බැරල් අස්සේ හැංගුණු මළ සිරුරු… අවුරුදු 25කට පසු නිදහස ලබන සහයකයා!
හිතේ මවාගන්න බැරි තරම් බිහිසුණු අපරාධ මාලාවක් ගැනයි අද කතාව.
අවුරුදු 25කට කලින් ඕස්ට්‍රේලියාවම කම්පා කරපු ඒ සිදුවීම අදටත් බොහෝ දෙනෙක්ට බියකරු සිහිනයක් වගෙයි. ඒ තමයි ස්නෝටවුන් ‘බැරල් මිනීමැරුම්’ සිද්ධිය. මේ මිනීමැරුම්වලට සෘජුවම සම්බන්ධ නැතත්, ඒ බිහිසුණු අපරාධ වසන් කරන්නට උදව් කළ, වසර විසිපහක් සිර දඬුවම් විඳි මාර්ක් රේ හේඩන් මේ 2024 ජනවාරි මාසෙ නිදහස් වෙනවා.
එදා බැරල් අස්සේ හැංගුණු මළ සිරුරුත් එක්ක ගෙවුණු ඒ අඳුරු දිනවලට හේඩන් සම්බන්ධ වුණේ කොහොමද? ඔහුට එරෙහිව තිබුණු චෝදනා මොනවාද? මේ දඬුවම ප්‍රමාණවත්ද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයන ගමනක් අපිත් එක්ක මේ ලිපිය ඔස්සේ යන්න එහෙනම් සූදානම් වෙමුද?
ලංකාවේ අපිට වාසනාවකට මේ වගේ Serial Killers ලා ගැන වැඩිපුර අහන්නට ලැබෙන්නේ නැහැ. ඒත්, ලෝකයේ සිදුවුණු මේ වගේ බිහිසුණු අපරාධ ගැන දැනුවත් වීම වැදගත්. ඒ නිසායි අපි ඔයාලට මේ වගේ ලිපි වලින් ඒ ගැන තොරතුරු ගේන්න උත්සාහ කරන්නෙ.
1999 මැයි මාසෙ විසි වෙනිදා මේ snow town කියන ගමේ අත ඇරලා දාලා තිබුන බැංකුවක සේප්පුවක් ඇතුලෙ තිබිලා පොලිසියට හිතාගන්න බැරි දෙයක් හම්බුවෙනවා.
1992 ඉඳලා 1999 වෙනකල්, serial killersලා මිනිස්සු 11 දෙනෙක්ව මරලා දාලා තිබුණා. ඒ අයගෙන් අට දෙනෙක්ගේ මළ සිරුරු 1999 මැයි මාසයේදී ඇඩිලේඩ් නගරයට කිලෝමීටර් 150ක් උතුරින් තියෙන ස්නෝටවුන් වල බැංකු ගබඩාවක තිබුණු බැරල් අස්සෙන් හම්බ වුණා. තවත් මළ සිරුරු හතරක් මේ ඝාතකයන්ට සම්බන්ධයි කියලා හෙළි වුණාට, මිනීමැරුම් චෝදනා ඔප්පු වුණේ තුනකට විතරයි.
හැබැයි ගිය අවුරුද්දෙ නිදහස් වුන 65 හැවිරිදි හේඩන් කවදාවත් කිසිම මිනීමැරුමකට වරදකරු වුණේ නැහැ. හැබැයි, එයා වරදකරු වුණේ මියගිය පුද්ගලයන් හත් දෙනෙකුගේ මරණ වසන් කරන්න උදව් කිරීම සම්බන්ධයෙන්.
දකුණු ඕස්ට්‍රේලියානු නීති සංගමයේ අපරාධ නීති කමිටුවේ සාමාජිකයෙක් සහ නීතිඥයෙක් වන ජේම්ස් මාකස් මහතා කිව්වේ, දැනට පවතින නීතිය අනුව හේඩන් නිදහස් කිරීම වළක්වන්න බලධාරීන්ට බලයක් නැහැ කියලයි. “පවතින නීති අනුව, පුද්ගලයෙක් තමන්ට නියම කරපු සිර දඬුවම සම්පූර්ණ කළාම, එයාව සිරගෙදරින් නිදහස් කරනවා,” මාකස් මහතා පැහැදිලි කරනවා..
