රැකියාවෙන් ඉහළ යාම සදහා ආයතන ප්‍රධානියා සමග ලිංගික සබඳතා පැවැත්වූ තරුණිය.

(මෙය සත්‍ය සිදුවීමක් වුවත් පුදගලයන් ගෙ අනන්‍යතාව හෙලිනොවන සේ සැකසූ ලිපියකි.)

ඔබට නිරන්තරයෙන්ම පිරිමි පාර්ශවයේ ආකර්ශණය ලැබෙනවා නම් ඔබට දැනෙන හැඟීම මොන වගේ එකක්ද ? සමහරු එය වාසනාවක් විදියටත් සමහරෙක් එය වදයක් ලෙසත් හිතාවි.නමුත් මේ ආකර්ෂණය ලිංගික සබඳතා පැවැත්වීම දක්වා ඔබ දුර අරන් යනවා නම් ? බොහෝ දෙනෙක් එය තරමක් තිගැස්සෙන කාරණාවක් වෙයි.

සාමාන්‍යයෙන් තරුණියකට පිරිමි පාර්ශවයේ ආකර්ශනීය බව ලැබෙද්දි බොහෝ තරුණියන් අනවශ්‍ය සබඳතා මගහැර යන්න දන්නවා.එහෙම නැත්තම් ඒවාට මුහුණ දිය යුතු ආකාරය දන්නවා.
නමුත් ලිංගික වශයෙන් එවැනි ආකර්ෂණයට ලක් වෙද්දි , තෝරා ගැනීමකින් තොරව එවැනි සබඳතා පැවැත්වීමට දිගින් දිගටම යොමු වීම හරහා එය පුරුද්දක් බවට පත් වීමත් පසුව එයට ඇබ්බැහි වීමත් කියන්නෙ ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතයට අනවශ්‍ය ගැටලු නිර්මාණය කර ගැනීමක්. එමෙන්ම තරුණ කාන්තාවක් තමන්ගේ ඉලක්ක සපුරා ගන්න ලිංගික සබඳතා ආයුධයක් කර ගැනීම නම් කිසිසේත්ම අනුමත කල නොහැකි චර්‍යාවක්. වගේම එවැනි දේවල් වලට යොමු වීමට පෙර සෑම කාන්තාවක්ම දෙවරක් ඒ ගැන සිතිය යුතුමයි. මොකද මෙවැනි අනවශ්‍ය චර්යා , පුරුදු හා ඇබ්බැහිවීම් මානසික ව්‍යාකූලතා මානසික රෝග බවට පත්වී අවසන් වෙන්නත් පුලුවන් නිසා.

ප්‍රවීණ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුශ්පකුමාරි මහත්මියගේ අත්දැකීම් ඇසුරෙන් අද ඔබට කියන්නේ එවන් තරුණියක් ගැන.

මනීශා කියන්නේ පවුලෙන් ඈත්වී තනිව ජීවත් වන නිවසක් සහ වාහනයක්ද හිමි 28 හැවිරිදි උගත් රූමත් යුවතියක්. රූමත් බව නිසාම ඇයට නිරතුරුවම පිරිමින්ගේ ආකර්ෂණය ලැබෙනවා. කොහේ ගියත් ඇයට ඒ තත්වයට මුහුණ දෙන්නම වෙනවා.කුමන වයසක ,කුමන තරාතිරමක අයෙක් වුවත් ඇය දෙවරක් නොසිතා එවන් යෝජනා වලට කැමැත්තද පල කරනවා. එම සබඳතා ලිංගික සබඳතා දක්වාත් දුර දිග යනවා.

වරක් මනීශා ඇය ජීවත් වන කුලී නිවසේ හිමිකරු සමඟ සම්බන්ධයක් ඇති කරගන්නවා.එය ආදර සම්බන්ධයකට එහා ගිය ලිංගික සම්බන්ධයක්. එතනින් නොනැවතුනු ඇය ඉන් පසුවත් පෙම්වතුන් කීප දෙනෙක්වම ඇසුරු කරන්නේ ඔවුන් හා ලිංගික සබඳතාත් පවත්වා ගෙන යමිනුයි. ඕනෑම පිරිමියෙකු වසඟයට ගනිමින් තමාට අවශ්‍ය ඕනෑම කටයුත්තක් කරගැනීමෙ හැකියාව ඇය සතු වෙනවා.

