උදෑසනට ප්‍රබෝධමත් වෙන්න ස්මූති වර්ග

ඩයට් කරන ඔබ ඉක්මනින් සකස් කරගත හැකි , පහසු සහ පෝෂණ ගුණයෙන් සපිරි උදෑසන ආහාර වේලක් සොයනවද? එහෙමත් නැත්නම් ඔබ ආහාර පාලනය කිරීමට ආධුනිකයෙක්ද ? එහෙනම් ඔබටයි මේ ලිපිය. අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ අඩු වේලාවක් ඇතුළත සකස් කර ගැනීමට හැකි පෝෂණ ගුණයෙන් සපිරි ස්මූති වර්ග කිහිපයක් ගැනයි. ඒ වගේම ස්මූති එකක් උදෑසන ආහාර වේලකට සුදුසු වන්නේ ඇයි කියලා වගේම ස්මූති එකක් සඳහා භාවිතා කරන්න පුළුවන් පහසුම අමුද්‍රව්‍ය මොනවද කියලත් අපි මේ ලිපියෙන් ඔබට කියනවා. පළවෙනි වතාවට ආහාර පාලනය කරන එහෙමත් නැත්නම් ඩයට් කරන කෙනෙකුට මේ ලිපිය වඩාත් වැදගත් වනවා.

උදෑසන ආහාර වේලක් සඳහා ස්මූති එකක් සුදුසු වන්නේ ඇයි ? 

අඩු කාල වේලාව – ස්මූති එකක් සකස් කර ගැනීමට සහ අමුද්‍රව්‍ය සූදානම් කර ගැනීමට බොහෝ වේලාවට ගතවන්නේ විනාඩි පහක් හෝ දහයක් පමණයි.

පහසුව – ස්මූති එකක් සකස් කර ගැනීම සඳහා අවශ්‍ය වන්නේ බ්ලෙන්ඩරයක් පමණක් නිසා ඔබට මුළුතැන් ගෙයි බොහෝ වේලාවක් රැඳෙමින් කාලය හෝ උපකරණ මිඩංගු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.

පෝෂ්‍ය පදාර්ථ – ස්මූති එකක් පිසීමට ලක් නොවන නිසා කිසිවිටකත් එහි පෝෂණ ගුණය විනාශ වී යන්නේ නැහැ. ඒ වගේම ඔබ මෙයට අමු ද්‍රව්‍ය කිහිපයක්ම එකතු කරන නිසා පෝෂ්‍ය පදාර්ථ රැසක් ඔබේ ශරීරයට ලැබෙනවා

අභිරුචිකරණය කළ හැකිවීම – ඔබේ රුචිකත්වයට හෝ ආහාර අවශ්‍යතා වලට ගැලපෙන පරිදි ඕනෑම අමු ද්‍රව්‍යයක් සමඟ ඔබට ස්මූති එකක් සකස් කරගන්නට පුළුවන්.

කුසලතාවයක් අවශ්‍ය නොවීම – ස්මූති එකක් සකස් කර ගැනීම සඳහා විශේෂ ඉවුම් පිහුම් කුසලතා අවශ්‍ය වන්නේ නැහැ. ඔබට අවශ්‍ය වන්නේ අමුද්‍රව්‍ය සහ බ්ලෙන්ඩරයක් පමණයි.

ස්මූති එකක් සකස් කර ගැනීම සඳහා භාවිතා කරන්නට පුළුවන් අමුද්‍රව්‍ය මොනවද ? 