එයා කියන්නෙ, හේඩන් කාවවත්ව මරලා දැම්මෙ නෑ කිව්වත්, එයාගේ අවුරුදු 25ක සිර දඬුවම දකුණු ඕස්ට්‍රේලියාවේ මිනීමරුවන්ට දෙන අවම අවුරුදු 20ක නිදහස් නොවන කාල සීමාවට වඩා දිගයි කියලා. “මේකෙන් පේනවා ‘අපරාධකරුවෙකුට ආධාර කිරීමේ’ වරද සම්බන්ධයෙන් අධිකරණය කොච්චර බරපතල විදියට සලකලා තියෙනවද කියලා,” එයා කියන්නෙ අන්න ඒ හන්දා.
හේඩන්ව මේ බිහිසුණු අපරාධ වලට පොළඹවාගෙන තියෙන්නේ, ළමා අපචාර චෝදනා සම්බන්ධයෙන් 1998 අගෝස්තු මාසයේදී ට්‍රෝයි යූඩ්ට පහර දෙන්න අනිත් අයට උදව් කරන්න ඔහු එකඟ වුණාමයි. යූඩ් මරේ බ්‍රිජ් වල තමන්ගේ නිවසේ නිදාගෙන ඉන්නකොට තමයි මෙයාල ඔහුට පහර දීලා තියෙන්නෙ. හැබැයි, ප්‍රහාරය අධික ලෙස දරුණු වෙද්දී, හේඩන් එතනින් අයින් වෙලා විසිත්ත කාමරයට ගිහින් තියෙනවා.
ඒ වෙද්දි අවුරුදු 21ක් වුණු යූඩ් හත්වන ගොදුර බවට පත්වෙන්නෙ අන්න ඒ විදියට.
1992 අගෝස්තු 31 වැනිදා සාලිස්බරිවල පිහිටි බන්ටිංගේ ගෙදරට ආපු ක්ලින්ටන්, සවල් පොල්ලකින් පහර කාලා මැරිලා තිබුණා. ක්ලින්ටන් ළමා අපචාර කරන්නෙක් කියලා බන්ටිං කිසිම සාක්ෂියක් නැතුව චෝදනා කරලා තිබුණා. ක්ලින්ටන්ව මැරුවට පස්සේ, බන්ටිං ඔහුව “Happy Pants” කියලා සමච්චලයට ලක් කළා. අවුරුදු දෙකකට පස්සේ, 1994 අගෝස්තු 16 වැනිදා දකුණු ඕස්ට්‍රේලියාවේ ලෝවර් ලයිට්වල පොළොවේ වළදාලා තිබිලා ඔහුගේ මළ සිරුර හම්බ වුණා. 1997දී ක්ලින්ටන්ගේ සිද්ධිය “Australia’s Most Wanted” කියන රූපවාහිනී වැඩසටහනක කොටස් දෙකකට පාදක වුණා. බන්ටිං, ව්ලාසාකිස් සහ ඔහුගේ අම්මා එක්ක මේ වැඩසටහන බලන ගමන්, “ඒක මගේ වැඩක්” කියලා පුරසාරම් දොඩලා, තමන් ක්ලින්ටන්ව මරපු විදියයි, වැග්නර් සහ ලේන්ගේ උදව්වෙන් මළ සිරුර බැහැර කරපු විදියයි ව්ලාසාකිස්ට කියලා තිබුණා.
