Conjuring 4 ෆිල්ම් එක බැලුවද?
ඒක true story එකක් base කරගෙන හදපු එකක් කියලා දන්නවද?
ඔව්, ඇත්තටම ඒක තමයි ඔන්න මේ අලුතෙන්ම ආව The Conjuring 4 ෆිල්ම් එකේ තියෙන විශේෂත්වය. මේ අලුත්ම ෆිල්ම් එකට පදනම් වෙලා තියෙන්නේ ඇත්තටම ඇමරිකාවේ පෙන්සිල්වේනියාවේ ජීවත් වුණු ස්මර්ල් පවුලට වෙච්ච බිහිසුණු සිදුවීමක්. 1974 ඉඳලා 1989 වෙනකම් අවුරුදු ගාණක් තිස්සේ මේ පවුලට වෙච්ච දේවල්, ලෝක ප්‍රසිද්ධ භූත පරීක්ෂකවරු වන එඩ් සහ ලොරේන් වොරන් පවා පරීක්ෂණ කරපු ඇත්ත කේස් එකක්.
ඉතින් ඔන්න මේ හරිම බය හිතෙන කතාව ගැන තමයි මං දැන් මේ කියන්න යන්නෙ.
ස්මර්ල් පවුලේ අම්මයි තාත්තයි තමයි ජැක් සහ ජැනට් ස්මර්ල්.
එයාලා තමන්ගේ දරුවන් එක්ක 1973 අගෝස්තු මාසයේදී චේස් වීදියේ තිබුණු දෙමහල් නිවසක පදිංචියට යනවා. එයාල කියන විදියට, පදිංචියට ගියපු ගමන්ම වගේ, හරිම බලවත් යක්ෂයෙක් එහෙමත් නැත්නම් යක්ෂයෝ දෙතුන් දෙනෙක් මේ ගෙදර ඉන්නවා කියන එක එයාලට තේරිලා තියෙනවා. මොකද හදිස්සියේම atmosphere එක සීතල වෙච්ච එක, අයිස් වගේ වතුර බිඳු ඇඟට වැටෙන එක, හරිම සද්දෙන් දොරවල්වලට තට්ටු කරන, ගහන සද්ද සහ බිත්තිවලින් ඇහෙන මහා සද්ද, මුළු ගේ පුරාම පැතිරුණු අමනුස්ස ගඳ, ඇඳන් හෙලවීම, නිවසේ බඩු බාහිරාදිය වීසි වෙන එක වගේ දේවල් වෙච්ච හන්දා. එයාලා කියන විදියට, එයාලගේ බල්ලා පවා වතාවක් බිත්තියට වීසි කරලා තියෙනවා අමනුස්ස බලවේගෙකින්. ඒ වගේම දුවව පඩිපෙළෙන් තල්ලු කරලා දාලාත් තියෙනවා.
අවුරුදු ගාණක් යද්දී මේ බිහිසුණු තත්ත්වය තවත් නරක අතට හැරෙනවා. ජැක් ස්මර්ල් කියන විදියට, මේ භූතයා එයාට ශාරීරිකව සහ ලිංගිකව පවා හිරිහැර කරලා තියෙනවා. මේ නිසා මේ පවුලේ අයගේ ජීවිතේ දවසින් දවස nightmare එකක් බවට පත් වුණා. මේ සිද්ධිය නිසා ජාතික මාධ්‍යවල අවධානය ලබාගන්න පුලුවන් උනා වගේම, භූත විද්‍යාඥයෝ සහ පූජකවරු පවා මේ ගෙදරට ඇවිත් තියෙනවා.
1986 දී තමයි The Conjuring ෆිල්ම්වල ඉන්න, අර ප්‍රසිද්ධ භූත පරීක්ෂකවරු වන එඩ් සහ ලොරේන් වොරන් ස්මර්ල් පවුලේ ගෙදරට එන්නේ.
එඩ් වොරන් මේ යක්ෂයා විස්තර කරන්නේ “ඉතාමත්ම බලවත්, powerful” කෙනෙක් විදියට.
එයා කියන විදියට, යාඥා කරද්දී සහ ආගමික සංගීතය දාගෙන ඉද්දී පවා ගෘහ භාණ්ඩ සහ කණ්ණාඩි හෙල්ලෙන්න පටන් අරගෙන තියෙනවා.
වොරන් මහතාටත් හීතලම හීතල හුලං පාරවල් ගලාගෙන යනවා දැනුණු විත්තියත්, ගෙදර ඇතුළේ අඳුරු ගතියක් දැකපු බවත් වාර්තා වෙනවා.
එක වෙලාවකදී යක්ෂයා කණ්ණාඩියක “අයින් වෙලා යන්න” කියලා පණිවිඩයක් තියලා ගිහින් තියෙනවා.
වොරන් යක්ෂයාගෙන් එන තට්ටු කරන සහ push කරන සද්ද පවා රෙකෝඩ් කරගෙන තියෙනවා. එයා විශ්වාස කළේ මේ ආත්මය මේ ස්මර්ල් පවුල පස්සේම එනවා කියලා.