මේ අතර ඇය ඇයගේ රැකියා ස්ථානයේ ප්‍රධානියාගේ අවධානයටත් ලක් වෙනවා. ඔහු ඇයට වඩා වයසින් ඉතා වැඩිමල් උනත් මනීශාට එය එතරම් වැදගත් වන්නේ නෑ. සුපුරුදු පරිදි ඔහු සමඟත් ලිංගික සබඳතාවයන් පවත්වා ගන්නා ඇයව ආයතනයේ බොහෝ දෙනා අතර විවේචනයට ලක් වෙනවා. නමුත් ඇය ඒ කිසිවක් ගැන අංශු මාත්‍රායක තැකීමක් කරන්නෙ නෑ

ආයතන ප්‍රධානියා හා සබඳතා පවත්වා ගන්නා මනීශාගේ ප්‍රධාන අරමුණ වන්නේ තමන් අතින් ආයතනයේ වැඩ කොතරම් මග හැරුණත් උසස් වීම් ලබා ගැනීම සහ රැකියාවේ ඉහලටම යාමයි.

මේ ඇබ්බැහිවීම සමඟ තමන්ගේ ඕනෑ එපාකම් ඉශ්ට කරගන්නා මනීශාට කාලයක් යද්දි තමන්ගේ ජීවිතය ඉතා නිසරු එකක් බව හැඟෙනවා. දිගින් දිගටම තමා ගැනම කලකිරීමක් ඇයට ඇතිබ් වෙනවා. ඇයට තමා ගෙවන මේ ජීවිතේ වෙනස් කර ගන්න අවැසි වෙනවා. ඒ අනුවයි ඇය උපදේශනය සදහා යොමු වෙන්නෙ.

රත්නා පුශ්පකුමාරි මහත්මියට ඇයව මුණගැසෙන්නේ ඉන්පසුව. ඒ වනවිට මනීශා ලිංගික සහකරුවන් 36 දෙනෙකුගේ ඇසුර ලබා අවසන්. ඇයට අවශ්‍ය වී තිබුනේ ඒ ජීවිතයෙන් මිදෙන්න.

” මගේ යාලුවෝ කසාද බැඳලා දරුවෝ හදාගෙන සතුටින් ඉන්නවා. මටත් දැන් ඕන එහෙම වෙන්න. එහෙම නැත්තම් බැඳලා පිට රටකට යන්න.මට ලොකු විශ්වාසයක් තියනවා එහෙම උනොත් මට මේ පුරුද්දෙන් ගැලවෙන්න පුලුවන් කියලා ” ඇගේ අරමුණ උනේ ඒක.

රත්නා පුශ්පකුමාරි මහත්මිය පවසන පරිදි කවුරුන් හෝ මෙවැනි ඇබ්බැහි වීම් වලට යොමු වී එහිම ගිලී ඉන්නට සිතනවා නම් එයින් කොහෙත්ම ගොඩ ඒමක් නෑ.නමුත් මනීශාට අවැසි උනේ තමන්ගේ ඇබ්බැහි වීමෙන් මිදෙන්න.ඒ නිසාම ඇයට උපදේශනය ලබා දීම පහසු වූ බව රත්නා පුශ්පකුමාරි මහත්මිය පවසනවා
බොහෝ විට පුද්ගලයන් තුල ඇතිවන මෙවැනි අසාමාන්‍ය චර්යා සඳහා ඔවුන්ගේ ළමා කාලය හා අතීත සිදුවීම් බලපාන්න පුලුවන් , ඉතින් උපදේශනයේදී සේවා දායකයාගේ අතීතය පිළිබද විමසීමක් කෙරෙන්නෙ ඒ නිසයි. ඉතින්
මනීශාගේ අතීතය විමසා බලද්දි ඇය තමන්ගේම අයියා අතින් අපයෝජනයට ලක්වී ඇති බව හෙලි වුන. එහිදි ඇයට් බලපෑ අහිතකරම සිදුවීම වුනේ ඇගේ මව ඇයව අපයෝජනය කල අයියාගේ පැත්ත ගත්ත ගැනීමයි. ඒ සිදුවීම නිසාම ඇය නිවස අත හැර පැමිණ තනිව ජීවත් වූ බවත් හෙලිවනවා. ඇය යන එන තැන් ගැන විමසන්නටවත් ඇගේ හැසිරීම් ගැන යමක් තේරුම් කර දීමටවත් හිතවත් කෙනෙක් නොසීටී අතර ඕනෑම දෙයක් සඳහා ඇයට ලැබුන අනවශ්‍ය නිදහසද මෙවැනි ජීවන රටාවකට හුරු වීමට හේතුවක් වුනා.