ආබාධිත තත්ත්වයකින් පෙළුණු රේ, 1993දී බන්ටිංගේ හිටපු පෙම්වතිය වුණු සුසාන් ඇලන් එක්ක සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිහින් තිබුණා. සුසාන්ගේ මුණුබුරන්ට රේගෙන් ලිංගික අතවර වෙලා කියලා චෝදනා ආවාට පස්සේ මේ සම්බන්ධය නැවතුණා. ඒත්, ඔවුන් යාළුවෝ විදියට හිටියා. රේ නැති වෙන්න ටික කාලෙකට කලින් සුසාන්ගේ ගෙදර පිටිපස්සේ තිබුණු කරත්තයක තමයි ජීවත් වෙලා තියෙන්නේ. 1995 දෙසැම්බර් 26 වැනිදා, සුසාන්ගේ දුව ඇනට් කැනන්, බන්ටිං සහ සුසාන් රේගේ කරත්තය පිරිසිදු කරනවා දැකලා තිබුණා. බන්ටිං පස්සේ 1995 දෙසැම්බර් 25 වැනිදා තමන් රේව මැරුවා කියලා ව්ලාසාකිස්ට කිව්වා. බන්ටිංගේ කතාව අනුව, ව්ලාසාකිස්ගේ අම්මායි, බන්ටිංගේ බිරිඳයි වුණු එලිසබෙත් හාර්වි රේගේ කකුලට පිහියෙන් ඇනලා තිබුණා. ඊට පස්සේ, ඔවුන්ගේ යාළුවා වුණු රොබට් වැග්නර් රේව ජම්පර් කේබල් වලින් සිහි නැති වෙනකම් ගෙල සිර කරලා තියෙනවා. අධිකරණයේදී ව්ලාසාකිස් කිව්වේ, බන්ටිංගේ කතාවට අනුව, බන්ටිං සහ වැග්නර් සිහි නැති රේගේ මළ සිරුර කාර් එකකට පටවලා, දකුණු ඕස්ට්‍රේලියාවේ බකාරා කියන නගරයේ ගෙදරකට අරගෙන කියලා ගිහින් තියෙනවා. ඊට පස්සේ ඔවුන් රේව නාන ටබ් එකකට දාලා, පොල්ලකින් ඔහුගේ ලිංගික අවයවවලට පහර දීලා මරලා දාලා තිබුණා. 1999 මැයි 26 වැනිදා, සාලිස්බරිවල කලින් බන්ටිං ජීවත් වුණු තැනක, ගඩොල්, පස්, කොන්ක්‍රීට් දාලා වහලා තිබුණු සොහොනකින් රේගේ මළ සිරුර හම්බ වුණා.
1999 මැයි 23 වැනිදා සාලිස්බරි නෝර්ත් වල බන්ටිංගේ ගෙදරදී ප්ලාස්ටික් බෑග් එකොළහකින් ඔතලා වළදාලා තිබිලා සුසාන්ගේ මළ සිරුර හම්බ වුණා. බන්ටිං ඇගේ මරණය සඟවලා, ඇගේ විශ්‍රාම වැටුප දිගටම එකතු කරගෙන ඩොලර් 17,000ක් හොයාගෙන තිබුණා. බන්ටිං කිව්වේ ඇය හෘදයාබාධයකින් මැරුණා කියලා වුණත්, පොලිසිය සැක කරන්නේ බන්ටිං එක්ක ඇගේ සම්බන්ධය නරක අතට හැරුණාම ඇයව මැරුවා කියලායි. සාක්ෂි මදි නිසා ඇගේ මරණය සම්බන්ධයෙන් තිබුණු මිනීමැරුම් චෝදනා අන්තිමේදී අත්හැර දැම්මා.
