බිසී අපට පාඩම් ටිප්ස්

ඉගෙන ගෙන රස්සාවක් කරන තරුණියන් අතර රැකියාවක් කරන ගමන් ඉගෙන ගන්න තරුණියන් ද ඕනෑ තරම් ඉන්නවා.එක් උපාධියක් හදාරා රැකියාවක් කරන අතර තවත් උපාධි හදාරන්නියන් සහ දරුවන් ලැබී සිටියදී පවා අධ්‍යාපනය හදාරන්නියන් සිටිනවා.

එවැනි ධෛර්යමත් ඔබට පහසුවෙන් පාඩම් කරන්න පොඩි ටිප්ස් ටිකක් හඳුන්වා දෙන්න අපිත් හිතුවා.ඔබ ස්මාර්ට් ලෙස ජීවිතය පවත්වාගෙන යාම අපට සතුටක්. ඒ නිසා ඔබේ පාඩම් වැඩ පහසුවෙන් කරගන්න මේ පාඩම් ටිප්ස් උදව් වේවි කියලා අපි හිතනවා.

ජොබ් එකක් හෝ ෆැමිලි ලයිෆ් එකක් එක්ක ඉගෙන ගන්න ඔබ මුලින්ම කළ යුතු දේවල්.

  1. ඔබේ ප්‍රමුඛතා ලැයිස්තුව හඳුනා ගන්න.-ඔබ මුලින්ම ජීවිතය තුළ මුල්තැන දිය යුතු දේවල්, පුද්ගලයන් හඳුනා ගන්න.
  2. බාධා හමුවේ නොසැලී සිටින්න
  3. ඕනෑම මොහොතක පාඩම් කළ හැකි අන්දමට හැඩ ගැසෙන්න – ඝෝෂාව උතුරන බසයක, දරුවන් කලබල කරන ගෙදරක වුවත් පාඩම් කරන්න
  4. නවීන තාක්ෂණය සමඟ ගැටෙන්න, ඒවා ඉගෙන ගන්න
  5. පාඩම් කිරීම ගැන ඔබටම නීති දමා ගන්න එපා.

පාඩම් කරන්න කාලසටහනක් තියා ගමු.

ඔබට මේ සඳහා Study bunny ඇප් එකත් පාවිච්චි කරන්න පුලුවන්.නැතිනම් මේ ආකාරයේ අලුත් පන්නයේ කාලසටහනක් හදා ගමු.

  1. පිටු හතලිහක කොටු රූල් පොතක් ගන්න
  2. එහි තීරු නවයක වගුවක් ගසා ගන්න
  3. පළමු තීරුව කාලය ලෙසත් ඊළඟ තීරු හත සඳුදා සිට ඉරිදා දක්වාත් අන්තිම තීරුව සාරංශය ලෙසත් නම් කරන්න
  4. ඉන්පසු ඒවා අපි උදෑසන අවදි වෙන සාමාන්‍ය වෙලාවට පැයක් පමණ කල් තබා ද නිදා ගන්නා වෙලාවට පැයක් දෙකක් පමණ කල් පසු කර ද පැයෙන් පැයට බෙදා ගන්න.
  5. ඉන්පසු පාඩම් කරන වෙලාවන් වල ඒ කොටුව පාට කරන්න. ඔබේ විෂයන් සඳහා වෙන වෙනම පාට භාවිතා කරන්න.(පැයක් නම් සම්පූර්ණ කොටුව ,පැය බාගයක් නම් කොටුවෙන් බාගයක් ලෙස)
  6. සතියක් පුරා පාඩම් කල ප්‍රමාණය බලා සතිය අවසනයේ සාරංශය සකසන්න.
  7. පහසු විෂයන් සඳහා අඩු කාලයක් සහ අමාරු විෂයන්ට වැඩි කාලයක් ලෙස මෙය කරගෙන යන්න පුලුවන්.

ඔබ සතියේ හොඳින් පාඩම් කර වගුව හොඳින් පිරී ඇත්නම් ඔබ ඔබටම පුංචි තෑග්ගක් දීමත් ඔබව මෝටිවේට් කරවන වැඩක්.

කෙටි සටහන් සකසමු.

අවශ්‍ය දේවල්

  • පොඩි කොටු රූල් පොතක්
  • පාට පෑන්
  • පාට පැන්සල්
  • හයිලයිටර්ස්
  • ස්ටිකර්ස්

සකසන ආකාරය

ඔබට අවශ්‍ය පරිදි කෙටි සටහන සකසා ගන්න.අකුරු විවිධ ප්‍රමාණ වලට ලිවීම, වර්ණ සහ හයිලයිටර්ස් භාවිතය කරන්න
ඔබ අකමැති පාඩම් ඇති තැන්වලට ස්ටිකර්ස් අලවන්න.

එවිට ඔබේ මතකයේ ඒ පාඩම් තැන්පත් වෙන්නේ මේ වර්ණයෙන් ලියූ පාඩම් කොටස්, මේ ස්ටිකරය ඇති පිටුවේ තිබූ පාඩම් ලෙස. කොහොමහරි අපේ කාර්යය ඉෂ්ට කර ගන්න.

පෝස්ටර් සකසන්න

  1. පාඩම් නොසිටින කොටස්, වගු, සමීකරණ ආදිය ලොකු කොළවල පාට පාටින් ලියා පෝස්ටර් සකසන්න.
  2. ඒවා,ලොකු අකුරින් ලියන්න.තද වර්ණ පාවිච්චි කරන්න
  3. ඒවා ඔබේ ඇසට නිතර ගැටෙන තැන්වල අලවන්න
  4. ඇඳේ නෙට් එක, කුස්සියේ කපන කොටන ස්ථානය, බබාගේ කොට් එක,වොෂින් මැෂිම අසල, කොමඩ් එක ඉදිරිපිට වගේ ඕනෑම තැනක් ඔබට පාවිච්චියට ගන්න පුලුවන්.

පොඩි චිට්ස් තියා ගන්න.

  1. අපි නිතරම පාවිච්චි කරන ස්ටිකී පෑඩ් එකක් මේ වැඩේට සුදුසුයි.
  2. ඒවාගේ විෂය කරුණක් දෙකක් ලියන්න
  3. බෑග් එකේ පොකට් එකකට දමාගෙන ඔබට ලැබෙන කෙටි වෙලාවන්වලදී කියවන්න.

ඩෙක්ස්ටොප් හෝ ලැප්ටොප් තිරයට පාඩම් එකතු කරන්න

ඔබ සකසන අසයිමන්ට් වල ස්ලයිඩ් ෂෝ එකක් පරිගණක තිරයට දාගන්න.ෆෝන් එකේ වෝල් පේපර් එකට වුණත් කමක් නෑ.

රෙකෝඩිං අහන්න.

දේශනවල රෙකෝඩිං, පාඩම් වල අමතකවන කොටස් ගැන ඔබම පටිගත කළ දේවල් බස්‍ එකේ යන අතර, වාහනය පදවන අතර, බබාට නින්ද යනතුරු ළඟ ඉන්න වෙලාවේ, ඉවුම් පිහුම් කරද්දී අහන්න පුලුවන්.

මේ දේවල් හරියටම කරන්න.උත්සාහයෙන් සහ අධිෂ්ඨානයක් ඇතිව ඔබේ අධ්‍යනය කටයුතු කරන්න.ඊළඟ ලිපියෙන් තවත් ටිප්ස් ටිකක් බෙදා ගන්න අපි සූදානම්.

තොරතුරු සැපයීම – නීති ශිෂ්‍යා විමංසා විදුරංගි

Related Articles

Don't Miss


Latest Articles