අපිට අනිත් අයව හදන්න බෑ කියලා අමතක කරන්න එපා

ඔයත් අනිත් අයව හදන්න පුළුවන් කියලා හිතන් ඉන්නවද?

 එහෙම නැත්තම් ඔයත්අනිත් අයව Fix කරන්න යනවද?

එහෙනම් ඔන්න අද අපි කතාකරන්න යන්නෙ ඔයා වගේ තව අය ගැන.

 සමහර මිනිස්සු ඉන්නවා, එයාලා හිතාගෙන ඉන්නේ හැමදේම දන්නේ එයාලා විතරයි කියලා. ඒ හන්දා එයාලා උත්සාහ කරනවා අනිත් අයව වෙනස් කරන්න, තමන්ට ඕන විදිහට හදාගන්න. ඒක ටිකක් හරි කරදරයක්. ඇත්තටම කිව්වොත් මල වදයක්. මොකෝ අපි කවුරුවත් ආස නෑනෙ තව කෙනෙක් අපි ඉන්න situation එක පොඩ්ඩක්වත් තේරුම් ගන්නෙ නැතුව අපිව, අපේ ප්‍රශ්න fix කරන්න එනවට.

අපි හැමෝම තේරුම් ගන්න ඕන ලොකුම ඇත්තක් තියෙනවා. 

ඒ තමයි අපිට අනිත් අයව හදන්න බෑ කියන එක. 

අපි කොච්චර දේවල් කිව්වත්, උදව් කළත්, අවවාද දුන්නත් කෙනෙක් වෙනස් වෙන්නේ එයාටම ඕන වුණොත් විතරයි කියන දේ අපි තේරුම් ගන්න ඕන. ඇත්තටම ඇයි අපිට බැරි එහෙම වෙන කෙනෙක්ගෙ ජීවිතේ Fix කරන්න?

  1. හැමෝටම තියෙන්නේ Different Paths: අපි හැමෝම හැදෙන්නේ, ජීවිතේ ඉස්සරහට අරගෙන යන්නේ අපේ අත්දැකීම්වලින්. සමහර විට කෙනෙක්ට තමන් වැරදි බව තේරෙන්න ටික කාලයක් යයි. ඒක එයාලගේ මානසිකත්වය, එයාලගේ අතීත අත්දැකීම් නැත්නම් එයාලා හැදුණු වැඩුණු විදිහ වෙන්න පුළුවන්.
  2. වෙනස් වීම Decision එකක්: තමන් වෙනස් වෙන්න ඕන කියලා හිතන්න ඕන, ඒ බව තේරෙන්න ඕන තමන්ටමයි. අපි කොච්චර කිව්වත් එයා ඒක හිතෙන් පිළිගන්නේ නැත්නම් ඒ වෙනස වෙන්නේ නැහැ.
  3. අපිම දුක් විඳිනවා: අපි කෙනෙක්ව වෙනස් කරන්න උත්සාහ කරද්දී අපිට ඒ අය ගැන ලොකු බලාපොරොත්තු තියෙනවා. “අනේ මෙයා මේ විදිහට හැසිරෙයි”, “මෙයා හොඳ වෙයි” කියලා අපි හිතනවා. ඒත් ඒ දේ නොවුණොත් අපි කලකිරීමට පත් වෙනවා, අපි ගොඩක් දුක් විඳිනවා. මේ නිසා සමහර වෙලාවට අපිට කෙනෙක් එක්ක තිබුණ සම්බන්ධය පවා නැති වෙන්න පුළුවන්.

අනිත් අයව හදන්න බැරි බව තේරුම් ගත්තා කියලා ඒ අයව අතහැරලා දාන්න අවශ්‍ය නැහැ. අපිට කරන්න පුළුවන් දේවල් කිහිපයක්ම තියෙනවා.

  • අපේ හැසිරීම වෙනස් කරගමු: අනිත් කෙනා වෙනස් කරන්න දඟලනවා වෙනුවට, එයා අපි නම් අපි හැසිරෙන්නේ කොහොමද කියලා හිතලා බලමු. සමහරවිට අපි ඒ කෙනාගේ නරක පුරුද්දකට උදව් කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම අපි ඒ පුද්ගලයාට කරන උදව් අඩු කරලා බලමු.
  • ඒ අයව පිළිගන්න උත්සාහ කරමු: ඒ අයව වෙනස් කරන්න හිතනවා වෙනුවට, ඒ අයව ඒ විදිහටම පිළිගන්න උත්සාහ කරමු. මේක පහසු දෙයක් නෙවෙයි. හැබැයි අපි ආදරේ කරන කෙනෙක් නම් එයාගේ වැරදි එක්කම එයාට ආදරේ කරන්න පුළුවන් නම්, ඒක ලොකු සහනයක්.
  • සීමා පනවාගමු: කෙනෙක්ගේ හැසිරීම අපේ මානසිකත්වයට, අපේ ජීවිතයට හානි කරනවා නම්, අපිට ඒ සම්බන්ධය එක්ක සීමා පනවාගන්න පුළුවන්. සමහරවිට ඒ කෙනා එක්ක කතා කරන කාලය අඩු කරන්න පුළුවන්, නැත්නම් යම් යම් දේවල් ගැන කතා නොකර ඉන්න පුළුවන්.

අපි අනිත් අය වෙනුවෙන් ඕනෑවට වඩා මහන්සි වෙද්දී, අපිට අපිවම අමතක වෙනවා. අපි ගොඩක් දේවල් කරන්නේ ඒ අය සතුටින් තියන්න. ඒත් ඒ දේවල් කරන්න ගිහින් අන්තිමේ අපි සතුටින් නැත්නම් ඒකට තේරුමක් නැහැ. මොකද අනිත් අයව සන්තෝසෙන් තියන්න නම් අපි ඉස්සෙල්ලා සන්තෝසෙන් ඉන්න ඕන.

අපි හැමෝම මතක තියාගන්නෝන කෙනෙක්ව වෙනස් කරන්න හදන්නේ නැතුව, එයාට ආදරේ කරන්න, එයාගේ හොඳ දේවල් දකින්න, එයාට උදව් කරන්න, එයාට ඇහුම්කන් දෙන්න පුළුවන් බව. 

හැබැයි ඒ හැමදේම කරන්න  අපි මහන්සි වෙන්න ඕන අපේ සතුට ගැනත් හිතන ගමන්. අනිත් අයව හදන්න යන එකෙන් අපි දුක් විඳිනවා නම් අමතක කරන්න එපා හැමදේටම කළින් you should prioritize, YOURSELF!

Related Articles

Don't Miss


Latest Articles