මිෂෙල් කියන්නෙ වැග්නර්ගේ බිරිඳගේ ඥාති සහෝදරිය වුණු නිකොල් සූරිටාගේ ගෙදර ජීවත් වුණු සංක්‍රාන්ති ලිංගික කාන්තාවක්. බන්ටිං මිෂෙල්ව හැඳින්වුවේ “ලොකුම සමලිංගිකයා” කියලායි. 1997 සැප්තැම්බර් මාසේ මිෂෙල් නැති වෙන්න ටික කාලෙකට කලින්, වැග්නර්ගේ ළමයි එක්ක මිෂෙල් ගෙදර මිදුලේ සෙල්ලම් කරමින් ඉන්නකොට මේ සිද්ධිය දැකලා වැග්නර්ට හොඳටම තරහා ගිහින් තිබුණා. බන්ටිං සහ වැග්නර් මිෂෙල්ව දකුණු ඕස්ට්‍රේලියාවේ මරේ බ්රිජ්වලට අරගෙන ගිහින්, එහේ මඩුවකදී ගෙල සිර කරලා මරලා දාලා තිබුණා. ඇය සිහිසුන් වුණාම හැම වතාවකම නැගිටින්න කියලා ඔවුන් බල කරලා තියෙනවා. ඊට පස්සේ වැග්නර් සහ බන්ටිං මිෂෙල්ගේ ගෙදර මංකොල්ලයක් සැලසුම් කරලා, සූරිටාගේ බඩු ටිකක් හොරකම් කරලා, මිෂෙල් ලිංගික වෙනස් කිරීමේ සැත්කමකට සල්ලි හොයන්න ඒවා හොරකම් කළා කියලා සූරිටාට ඒත්තු ගන්වලා තිබුණා. මිෂෙල්ගේ මළ සිරුර බැරලයක දාල මඩුවේ පස්සෙ ස්නෝටවුන් බැංකු ගබඩාවට අරන් ගිහින් තිබුණා. බැටල් එකේ පියන වහන්න පුළුවන් වෙන්න මිෂෙල්ගෙ වම් කකුල කපලා තිබුණා.
බන්ටිං 1991දී සාලිස්බරි නෝර්ත් වලට එනකොට වනේසා වැග්නර් එක්ක සම්බන්ධයක් පවත්වාගෙන ගිහින් තිබුණා. දේශීය ළමා අපචාර කරන්නන් ගැන තොරතුරු බන්ටිංට දුන්න නිසා, බන්ටිං වනේසාව ඔහුගේ යාළුවෝ අතරට එකතු කරගෙන තිබුණා. පිරිමි ළමයෙකුට ලිංගික අතවර කළා කියලා චෝදනා ආවාට පස්සේ, වනේසා සහ වැග්නර්ගේ ගෙදරට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. ඊට පස්සේ වැග්නර් වනේසාව අත්හැරලා ගියා. තෝමස් ඉයුජීනියෝ ට්රෙවිලියන් (ඊළඟ වින්දිතයා), වනේසා එක්ක සම්බන්ධයක් තිබිලා, 1997 අප්‍රේල් මාසේ වනේසා එක්ක ජීවත් වෙන්න පටන් ගත්තා. ට්රෙසයිස්ගේ ඝාතනය නිසා තමන් කම්පනයට පත් වුණා කියලා වනේසා කියලා තිබුණා. ඇය මේ සිද්ධිය ගැන ඇගේ අම්මටයි, බන්ටිංගේ හිටපු පෙම්වතියටයි කිව්වාම, බන්ටිං ඒක ඇත්ත කියලා තහවුරු කළා. ට්රෙවිලියන් බන්ටිංට කිව්වා වනේසා තමන්ට ලිංගික අතවර කරනවා කියලා. 1997 ඔක්තෝබර් 17 වැනිදා බන්ටිං, වැග්නර් සහ ට්රෙවිලියන් වනේසාව එක්කගෙන ගියා. බන්ටිංගේ අණට අනුව, වනේසා ඇගේ අම්මට කතා කරලා දරුණු විදියට බැනලා, තමන් ක්වීන්ස්ලන්ඩ් වලට යන බවත්, අම්මා එක්ක කිසිම සම්බන්ධයක් ඕන නැති බවත් කියලා ෆෝන් එක තිබ්බා. ඔවුන් ඇගේ බැංකු ගිණුම්වල තොරතුරු ගන්න වනේසාවට වධ දුන්නා. එයාගෙ මහපට ඇඟිල්ල පොඩි කළා. ඊට පස්සේ වනේසාව ගෙල සිර කරලා මැරුවා. 1999 මැයි 20 වැනිදා, වනේසාගේ කපා කොටා දැමූ මළ සිරුර පොලිසිය විසින් ස්නෝටවුන්වල බැංකු ගබඩාවක බැරලයකින්, ගාඩ්නර්ගේ මළ සිරුරත් එක්ක හොයාගත්තා.