පලතුරු ( නැවුම් හෝ ශීත කළ ) –  අඹ , කෙසෙල් , ගස්ලබු , බෙරි වර්ග , අලි ගැට පේර, අන්නාසි

කොළ වර්ග – නිවිති , බ්‍රොකලි , සැල්දිරි 

දියර වර්ග –  එළකිරි , ආමන්ඩ් කිරි , සෝයා කිරි , ඕට්ස් කිරි , පොල් වතුර , වතුර 

ප්‍රෝටින් – ප්‍රෝටීන් කුඩු , යෝගට් , ග්‍රීක් යෝගට් , පීනට් බටර් 

රසකාරක – වැනිලා , මී පැණි, මේපල් සිරප් , රට ඉඳි 

Classic berry smoothie 

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

මිශ්‍ර බෙරි කෝප්ප 1 ( ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි සහ රාස්ප්බෙරි ) 

කෙසෙල් ගෙඩි 1

ආමන්ඩ් කිරි කෝප්ප 1 

මී පැණි තේ හැඳි 1 

හදන්නේ මෙහෙමයි 

බෙරි වර්ග සියල්ල බ්ලෙන්ඩරයට දමා කෙසෙල් ගෙඩියද , කිරි කෝප්පයද එකතු කර රස අනුව මී පැණි එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න

Green Detox Smoothie

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

නිවිති කෝප්ප 1 

කෙසෙල් ගෙඩි 1 

පොල් වතුර කෝප්ප 1

අලි ගැට පේර ගෙඩි 1/2 

ලෙමන් යුෂ ස්වල්පයක්

හදන්නේ මෙහෙමයි

සියලු අමුද්‍රව්‍ය හොඳින් බ්ලෙන්ඩ් කරගෙන අවසානයට රස අනුව ලෙමන් යුෂ එකතු කර කරගන්න

Tropical delight smoothie 

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

අඹ කෝප්ප 1

අන්නාසි කෝප්ප 1

දොඩම් යුෂ කෝප්ප 1

ග්‍රීක් යෝගට් කෝප්ප 1/2 

හදන්නේ මෙහෙමයි 

අඹ , අන්නාසි සහ යෝගට් හොඳින් බ්ලෙන්ඩ් කරගෙන අවසානයට දොඩම් යුෂ එකතු කරගන්න

Peanut butter and banana smoothie 

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

කෙසෙල් ගෙඩි 2

ආමන්ඩ් කිරි කෝප්ප 1

රටකජු බටර් තේ හැඳි 2

මී පැණි තේ හැඳි 1

හදන්නේ මෙහෙමයි 

කෙසෙල් , ආමන්ඩ් කිරි සහ රටකජු බටර් හොඳින් බ්ලෙන්ඩ් කර අවසානයට රස අනුව මී පැණි එකතු කරගන්න.

Chocolate and avocado smoothie 

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

ඉඳුණු අලි ගැට පේර ගෙඩි 1

කෙසෙල් ගෙඩි 1

කැමති කිරි කෝප්ප 1

කොකෝවා කුඩු තේ හැඳි 2

මී පැණි තේ හැඳි 1

හදන්නේ මෙහෙමයි 

අලි ගැට පේර , කෙසෙල් ,කිරි සහ කොකෝවා හොඳින් බ්ලෙන්ඩ් කරගෙන අවසානයට රස අනුව මී පැණි එකතු කරගන්න.

Mango magic smoothie 

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

ශීත කළ අඹ කෝප්ප 1

කෙසෙල් කෝප්ප 1/2

පොල් වතුර කෝප්ප 1

වැනිලා බිංදු කිහිපයක් 

හදන්නේ මෙහෙමයි 

සියලුම අමුද්‍රව්‍ය හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.

Strawberry cheesecake smoothie 

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

ශීත කළ ස්ට්‍රෝබෙරි කෝප්ප 1

ග්‍රීක් යෝගට් කෝප්ප 1/2

කැමති කිරි කෝප්ප 1

වැනිලා තේ හැඳි 1/2 

මී පැණි තේ හැඳි 1

හදන්නේ මෙහෙමයි 

සියලුම අමුද්‍රව්‍ය හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.

ස්මූති එකක් කියන්නේ සම්පූර්ණ උදෑසන ආහාර වේලක්. මෙයට ඔබට ඕනෑ ආකාරයට සහ ඔබේ අවශ්‍යතාවය අනුව අමුද්‍රව්‍ය එකතු කර ගැනීම කළ හැකි නිසා ඉතා පහසුවෙන් සකස් කරගෙන රස විඳින්නට පුළුවන්.

Related Articles

Don't Miss


Latest Articles