දෑත දරා – 31

0
4025

අවසානයේ සින්දූපා සියල්ල, කිසිත් නොසඟවා පැවසූවාය. එලෙස පැවසුයේ මනුජගෙන් උපකාරයක් හෝ ආරක්ශාවක් බලාපොරොත්තුවෙන් නොවේය. හුදෙක් ඇගේ සිත තුළ වූ සියලු පීඩනය කිසිවෙකු ඉදිරියේ දිග හැරිය යුතු නිසාය.

” සර් මුලින් ට්‍රයි කලේ ඩිරෙක්ට් ෆ්ලර්ට් කරන්න ….. ඊට පස්සේ විශ්ව අය්යා  මගේ කවුද කියලා දැනගත්තාම එක පාරටම සයිලන්ට් වුණා…. මාත් ඒක අමතක කරා… මොකද මම දන්නවා මිනිස්සු සමහර වෙලාවට එහෙම වෙන්න පුලුවන් කියලා….

ඒත්, ඊට පස්සේ සිටුවේෂන් එක වෙනස්ම වුණා… සර් මාව අයිසොලේට් කර කර බනින්න ගත්තා… මට සමහර දවස්  එපා වෙන තරමටම ඒක වුණා….  මධාරා කියලා ඩොක්ටර් කෙනෙක්, සර්ට ඒකට හරියට උල්පන්දම් දුන්නා…

මට සර්ගේ කැරැක්ටර් එක පාලනය කරන එක කරන්න පුලුවන් දෙයක් නෙවී කියලා මම තේරුම් ගත්තා.. ඒ වෙනුවට මම වඩා රෙස්පොන්සිබල් වුණා….මගේ අතින් පොඩිවත් වරදක් අඩුවක් වෙන්න දුන්නේ නෑ මම.. එහෙඅ වුනත්, සර් මට කෑ ගැහුවත්, එකට එක ඉන්න ට්‍රයි කලා…

ඇස් වල කඳුළු පිරෙන්න දුන්නේම නෑ… ඇඬුවා. … ඇනෙක්ස් එකට ඇවිල්ලා…

ඒ කිසිම දෙයක් විශ්ව අය්යාට මම කිව්වේ නෑ.. අපේ අම්මලාට එයා තමයි මාව මෙහෙ එවන්න ෆෝර්ස් කලේ… ඒ ඇවිල්ලා මම මෙච්චර ඩිප්‍රෙස්ඩ් වෙනවා කියනෙක විශ්ව අය්යාටත් ස්ට්‍රෙස් බව මට තේරුණා…

එහෙමයි කියලා අම්මාලාටවත් මේක කියන්න පුලුවන් කමක් නැති නිසා, මම මේ ඔක්කොම මගේ ඇතුලේ මැනේජ් කරගත්තා …. රෑට තනිවට ආලෝකා  නැන්දාව ගෙන්නගන්නේ ඒකට උදව්වක් විදියට … සර් මාව ෆලෝ කරනවා කියලා මට තේරුණාට පස්සේ….ආලෝකා නැන්දා එයාගේ දූගේ බබාව බලන්න ගියාම තමා මට සාරතී නැන්දාව මුණ ගැස්සුවේ…..

මගේ හිතට කොච්චරවත් බයක් තියෙනවා, සර් කොහොමම හරි මාව කොටු කර ගනීවි කියලා…. මට ඒක දැනෙනවා … පේනවා…. සර් මුන ගැහෙන හැම වෙලාවේම… සර් ඉන්නේ, බඩගින්නේ ඉන්න කොටියෙක් වගේ…. “

මනුජගේ දෑත් මිට මෙලවී තිබුණේ කෝපයෙන් ය. රෝහල් අධ්‍යක්ෂකවරයා ස්ත්‍රීන් විෂයෙහි දක්වන ප්‍රියතාවය පිළිබ්ඳව මනුජ ද දැනගෙන උන්නේය. ඔහු හා එවන් කාරණා සම්බන්ධව මනුජද ගැටී තිබුන  නිසාය. ඒ නැතත්, මාස කිහිපයකට වරක් වන මිතුරු හමුවේදී මිතුරන් ඒ ගැන බොහො දේ පවසනු මනුජට ඇසී ඇත.

සාමාන්‍ය  පෙළ හදාරන නිවුන් දියණියන් තිදෙනෙකුගේ පියෙකුට ඒ හැසිරීම කෙතරම් යුතුදැයි සිතන්නටවත් මනුජ කාලය වැය කරේ නැත.

සින්දූපා උන්නේ මෝටර් රියේ ඉදිරි වීදුරුවෙන් ඉදිරියම බලාගෙනය.

” ඒ ඔක්කොම අමතක කරන්න කමාන්ඩර් … ඒ මොක වුණත්, මම තවත්  මෙහෙ ඉන්නේ නෑ… මෙහෙ තියා ගවර්මන්ට් සර්විස් ඉන්නෙත් නෑ…. කින්ග්ස් කියන්නේ මගේ තාත්තාගේ හොස්පිට්ල් නෙට්වර්ක් එක… ඒකේ ඩිරෙක්ටර් බෝර්ඩ් එකේ පුටුවක් මට තියෙනවා…. මම ඒක බාරගන්නවා…. මට මෙහෙම දුක් විඳගෙන මිනිස්සුන්ට සේවය කරන්නඕනි නෑ… බැරි වෙලාවත්  , මට දෙයක් වුනොත් ඒක මම දරාගන්න එපැයි….”