වනේසාගේ අන්තිම සහකරු වුණු තෝමස්, “පැරනොයිඩ් ස්කීසෝෆ්රීනියා” කියන මානසික රෝගයෙන් පෙළුණා. මේ නිසා ඔහු හමුදා සෙබළෙක් කියලා විශ්වාස කරලා, හැම තිස්සෙම හමුදා ඇඳුම් ඇඳගෙන හිටියා. 1997 අප්‍රේල් ඉඳලා ඔක්තෝබර් වෙනකම්, තෝමස් මාස පහක් වනේසා එක්ක ජීවත් වුණා. ඔහු බන්ටිංටයි වැග්නර්ටයි වනේසාව මරන්න උදව් කළා. 1997 නොවැම්බර් 4 වැනිදා, වැග්නර්ගේ පෙම්වතියගේ පුතා බල්ලෙක් එක්ක සෙල්ලම් කර කර ඉන්නකොට, තෝමස් පිහියකින් සතාව මරන්න හදලා පස්සේ පන්නගෙන ගියා. ඔහුව නැවැත්තුවත්, එදා හවස බන්ටිං අනිත් අයට කිව්වේ තෝමස් “පිස්සු වැටෙන්න පටන් ගෙන” තියෙන බවත්, ඔහු තමන්ට වදයක් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ, 1997 නොවැම්බර් 5 වැනිදා බන්ටිං සහ වැග්නර් තෝමස්ව ඇඩිලේඩ් කඳුකරයේ කර්ස්බෲක් වලට අරන් ගියා. එහෙම හෙනිහින් බෙල්ලට තොණ්ඩුවක් දාලා තිබුණා. ඊළඟ දවසේ හම්බග් ස්ක්‍රබ් වල ගහක එල්ලී ඉන්නකොට තෝමස්ව හම්බ වුණා. ඔහු කලින් සියදිවි නසාගන්න හදපු සිද්ධි බලද්දී, මරණ පරීක්ෂකයා තීරණය කළේ තෝමස් සියදිවි හානිකරගත්තා කියලායි.
ව්ලාසාකිස්ගේ යාළුවෙක් වුණු ගැවින්, “ස්කීසෝෆ්රීනියා” රෝගයෙන් පෙළුණු කෙනෙක්. ඔහු අවුරුදු ගානක් මානසික රෝහල්වල ගත කරලා තිබුණා. අම්මාගේ මරණයෙන් පස්සේ 1997දී වික්ටෝරියාවේ ඉඳලා ඇඩිලේඩ් වලට ආපු ගැවින්, ව්ලාසාකිස්ව මුණගැහිලා ඔහු එක්ක ජීවත් වෙන්න පටන් ගත්තා. ව්ලාසාකිස් සහ ගැවින් දෙන්නම හෙරොයින්වලට ඇබ්බැහි වෙලා හිටියා. 1997 අග භාගයේදී බන්ටිං, එලිසබෙත් හාර්වි සහ ඇගේ ළමයි, ව්ලාසාකිස් ඇතුළුව, දකුණු ඕස්ට්‍රේලියාවේ මරේ බ්‍රිජ් වලට ගියාම, ගැවිනුත් එයාලා එක්ක ගියා. බන්ටිං ගැවින්ව “අපතයෙක්” කියලා කිව්වා වගේම, එයා තවදුරටත් ජීවත් වෙන්න සුදුසු නැහැ කියලාත් කිව්වා. ඊට පස්සේ ගැවින් ඊළඟ වින්දිතයා විය යුතුයි කියලා බන්ටිං තීරණය කළා. ගැවින් කාර් එකේ නිදාගෙන ඉන්නකොට බන්ටිං සහ වැග්නර් ඔහුට පහර දුන්නා. ගැවින් අවදි වුණාම, ස්කෲ ඩ්‍රයිවර් එකකින් බන්ටිංගේ අතට ගහන්න පුළුවන් වුණත්, පස්සේ එයාව යටත් කරගෙන ගෙල සිර කරලා මැරුවා. ගැවින්ගේ මළ සිරුර ව්ලාසාකිස්ට පෙන්නුවාට පස්සේ, ඒක බැහැර කරන්න බැරලයකට දැම්මා.