රත්නා මහත්මියගේ උපදෙස් පරිදි අදාල ආයතන ප්‍රධානියා සමග ගත් ඡායාරූප සියල්ල දුරකථනයෙන් මකා දමන මනීශා නිහඬවම වෙනත් රැකියාවන් සඳහාත් අයදුම් කරනවා.කෙමෙන් කෙමෙන් ආයතන ප්‍රධානියාගෙන්ද ඈත්වන ඇය විවාහ වන බව පවසමින් ඔහුගේ බලපෑම් මධ්‍යයේ වුවත් රැකියාවෙන් ඉවත් වනවා.

තෙමසකට පසුව රත්නා පුශ්පකුමාරි මහත්මිය අමතන ඇය ඒ වනවිට වෙනත් රැකියාවක නියැලෙමින් තමන්ගේ පරණ ජිවීතයෙන් මිදෙමින් ,අලුත් ජීවිතයකට පා තබමින් සිටින්නියක්.

මනීශා වැනි බොහෝ තරුණියන් අද සමාජයේ සිටිනවා. තමන්ට මෙවන් වූ නොගැලපෙන යෝජනා ගලා එනවිට තමාට සුදුසු සබඳතා පමණක් තෝරා ගැනීමට අවශ්‍ය දැනුමත් අනවශ්‍ය බලපෑම් වලට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාවත් සෑම තරුණියකටම තිබිය යුතු බවත් , අනවශ්‍ය ලාභ ප්‍රයෝජන ලැබීමට ලිංගික සබඳතා පාවිච්චි කර නොගැනීමටත් තරුණියන් අවබෝධ කර ගත යුතු බවත් රත්නා මහත්මිය පවසනවා.

ඇය තවදුරටත් පවසන විදියට අප යම් දෙයකට ඇබ්බැහි වුවහොත් එය දිගින් දිගටම සිදු කරන්නට අප පෙළඹෙනවා වගේම එය වැරදි වුවත් නිවැරදි වුවත් මනස එය තැකීමක් කරන්නෙ නෑ.

මනීශාට සිදු වුණෙත් එයමයි. නමුත් ඇය එක මොහොතකදි නුවණැති ලෙස ඇගේ ඇබ්බැහිකම් වලින් මිදීමට තීරණය කිරීම නිසා ඇගේ ජීවිතය වෙනස් කර ගැනීනට හැකිවුනා.. ණුවනැති තීරණයක් ගෙන ඇය උපදේශනයට යොමු වූ නිසා ඇයට එම ඇබ්බැහිවීමෙන් මිදෙන්නට හැකි වී ජීවිතය වෙනස් මගකට යොමු කරගන්නට හැකිවුණා.

ඉතින් අපි ඔබට කියන්නේ මෙවැනි ඇබ්බැහි වීම් වලට යොමු වෙන්නට පෙර , ඔබට මොනයම් හෝ අනිසි යෝජනා ගලා එනවා නම් නුවණ ඇති ලෙස කටයුතු කරන්න.තරුණියක් ලෙස ශක්තිමත් ව ඔබට එන බාහිර බලපෑම් වලට මුහුණ දෙන්න.ඔබේ අනාගතය අඳුරු විය හැකි බොහෝ අවස්ථාවන් ඔබට එයින් මග හැර ගන්න පුලුවන්

Related Articles

Don't Miss


Latest Articles