මනුජ තිගැස්සුණේය. ඇය පවසන්නේ දියතලාව හැර යන බවද ? තමා හැර යන බවද ?

” අපි යමුද ?….”

තමා දෙස විමතියෙන් බලා සිටින මනුජ නිම්නෙත් ගෙන් සින්දූපා චමේලි විමසුවාය. එහෙත් මනුජ උන්නේ එහෙම කීවාට යන්නට හැකි තරනේ තැනක නොවේය.

” යනවා කියන්නේ ?”

මනුජ එවර විමසුවේ සින්දූපා ගෙන් දෑස් ඉවතට නොගනිමිනි.

” රෙසිග්නේශන් දෙනවා මම …. හෙටම …”

“මෙහෙන්‍ යනවා කියලාද කියන්නේ ?”

“ඔව්…”

“එතකොට ….?

“ප්ලීස්… කමාන්ඩර් අපි යමුද ? ….”

“සින්දූ … යන්න එපා …..  මං .. මං .. හැමදේම බලාගන්නම් … ඔයාට කරදරයක් වෙන්න දෙන්නේ නෑ ….”

මනුජ ගත තුළ වූ සියලි ශක්තිය එක් කර එලෙසින් කීවේය. සින්දූපා ගේ හුස්මද  තත්පර කිහිපයකට නැවතුණා සේ විය.  ඕ බලා උන්නේ ඔහු එලෙසින් පැවසූ බව සිතා ගන්නට නොහැකිවය. මනුජ උන්නේ අසුන් පටි ගලවා දමාය.  ඔහු අසුනේ පසෙකය හැරී සින්දූපා ගේ දෑතින්ම අල්ලා ගත්තේය.   පිටි අල්ල  හෙමින් පිරිමැද්දේය.

” මම කසාද බැඳලා දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් …. දැන් ඩිවෝස්…. ඒ කාරණේ දැනගෙන මා එක්ක ඉන්න පුලුවන් නම් …. ප්ලීස්..යන්න එපා…. ඉන්න…. ඒ කාරණේ , …. ඒ කාරණේ … බාධාවක් වෙයි හිතෙනවා නම්, ආයේ … ආයෙ අපි මුණ ගැහෙන්න ඕනි නෑ….   ඒ කොහොම වුනත්, ඔයා මෙහෙ ඉන්නකල්  මං ඔයාව  බලාගන්නවා… පොඩ්ඩක්වත් බය වෙන්න එපා…”

මනුජ දෑතේ ස්පර්ශය තද කර එක්වරම  අතැර දැම්මේය.  මෝටර් රිය පණ ගන්වාගෙන රෝහල වෙතම ධාවන කලේය. රෝහල් පිවිසුම අසලින් නැවතුනේය. මෝටර් රියෙන් බැස ගත්තේය.

සින්දූපා ද මෝටර් රියෙන් බැස ආවාය. මනුජ ඇය දෙස නොබලාම මෝටර් රියෙ යතුර  ඇය වෙත දිගු කලාය. සින්දූපා උන්නේ කිසිවක් කියා ගන්නට  නොහැකිවය.

මනුජ ගමන් කල ත්‍රී රෝද රියකට නැග්ගේ සින්දූපා ට කිසිවක් නොපවසමිනි. ඔහු ගැඹුරු සුසුමක් හෙලුවේය.  සිදුවන්නේ කුමක් වුවත්  එය පිළිගැනීමට සූදානම් වෙමියි සිතුවේය

සින්දූපා වටා වන අඳුර අතරට තමාත් අඳුරක්ම ගෙන ආවාදැයි මනුජට නොසිතුණා නොවේය . එහෙත් හිතට දැනෙන හැඟීම කිසිත් නොවේයැයි ඉවතලිය නොහේ බව ඔහු සිතුවේය. ඇයද තමා කෙරෙහි යම් ආහ්ලාදජනක හැඟීමක් නොදැරුවා නොවන බව මනුජට විශ්වාසය.

සින්දූපා වාහනය රථ ගාලේ නවතා  රෝහල තුළට පිවිසියාය.

විශ්ව ඇයවෙත ඇවිද එමින් තිබුණි.

” සිද්ද වුනේ මොක වුනත්, තමුසේ තවදුරටත් මෙහෙ ඉන්නේ නෑ…. ගවර්මන්ට් සර්විස් ඉන්න ඕනි නම් ඒ කොහෙට හරි ට්‍රාන්සර් වෙන්න … එහෙම නැත්නම් මාමා කියන දේකට එකඟ වෙන්න … තේරුනානේ ? මේ බල්ලාට පාඩමක් උගන්නන එක මම කරන්නම් ….”

“යන්න බෑ අය්යේ  ..”

“මොකක්?”

“යන්න බෑ… එයා.. එයා… යන්න එපා කිව්වා…”

“කවුද?.”

” කමාන්ඩර් …. කමාන්ඩර් … මනුජ …..”

විශ්ව අඩියක් ආපස්සට විසි වූයේය.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here