ව්ලාසාකිස් කලින් බන්ටිංට කියලා තිබුණා, තමන්ට අවුරුදු 13දී යූඩ් ලිංගික අතවර කළා කියලා. බන්ටිං සහ වැග්නර් ව්ලාසාකිස් නිදාගෙන ඉන්නකොට ඔහුව අවදි කරලා යූඩ්ව මරනවා කියලා කිව්වා. ඔවුන් යූඩ් නිදාගෙන ඉන්නකොට පහර දුන්නා. ඊට පස්සේ ඔවුන් යූඩ්ව ඇඳෙන් ඇදගෙන නාන කාමරයට අරන් ගිහින්, එහේදී ආයෙත් ඔහුට පහර දීලා ඔහුගේ සල්ලි ගන්න බැංකු විස්තර ඉල්ලුවා. ඊටපස්සෙ යූඩ්ව ගෙල සිර කරලා මරලා දාලා තිබුණා.
1997 අග භාගයේදී එලියට් ඇගේ නංගී ළඟට දකුණු ඕස්ට්‍රේලියාවට ගියා. පොඩි කෙල්ලන්ට “අතවර කරනවා” කියලා බෲක්ස් ගැන බන්ටිංට පිස්සු අදහසක් තිබුණා. ඔහු හැම තිස්සෙම කිව්වා බෲක්ස්ට මොකක් හරි කරන්න ඕන කියලා. 1998 සැප්තැම්බර් මාසේ, බෲක්ස්ට ඕස්ට්‍රේලියානු ගුවන් හමුදා කැඩෙට් භට කණ්ඩායමට පිළිගත්තා කියලා දැනුම් දුන්නා. බන්ටිං, වැග්නර් සහ ව්ලාසාකිස් එක්ක සාදයකට එන්න ඔහුට ආරාධනා කරන්නෙ අන්න ඒ හන්දා. ව්ලාසාකිස්, වැග්නර් සහ බන්ටිං බෲක්ස්ව නාන ටබ් එකට දාලා වධ හිංසාවට ලක් කළා. කලින් වින්දිතයන්ට වගේම, ඔහුට අත් සහ මහපටැඟිලිවලට පහර දුන්නා. ැයාගෙ කන්වලටයි, නාස්පුඩු වලටයි දැල්වූ සිගරට් ඇතුළු කළා. දැල්වූ ස්පාර්ක්ලර් එකක් ඔහුගේ මුත්‍රා මාර්ගයට ඇතුලු කළා. ඊට පස්සේ ඔහුට රෙකෝඩරයකට කතා කරන්න බල කරලා, ඔහුගේ බැංකු විස්තර හෙළි කරගත්තා. සිරින්ජයක් පාවිච්චි කරලා ඔහුගේ වෘෂණ කෝෂවලට බ්ලීච් එන්නත් කළා. ඒවා වයර් එකකට සම්බන්ධ කරලා ඔහුගේ ඇඟ හරහා කරන්ට් එක යැව්වා. අන්තිමේදී එයා කටේ තිබුණු රෙද්දක් සිර වෙලා හුස්ම හිර වෙලා මැරුණා.