මේ කතාවට හැබැයි හැමෝම එකඟ වෙන්නෙ නෑ. අංක එකේ විවේචකයෙක් වෙච්ච මහාචාර්ය පෝල් කර්ට්ස් කිව්වේ වොරන් යුවළ වගේ අය කරන්නෙ බොරුවක් කියන එක සහ මේ කේස් එක එයා විස්තර කළේ “තනිකර වංචාවක්, බොරුවක්, භූත කතාවක්” විදියට.
කර්ට්ස් යෝජනා කළේ, පවුලට මේවා දැනෙන්න ඇත්තේ delusions, hallucinations එහෙමත් නැත්නම් මොළයේ බාධාවක් නිසා වෙන්න පුළුවන් කියලා. ඇත්තටම, ජැක් ස්මර්ල්ට 1983 දී මොළයේ සැත්කමක් කරලා තිබුණා, ඒ මෙනින්ජයිටිස් රෝගය නිසා මතකය අඩු වීමක් ඇති වුණ හින්දා.
මනෝ විද්‍යාඥයෝ පවා කිව්වේ, සමහර වෙලාවට පවුල්වල තියෙන අර්බුද හෝ පුද්ගලික ආතතිය පැහැදිලි කරන්න මිනිස්සු යක්කු ගැන එක එක කතන්දර පාවිච්චි කරනවා වෙන්න පුළුවන් කියලා. කතෝලික පල්ලියේ පූජකවරු පවා හේතුව ගැන නිශ්චිතවම දැනගෙන හිටියේ නැහැ. සමහර පූජකවරු ගෙදරට ආශිර්වාද කළත්, “කිසිම හානිකර ක්‍රියාකාරකමක්” දැක්කේ නැහැ කියලා තමයි කියලා තියෙන්නෙ. අසාර්ථක exorcisms චාරිත්‍ර තුනක් පවා කළත්, යක්ෂයා ඒවට අහුවුණේ නැහැ කියලාත් කියනවා.
මේ හැම සැකයක් මැද වුණත්, ස්මර්ල් පවුල මේ සිද්ධිය ප්‍රසිද්ධ කරනවා. 1986 දී, ජැක් සහ ජැනට්, වොරන් යුවළ සහ ලේඛක රොබට් කරන් එක්ක “The Haunted” කියලා පොතක් පළ කරනවා. මේක පවුලේ බිහිසුණු අත්දැකීම් ගැන කියවුණත්, විචාරකයෝ කිව්වේ මේක ඒකපාර්ශ්වික ලියවෙච්ච කිසිම evidence එකක් නැති පොතක් කියලා.
ඒ කතාවම 1991 දී “The Haunted” කියලාම ටීවී ෆිල්ම් එකකටත් හැරවෙනවා. විචාරකයෝ කිව්වේ, මේ ෆිල්ම් එකේදීත් cinematic ගතිය වැඩි කරන්න ලොකු අවධානයක් දුන්නට ඇත්ත සාක්කි නැතිකම ගැන කිසිම අවධානයක් යොමු කරලා නෑ කියන එක.
පස්සේ ස්මර්ල් පවුල මේ ගෙදරින් ගියාට පස්සේත්, ජැනට් ස්මර්ල් කිව්වේ එයාට තවමත් එක එක shadows සහ තට්ටු කිරීමේ ශබ්ද ඇහෙනවා කියලා. හැබැයි, ඊට පස්සේ ඒ ගෙදරට ආපු අලුත් පදිංචිකරුවෝ නම් කිසිම අමුතු දෙයක් දැක්කේ නැහැ කියලා තමයි වාර්තා වුණේ. මේ නිසා ඇත්තටම යක්ශයා ඉන්නෙ ඒ ගෙදරද, නැත්තම් මේ පවුල පස්සෙන් යනවද කියන එක ගැන ප්‍රශ්න මතුවෙලා තියෙනවා.
ඉතින්, 2025 දී එන The Conjuring: Last Rites ෆිල්ම් එක මේ ස්මර්ල් කේස් එක ගොඩක් දුරට පාදක කරගෙන තමයි හැදිලා තියෙන්නේ. ඇත්තටම වුණු බව කියන මේ සිදුවීම් හැම එකක්ම film එකෙදි හරිම cinematic විදියට, බියජනක විදියට පෙන්නනවා. ෆිල්ම් එකේ suspense, violence, සහ horror අංග තියෙන නිසාම මේ වගේ horror films වලට ආස අයට ලොකු thrill එකක් ගන්න පුළුවන්.
ස්මර්ල් පවුලට වෙච්ච දේ ඇත්තටම අද්භූත දෙයක්ද, නැත්නම් වැරදියට තේරුම් ගත්ත සිදුවීම් මාලාවක්ද කියන එක තවම පැහැදිලි නැහැ. හැබැයි මේක ඇමරිකාවේ තියෙන ප්‍රසිද්ධම භූත කතාවක් බව නම් ඇත්ත. දැන් මේ කතාව The Conjuring ෆ්‍රැන්චයිස් එකේ තවත් බිහිසුණු පරිච්ඡේදයක් විදියට අපිට බලන්න ලැබෙනවා.
ඉතින් ඔන්න තාම බැලුවෙ නැත්ත මේ ෆිල්ම් එක බලලම ඔයාලා මොකද හිතන්නෙ කියලා කියන්න අපිට අමතක කරන්න එපා!