයට පත් වෙනවා.
ඒ වෙන කවුරුත් නෙවෙයි, ජෙසිකාගේ සූලු පියා.

පොලිසිය වහාම ඔහුව ප්‍රශ්න කිරීම් සඳහා නවතා ගන්නවා

”  මම ටව්න් එකේ ඉඳල ගෙදර ආවේ… මගේ යාලුවෙක් වාහනේ අරගෙන හිහින් තිබුනෙ.. එයා වාහනේ මඟට ගෙනල්ලා දුන්නා…”

ජෙසිකාගේ සුලු පියා නොබියව එහෙම කියනවා. පොලිසිය ජෙසිකාගේ අම්මගේ නිවස සම්පූර්ණයෙන්ම පරික්ශා කරන්නේ ඊට පස්සේ. එතනදි පොලිසියට හමු වෙනවා ලේ වැකුණු රෙදි කැබැල්ලක්. ජෙසිකාගේ සුලු පියා කියන්නෙම එහෙම රෙදි කැබැල්ලක් ගැන නොදන්න බව.

ඊට පස්සේ කරපු පොලිස් විමර්ශන වලදී පොලිසිය වටිනාම සාක්ෂිය සොයා ගන්නවා. ඒ ජෙසිකාගේ සුලු පියාගේ පරිඝනකයෙන්  එහි තියෙනවා ජෙසිකාගේ සුලු පියා මිය ගොස් තිබුණ ජෙසිකාගේ සිරුව සමඟ ලිංගික ව හැසිරෙන වීඩියෝවක්.

නමුත් ඔහු වරද පිලිගන්නේ නම් නැහැ.

” මම ගෙදර එනකොට ජෙසිකාගේ කාර් එක මිදුලේ නවත්තලා තිබුණා… ඇය වෙනදාටත් එහෙම  ඇවිල්ලා යන නිසා මම ඒ ගැන ලොකුවට හිතුවේ නෑ.. මම ඇයට කතා කරන ගමන්ම නිවසට ඇතුලු වුනා.. ඒත් නිවසට ඇතුලු වෙනකොටම මම දැක්කේ අදහාගන්න බැරි දර්ශනයක්… ජෙසිකාව සාලේ මැද මරලා දාලා තිබ්බා.. මම කලබල වුනා.. මම ඇගේ මල සිරුර කාමරයට දැම්මා.. වාහනට පාර්ක් එකට දැම්මා.. ඔය වීඩියො එක මගේ හිතේ කලබලය එක්ක වුන දෙයක්…”

නමුත් පොලිසිය ඔහුගේ ඒ කතාව පිලිගන්න සූදානමින් උන්නේ නැහැ. ඔවුන් ඔහුව දැඩි ප්‍රශ්න කිරීම් වලට ලක් කලා.

එහිදී ඔහු පිළිගත්තා, දරාගන්න බැරිව තිබුණ ලිංගික ආශාව නිසා ඔහු තම බිරිඳගේ පලමු විවාහයේ දියණියව මරලා දාපු බව.

ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

තමන්ගෙ බිරිඳ ගේ සුලු පියා අතින් තමන්ගේ බිරිඳ ට අත් වුන අවාසනාවන්ත ඉරණම හිතාගන්න බැරිව මයිකල් සිහි විසඟ වුනා. ඒ වගේම ජෙසිකාගේ අම්මත් රෝහල් ගත කරන්න සිදු වුනා.

ඉතින්, ජීවිතේ මෙච්චරක් අවිනිශ්චිත බව කියන්න මීට වඩා කතන්දර මොකටද  ? තමන්ගෙ අම්මගෙ ගේ ඇතුලෙත් එච්චරට අවිශ්වාස වුනාම ජීවිතේ අනෙක් තැන් කොහොම විශ්වාස කරන්නද ?

Related Articles

Don't Miss


Latest Articles