බන්ටිංගේ අසල්වැසියෙක් වුණු ගැරීට මානසික හා ශාරීරික ආබාධ තිබුණා. බන්ටිං හැම තිස්සෙම ගැරීව පිරිමි සමලිංගිකයෙක් කියලා හැඳින්නුවා. 1998 ඔක්තෝබර් මාසේ ගැරීගේ සල්ලි තත්ත්වයයි, පවුලේ අය ඉන්නවද නැද්ද කියන එකයි ගැන තොරතුරු ගන්න බන්ටිං ව්ලාසාකිස්ගේ උදව්ව ගත්තා. ගැරීට ලැබුණු ආබාධිත ප්රතිලාභ වලින් ලැබුණු ආදායම මූල්‍ය ඉලක්කයක් විදියට ඔවුන් දැක්කා. බන්ටිංගේ බලකිරීමට, ව්ලාසාකිස් ගැරී එක්ක යාළුවෝ කීප දෙනෙක්ට දකුණු ඕස්ට්‍රේලියාවේ මරේ බ්‍රිජ් වල ෆ්‍රැන්සිස් ස්ට්‍රීට් වල තියෙන ගැරීගේ ගෙදරට ගෙන්න ගන්න කටයුතු කළා. බන්ටිං ගැරීව හොඳටම බීමතින් තියන්න කටයුතු කළා. මිනිත්තු පහළොවක් විස්සක් විතර ගියාට පස්සේ, වැග්නර් ගැරීගේ බෙල්ල තද කරලා අල්ලගෙන පැය කීපයක් එයාට වධ හිංසා කළා. ගැරීගේ මළ සිරුර හේඩන්ගේ ගෙදරට අරන් ගිහින් බැරලයක දැම්මෙ ඒ විදියට හුස්ම හිර කරලා එයාව මරලා දැමුවයින් පස්සෙ.
මිනීමැරුම් ගැන තමන්ගේ බිරිඳ වෙන එලිසබෙත්ට කිව්වා කියලා හේඩන් බන්ටිංට කියලා තිබුණා. බන්ටිං ඒ නිසා එලිසබෙත්ට වෛර කළා. එයා ඝාතන ගැන දන්නා නිසා ප්‍රශ්නයක් කියලා ඔහු ව්ලාසාකිස්ට අනතුරු ඇඟෙව්වා. වැග්නර්ටත් එලිසබෙත් ගැන ඒ වගේම අදහස් තිබුණෙ. 1998 නොවැම්බර් 21 වැනිදා බන්ටිං සහ වැග්නර් එයාගෙ ගෙදරට ආවා. එදා රෑ ඇගේ සැමියායි ළමයිනුයි එළියට ගිහින් තිබුණා. එලිසබෙත්ව ඇගේ නාන කාමරයට ඇදගෙන ගිහින් වධ දීලා මැරුවා. ඇගේ බෙල්ල වටේ කඹයක් ඔතලා, කටට රෙදි කෑල්ලක් ඔබලා තිබුනා. කටකතා අනුවඑදාම, ඇගේ සැමියාට ඇගේ මළ සිරුර පෙන්නුවාම ඔහු හිනා වෙලා තියෙනවා. එලිසබෙත්ගේ මළ සිරුරත් බැරලයක දාලා තියලා තිබුණා.
බන්ටිං ජොන්සන්ට අකමැති වුණේ එයා ඔහුගේ පිරිසිදුකමයි, පෙනුමයි ගැන ඕනෑවට වඩා හිතපු නිසා. බන්ටිං නිතරම ඔහුව පහත් කරලා කතා කරා. මැයි 9 වැනිදා, ව්ලාසාකිස් ජොන්සන්ට කිව්වා ස්නෝටවුන්වල පරිගණකයක් අඩු ගාණට විකුණන්න තියෙනවා කියලා. ඔහු ඒක ගන්න ව්ලාසාකිස් එක්ක යන්න කැමති වුණා. ඔහු ගොඩනැගිල්ලට ඇතුළු වුණු ගමන් ඔහුව අල්ලගත්තා. ජොන්සන් ස්නෝටවුන්වල මැරුණු එකම වින්දිතයා වෙන්නෙ ඒ අනුව. ඔහුගේ මළ සිරුර 1999 මැයි 20 වැනිදා හම්බ වුණා. මරලා දාපු ජොන්සන්ගේ මළ සිරුරෙන් කෑල්ලක් බැදලා බන්ටිං සහ වැග්නර් විසින් කලා තියෙනවා කියලත් කියනවා.
. දකුණු ඕස්ට්‍රේලියාවේ අපරාධ වින්දිතයන්ගේ කොමසාරිස්වරිය වන සාරා ක්වික් ABC පුවත් සේවයට කිව්වේ, තමන් නිරන්තරයෙන් වින්දිතයන්ගේ ඥාතීන් සමඟ සම්බන්ධතා පවත්වන බවත්, ඔවුන්ට තවමත් “හිතාගන්න බැරි තරම් කම්පනයක්” විඳින්න වෙනවා කියලත්.
“හේඩන් නිදහස් වෙනවා කියන එක ගැන හිතන එකත් එයාලට හරිම අමාරුයි,” කියලා එයා කියන්නෙ අන්න ඒ නිසා.
වින්දිතයන්ව බන්ටිං තෝරා ගත්තේ එයා හිතෙන් හිතාගත්ත වැරදි වල. සමහර වින්දිතයන්ව මරා දැම්මේ, බන්ටිං ඔවුන්ව ළමා අපචාර කරන්නන් ලෙස සැක කරපු හන්දා. ඒ සඳහා ඔහුට තිබුණේ බොහොම සුළු සාක්ෂි හෝ කටකතා විතරයි. තවත් අයව මරා දැම්මේ, ඔහු මහත අයට, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට හෝ සමලිංගිකයන්ට අකමැති වුණු හින්දලු.
බ්රෝඩ්මූර් රෝහලේ අධිකරණ මනෝචිකිත්සකයෙක් වන කෙවින් හවෙල්ස් විශ්වාස කළේ, බන්ටිංගේ හැසිරීමෙන් පෙන්නුම් කළේ ඔහුට හැඟීම් නෑ කියන එක වගේම වින්දිතයන් සමඟ සංවේදනය වීමේ හැකියාවක් නෑ කියන එක. බන්ටිං තමන්ගේ වින්දිතයන් පාලනය කිරීමෙන් තෘප්තියක් ලැබූ මනෝවිකාරී ඝාතකයෙක් බව ඔහු පෙන්වා දුන්නා. බන්ටිංගේ වින්දිතයන්ට බන්ටිංව “දෙවියන්”, “ස්වාමියා”, “ප්‍රධාන පරීක්ෂක” සහ “සාමිතුමා” ලෙස අමතන්නට බල කරලා තියෙනවා. මිනීමැරුම් අතරතුර, බන්ටිං ඔහුගේ නිවසේ අමතර කාමරයක බිත්තියක “rock spider wall” හදලා තිබුනා. කඩදාසි සටහන් සහ ලොම් භාවිතා කර හදපු මේ සටහන්වල බන්ටිං ළමා අපචාර කරන්නන් හෝ සමලිංගිකයන් යැයි සැක කළ පුද්ගලයන්ගේ නම් එකිනෙකට සම්බන්ධ කරලා ලියලා තිබුනා. බන්ටිං බිත්තියෙන් නමක් තෝරාගෙන පසුව එම පුද්ගලයාට කතා කර තර්ජනය කරනවා. එහෙම තමා මේක වෙලා තිබුනේ.
මේ අනුක්‍රමික ඝාතනවල ප්‍රධානියා වුණු ජෝන් ජස්ටින් බන්ටිං මිනීමැරුම් 11කට වරදකරු වුණා. ඔහුගේ සහයකයා වුණු රොබට් ජෝ වැග්නර් 10කට වරදකරු වුණා. දෙන්නටම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුණා. මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු බ්‍රයන් මාටින් තීරණය කළේ ඔවුන්ව කිසිදා නිදහස් නොකළ යුතුයි කියලා.
2019දී වැග්නර් නිදහස් නොවන කාල සීමාවක් නියම කරන ලෙස ඉල්ලීමක් කළා. නමුත් විනිසුරු ග්‍රෙග් පාකර් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.